මේක ලොකු මාතෘකාවක් නොවුනත් අපි ලොකු දේවල් ගැන හිත හිත පොඩි පොඩි කරුණු අමතක කරන නිසයි මේක ලියුවේ. ඉහලට යන විට සීතල ඇයි? මා එය කීපදෙනෙකුගෙන්ම ඇසූවිට ඔවුන් පැවසූයේ ඒ වාතයට සූර්යයා ගෙන් එන අධි සංබ්‍යාත කිරණ උරා ගැනීමට නොහැකි නිසාත් වාතය රත් වෙන්නේ සූර්යයා ගෙන් එන කිරණ පොළොව උරා ගැනීමෙන් පසු පිටකරන අඩු සංඛ්‍යාත කිරණ උරා ගැනීම නිසාත් කියාය. එය හරි, නමුත් එය මෙම ප්‍රශ්නයට උත්තරය නොවේ. මට තේරෙන ආකාරයට, ඇයි භූමිය ඇත්තේ මුහුදු මට්ටමේ පමණද? ඉහල තැන් වල කඳු, සානු වගේ පොළොව නැත්ද? ඒ තැන් සීතල නැත්ද? කියලා අපිට තර්ක කරන්න පුළුවන්නේ. මම නම් හිතන්නේ මේකට හේතු කීපයක්ම බලපානවා.
අ.) ඉහලට යන විට ගුරුත්වය අඩුවේ. එම නිසා වාතයේ ඝණත්වය අඩුවේ. එම නිසා ඒකක වාත පරිමාවක රඳවා ගත හැකි තාප ප්‍රමාණය අඩුවේ. එම නිසා ඉහලට යන විට සිසිල් වේ.
ආ.) තාපය වැඩිපුර රඳවා ගතහැකි දූවිලි, කාබන් ඩයොක්සයිඩ් වැනි අංශු සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩිය. ඒ නිසා ඒවා වැඩිපුර පෙළඹෙන්නේ පහලට යන්නයි. ඒ නිසා ඉහල තැන් වල ඒ අංශු වල සාන්ද්‍රණය පහල තැන් වලට වඩා අඩුය. එම නිසා ඉහල තැන් වල සීතල පවත්වාගෙන යැමට එයත් උදව් වේ.
ඇ.) සාමාන්‍යයෙන් ඉහල ප්‍රදේශ වල පහල ප්‍රදේශ වලට වඩා තුඩු සහිත තැන් (කඳු මුදුන් වැනි) වැඩිය. සාමාන්‍යයෙන් අප දන්නා ආකාරයට තුඩු සහිත පෘෂ්ඨ වලින් පැතලි පෘෂ්ඨ වලට වඩා කිරණ විහිදීමට ලක්වේ. එම නිසා ඉහල තැන් වලදී තාප කිරණ වැඩිපුර විහිදීමට (scatter) ලක්වේ. එම නිසා ඒ තැන් වලට ඉහලින් තියෙන වාතයට ලැබෙන්නේ අඩු තාපයක්.
මෙම හේතු සම්පූර්ණයෙන්ම නිවැරදිද කියලා මම දන්නේ නෑ. නමුත් සෑහෙන දුරට නිවැරදියි කියලා හිතනවා.
Subscribe to:
Post Comments (Atom)
1 ක් වූ ප්‍රතිචාර:
Tnx.. Matath oya prashnaya thibba godak kaalayak..
හිතෙන දෙයක් කියල යන්න. . .