අපි අපිටම උදව්වක් කර ගමුද?

Monday, June 15, 2009
දැනුම! දැනුම අත්‍යවශ්‍යය; දැනුම නැත්නම් කිසිවක් හරියට බැරිය. ලාංකීය සමාජය එක තැන පල්වීමට ලොකුම හේතුව වන්නේද නිසි දැනුමක් ජනතාව සතු නොවීමය. නමුත් එය වෙනස්කිරීමට දැන් කාලයයි. ඔව්! අපිටත් ඒ මෙහෙවරට දායක විය හැකියි. එය පටන් ගැනීමට හොඳම තැන දැනුම කිව්වහම අපිට මුලින්ම මතක් වෙන තැනින්ය: විකිපීඩියා! විකිපීඩියාව ගැන නොදන්නා අයෙක් නොමැති තරම්ය. නොදන්නා දෙයක් හමුවූ විට අපි මුලින්ම දිව යන්නේ විකිපීඩියාවටය. අපි හැමෝම දන්න පරිදි විකිපීඩියාව ඕනෑම අයෙකුට ලිපි සැපයීමෙන් වර්ධනය කල හැක.(විකිපීඩියාවට ලිවීමට ආචාර්ය, මහාචාර්ය කෙනෙක් වීමට ඕනෑ නැත.) නමුත් සිංහල විකිපීඩියාව තවමත් ඇත්තේ පහල මට්ටමකය. දැනට එහි ඇති ලිපි වලද බොහෝ අඩුපාඩු ඇත. ඉතින් මං හැමෝගෙන්ම ඉල්ලන්නේ සිංහලෙන් හිතන, සිංහලෙන් ඉගෙන ගන්න අය වෙනුවෙන් තම තමන් දන්න දේවල්(ඕනෑම දෙයක්(විද්‍යාව, කලාව, ඕපදූප කියල භේදයක් නෑ), පොඩි පොඩි දේවල් උනත් කමක් නෑ, නොවැදගත් කියල හිතෙන දේවල් උනත් කමක් නෑ, විකාර අදහස් උනත් කමක් නෑ, දැනුමට ලොකු පොඩි වැදගත් නොවැදගත් කියල භේදයක් නෑ.) සිංහල විකිපීඩියාවට ලියන්න කියලයි. (සිංහල බ්ලොග් අවකාශයේද ඉතා වැදගත් ලිපි පවතිනවා මා දැක ඇත්තෙමි. හැකිනම් මේ බ්ලොග් වලට ලියන දෑ සිංහල විකිපීඩියාවටත් සපයන්න.) තවත් හැකිනම් මෙහි දැනටමත් ඇති ලිපි සිංහලයට පරිවර්තනය කර සිංහලෙන් හිතන පතන ජනතාව(අපි) වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න. සිංහලයිනි, තමන්ට තම ජනතාවට දිය හැකි හොඳම දායාදය දෙන්න. නව ලොව දිනීමට ඔවුන්ව(අපිවම) දැනුමෙන් සන්නද්ධ කරන්න. අපේ මිනිසුන් සිටින තැනින් ඔසවා තබන්නට ඔබේ උපකාරය ලබා දෙන්න. ඔබේ රටට ඔබගේ උදව් අත්‍යවශ්‍යයයි. රටක් සංවර්ධනය කරන්නේ අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි හැදීමෙන් නොව, මිනිසුන්ගේ ඔලු හැදීමෙන්ය. ඉතින් රට ගොඩනැගීමට ඔබත් උරදෙන්න. අපි වෙනුවෙන් අපි වෙන්න. හෙට උදාවන හිරු අහසට නැංවීමට ඔබ කල මෙහෙවර ගැන දිනක ඔබට සතුටු විය හැකි වේවි. තමන් සතු දැනුම බෙදාගන්න. එය උතුම් ක්‍රියාවකි! මේ ගුරු මුෂ්ටි නොමැති, තුටු පඬුරු නොඉල්ලන සිංහලයින්ගෙන් කරන ඉල්ලීමකි.

අපට කල හැකි දේ:
# සිංහලෙන් අලුතින් ලිපි ලියා එකතු කිරීම.
# දැනට ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් පවතින ලිපි සිංහලයට පරිවර්තනය කිරීම.
# දැනට පවතින සිංහල ලිපි වැඩි දියුණු කිරීම හා ඒවායේ ඇති අඩුපාඩු හා වැරදි සකස් කිරීම.
# මේ ගැන සිංහලෙන් ලිවීමට දන්නා හැකි සෑම දෙනාම දැනුවත් කිරීම හා මගපෙන්වීම.

සිංහල විකිපීඩියාවට මෙතැනින් යන්න

වැදගත්: කරුණාකර නිවැරදි දැනුම පමණක් ලියන්න. වැරදි හෝ බොරු ලිවීමෙන් වළකින්න. අක්ෂර විණ්‍යාසය, ව්‍යාකරණ හා භාෂා භාවිතය ගැනත් සැලකිලිමත් වන්න.

6 ක් වූ ප්‍රතිචාර:

Deeps said...

මාත් මේ ඔය වගේ එකක් ගැන කියල කට ගත්තා විතරයි. කරමු කරමු විභාග ඉවර උනාම. මේ දවස් වල නම් වැඩ වැඩියි

යූත්මැක්ස් said...

ඔන්න මම දැන්මම පටන් ගත්තා...

ජීවන්ත said...

@deeps,
deeps ගෙ ලිපිය දැන් දැක්කෙ! හොඳම හොඳ වැඩක්! එහෙනම් ඒකත් කරමු.

@යූත්මැක්ස්,
එළ කිරි!!!

Narada said...

මම හිතාගෙන හිටියේ මේ වසන්ත නිවාඩුවටත් කරන්නයි,ම් ඒ ගැන මම ගයාන් කල්හාර මල්ලී එක්ක කතා කලා එක්ක. එළ, වෙලාවක් ලැබුණ හැටියට මම කරන්න බලන්නම්.

Thameera said...

ඔය වැඩේ ගැන හැමදාම හිත හිත හිටියත් මොකුත් කරන්න බැරි වුණා තවම. විභාගෙ ඉවර වෙලා මොකක් හරි පටන් ගන්න ඕන.
ස්තුතියි, අවධානය යොමු කළාට.

think.......... said...

නියමයි... ඇත්තටම වැදගත් වැඩක් මමත් කැමතියි දායක වන්න... හැකි විදියට.....

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails