මුලින්ම කියන්න ඕනෙ මං මේ කියන්න යන්නේ අද කාලෙ ඉන්න දේශපාලඥයෝ ගැන නම් නෙවෙයි. මම කතාකරන්නෙ දේශපාලනය කියන විෂය ගැනයි. දේශපාලනය කියන්නේ මොකක්ද? මේකට තියෙන නිර්වචන නම් මම දන්නෙ නෑ. මම නම් හිතන්නේ දේශපාලනය කියන්නේ මානව සමාජ විද්‍යාවක්; මිනිසාගෙ අධිකාරිමය එනම් පාලනය කිරීමේ හැකියාව, පාලනය කිරීමේ ආශාව ගැන තියෙන සමාජ විද්‍යාවක්. හැබැයි මේ විෂයට දාල තියෙන නමට නම් මම කැමති නෑ. මොකද දේශපාලනය කිව්වහම එකපාරටම හිතෙන්නෙ රටක්, දේශයක් පාලනය කිරීම ගැන විෂයක් කියලනෙ. මං මෙහෙම කිව්වට ඉතිං ඉස්කෝලවල, විශ්වවිද්‍යාලවල ඔය හැම තැනම දේශපාලනය කියල උගන්වන්නෙ රටවල්, නගර, ගම් ආදිය පාලනය කිරීම ගැන තමයි. ඒ නමුත් මම දේශපාලනය කියල හඳුන්වන්නේ ඊට වෙනස් දෙයක්. මේ ගැන මීට කලින් පර්යේෂණ කරල තියෙනවද කියල මම දන්නෙ නෑ. මම කියන සංකල්පයට දේශපාලනය කියල නම දාන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ. මම මේකට දේශපාලනය කියල යොදාගත්තෙ ඒක දැනටමත් බලය පිළිබඳ හදාරන විෂයක් හින්දයි.
ඒ වගේම මම පක්ෂ දේශපාලනයට කැමතිත් නෑ. මොකද ඒකෙන් ඉස්මතු වෙන්නෙ පක්ෂ වල මතය මිසක් ජනතාවගෙ මතය නෙවෙයි. මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හිතන්න, මිනිස්සුන්ට අවශ්‍යම, ලංකාවෙ නිෂ්පාදනය නොකරන භාණ්ඩයක් ගැන. එක පක්ෂයක් කියනවා අපි උසස්ම තත්වයේ ඒවා යුරෝපයෙන් ගෙන්නනවා කියල. අනිත් පක්ෂය කියනවා අපි අඩු මිලට චීනෙන් ගෙන්නනවා කියල. ඒ කරලා ඡන්දෙදි, ජනතාව තමන් වැඩියෙන් කැමති විසඳුම දෙන පක්ෂයට ඡන්දය දෙනවා. එතකොට ඒ දිනන පක්ෂය තමන් කී දෙය කරනවා. ඒ නමුත් මිනිසුන් ඇත්තටම ඉල්ලන්නෙ ඒක කොහෙන්වත් ගෙන්නලා දෙන්න නෙවෙයි. ඒක තමන්ටම හදාගන්න අවශ්‍ය තාක්ෂණය දෙන්න කියලයි. නමුත් මෙතෙන්දි වෙන්නෙ ජනතාවට අවශ්‍ය දෙය නෙවෙයි, පක්ෂ වලට ඕන දෙයයි. ඒකෙන් පේනවානෙ මේකෙදි ජනතාවගෙ මතයට ප්රමුඛත්වයක් ලැබුනත්, ඒක සැබෑම ජනතා මතය නොවන බව. හරියට බහුවරණ ප්‍රශ්නෙක හරිම උත්තරේ නොමැති විට ඒකට ආසන්නම උත්තරේ ලකුණු කරනවා වගේ.
හරි, දැන් ආයෙත් ප්‍රධාන මාතෘකාවටම එමු. මිනිස්සු කියන්නෙ මහා අමුතු සත්තු ජාතියක්. සත්වයාගෙ පරම ආශාව පංචස්කන්ධය පිනවීම වුනාට මිනිස්සු තුලින් ඒක යටපත් කරගෙන වෙනත් ද්විතීයික ආශාවක් තමයි දෘෂ්‍යමාන වෙන්නෙ. (ඒ කියන්නෙ පළමු මූලික ආශාව ඉටුකරගැනීම සඳහා නිර්මාණය වූ ද්විතීයික ආශාවක්. ඒ වුනාට මිනිහෙක් දිහා බැලුවහම මූලික ආශාව යටපත් කරගෙන දෘෂ්‍යමාන වෙන්නේ මේ ද්විතීයික ආශාව.) ඒක තමයි පාලනය කිරීමෙ ආශාව. තමාව පාලනය කිරීම (ඇත්තටම කියනවා නම් අපිට අපේ ජීවිත පාලනය කරන්න ලැබෙන්නේ බොහොම පොඩි අවස්ථාවක්. ඒ නිසාම අපි හැමෝම කැමතියි අපේ ජීවිත අපිට ඕනෑ විධියට පාලනය කර ගන්න), යම් යම් උපකරණ පාලනය කිරීම (වාහන, යන්ත්රන සූත්‍ර වැනි), තවත් පුද්ගලයෙක් පාලනය කිරීම, ගමක් පාලනය කිරීම, රටක් පාලනය කිරීම, ලෝකෙ පාලනය කිරීම වගේ එක් එක් පුද්ගලයා තුල මේ ආශාව විවිධ ආකාරයෙන් පවතිනවා. ක්‍රීඩා හා පරිඝණක ක්‍රීඩා නිර්මාණය වී ඇත්තේත් මේ පාලනය කිරීමේ ආශාව වඩා සදාචාරාත්මක ආකාරයකට ඉටුකර ගැනීමටයි. ක්‍රීඩාවක සිදුවන්නේත් දුර්වලයා පරාජය කර දක්ෂයා ජය ගැනීමයි, වෙනත් විධියකට කියනවා නම් කැළෑ නීතියයි. (නමුත් සමහර පරිඝණක ක්‍රීඩා නම් කිසිසේත්ම සදාචාරාත්මක නොවන බව කිව යුතුමය.) හරියටම බැලුවෙත් නිදහස කියන්නෙත් එහිම කොටසක්. මොකද නිදහස කියන්නෙ තමාව පාලනය කිරීමෙ හැකියාව, නිදහසට ඇති ආශාව කියන්නෙ තමාව පාලනය කිරීමේ ආශාව. ඒ වගේම අපි හැමෝම ලොකු-කුඩා, උගත්-නූගත්, ගැහැණු-පිරිමි, කළු-සුදු භේදයක් නැතිව අපි වටා තියෙන සමාජය, පරිසරය, වටපිටාව අපිට ඕනෙ විධියට පාලනය වෙනවට කැමතියිනෙ. ගෙදරදී, පාසලේදී, කාර්යාලයේදී, මගතොටේදී අපි එක එක විධියට අපි අවට පරිසරය අපිට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න විවිධ ආකාරයෙන් ක්‍රියා කරනවා. ඒවා අපි කැමති විධියට පාලනය කරගන්නවද නැතිද කියල තීරණය වෙන්නෙ ඒ ඒ පුද්ගලයාගෙ ඒකට තියෙන දක්ෂතාවය මතයි. ඒ වගේම කෙනෙක් තව කෙනෙක්ව තමන් දරණ මතයට නම්මා ගැනීම, මිනිසුන් අතර විවිධ දේ සඳහා වූ තරඟකාරී බව, තමන්ට පාලනය කර ගත නොහැකි වූ දේ වෙනුවෙන් දුක් වීම හෝ ඒ සම්බන්ධව ද්වේෂයෙන් කටයුතු කිරීම ආදී වූ පාලනය සම්බන්ධ වූ මිනිසුන්ගේ සියළු ආශාවන්, චරිත ලක්ෂණ, හැකියාවන් ආදිය දේශපාලනය කියන විෂයය යටතට ලා සැලකිය යුතු බව මගේ හැඟීමයි. මම දේශපාලනය කියල හඳුන්වන්නේ සත්වයාගේ පාලනයට තිබෙන ආශාව, පාලනයට තිබෙන හැකියාව හා ඒ සඳහා යොදා ගන්නා ක්‍රම ශිල්ප ගැන හදාරන විෂයකටයි. (මේ බලය පිළිබඳ විෂයෙහි නම දේශපාලනය විය යුතුම යැයි මම නොකියමි. ඒ සඳහා වෙනත් සුදුසු නමක් ද යොදා ගත හැක.)
දුර්වලයා යටපත් කර ශක්තිවන්තයා නැගී සිටීම කැළෑ නීතියයි. මිනිසා ශිෂ්ඨාචාරගත වීමේදී කැළෑ නීතිය අතහැරි බව කීම විහිළුවකි. වෙනස් වී ඇත්තේ ශක්තිවන්තයා අර්ථ දක්වන නිර්නායක පමණි. කැළෑවේදී ඒවා කාය ශක්තිය, රෞද්‍ර බව, නිර්භීතකම ආදිය වේ. නූතන මිනිස් සමාජයේ ඒවා මුදල්, පිරිස්, ආයුධ බලය හා දැනුම-බුද්ධිය වේ. නමුත් ඕනෑම කාලයක් හා අවස්ථාවක් සඳහා දැනුම හා බුද්ධිය උපරිම ශක්තිය වන්නේය. කිමද අනෙක් ශක්ති වර්ග නිර්මාණය කර ගැනීමේ හැකියාව එමගින් ලැබෙන බැවිනි. (එනම් මුදල් උපයා ගැනීම, පිරිස් බලය එක්රැස් කර ගැනීම හා ආයුධ නිපදවා ගැනීම ආදිය ඊට අදාල දැනුම හා බුද්ධිය උපයෝගී කරගෙන ඉටු කරගත හැක.) මේ කෙසේ වෙතත් සත්වයා තුලින් පාලනය කිරීමේ ආශාව නැතිවන තෙක් (එනම් සත්වයා සසරින් එතෙර වන තෙක්) කැළෑ නීතියෙන් සත්වයා වෙන් කල නොහැක.
එහෙම බැලුවහම දේශපාලනය කියන එක මිනිසුන් ගෙන් වෙන් කරන්න බෑ. ඒ කියන්නෙ අපි සියලුදෙනා තුලම යම් විධියක හෝ දේශපාලකයෙක් ඉන්නවා කියන එකයි. කව්රුහරි එහෙම නෑ කියනවානම් එයා රහත් වෙලා ඉන්න ඕනෙ. මම මේ කියන දේශපාලනය මීට වඩා පුළුල් විධියට සමාජ හා මානසික විද්‍යාවනුත් උපයෝගී කරගෙන අධ්‍යයනය කල යුතුයි යන්න මගේ හැඟීමයි. දේශපාලනය ගැන සිදුකරන මෙවන් අධ්‍යයනයකදී විශාල පද්ධති වල (උදා : නගර, රටවල්, ලෝකය) මෙන්ම කුඩා පද්ධති වලද (උදා : පවුලක සමාජිකයින් අතර, මිතුරන් පිරිසක් අතර, ක්‍රීඩා තරඟයක, කාර්යාලයක සේවකයින් අතර, මහමගදී, වෙළඳ සැලකදී) සිදුවන දේශපාලන ක්‍රියාවන් (උදා : බලය නිර්මාණය කර ගැනීම, බලය පවත්වාගෙන යාම, බලය වැඩි කර ගැනීම, උපක්රමිකව බලය අඩු කිරීම, බලය පැවරීම), එහිදී පුද්ගලයින් භෞතිකව හා මානසිකව දක්වන ප්‍රතිචාර, ඒවායේ සාර්ථක/ අසාර්ථක භාවය ආදී මෙකී නොකී බලයට සම්බන්ධ සියළුම අංග අධ්‍යයනය කිරීමෙන් දේශපාලනය පිළිබඳ වඩා සාර්ථක දැනුමක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත. එවිට එම දැනුමෙන් මිනිස් සමාජයේ පවතින විශාල දුර්වලතා හොයා ගන්නත්, ඒවාට පිළිතුරු හොයා ගැනීමෙන් වඩා යහපත් මිනිස් සමාජයක් නිර්මාණය කිරීමටත් හැකිවනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
1 ක් වූ ප්‍රතිචාර:
good post.කුඩා පද්ධති වල දේශපාලනයට micro politics කියල කියනවා.
හිතෙන දෙයක් කියල යන්න. . .