බුදුදහම කෙටියෙන්...(2)

Saturday, April 3, 2010
පෙර ලිපියට එකතු කිරීමක්...

ධර්මය ඔරුවක් නම්,
එය ඇත්තේ එතෙර වීමට මිස,
කරතබා ගෙන යාමට නොවේ.

              - බුදුරජාණන් වහන්සේ -

බුදුදහම කෙටියෙන්...

Friday, April 2, 2010
යථාර්තය,
විශ්වාසයෙන් අදහන්නට නොව,
අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නටයි.

Earthlings : මිනිස්කමේ නාමයෙන්... (මෙලොව වසන සෑම මිනිසෙකුම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටියකි)

Sunday, March 21, 2010
If I could make everyone in the world see one film, I'd make them see Earthlings.
   —Peter Singer

මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් නොව ඔහු සතු මිනිස්කම නිසාය; මිනිසකු, තිරිසනෙකුගෙන් වෙනස් වන්නේ මේ උතුම් මිනිස්කම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.

ඒත්.... මිනිසුන් යැයි කියාගන්නා අප තුල ඒ උතුම් මිනිස්කම සැබැවින්ම ඇත්දැයි නැවත හැරී බැලීමට දැන් කාලය එළඹ ඇත. යුක්තිය, සාධාරණත්වය, අයිතිවාසිකම් හෝ සමානාත්මතාවය ගැන අපි කෙතරම් හයියෙන් කෑ ගැසුවත්, ඒ ගුණාංග කිසිවක් අප තුලවත් සැබැවින්ම ඇත්දැයි ඇත්තෙන්ම සැක සහිතය.

මේ පොළාව මත වසන එකම පෘථිවිවාසියා මිනිසා නොවේ; අපත් සමග මේ පොළාවේ තවත් අපගේ සහෝදර පෘථිවිවාසීන් මිලියන-බිලියන ගණනක් වාසය කරයි. එමෙන්ම මිනිසා යනු මේ පොළොවේ අයිතිකාරයාද නොවේ; සැබැවින්ම අප මේ පොළාව මත වසන තවත් එක් සත්ව කොට්ඨාසයක් පමණි.

නමුත් තමන්ගේ අසිරිමත් බුද්ධි මහිමයේ බලයෙනුත්, එයින් නිර්මාණය කරගත් මහා ව්‍යසනකාරී බලවත් අවිආයුධ වල බලයෙනුත් ඔද වැඩී සිටින මිනිසා ඔහු සතු ඒ අසීමිත බලයෙන් අනෙක් සහෝදර පෘථිවිවාසීන්ව ඉතාමත් අධම ලෙස පාගාගෙන සිටියි. ඔහු තම සහෝදරයින්ට සලකන්නේ තමන් වෙනුවෙන්, තමන්ගේ පරිභෝජනයට ඇති හුදු භාණ්ඩ ලෙසයි. ඉතාමත් කුහක, ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ හුදු සුඛවින්දනය සඳහා තමන් සමග මෙලොව වසන අනෙක් සහෝදර පෘථිවිවාසීන්ගේ ජීවිත, හැඟීම් සමග නින්දිත ලෙස සෙල්ලම් කරන්නේ මිනිසායි. ශිෂ්ටත්වය, සභ්‍යත්වය වැනි අලංකාර වචන වලින් අප වසාගන්නට උත්සාහ කරනා ගඳගහන සත්‍යය එයයි.

මේ ඇඟිල්ල දික් වන්නේ වෙන කිසිවකුට නොව ඔබටත්, මටත්ය. ඔව්! මමත් එයට වගකිව යුතුය; ඔබත් එයට වගකිව යුතුය! අපට කීමට නිදහසට හේතු තවත් ඉතිරිව නැත.

Earthlings - උසස් යැයි කියාගන්නා මිනිසාගේ මේ නින්දිත ක්‍රියාවන් දෙස විවෘත මනසකින් බැලීමට අපව යොමුකරන චිත්‍රපටියකි.
Earthlings - අප තුල සඟවාගෙන සිටින ඒ උතුම්වූ මිනිස්කම නැවත පිටතට ගැනීමට අපව යොමු කරවන චිත්‍රපටියකි.
Earthlings - Pets, Food, Clothing, Entertainment හා Science යන කාණ්ඩ යටතේ මිනිසුන් යැයි කියාගන්නන් විසින් තිරිසනුන් යැයි හංවඩු ගසන ලද්දන්ට සිදු කරන තිරිසන් ක්‍රියාවන් ගැන ඇස් ඇරවන චිත්‍රපටියකි.

එනිසා අනිවාර්යයෙන්ම Earthlings බලන්න; ආත්මාර්ථකාමී නොවන්න; ඔබේ මිනිස්කම අරුත් ගන්වන්න; මෙලොව ඇති ඒ උතුම් වූ ජීවයට හිමි නිසි ගෞරවය ලබා දෙන්න; නියම මිනිසෙක් වන්න; මේ පණිවිඩය අනෙක් අයටත් දෙන්න.

Trailer එකක් බලන්න


Unrated Earthlings Trailer from NATIONEARTH on Vimeo.
The following trailer contains graphic footage of animal abuse. Viewer discretion is advised.


තවත් Trailer එකක් බලන්න: http://www.youtube.com/watch?v=X8zC2fEJXNc

Earthling නිල වෙබ් අඩවිය: http://www.earthlings.com

ටොරන්ට් (Special Extended Edition) (මේ දෙකේම තියෙන්නේ එකමයි; කැමති එකක් ගන්න):
1. https://kat.cr/earthlings-2006-special-extended-edition-dvdrip-eng-12-l-t5676730.html

2. https://thepiratebay.mn/torrent/5346640/Earthlings_%5B2006%5D_%5BSpecial_Extended_Edition%5D_DvDrip_%5BEng%5D___12_l

විකිපීඩියා පිටුව: http://en.wikipedia.org/wiki/Earthlings_%28documentary%29

Facebook: http://www.facebook.com/pages/Earthlings/50186143870

Twitter: http://twitter.com/EarthlingsMovie

ටී - රෙක්ස් සහලක්ෂණය (T-Rex Syndrome) ඔබටත් තිබෙනවාද?

Saturday, February 20, 2010
ජුරාසික් පාක් බලල තියෙනවා නම් ටී-රෙක්ස් කියන්නෙ මොකාද කියල දන්නවානේ! ඌ තමයි මම හිතන විධියට වැඩියෙන්ම ජනප්‍රියම ඩයිනසෝරයා.

ඔය පල්ලෙහායින් ඉන්නෙ පොර තමයි.

 

හැබැයි ඉතින් මේ කියන්න යන්නෙ ඌ ගැනනම් නෙවෙයි. ඌ සම්බන්ධ මිනිස්සුන්ගෙ දෙයක් ගැනයි!

සමහරුන්ට මේක හොඳ විහිලුවක්!(මටත් මේක හොඳට හිනායන විහිලුවක්)
සමහරුන්ට මේක කරදරයක්(විශේෂයෙන් කාන්තා පාර්ෂවයට)

එහෙනම් තවදුරටත් මේක පටලන්නෙ නැතුව බලමුකෝ!

මුලින්ම ඔය ටී-රෙක්ස්ගෙ අත් දෙක දිහා බලන්න. ඒවගෙ උරහිස ලඟින් ඇඟට ඇලිල වගේනෙ තියෙන්නෙ. මූට ඉතින් ඔය අත් දෙකෙන් කරන්නෙ වැලමිට ගාව ඉඳං තියෙන ටික වනන එක විතරයි!

දැන් ටිකක් මතක් කරලා බලන්න බහුතරයක් කාන්තා පාර්ෂවයේ අය තමන්ගෙ අත් තියාගන්න විධිය, ඊට වඩා ලොකු වෙනසක් තියෙනවාද? ("අනේ, එපා මෙයා!" කියල පොඩි තට්ටුවක් දාන කොට එහෙම ඒ අත් වැඩකරන විධිය මේකට උදාහරණයක්) පල්ලෙහා රූපෙත් බලන්නකෝ! (කැත උනාට ගනන් ගන්න එපා, මමනෙ ඇන්දෙ!)

 
දැන් තේරෙනවා නේද මොකක්ද මේ ටී-රෙක්ස් සහලක්ෂණය කියන්නෙ කියල!

අපේ ගෑනු උදවියටනම් මේකට සංස්කෘතික කාරණා එහෙමත් බලපාල තියෙනවා, මොනවා උනත් මේක එක එක ප්‍රමාණ වලින් ඒ හැමෝටම වගේ තියෙනවා!

තව ටිකක් හිනා වෙන්න ඕනෙ නං පල්ලෙහා තියෙන වීඩියෝ එකත් බලන්නකෝ!


කට්ටිය මේක සිරාවට ගන්න එපා හො‍‍ඳේ!

සිංහයා + කොටියා = ???

Friday, February 19, 2010
lion + tiger = liger උනාට,

සිංහයා + කොටියා = මොකාද? ලයිගර්ද?

ඊට වඩා හොඳ නැත්ද,

සිංහයා + කොටියා = "සිංටියා" කිව්වොත්?

මොකද හිතන්නෙ? ඔය ඉන්නෙ පල්ලෙහායින් සිංටියෙක්!


සිංටියො ගැන වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Liger

උබුන්ටු සිංහලෙන්! – Ubuntu in Sinhala

Monday, February 15, 2010
මේක නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති අයත් ඉන්න නිසා ඕං එහෙනං!

(මේ ලියන්නෙ උබුන්ටු 9.10 පද්ධතියක විධියටයි)

ලිනක්ස් මෙහෙයුම් පද්ධති අතරින් ජනප්‍රියම එකක් වන උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සිංහල භාෂාවෙන් භාවිතා කරන්න දැන් අපිට පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම අපි පද්ධතියට සිංහල ස්ථාපනය කරගන්න ඕනෙ. ඒකට මේ සබැඳියෙන් ගිහිල්ලා කියන විධියට කරන්න : http://www.siyabas.lk/sinhala_how_to_install.html#lin

ඊළඟට උබුන්ටු වල ප්‍රධාන මෙනුවෙන් System –> Administration –> Language Support වලට යන්න.


ඔයා ඒකට යන්නෙ පළවෙනි වතාවට නම් මේකෙ භාෂා තොරතුරු යාවත්කාලීන කරන්නද කියල ඔයාගෙන් අහයි. ඒකට හා කියන්න. එතකොට අන්තර්ජාලයෙන් ඒක යාවත්කාලීන වෙයි.(මේ වැඩේට ටික වෙලාවයි යයි.) ඊට පස්සෙ පල්ලෙහා රූපෙ තියෙන සංවාද කොටුව ලැබෙයි.


මුලින්ම ඒකෙ තියෙන “Install/ Remove Languages…” බොත්තම ඔබලා එන සංවාද කොටුවෙන් “Sinhala; Sinhalese” යන්න තෝරලා ඒකට හරියක් දාලා “Apply Changes” බොත්තම ඔබන්න.


ඊට පස්සෙ “For menus and windows, use:” වලටයි “For everyone at startup and login, use:” වලටයි “Sinhala; Sinhalese” කියල තෝරන්න. පහළ රූපෙ විදියට.


ඊළඟට මේ කවුළුව වහලා logout වෙලා නැවත login වෙන්න.(login තිරයේ ඒවා වෙනස් වෙන්න නම් restart කරන්න වෙයි) දැන් ඔයාගෙ උබුන්ටු පද්ධතිය තියෙන්නෙ සිංහලෙන්!!
වැදගත්:
මේ මට්ටමට හරි උබුන්ටු සිංහල වලට පරිවර්තනය කලේ ඔබත්, මමත් වැනි උබුන්ටු පාවිච්චි කරන, සිංහල වලට ආදරේ කරන අය විසින්. ඒ වගේම උබුන්ටු වල තව ගොඩාක් දේවල් පරිවර්තනය කරන්න ඉතිරිවෙලා තියෙනවා. මෙම ලිපිය පල කරන දවස වෙන කොටත් මුළු පරිවර්තන(උබුන්ටු වල විතරක්) වලින් 10%ක් වත් ඉවර කරල නෑ!
ඉතින් අපි තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒකට පුළුවන් හැම දෙනාගෙම උදව්/ සහාය ඕනෙ කරනවා. මේක සම්පූර්ණයෙන් පරිවර්තනය කරන එක කව්රු හරි එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි; මේක ගොඩ දෙනෙක්ගෙ සාමූහික වැඩක් විදියටයි වෙන්න ඕනෙ. ඒ හිංදා හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ පුළු පුළුවන් විධියට පරිවර්තනය කරන්න දායක වෙන්න කියලයි. ඒ වගේමයි මේක ගැන අනික් අය දැනුවත් කරන්නත් අමතක කරන්න එපා!

ඉතින් උබුන්ටු (හා තවත් බොහෝ නිදහස් හා විවෘත කේත මෘදුකාංග) පරිවර්තනය කරන්න කැමති අය පහළ තියෙන සබැඳි බලන්න.

උබුන්ටු පරිවර්තනය කරන්න මේ පිටුවට යන්න : Sinhalese translations: Ubuntu

උබුන්ටු සිංහල පරිවර්තන සම්බන්ධීකරණය කරන්නේ : උබුන්ටු සිංහල පරිවර්තකයෝ

සිංහල පරිවර්තන මගපෙන්වීම් (Guidelines) : පරිවර්තන මගපෙන්වීම්

තවත් දේවල් පරිවර්තනය කරන්න මේ පිටුවට යන්න : Software translations

එහෙනං හැමෝටම සුභ පරිවර්තන කියල කියන ගමන් මං නවතිනවා! ජය!!!

හැඟීම...

Tuesday, December 1, 2009
මම මැරෙන්න ආසයි...
ඒත් මම මරණයට බයයි!
මම ජීවත්වෙන්න අකමැතියි...
ඒත් මම ජීවිතයට ආසයි!

Last of the American Girls || කෙල්ලො නම් කොහෙත් එකයි!

Monday, October 12, 2009
Green Day - Last Of The American Girls .mp3
Found at bee mp3 search engine

{සිංදුව අහන්න}

She puts her makeup on like graffiti on the walls of the heartland
She's got her little book of conspiracies right in her hand
She is paranoid like endangered species headed into extinction
She is one of a kind, well, she's the last of the American girls

She wears her overcoat for the coming of the nuclear winter
She is riding her bike like a fugitive of critical mass
She's on a hunger strike for the ones who won't make it for dinner
She makes enough to survive for a holiday of the working class

She's a runaway of the establishment incorporated
She won't cooperate, well, she's the last of the American girls

She plays her vinyl records singing songs on the eve of destruction
She's a sucker for all the criminals breaking the laws
She will come in first for the end of Western civilization
She's an endless war, she's a hero for the lost cause

Like a hurricane in the heart of the devastation
She's a natural disaster, she's the last of the American girls

She puts her makeup on like graffiti on the walls of the heartland
She's got her little book of conspiracies right in her hand
She will come in first for the end of Western civilization
She's a natural disaster, she's the last of the American girls
Aw yeah, all right, aw yeah

Song: Last of the American Girls
band: Greenday
Album: 21st century breakdown

ඇමරිකාවෙ විතරක් නෙවෙයි මේවා ඕනෙ කෙල්ලෙකුට ගැලපෙනවා කියලයි මට හිතෙන්නෙ. (මට ගුටිකන්න වෙයිද දන්නේ නෑ ;))
කාටහරි හිතට එකඟව මේ කතා බොරුයි කියල කියන්න පුළුවන්ද?

“බලයේ” තාත්තා “පීඩනය”ද? (නැත්නම් අනික් පැත්තද?)

Monday, September 7, 2009
ඔන්න තවත් විකාර කතාවක්! අපි සාමාන්‍යයෙන් විද්‍යාවෙදි ඉගෙනගන්නේ බලයක් යම් පෘෂ්ටයක් මත ක්‍රියාත්මක වීම නිසා පීඩනයක් හට ගන්නවා කියලනේ. ඒ කියන්නේ පීඩනය කියන සංකල්පය, බලය යන සංකල්පය මත ගොඩනැගුනු දෙයක්.

ඒත් මට හිතෙන්නේ මේක වැරදියි! මම කියන්නේ බලය යන්න පීඩනය නිසා ඇතිවෙන්නක් කියලයි. ඒ කියන්නේ වඩා මූලික රාශිය විය යුත්තේ පීඩනය යන්නයි!

මේ කතාව තේරෙන්නෙ නැත්නම් මම තවත් පැහැදිලි කරන්නම්. හිතන්න පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනා නිරීක්ෂණය කරලා අපි තියරියක් හදනවා කව්ද තාත්තා? කව්ද පුතා? කියලා. ඒකට අනුව තාත්තා වන්නේ “බලයයි”; “පීඩනය” කියන්නේ පුතායි. නමුත් මම කියන්නේ මේ තාත්තා, පුතා මාරු විය යුතුයි කියලයි. ඒ කියන්නේ අපි තාත්තා, පුතා හඳුනාගෙන තියෙන්නේ වැරදියට!

මොකද කියන්නේ? අපි පිය පදවිය “බලයට” දෙමුද? නැත්නම් “පීඩනයට” දෙමුද? එහෙමත් නැත්නම් මේ දෙන්නා ඥාතීන් නොවේ කියමුද?
Related Posts with Thumbnails