අපේ බස අපි රැකගමු! : අපි අපිටම උදව්වක් කර ගමුද? (නැවත මතක් කිරීමක්)

Thursday, July 23, 2009
“අපේ බස අපි රැකගමු!” ලිපි පෙලේ පළමුවැන්නයි මේ. මේ ලිපි පෙලින් අපේ බස (සිංහල) රැක ගැනීමට අපිට කල හැකි දේ පිළිබඳව කතා කරන්නටයි බලාපොරොත්තුව. ඉතින් එක්ව උඩුගං බලා පිහිනන්නට සියළු දෙනාට ආරාධනා!

දැනුම! දැනුම අත්‍යවශ්‍යය; දැනුම නැත්නම් කිසිවක් හරියට බැරිය. ලාංකීය සමාජය එක තැන පල්වීමට ලොකුම හේතුව වන්නේද නිසි දැනුමක් ජනතාව සතු නොවීමය. නමුත් එය වෙනස්කිරීමට දැන් කාලයයි. ඔව්! අපිටත් ඒ මෙහෙවරට දායක විය හැකියි. එය පටන් ගැනීමට හොඳම තැන දැනුම කිව්වහම අපිට මුලින්ම මතක් වෙන තැනින්ය: විකිපීඩියා! විකිපීඩියාව ගැන නොදන්නා අයෙක් නොමැති තරම්ය. නොදන්නා දෙයක් හමුවූ විට අපි මුලින්ම දිව යන්නේ විකිපීඩියාවටය. අපි හැමෝම දන්න පරිදි විකිපීඩියාව ඕනෑම අයෙකුට ලිපි සැපයීමෙන් වර්ධනය කල හැක. විකිපීඩියාවට ලිවීමට ආචාර්ය, මහාචාර්ය කෙනෙක් වීමට ඕනෑ නැත.

නමුත් සිංහල විකිපීඩියාව තවමත් ඇත්තේ පහල මට්ටමකය. දැනට එහි ඇති ලිපි වලද බොහෝ අඩුපාඩු ඇත. ඉතින් මං හැමෝගෙන්ම ඉල්ලන්නේ සිංහලෙන් හිතන, සිංහලෙන් ඉගෙන ගන්න අය වෙනුවෙන් තම තමන් දන්න දේවල්(ඕනෑම දෙයක්(විද්‍යාව, කලාව, ඕපදූප කියල භේදයක් නෑ), පොඩි පොඩි දේවල් උනත් කමක් නෑ, නොවැදගත් කියල හිතෙන දේවල් උනත් කමක් නෑ, විකාර අදහස් උනත් කමක් නෑ - දැනුමට ලොකු/පොඩි, වැදගත්/නොවැදගත් කියල භේදයක් නෑ.) සිංහල විකිපීඩියාවට ලියන්න කියලයි. (සිංහල බ්ලොග් අවකාශයේද ඉතා වැදගත් ලිපි පවතිනවා මා දැක ඇත්තෙමි. හැකිනම් මේ බ්ලොග් වලට ලියන දෑ සිංහල විකිපීඩියාවටත් සපයන්න.) තවත් හැකිනම් මෙහි(විකිපීඩියාවේ) දැනටමත් ඇති ලිපි සිංහලයට පරිවර්තනය කර සිංහලෙන් හිතන පතන ජනතාව(අපි) වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.

උදාහරණයක් විධියට විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ලිපි ලියන අය, දේශපාලනය ගැන ලිපි ලියන අය, එදිනෙදා දේවල් ගැන ලියන අය, චිත්‍රපටි, පරිඝණක ක්‍රීඩා ගැන ලියන අය ආදී වූ මෙකි නොකී විවිධ ලිපි වර්ග ලියන අය මේ බ්ලොග් අවකාශයේ පවා ඉන්නවා. ඉතින් ඔබට බැරිද ඒ දැනුම සිංහල විකිපීඩියාවට ලියන්න?

සිංහලයිනි, තමන්ට තම ජනතාවට දිය හැකි හොඳම දායාදය දෙන්න. නව ලොව දිනීමට ඔවුන්ව(අපිවම) දැනුමෙන් සන්නද්ධ කරන්න. අපේ මිනිසුන් සිටින තැනින් ඔසවා තබන්නට ඔබේ උපකාරය ලබා දෙන්න. ඔබේ රටට ඔබගේ උදව් අත්‍යවශ්‍යයයි. රටක් සංවර්ධනය කරන්නේ අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි හැදීමෙන් නොව, මිනිසුන්ගේ ඔලු හැදීමෙන්ය.

ඉතින් රට ගොඩනැගීමට ඔබත් උරදෙන්න. අපි වෙනුවෙන් අපි වෙන්න. හෙට උදාවන හිරු අහසට නැංවීමට ඔබ කල මෙහෙවර ගැන දිනක ඔබට සතුටු විය හැකි වේවි. තමන් සතු දැනුම බෙදාගන්න. එය උතුම් ක්‍රියාවකි! මේ ගුරු මුෂ්ටි නොමැති, තුටු පඬුරු නොඉල්ලන සිංහලයින්ගෙන් කරන ඉල්ලීමකි.


අපට කල හැකි දේ:
# සිංහලෙන් අලුතින් ලිපි ලියා එකතු කිරීම.
# දැනට ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් පවතින ලිපි සිංහලයට පරිවර්තනය කිරීම.
# දැනට පවතින සිංහල ලිපි වැඩි දියුණු කිරීම හා ඒවායේ ඇති අඩුපාඩු හා වැරදි සකස් කිරීම.
# මේ ගැන සිංහලෙන් ලිවීමට දන්නා හැකි සෑම දෙනාම දැනුවත් කිරීම හා මගපෙන්වීම.

පරිඝණක, අන්තර්ජාලය හා විකිපීඩියාව ගැන අඩු දැනුමක් ඇති අයවත් දැනුවත් කරන්න - ඔවුන් අතින් ලියන ලිපි ඔබට හෝ තවත් අයෙකුට සිංහල විකිපීඩියාවට එක් කිරීමට කටයුතු කල හැක.) - අමතරව ඔබට හැකිනම් පාසල් ගුරුවරු, ස්වාමීන් වහන්සේලා, වෙනත් සිංහල ආගමික නායකයින් හා තවත් වැදගත් අය හැකිතාක් දැනුවත් කරන්න. (පාසල්, දහම්පාසල් හා ආයතනික මට්ටමින් දැනුවත් කිරීම් කරන්න පුළුවන් නම් හොඳයි.)

සිංහල විකිපීඩියාවට මෙතැනින් යන්න

වැදගත්: කරුණාකර නිවැරදි දැනුම පමණක් ලියන්න. වැරදි හෝ බොරු ලිවීමෙන් වළකින්න. අක්ෂර විණ්‍යාසය, ව්‍යාකරණ හා භාෂා භාවිතය ගැනත් සැලකිලිමත් වන්න.

මෙයත් කියවන්න:
Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)

5 ක් වූ ප්‍රතිචාර:

දුකා said...

නියම අදහසක් . . අගේ කල යුතුයි ඔබේ අදහස . . . මමත් මගේ බ්ලොග් එකේ ඔබේ අදහස ගැන යමක් ලියන්නම් . . තවදුරටත් . . මූනු පොතට එක කරන්නම් ඔබේ ලිපියේ ලින්ක් එක . . . තවදුරටත් . . ඊමේල් මගින් මිතුරු මිතුරියන්ට යවන්නම් ඔබේ පනිවිඩය . . . හරිම සතුටුයි සහෝදරයා . . . !

සූස්ති ගුනේ said...

දැනුම සම්මුතියක් බවත් එය consistent ආකාරයෙන් නිර්මාණය කල යුතු බවත් කීම වැදගත්.. නැත්තං ඉතින් වෙන්නේ බවුද්ද කොස්-මො ලොජි මොඩර්න් කොස්මොලොජි එක්ක සම්බන්ද කරගෙන බයිට් වෙන්ඩ තමා..

Anonymous said...

good post
well donne . . !
i must publish this link in my FB
subhash

ජීවන්ත said...

@දුකා, සුස්ති ගුනේ, subhash,
අදහස් දැක්වීමට ස්තූතියි. මොන දේ ගැන වාද විවාද තිබුනත් අපේ බස රැකීමට අපි එකතුවෙමු. මේ සිරස යටතේ තවත් ලිපි කීපයක් ලියන්නයි බලාපොරොත්තුව.

Gayan Tharaka said...

කාලෙකට කලිං මාත් ඕක කරන්න ගත්ත. මං අන්තර්ජාලය ගැන ලිවුව http://kpgtharaka.blogspot.com/2009/03/blog-post_13.html
වැඩ අස්සේ කරන්න බැරිවෙලා ගියා. කොහොම උනත් දිගටම කරගෙන යන්න. ම‍ගෙන් සුභ පැතුම්.

මේ මං පටන් ගත්ත විදිය.
http://kpgtharaka.blogspot.com/2009/03/blog-post_13.html

බුදා විතරයි ඒවෙලාවෙ එකක් කරල තිබුනේ.
තම තමංගෙ ස්කෝල ටිකත් දාන්නකෝ.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails