මෙම ලිපිය ලියන්නේ 2008 ඔක්තෝබර් 22 දින විදුසර පුවත්පතේ පලවූ ඉංජිනේරු කපිල පීරිස් මහතාගේ “නිරපේක්ෂ අවස්ථිතික රාමුව සොයමු” ලිපිය සම්බන්ධවයි. තරමක් ප්‍රමාද වී මෙය ලිවීම ගැන මා කණගාටු වන නමුත් ඒ ලිපියේ වූ ගැටළුවේ ඇති සිත්ඇදගන්නා බව නිසාම ප්‍රමාද වී හෝ මෙය ලිවීමට සිත්විය.
අපි මුලින්ම එහි වූ ගැටළුව සලකා බලමු. ගැටළුව වූයේ පොළොව හා සබැඳි විද්‍යාගාරයක ඇති ඝර්ෂණය රහිත ගයිරස්කෝපයක දිශානතිය වෙනස්වීම මඟින් අපගේ විද්‍යාගාරයේ දිශානතිය, නිරපේක්ෂ අවස්ථිති රාමුවකට සාපේක්ෂව වෙනස් වන ආකාරය ලැබේද යන්නයි.
මෙයට මා සෘජු පිළිතුරක් ඉදිරිපත් නොකරමි. ඒ වෙනුවට මා එක් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. නිදහස් අවකාශයේ, එකිනෙකාට සාපේක්ෂව එකිනෙකා අතර දුර කාලයට අනුව නියත නොවන සේ චලිත වන(එනම් එකම අතට සමාන්තරව ගමන් නොකරන) ෆෝටෝන දෙකක් සලකන්න. දැන් අප එක් ෆෝටෝනයකට සාපේක්ෂව අනෙක් ෆෝටෝනයේ ගමන් මග ලකුණු කරමු. දැන් මේ ලකුණු කරන ලද වක්‍රයේ(සාධාරණ වශයෙන්) තෝරාගත් අභිමත ලක්ෂයයක් හරහා වක්‍රයට සපර්ෂකයක් අඳිමු. දැන් මේ රේඛාව ගැන අපට කිව හැක්කේ කුමක්ද?
අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුව නිදහස් අවකාශයේ චලිත වන ෆෝටෝනයක ප්‍රවේගය නිරීක්ෂකයාගෙන් ස්වායක්ත වේ. වෙනත් වචන වලින් කියන්නේ නම් එයට ඇත්තේ “නිරපේක්ෂ” ප්රවේගයකි. එනම් එය අවස්ථිති රාමුවකි. දැන් මේ අවස්ථිති රාමුවට සාපේක්ෂව චලිත වන එවැනිම තවත් අවස්ථිති රාමුවක ගමන් මග ගත්විට එහි, අප මේ සොයන “අද්භූත” නිරපේක්ෂ අවස්ථිති රාමුවට සාපේක්ෂව දිශාව වෙනස් නොකරන බව ගත හැක.
දැන් අපට ඉහත සඳහන් කරන ලද රේඛාව සමග ගයිරස්කෝපයේ අක්ෂය සාදන දිශානතිය වෙනස් වන්නේද නොවන්නේද යන්න බැලිය හැක. එමගින් නිරපේක්ෂ අවස්ථිති රාමු ගැන අදහසක් ලබා ගැනීමට අපට හැකිවනු ඇත.
(මාගේ අදහසෙහි නිවැරදිතාවය ගැන මට එතරම් විශ්වාසයක් නෑ. මේ ගැන වැඩිපුර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් බලල කියල දෙන්න.)
නමුත් මෙය මහත් ගැටළුවකි. මෙමගින් අතිශයින් සාපේක්ෂ යැයි කියන අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ පවා නිරපේක්ෂත්වයක් සැඟවී ඇති බවක් කියැවේද? නැත්නම් එමගින් අපට වෙනත් යමක් පෙන්නුම් කරන්නේද? එමෙන්ම මා ඉදිරිපත් කරන මේ ක්රමයේද ප්‍රායෝගික බව ඉතා අඩුය. එනිසා අප මේ ගැන සංවාදයක් ගොඩනගමු. එය අපගේ මනසට ව්‍යායාමයක් මෙන්ම අපගේ අවබෝධයේ සීමා පුළුල් කිරීමටද හේතු වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
2 ක් වූ ප්‍රතිචාර:
ගයිරස්කෝපයක් කියන්නේ අවකාශයේ x,y,z යන අක්ෂ 3නේම නිදහසේ චලිත (භ්‍රමණය) විය හැකි උපකරණයක්. google වල හෝ wikipedia වල gyroscope කියල හොයල බලන්න
I'm not ready to blindly believe on Relativity because Einstine says so.
If we are talking about two photons (speed of light) and their relative speed, it is really confusing. You really don't have to even think about the relative speed of a photon to another photon, because a photon is never an observer.
Therefor the very idea of the relative speed of a photon to another photon sounds simply absurd to me. To talk about a relative speed either of the objects has to be an observer.
And for the Gyroscope I think the orientation is according to the gravity of earth...
හිතෙන දෙයක් කියල යන්න. . .