රජා මැරීම vs. සියදිවි නසා ගැනීම

Friday, July 30, 2010
අපේ මිනිස්සු දැන් රජා මරනවා තියා ඒ ගැන හිතන්නත් සෑහෙන්න බය උනාට ස්ව කැමැත්තෙන්ම, සකල ලෝ වැසි ආශිර්වාදය මැද්දේ හුරේ දමමින් යස අගේට සියදිවි නසා ගන්නවා.

මම මේ කියන්නේ මොකක් ගැනද කියලා හැමෝටම තේරෙනවා ඇතිනේ! තේරුනේ නැති කට්ටිය ඉන්නවා නම් රජා මරනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාව වැරදියට පාවිච්චි කරනවට; ඒ කියන්නේ ඉංග්‍රීසි මරනවට. සියදිවි හානි කරගන්නවා කියන්නේ අපේ සැබෑ අනන්‍යතාවය වන අපේ මව්බස සිංහල විනාශ කර ගැනීමටයි.

මේ සිංහල බ්ලොග් අවකාශයේත් ඉංග්‍රීසි උගන්වන බ්ලොග් තියෙනවා. ඒත් සිංහල උගන්වන එකක් වත් තියෙනවද? දැන් වෙන කොට අපි කන්න පාං පිටි ටික එනකං පිටරට දිහාවට කටවල් ඇරගෙන බලං ඉන්නවාට අමතරව අපේ ඔලු වලට දැනුම එනකනුත් පිටරට දිහාවට ඔලමොට්ටලයො වගේ බලං ඉන්නවා නොවේද?

ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න නම් ඉංග්‍රීසි අත්‍යාවශ්‍යයයි වගේ ගොං තර්ක දාන්න එපා! ජපානෙ ලෝකෙ දිනුවෙ ඉංග්‍රීසියෙන්ද? ප්‍රංශෙ දියුණු උනේ ඉංග්‍රීසියෙන්ද? චීනෙ බලවත් උනේ ඉංග්‍රීසියෙන්ද?

ඒ මොනවා උනත් අපිට ලොකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙ උනාම අපි හරක් රැල වගේ ඉංග්‍රීසි මත්තෙම නැහුනට සුද්දන්ට ලෝකෙ අල්ලන්න ඕනෙ උනාම උන් කලේ ලෝකෙ හැමෝටම ඉංග්‍රීසි උගන්නපු එකයි. ඒත් අපි එක්කෙනෙකුට හරි එක පිටරැටියෙක්ට වත් සිංහල අකුරක්වත් කියල දෙන්න උවමනාවක් තියෙනවද?

හිතලා බලන්න. ප්‍රශ්නෙ තියෙන්න අපිට සම්පත් නැති එකේවත්, අපේ රට පුංචි දූපතක් වීමෙවත්, අපිට ඉංග්‍රීසි බැරි එකේවත් නෙවෙයි. අපේ දේ ගැන අපිට හරිහමං ආකල්පයක් නැති එකෙයි.

වෙලාවක්, උවමනාවක් තියෙනවා නම් මේවත් කියවලා බලන්න:
අවධානය පිණිසයි!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල!
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!



`

3 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

ඇත්ත. අපි‍ට අපේ සිංහල භාෂාව ගැන අභිමානයක්, ආඩම්බරකමක් තියෙනව නම් ඉංග්‍රීසි භාෂාව විලාසිතාවක් කරගන්නේ නෑ. මේ තත්වය නැතිකරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනි. ඉංග්‍රීසි නැතුව පරිගණක ලෝකෙට පය ගහන්න බයෙන් හි‍ටපු අපේ අය‍ට දැන් සිංහ‍ලෙන් මෘදුකාංග නිපදවෙලා තියෙනවා. අන්න ඒ ‍වගේ දේවල් භාවිතා කරන එක සමාජ විලාසිතාවක් වුනානම් සිංහල භාෂාව භාවිතා කරන්න අපේ රටේ හුගක් මිනිස්සු කැමති වේවි.

Jeewaka said...

ඔය කියන රටවල් එකක් වත් දියුණු වෙලා තියෙන්නෙ භාෂාව නිසා නොවෙයි. කම්මැලිකම පැත්තක තියලා වැඩ කරන නිසයි. තවත් හේතු තියෙනවා.

සිංහල භාෂාව උඩ දාන නිසා අපි තාමත් ඉන්නේ ශතවර්ෂ ගානක් පිටු පසින්. හැම වෙලාවෙම පණ්ඩිතයන්ට තියෙන ප්‍රශ්ණ වෙන්නෙ "ණ", "න", "ළ", "ල"....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ජපානය දියුණු උනේ කාර්යක්ෂම හා ගුණාත්ම නිෂ්පාදනයෙන් , චීනය ලාබදායි කාර්යක්ෂම නිෂ්පාදනයෙන් , ඇයි කියන්නෙ නැත්තෙ සිංගප්පූරුව මැලේසියාව ඉන්දියාව ගැන අද ඉන්දියාව ලෝකයේ ප්‍රධානතම BPO සපයන්න වෙලා තියෙන්නෙ ඉංග්‍රිසි නිසා . නිකන් බොරුවට ලොකු කම් හිතට ගත්තට වැඩක් නැහැ . කට්ටියගෙ මහ ලොකු දේශප්‍රෙම තිබුනට මොකො බලං ඉන්නෙ සංචාරයට සුද්දො එනකන් ඒ ආවම කතා කරන්නෙ සිංහලෙන්ද ? ලංකාවේ අවශ්‍යතාවය, ලෝකය තුල අපිට තියන අවකාශය මොකක්ද කියල තේරුම් ගත්තොත් හොඳයි චීනය කොපි කරන්න යන්නෙ නැතුව

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails