සත්වයාගේ නිදහස - දැනුමේ හා විශ්වාසයේ කතාව

Monday, March 23, 2009
නියම නිදහස යන්න විශ්වාසය මඟින් හිරවෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් විධියට යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ව විශ්වාස කරනවා නම් දෙවන පුද්ගලයාට පළමු පුද්ගලයා මත විශාල බලයක් හිමිවේ. පළමු පුද්ගලයාට දෙවන පුද්ගලයා ගැන ඇති විශ්වාසය දැඩිවන තරමට දෙවන පුද්ගලයාට පළමු පුද්ගලයාව පාලනය කිරීම පහසු වේ. (මෙය තේරුම් කර දීමට මිනිස් සබඳතා යොදා ගත්තේ තේරුම් ගැනීමට පහසු නිසාය.) නමුත් සත්වයාගේ සැබෑ නිදහස ඇත්තේ අනෙක් සත්වයන්ගේ/මිනිසුන්ගේ විශ්වාසයන්ගෙන් නිදහස් වීම මතම නොවේ. එය ඊට වඩා ගැඹුරට විහිදේ. අපි අපිට ඇස් දෙකට පේන දේ, කනට ඇහෙන දේ, පොත පතින් ඉගෙන ගන්න දේ, ලැබෙන අත්දැකීම්, මනසට හිතෙන දේවල් කෙටියෙන් කියනවා නම් “දැනුම” විශ්වාස කරමු. එනිසා අපි අපගේ දැනුමට යටත්ව, දැනුමේ සීමා වලින් වටවී දැනුමේ වහලෙකු වී නිදහසකින් තොරව ජීවත් වෙමු. මෙයින් මිදීමට යැයි සිතා “මම කිසිම දැනුමක් විශ්වාස කරන්නේ නෑ” කියල හිතුවොත්/ විශ්වාස කලොත් එයත් එම දැනුම තුලම හිර වීමක්. දැනුමෙන් නිදහස් වීම හිතනවාට වඩා ගොඩක් අමාරුයි. ඒක නිවන් දකිනකොට සිදුවෙන දෙයක් කියලයි මම හිතන්නේ.

4 ක් වූ ප්‍රතිචාර:

මකබාස් said...

ඈ බං , නොදන්න හින්දයි අහන්නේ, අර ධ්‍යාන ලබා ගන්න කොට එන neither perception nor non-perception
ඒක එතකොට දනුමක්ද නොදනුමක්ද ඒ දෙකමද

මකබාස් said...

http://en.wikipedia.org/wiki/Jhana_in_Theravada#The_Arupa_Jh.C4.81nas

ජීවන්ත said...

"neither perception nor non-perception". (මෙය දැනුමක් හා නොදැනුමක් යන්න කීම වැරදියි. එය දැනුමක්ද නොවන නොදැනුමක්ද නොවන දෙයක් විය යුතුය - මෙය චතුස්කෝටිකයේ තුන්වන අවස්ථාව නොව සිව්වැන්නයි.) ඇත්තටම කියනවා නම් මට මේ චතුස්කෝටිකයේ හතරවන අවස්ථාව තේරුම් ගන්න අමාරුයි. මේක මට විතරක්ද නැත්නම් අනිත් අයටත් එහෙමද කියල මම දන්නේ නෑ. අනික මේක මම බුදුදහමේ කොහෙන්වත් කියවපු දෙයක් නොවේ. මේක මගේ සිතිවිල්ලක්. (චතුස්කෝටිකය සඳහා http://trueorcrazy.blogspot.com/2009/02/blog-post_28.html බලන්න.)

සංජීව said...

නිදහස යනුවෙන් අදහස් කරන දේ හැම විටම පුද්ගලික හා සමාජීය වශයෙන් වෙනස් වෙනවා. මේ ලිපිය ටිකක් ආගමිකයි වගේම පුද්ගලිකයි.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails