Earthlings : මිනිස්කමේ නාමයෙන්... (මෙලොව වසන සෑම මිනිසෙකුම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටියකි)

Sunday, March 21, 2010
If I could make everyone in the world see one film, I'd make them see Earthlings.
   —Peter Singer

මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් නොව ඔහු සතු මිනිස්කම නිසාය; මිනිසකු, තිරිසනෙකුගෙන් වෙනස් වන්නේ මේ උතුම් මිනිස්කම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.

ඒත්.... මිනිසුන් යැයි කියාගන්නා අප තුල ඒ උතුම් මිනිස්කම සැබැවින්ම ඇත්දැයි නැවත හැරී බැලීමට දැන් කාලය එළඹ ඇත. යුක්තිය, සාධාරණත්වය, අයිතිවාසිකම් හෝ සමානාත්මතාවය ගැන අපි කෙතරම් හයියෙන් කෑ ගැසුවත්, ඒ ගුණාංග කිසිවක් අප තුලවත් සැබැවින්ම ඇත්දැයි ඇත්තෙන්ම සැක සහිතය.

මේ පොළාව මත වසන එකම පෘථිවිවාසියා මිනිසා නොවේ; අපත් සමග මේ පොළාවේ තවත් අපගේ සහෝදර පෘථිවිවාසීන් මිලියන-බිලියන ගණනක් වාසය කරයි. එමෙන්ම මිනිසා යනු මේ පොළොවේ අයිතිකාරයාද නොවේ; සැබැවින්ම අප මේ පොළාව මත වසන තවත් එක් සත්ව කොට්ඨාසයක් පමණි.

නමුත් තමන්ගේ අසිරිමත් බුද්ධි මහිමයේ බලයෙනුත්, එයින් නිර්මාණය කරගත් මහා ව්‍යසනකාරී බලවත් අවිආයුධ වල බලයෙනුත් ඔද වැඩී සිටින මිනිසා ඔහු සතු ඒ අසීමිත බලයෙන් අනෙක් සහෝදර පෘථිවිවාසීන්ව ඉතාමත් අධම ලෙස පාගාගෙන සිටියි. ඔහු තම සහෝදරයින්ට සලකන්නේ තමන් වෙනුවෙන්, තමන්ගේ පරිභෝජනයට ඇති හුදු භාණ්ඩ ලෙසයි. ඉතාමත් කුහක, ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ හුදු සුඛවින්දනය සඳහා තමන් සමග මෙලොව වසන අනෙක් සහෝදර පෘථිවිවාසීන්ගේ ජීවිත, හැඟීම් සමග නින්දිත ලෙස සෙල්ලම් කරන්නේ මිනිසායි. ශිෂ්ටත්වය, සභ්‍යත්වය වැනි අලංකාර වචන වලින් අප වසාගන්නට උත්සාහ කරනා ගඳගහන සත්‍යය එයයි.

මේ ඇඟිල්ල දික් වන්නේ වෙන කිසිවකුට නොව ඔබටත්, මටත්ය. ඔව්! මමත් එයට වගකිව යුතුය; ඔබත් එයට වගකිව යුතුය! අපට කීමට නිදහසට හේතු තවත් ඉතිරිව නැත.

Earthlings - උසස් යැයි කියාගන්නා මිනිසාගේ මේ නින්දිත ක්‍රියාවන් දෙස විවෘත මනසකින් බැලීමට අපව යොමුකරන චිත්‍රපටියකි.
Earthlings - අප තුල සඟවාගෙන සිටින ඒ උතුම්වූ මිනිස්කම නැවත පිටතට ගැනීමට අපව යොමු කරවන චිත්‍රපටියකි.
Earthlings - Pets, Food, Clothing, Entertainment හා Science යන කාණ්ඩ යටතේ මිනිසුන් යැයි කියාගන්නන් විසින් තිරිසනුන් යැයි හංවඩු ගසන ලද්දන්ට සිදු කරන තිරිසන් ක්‍රියාවන් ගැන ඇස් ඇරවන චිත්‍රපටියකි.

එනිසා අනිවාර්යයෙන්ම Earthlings බලන්න; ආත්මාර්ථකාමී නොවන්න; ඔබේ මිනිස්කම අරුත් ගන්වන්න; මෙලොව ඇති ඒ උතුම් වූ ජීවයට හිමි නිසි ගෞරවය ලබා දෙන්න; නියම මිනිසෙක් වන්න; මේ පණිවිඩය අනෙක් අයටත් දෙන්න.

Trailer එකක් බලන්න


Unrated Earthlings Trailer from NATIONEARTH on Vimeo.
The following trailer contains graphic footage of animal abuse. Viewer discretion is advised.


තවත් Trailer එකක් බලන්න: http://www.youtube.com/watch?v=X8zC2fEJXNc

Earthling නිල වෙබ් අඩවිය: http://www.earthlings.com

ටොරන්ට් (Special Extended Edition) (මේ දෙකේම තියෙන්නේ එකමයි; කැමති එකක් ගන්න):
1. https://kat.cr/earthlings-2006-special-extended-edition-dvdrip-eng-12-l-t5676730.html

2. https://thepiratebay.mn/torrent/5346640/Earthlings_%5B2006%5D_%5BSpecial_Extended_Edition%5D_DvDrip_%5BEng%5D___12_l

විකිපීඩියා පිටුව: http://en.wikipedia.org/wiki/Earthlings_%28documentary%29

Facebook: http://www.facebook.com/pages/Earthlings/50186143870

Twitter: http://twitter.com/EarthlingsMovie

10 ක් වූ ප්‍රතිචාර:

sampath ගනේගොඩ said...

වටිනා චිත්‍රපටයක්.. මිනිස්සු සත්තුන්ට කරන අපරාධ කොයි තරම් දරුණුද කියල trailer එකෙන්ම පේනවා. ස්තුතියි වටිනා තොරතුරට. තවත් මේ වගේ හොඳ චිත්‍රපටි තිබ්බොත් දාන්න..

ටොරන්ට් වලට කැමති නැති උදවියට මේ ලින්ක් එකෙන් බාගන්න පුලුවන්..
http://stagevu.com/video/hhzagwhtjomu
Resolution: 704 x 528
Filesize: 594 MB

ජීවන්ත said...

@ සම්පත් ගනේගොඩ,

ඔබේ ප්‍රතිචාරයටත්, ලින්ක් එකටත් බොහොම ස්තූතියි.

Buddhika kasun said...

ස්තූතියි ඔබට

nova said...

It is a pleasure to have people like you
I strongly agree with you
until the man understand that they are not the dominent character Until people really feel about what great cheif seattle needed (http://www.halcyon.com/arborhts/chiefsea.html ), nothing will happen
If we can keep a single step to make life to live that will be the ultimate step to be taken (http://nova-abstracter.blogspot.com/2010/03/ultimate-satisfaction-of-life.html)

ජීවන්ත said...

@බුද්ධික කසුන්, නෝවා,

ඔබේ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි.

udaNa said...

එල එල ඔහොම යං... ඔහොම යං...

h said...

අහම්බෙන් මේක දැක්කේ.. බොහොම ස්තූතියි.

Akhila said...

වටිනා චිත්‍රපටයක්, අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.
ඔබට බොහොම ස්තුතියි.

හිංචි මල්ලි said...

අහම්බෙන් දැක්කත් හිතට කතා කරන වැදගත් දෙයක්. ගොඩක් ස්තූතියි බෙදා ගත්තට. ඒ වගේම ටොරන්ට් නැතුව ඩිරෙක්ට් ලින්ක් දුන්න අයටත්.

Anonymous said...

Trailer eka baluwama hitata danunu deya gana kiyanna wachana naha. e taramatama e trailer eken loku kathawak kiyanawa.
bohoma sthuthiy me wage deyak dammata.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails