ආර්ථික විද්‍යාවේ පදනමේම අහේනියක් ඇත. ඒ ලාභය නම් සංකල්පයයි. ලාභ අපේක්ෂාව ආර්ථික විද්‍යාවේ මූලිකම අංගයක් නමුත් එයම ආර්ථික විද්‍යාව බරපතල ලෙස අස්ථාවර කිරීමටද හේතු වෙයි. ඒ කොහොමද කියල අපි බලමු. ආර්ථික පද්ධති 2ක් සලකමු. එක් පද්ධතියක් ලාභ ලැබීමට නම් එම පද්ධති 2 අතර ආර්ථිකමය සමතුලිතතාවය ලාභ අපේක්ෂා කරන පද්ධතිය දෙසට බර විය යුතුය. එවිට කාලයක් ගතවීමේදී එක් පද්ධතියක් ආර්ථිකමය අතින් අධික ශක්‍යතාවයක් ලබන අතරතුර අනෙක් පද්ධතිය විනාශ වී යයි. නමුත් ඒවිට මුල් පද්ධතියේ පැවැත්මද තර්ජනයට ලක්වේ. කිමද එවිට මුල් පද්ධතියට ලාභ ලැබීමට නොහැකි වනවා මෙන්ම එම පද්ධතියේ පැවැත්ම සඳහා වියදම් කිරීමට සිදුවන නිසා එම පද්ධතියද කෙමෙන් විනාශයට ලක්වේ. මේ නිසා ආර්ථික පද්ධතීන්ගේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා ලාභය ප්‍රත්‍යාවර්ත වීම අත්‍යාවශ්‍ය සාධකයකි. (දැන් ලෝකයේ(මූලික වශයෙන්ම ඇමරිකානු ආර්ථිකයේ) සිදුවන ආර්ථික කඩාවැටීම වැනි) මෙය ආර්ථික විද්‍යාවේ උපන්ගෙයි අහේනියකි!!! මෙය දැකීමට ආර්ථික විද්‍යාව මහ ඉහලින් උගන්වන හා හසුරුවන ඇදුරන්ගේ හා විශේෂඥයින්ගේ ඇස් පෑදේවා!? ලෝකය සූරා කා, සූරා කන්නට දෙයක් නැති වූ විට සූරා කන්නාද විනාශ වී යයි. මෙය ලෝක ස්වභාවයයි.
ප.ලි.: මම දන්න ආර්ථික විද්‍යාවක් නම් නෑ. මේ මට හිතෙන දේ විතරයි.
Subscribe to:
Post Comments (Atom)
2 ක් වූ ප්‍රතිචාර:
ලාභය ආර්ථික විද්‍යාවේ අනිවාර්ය අංගයක් නොව ධනවාදයේ ගැටළුවකි.
ලාභය මත පදනම් වෙලා හැදෙන්නේ ධනවාදී ආර්ථික විද්‍යාව.සෑම මිනිසාම ස්වාර්ථය වෙනුවෙන්ය කියන්නෙ ඇඩම් ස්මිත්ගේ ප්‍රසිද්ද ප්‍රකාශයක්.කොහොමත් දිව්‍යමය සත්‍යය විදිහට හිතාගෙන සිටි මෙම සංකල්ප වල වලංගුතාවය ලෝකය පුරා ඇතිවෙන පරිසර ප්‍රශ්න,සම්පත් ක්ෂය විම,මිනිසුන්ගේ ඇති නැති පරතරය පෙර නොවූ විරෑ විදිහට වැඩි වීම,ලෝකයේ ආර්ථිකය හැකිලීම වගේ සිදුවීම හරහා බරපතල විදිහට ප්‍රශ්න කෙරිල තියෙනවා.මේ නිසා වෙනස් මානව හිතවාදී හා පරිසර හිතවාදී ආර්ථික ප්‍රවේශයක් පිලිබදව ගෝලීය මට්ටමින්ම කල්පනා කරන්න අද වෙන කොට සිදුවෙලා තිබෙනවා
හිතෙන දෙයක් කියල යන්න. . .