විවිධත්වය
ලියුවේ:
ජීවන්ත
Sunday, August 30, 2009
අප අවට සෑම තැනම විවිධත්වය තියෙනවා. විවිධ පාට, විවිධ හැඩතල, විවිධ සත්තු, විවිධ ගස්, විවිධ මිනිස්සු ආදී වශයෙන් විවිධත්වය හැම තැනම තියෙනවා. ලෝකය සුන්දර වෙන්නෙ මේ විවිධත්වය නිසයි. ඒත් සමහරු ඒ විවිධත්වය නැති කරන්න උත්සාහ කරනවා. ඒ වුනාට අපි තේරුම් ගන්න ඕනෙ ඒ විවිධත්වය නැති කලොත් අපිත් නැති වෙනව කියල. ඒ කියන්නෙ ඕනෑම දෙයක පැවැත්ම සෘජුවම විවිධත්වයත් එක්ක බැඳිල තියෙනව කියන එකයි. උදාහරණයක් විදියට චීටාවන්ට වෙලා තියෙන දේ බලන්න. ඔවුන්ගේ ජාන සැකැස්මේ විවිධත්වය අඩු නිසා ඔවුන්ට දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පාන්න සිදුවෙලා තියෙනවා. තව කිව්වොත් කවුරු හරි පුද්ගලයෙක් ඔහුගේ ජීවිතයේදී කුමක් හෝ එක් කාර්යයක් විතරක් කරනවනම් ඒ ජීවිතය කෙතරම් නීරස, අස්ථාවර එකක් වෙයිද? මේ ලෝකෙ මිනිස්සු අතර මෙතරම් විවිධත්වයක් නැතුව හැම මිනිහම එකවගේ නම් මේ ලෝකෙ මොන තරම් කම්මැලි, නීරස එකක් වෙයිද? තවත් කියනව නම් මේ විශ්වයේ මෙතරම් අංශු වර්ග, මෙතරම් ශක්ති වර්ග, මෙතරම් විවිධ සිදුවීම් නැතුව මොකක්හරි එක දෙයක් විතරක් තිබුනනම් මොන වගේ වෙයිද? එහෙම විශ්වයක් කොච්චර අස්ථාවරද?
මෙන්න පොඩි විහිළුවක්!
ලියුවේ:
ජීවන්ත
හොරාගෙ පුතා හොරා වෙන්නම ඕනෙ නෑනෙ. ඒ වගේම ළමයගෙ හම කළු උනා කියල අම්මලගෙ තාත්තලගෙ හමත් කළු වෙන්න ඕනෙම නෑනෙ. ඒ කියන්නේ අම්මලගෙ තාත්තලගෙ ලක්ෂණ ළමයින්ට තිබිය යුතුම නෑනෙ. ඒ හිංදා විසංවාදී ක්‍රමය දෝෂ සහිතයි නේද? ඒ කියන්නෙ අපි යම් මූලයකින් පටන් ගෙන ඉදිරියට ගියාට පස්සෙ ලබා ගන්නා දේවල් දිහා බලලා මුල් මූලය ගැන කතා කරන එක දෝෂ සහිතයි. ඒක හරියට ළමය දිහා බලල දෙමව්පියො ගැන කියනවා වගේ වැඩක්නේ! ගණන් ගන්න එපා! මේක පොඩි විහිළුවක් විතරයි!
ශබ්ද කලාව
ලියුවේ:
ජීවන්ත
වර්තමානයේ තියෙන සංගීතයට, සංගීතය නෙවෙයි “නිර්මාණාත්මක ශබ්ද කලාව” කියල හඳුන්වන්න කැමතියි. (අතීතයේ තිබ්බ සංගීතය ගැන මම කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අඩු නිසා.) මොකද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය කියල හඳුන්වන්නෙ නැති විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා ගැනීම නිසාය. හැබැයි මේවා හරි අවබෝධයෙන් යුතුව කල යුතු වැඩ. නැත්නම් තියෙන සංගීතයත් නැතිවෙයි.
ආර්ථිකයේ උපන්ගෙයි අහේනිය?
ලියුවේ:
ජීවන්ත
ආර්ථික විද්‍යාවේ පදනමේම අහේනියක් ඇත. ඒ ලාභය නම් සංකල්පයයි. ලාභ අපේක්ෂාව ආර්ථික විද්‍යාවේ මූලිකම අංගයක් නමුත් එයම ආර්ථික විද්‍යාව බරපතල ලෙස අස්ථාවර කිරීමටද හේතු වෙයි. ඒ කොහොමද කියල අපි බලමු. ආර්ථික පද්ධති 2ක් සලකමු. එක් පද්ධතියක් ලාභ ලැබීමට නම් එම පද්ධති 2 අතර ආර්ථිකමය සමතුලිතතාවය ලාභ අපේක්ෂා කරන පද්ධතිය දෙසට බර විය යුතුය. එවිට කාලයක් ගතවීමේදී එක් පද්ධතියක් ආර්ථිකමය අතින් අධික ශක්‍යතාවයක් ලබන අතරතුර අනෙක් පද්ධතිය විනාශ වී යයි. නමුත් ඒවිට මුල් පද්ධතියේ පැවැත්මද තර්ජනයට ලක්වේ. කිමද එවිට මුල් පද්ධතියට ලාභ ලැබීමට නොහැකි වනවා මෙන්ම එම පද්ධතියේ පැවැත්ම සඳහා වියදම් කිරීමට සිදුවන නිසා එම පද්ධතියද කෙමෙන් විනාශයට ලක්වේ. මේ නිසා ආර්ථික පද්ධතීන්ගේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා ලාභය ප්‍රත්‍යාවර්ත වීම අත්‍යාවශ්‍ය සාධකයකි. (දැන් ලෝකයේ(මූලික වශයෙන්ම ඇමරිකානු ආර්ථිකයේ) සිදුවන ආර්ථික කඩාවැටීම වැනි) මෙය ආර්ථික විද්‍යාවේ උපන්ගෙයි අහේනියකි!!! මෙය දැකීමට ආර්ථික විද්‍යාව මහ ඉහලින් උගන්වන හා හසුරුවන ඇදුරන්ගේ හා විශේෂඥයින්ගේ ඇස් පෑදේවා!? ලෝකය සූරා කා, සූරා කන්නට දෙයක් නැති වූ විට සූරා කන්නාද විනාශ වී යයි. මෙය ලෝක ස්වභාවයයි.
ප.ලි.: මම දන්න ආර්ථික විද්‍යාවක් නම් නෑ. මේ මට හිතෙන දේ විතරයි.

මිනිස්සු හැමදාටම බුද්ධිමත්ද?
ලියුවේ:
ජීවන්ත
Friday, August 21, 2009
ඇත්තටම කියනවනම් මට හිතෙන විධියට නුදුරු අනාගතයේදීම මිනිස්සු ඉතාමත් දුර්වල සත්තු ජාතියක් බවට පත්වීමට ලොකු අවධානමක් තියෙනවා. අතක් පයක් හොලවගන්න තරම් වත් පණ නැති, හරියට ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, එකයි එකයි දෙකයි කියල හදාගන්න බැරි, පොඩි හෙම්බිරිස්සාවකටත් මරණාසන්න වන තරමටම දුර්වල වෙයි කියලයි මට හිතෙන්නෙ.
මේකට හේතුව අපේ වැඩමයි. මොකද අපි තවදුරටත් ස්වභාවිකව පරිණාමය වෙන සත්තු ජාතියක් නොවන නිසයි. (ඒ කියන්නෙ ඩාවින් කියපු උචිතෝන්නතිය, ස්වභාවික වරණය වගේ දේවල් තව දුරටත් අපිට වලංගු නෑ කියන එකයි.) බොරු නම බලන්න අදට අවුරුදු 60 කට විතර කලින් හිටපු මිනිස්සුන්ට අද මිනිස්සුන්ට තරම් ලෙඩ තිබුනද? අද මිනිස්සුන්ට තරම් දුර්වලතා තිබුනද? දියවැඩියාව? ප්‍රෙෂර්? ගැස්ට්‍රයිටිස්? depression? මේවා ඉස්සර මෙච්චර සුලබව තිබ්බද?
අපේ මහ ලොකු බුද්ධියයි, ඒකෙන් හදපු තාක්ෂණයයි තමයි මේකට වග කියන්න ඕනෙ. මොකද අපි අද කිසිම දෙයක් කරන්න ඕනෙ නෑ, හැම දෙයක්ම කරන්න යන්ත්‍ර තියෙනවා. ඒකෙන් කිසිම දෙයක් නොකරන අපේ අතපය දුර්වල වෙනවා. පොඩි ඔලුවෙ කැක්කුමකටත් එක එක ජාතියෙ බෙහෙත් බොනවා. අර ලෙඩේට මේ බෙහෙත්, මේ ලෙඩේට අර බෙහෙත්, අද බෙහෙත් නොබොන මිනිහෙක් ඉන්නවද? හැම දේටම බෙහෙත් බොන එකයි, එක ක්ෂුද්‍ර ජීවියෙක්වත් නැති වෙන්න විවිධ විෂබීජ නාශක දාන එකයි, මූණට ඉර එළිය වැටෙනවට එක එක ක්‍රීම් ගාන එකෙනුයි වෙන්නෙ ඒවට මුහුණ දෙන්න තියෙන අපේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන එකයි. තවත් කියනවනම් අද ගණන් හදන්න හිතන්න ඕනෙත් නෑනෙ. සිංදුවක් හදන්න, තාලයක් දාන්න අමාරු නෑනෙ. මොකද ඒකට පරිඝණක තියෙනවනෙ. (එකයි එකයි දෙකයි කියල හදන්නත් කැල්කියුලේටර් පාවිච්චි කරන අය අද සමාජයේ ඕන තරම් ඉන්නවා.) මේකෙන් වෙන්නෙ අපෙ බුද්ධිය මොට්ට වෙන එකයි. අපෙ නිර්මාණශීලීත්වය නැති වෙන එකයි. එමෙන්ම මෙම දුර්වල වීම එක් වරම සිදුවන්නක් නොවේ. මෙම හැසිරීම් රටා දිගටම පවත්වාගෙන යාම නිසා පරම්පරා කීපයක් ගත වීමේදී අපගේ ජාන හා මානසික සැකැස්ම ඒ සඳහා ඉබේම හැඩගෙසෙනවා. නමුත් මේ සඳහා වැඩි කාලයක් ගත නොවනු ඇති, කිමද පරිණාමික වශයෙන් ගත් කල මිනිසා යනු තමා ජීවත් වන පරිසර පද්ධතියට ඉතා ඉක්මනින් හැඩ ගැසෙන ජීවියෙක් බැවිනි.
මම තාක්ෂණය පාවිච්චි කරන එක වැරදියි කියන්නෑ. තාක්ෂණය පාවිච්චි කරන විධියයි වැරදි. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනෙ මිනිසුන්ව දුර්වල කරන්න නොව මිනිසුන්ව ශක්තිමත් කරන්නයි. උදාහරණයක් විධියට දුර ඉන්න කෙනෙකුට ෆෝන් එකකින් කතා කරන එක, අහසින් යන්න ප්ලේන් හදන එක, මුහුද හරහා යාත්‍රා කරන්න නැව්, සබ්මැරීන් ආදිය හදන එක, දැනුම හුවමාරු වෙන අන්තර්ජාලය වගේ ඒවා තාක්ෂණය නිවැරදි විධියට භාවිතා කිරීම් වේ. එමෙන්ම බෙහෙත් බොන්න එපා කියල මම කියන්නෙත් නෑ. බෙහෙත් අවශ්‍ය නැති සුළු අසනීප වලටත්, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මරා දමන සැර බෙහෙත් (strong drugs) බොන එක නතර කරන්න කියලයි මම කියන්නෙ. ඒ වගේම මේ යාන්ත්‍රික ලෝකයේදී ස්වභාවධර්මයට ලංව තිබූ අපේ ජීවන ක්‍රම, ආහාර පුරුදු හා සිරිත්-විරිත් ආදිය අතහැර දමා කෘත්‍රීම යාන්ත්‍රිකයින් මෙන් ජීවත්වීමත්, මෙලෙස දුර්වල වීමට දැඩි ලෙස බලපානවා. ඒ නිසා හැම විටම පුලුවන් තරම් ස්වභාවික විධියට ජීවත්වෙන්න උත්සාහ කරන්න. මොකද ස්වභාවධර්මයට ඉහලින් යන්න හදන, ස්වභාවධර්මයට විරුද්ධ වෙන කිසිම දෙයක් වැඩිකල් පවතින්නෑ.

අපේ බස අපි රැකගමු! : වචන නිෂ්පාදනය (word production)
ලියුවේ:
ජීවන්ත
අපේ බස(සිංහල) රැකගත හැකි තවත් එක් ක්ෂේත්‍රයක් ගැනයි මෙම ලිපියෙන් කතා කරන්නේ. නම දැක්කම සෑහෙන සංකීර්ණ වැඩක් කියල හිතුනත් එහෙම නෑ. සංකීර්ණ බව කෙසේවෙතත් වැඩේනම් අත්‍යවශ්‍යයයි. ඒ වගේම මේකට හැමෝගෙම සහභාගීත්වය ඕන කරනවා; එහෙම නැතුව මේක ලොකු ලොකු අය විතරක් කල යුතු දෙයක් නෙවෙයි.
මේ ලිපිය කලින් ලිපියක උපුටනයකින්ම පටන් ගන්නට සිතුවා.
“මානව දැනුම හා ක්‍රියාකාරකම් ගොන්නට දිනපතා නව සොයාගැනීම් හා නව ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් එකතු වේ. අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය මෙයින් එක් ක්ෂේත්‍රයක් පමණි.(විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පමණක් තොරතුරු තාක්ෂණයට අමතරව අති විශාල නව ක්ෂේත්‍ර ගණනාවක් ඇත.) යම් භාෂාවක් මේ අළුත් ක්ෂේත්‍ර තුලට විහිදී නොයයි නම් එම භාෂාව සමාජය තුල කොන්වීමට ලක්වේ. නව වචන නිෂ්පාදනය මෙහිදී අති වැදගත්ය. වර්තමානයේ සිංහල භාෂාවේ නව වචන නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය. වචන දෙක තුනක් නිපදවුවත් ඒ වචන සමාජගතවීමක්ද සිදුනොවන තරම්ය.”
“සිංහල දුර්වල වෙනවා කියන එකෙන් අදහස් කලේ සිංහල භාවිතා කරන අයගේ නොසැලකිල්ල හේතුවෙන් බසෙහි ශක්තිය හීන වෙනවා කියන එකයි. යම් අළුත් සංකල්පයක් ගැන කතා කරන්න අපිට වචන නැත්නම් එතැනදි අපේ බස අනෙක් භාෂා ඉදිරියේ හෑල්ලු වෙනවා. අන්න ඒකයි මම සිංහල දුර්වල වෙනවා කියල අදහස් කලේ. අනිත් එක අපි අදක්ෂ නෑ. ඒ වෙනුවට අපිට කිසිම දේකට උවමනාවක් නෑ. ඒකයි ප්‍රශ්නෙ. අපි හැමෝම බලාගෙන ඉන්නේ කව්රුහරි හැම දෙයක්ම කරලා අපේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනකං. මේකෙන් මිදෙනකං අපිට ගොඩ ඒමක් නෑ!”
මේකට අපිට ඉංග්‍රීසියෙන් උදාහරණ ඕනෑ තරම් ගන්න පුළුවන්. ඉංග්‍රීසියේ යම් සංකල්පයක් සඳහා වචන හදන්නේ ඒ සංකල්පය හදන අයමයි. පරිඝණක ක්ෂේත්‍රයෙන් උදාහරණ කියනවා නම් “world wide web, blog, torrent” යන වචන වල නිර්මාතෘන් වන්නේ ඒ සංකල්ප/තාක්ෂණ නිර්මාණය කල උදවියමයි.
මේකෙන් අදහස් කරන්නේ වචන නිර්මාණය විය යුත්තේ සාමාන්‍ය සමාජය තුලින්ම බවයි; එහෙම නැතුව නව වචන නිර්මාණය විය යුත්තේ භාෂා ප්‍රවීනයන් තුලින්ම පමණක් නොවේ. එනිසා ඔබට අවශ්‍ය වචන තවකෙක් හදා දෙන තෙක් බලා නොඉඳ තමන්ම හදාගන්න. පසුව ඒවා කෙමෙන් කෙමෙන් සමාජගත වේවි.
මෙහිදී සඳහන් කල යුතු තවත් ඉතා වැදගත් දෙයක් තිබේ. එනම් වචන නිෂ්පාදනයේදී හැමවිටම උත්සාහ කල යුත්තේ නව ශබ්ද නිෂ්පාදනයකටය. එනම් නව වචනයක් නිෂ්පාදනයේදී එම වචනය පවතින වචන කිහිපයක් ආශ්‍රයෙන් නිෂ්පාදනය නොකර හැම විටම නව ශබ්දයක් නිපදවීමට උත්සාහ කල යුතුය. උදාහරණයක් ලෙස “kettle” යන වචනයට අයෙක් පවතින වචන ආශ්‍රයෙන් “ජල-උණු-කුරුව” යන වචනය නිපදවා තිබිණි. නමුත් ඊට වඩා “කේතලය” යන වදන කෙතරම් පහසුද; අලංකාරද? මෙයටත් අපට ඉංග්‍රීසියෙන්ම උදාහරණ ගත හැක. පරිඝණක ක්ෂේත්‍රයෙන්ම උදාහරණ දෙන්නේ නම් “torrent, blog, Wimax” වැනි වදන් දැක්විය හැක. මෙයින් සිදුවන එක් යහපත් බලපෑමක් නම් වදන් අනවශ්‍ය පරිදි දික් නොවීමයි. එමෙන්ම මෙහි දාර්ශනික පැතිකඩකුත් තිබේ. එනම් නව සංකල්පයක වචනයක් සඳහා පැරණි සංකල්ප සඳහා ඇති වදන් ආශ්‍රයෙන් වචනයක් යෙදීමේදී එම සංකල්ප වල යෙදීම් ගැනත් සැලකීම අනිවාර්ය වේ; එනම් නව සංකල්පය පැරණි සංකල්ප මතම පදනම් වූවක් ද නැති නම් පැරණි සංකල්ප වලින් ඔබ්බට ගිය බවක් ඇතිද යන්න ආදිය සැලකිය යුතුය. නමුත් නව සංකල්පයෙහි පැරණි සංකල්ප වලින් ඔබ්බට ගිය බවක් ඇත්නම් එයට පැරණි සංකල්ප සඳහා ඇති වදන් ආශ්‍රයෙන් වචනයක් යෙදීම කෙතරම් උචිතද යන්න ගැටළුවකි.
ඒ වගේම වෙනත් බසකින් වචන ණයට ගැනීම(loanwords) ගැන අප බිය නොවිය යුතුයි. මේ සඳහා සාධණීය උදාහරණ ලෙස කෝච්චිය, කේතලය, ඉඳකටුව, අල්මාරිය වැනි වචන ඉදිරිපත් කල හැක. විය යුත්ත නම් ඒ වචන අපගේ උරුව හා වහරට ගැලපෙන පරිදි සංශෝධනය කර ගැනීමයි. එනම් අනුකරණය නොකර අවශෝෂණය කල යුතුය. මෙසේ සංශෝධනයකින් තොරව අනුකරණයකට යාමෙන් බසට දැඩි හානියක් වන බවද සිහියේ තබා ගත යුතුය.
මේ සියල්ල සඳහා මා රීති (නීති නොවේ) කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. (මෙහි වෙනස් විය යුතු හෝ මෙයට එකතු විය යුතු දෑ තිබේ නම් කරුණාකර සඳහන් කරන්න.)
# වචන හැකි තරම් කෙටි හා සරල විය යුතුය. (මහප්‍රාණ වැඩි හැතැප්මක් විතර දිග වචන නොදැමිය යුතුය.)
# උච්චාරණය කිරීමට පහසු විය යුතුය. (දිව ඇඹරෙන හෝ උගුර බැරණ්ඩි හෝ නහය ඤොක්කං නොවිය යුතුය.)
# එකම වචනය අදහස් දෙකක් සඳහා නොවිය යුතුය. (උදා: {bat - වව්ලා, bat - පිත්ත} හා {කන - ඇසක් නොපෙනෙන, කන - ආහාර ගන්නා} ආදී වශයෙන් එකම වචනය අදහස් දෙකක් සඳහා යොදා නොගත යුතුය.)
# පැරණි වචන ආශ්‍රයෙන් නව වචන නිපදවනවා වෙනුවට සෑම විටම නව ශබ්ද නිර්මාණයට යොමු විය යුතුය.
# එමෙන්ම වෙනස් අදහස් දක්වන වචන සඳහා ආසන්න වශයෙන් හෝ සමාන ශබ්ද යොදා ගැනීම හැකිතරම් අවම කල යුතුය.
# එක් වර්ගයකට (category) අයත් වචන පොදු ආකාරයකට නිර්මාණය කිරීමට උත්සාහ(අනිවාර්ය නොවේ) කල යුතුය. (උදා: ජීව විද්‍යාව - biology, සත්ව විද්‍යාව - zoology හා lunch - දවල් ආහාරය, dinner - රාත්රීා ආහාරය ආදී වශයෙන්)
# යම් සංකල්ප සඳහා වචන නිර්මාණයේදී වචන කීපයක් යොදා ගන්නවාට වඩා ඒ සඳහා තනි වචනයක් නිර්මාණයට පෙළඹිය යුතුය. (උදා: “ජීව විද්‍යාව” යන වචන දෙක වෙනුවට “biology”)
# නව වචන හා ශබ්ද නිපදවීමේදී බසෙහි ඇති වහර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් සෑම බසකටම ඊටම ආවේණික වූ වහරක් හා උරුවක් ඇත. නොදන්නා සිංහල හා ඉංග්‍රීසි වචන පවා මෙය සිංහල; මෙය ඉංග්‍රීසි යනුවෙන් හඳුනාගත හැක්කේ ඒ ආවේණික වහර හා උරුව නිසාය.
# වැදගත්ම කාරණයක් වන්නේ වචන නිර්මාණය කරන්නේ බහුතරයක් සාමාන්‍ය මිනිසුන්ගෙන් සමන්විත වූ සමස්ත ප්‍රජාවටම මිසක් බහුශ්‍රැතියන්ගේ හා පණ්ඩිතයන්ගේ පාවිච්චියට පමණක් නොවන බව සිහියේ තබා ගත යුතුය.
මේවාත් අනිවාර්යයෙන්ම කියවන්න:
Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)
අපේ බස අපි රැකගමු! : අපි අපිටම උදව්වක් කර ගමුද?

කරන්ට් ගියා! අපි ඉවරයි!
ලියුවේ:
ජීවන්ත
Tuesday, August 18, 2009
මම මේ කල්පනා කලේ අපි පාවිච්චි කරන හැම දෙයක්ම වගේ (ඒ කියන්නේ හැම දෙයක්ම කියල නෙවෙයි හැම දෙයක්ම වගේ කියලයි) වැඩ කරන්නේ විදුලියෙන්නෙ. අපි විදුලිය කියන ශක්ති ප්‍රභේදයට ඇබ්බැහි වෙලා වගේ ඉන්නෙ. (අපි යැපෙන්නෙ බොරතෙල් මත කියන එක බොරුවක්. අපි යැපෙන්නෙ විදුලිය මත. අපි බොරතෙල් වලින් වැඩි හරියක් පාවිච්චි කරන්නෙත් විදුලිය නිපදවන්න) ටී.වී. බලන්න, බත් උයන්න, රෑට කළුවර නැතිකරන්න, ෆැක්ටරි වැඩකරන්න මේ හැම දේකටම ඕනෙ විදුලියනෙ. දැන් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ලෝකයක්. අඩුම ගානෙ ඉස්පිරිතාලයක්වත් කරන්ට් නැතුව වැඩ කරන්නෑනෙ. පොඩ්ඩක් හිතන්න, විදුලිය අතුරුදහන් උනොත් අපිට ආයෙත් ගල් යුගයට යන්න තමයි වෙන්නෙ.
Believe to see?
ලියුවේ:
ජීවන්ත
Monday, August 17, 2009
In most of the times it is, believing is seeing than seeing is believing.
සිංහල යුනිකෝඩ් ෆොන්ට් තියෙනවද?
ලියුවේ:
ජීවන්ත
Tuesday, August 11, 2009
ඉස්කෝල පොත, දිනමිණ යුනි වෙබ්, මලිති වෙබ් හැර වෙනත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් තිබේද? අලුතින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් හදන්නේ කොහොමද? දන්න කෙනෙක් කියල දෙත්වා! ලොකු උදව්වක්!
මොනවා උනත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් වර්ග ගොඩක් නැති එක ලොකු පාඩුවක්! පුළු පුළුවන් කට්ටිය ෆොන්ට් ටිකක් හදමුද? මොකද කියන්නේ?

Subscribe to:
Posts (Atom)