If I could make everyone in the world see one film, I'd make them see Earthlings.
—Peter Singer

ඒත්.... මිනිසුන් යැයි කියාගන්නා අප තුල ඒ උතුම් මිනිස්කම සැබැවින්ම ඇත්දැයි නැවත හැරී බැලීමට දැන් කාලය එළඹ ඇත. යුක්තිය, සාධාරණත්වය, අයිතිවාසිකම් හෝ සමානාත්මතාවය ගැන අපි කෙතරම් හයියෙන් කෑ ගැසුවත්, ඒ ගුණාංග කිසිවක් අප තුලවත් සැබැවින්ම ඇත්දැයි ඇත්තෙන්ම සැක සහිතය.
මේ පොළාව මත වසන එකම පෘථිවිවාසියා මිනිසා නොවේ; අපත් සමග මේ පොළාවේ තවත් අපගේ සහෝදර පෘථිවිවාසීන් මිලියන-බිලියන ගණනක් වාසය කරයි. එමෙන්ම මිනිසා යනු මේ පොළොවේ අයිතිකාරයාද නොවේ; සැබැවින්ම අප මේ පොළාව මත වසන තවත් එක් සත්ව කොට්ඨාසයක් පමණි.

මේ ඇඟිල්ල දික් වන්නේ වෙන කිසිවකුට නොව ඔබටත්, මටත්ය. ඔව්! මමත් එයට වගකිව යුතුය; ඔබත් එයට වගකිව යුතුය! අපට කීමට නිදහසට හේතු තවත් ඉතිරිව නැත.
Earthlings - උසස් යැයි කියාගන්නා මිනිසාගේ මේ නින්දිත ක්‍රියාවන් දෙස විවෘත මනසකින් බැලීමට අපව යොමුකරන චිත්‍රපටියකි.
Earthlings - අප තුල සඟවාගෙන සිටින ඒ උතුම්වූ මිනිස්කම නැවත පිටතට ගැනීමට අපව යොමු කරවන චිත්‍රපටියකි.
Earthlings - Pets, Food, Clothing, Entertainment හා Science යන කාණ්ඩ යටතේ මිනිසුන් යැයි කියාගන්නන් විසින් තිරිසනුන් යැයි හංවඩු ගසන ලද්දන්ට සිදු කරන තිරිසන් ක්‍රියාවන් ගැන ඇස් ඇරවන චිත්‍රපටියකි.
එනිසා අනිවාර්යයෙන්ම Earthlings බලන්න; ආත්මාර්ථකාමී නොවන්න; ඔබේ මිනිස්කම අරුත් ගන්වන්න; මෙලොව ඇති ඒ උතුම් වූ ජීවයට හිමි නිසි ගෞරවය ලබා දෙන්න; නියම මිනිසෙක් වන්න; මේ පණිවිඩය අනෙක් අයටත් දෙන්න.
Trailer එකක් බලන්න
Unrated Earthlings Trailer from NATIONEARTH on Vimeo.
The following trailer contains graphic footage of animal abuse. Viewer discretion is advised.
තවත් Trailer එකක් බලන්න: http://www.youtube.com/watch?v=X8zC2fEJXNc
Earthling නිල වෙබ් අඩවිය: http://www.earthlings.com
ටොරන්ට් (Special Extended Edition) (මේ දෙකේම තියෙන්නේ එකමයි; කැමති එකක් ගන්න):
1. https://kat.cr/earthlings-2006-special-extended-edition-dvdrip-eng-12-l-t5676730.html
2. https://thepiratebay.mn/torrent/5346640/Earthlings_%5B2006%5D_%5BSpecial_Extended_Edition%5D_DvDrip_%5BEng%5D___12_l
විකිපීඩියා පිටුව: http://en.wikipedia.org/wiki/Earthlings_%28documentary%29
Facebook: http://www.facebook.com/pages/Earthlings/50186143870
Twitter: http://twitter.com/EarthlingsMovie