මේක ඇත්ත කතාවක්. මේකෙ ඉන්න පුද්ගලයො දෙන්නා අපි ‘අ’ සහ ‘ඉ’ ලෙස ගමු.
අ: මචං, උඹලගෙ ඉස්කෝලෙ අර *** මැච් එකෙන් දිනලා! සැහෙන කාලෙකට පස්සෙ තමයි ඔය දින්නෙ!
ඉ: ආ ඇත්තද? කමක් නෑ, හොඳයි.
අ: ඇයි යකෝ කමක් නෑ කියන්නේ? උඹට ඒකට සතුටු නැත්ද?
ඉ: මට ඉතින් ඔය මොකක් දින්නත් එකයි, විශේෂ සතුටක් නෑ.
අ: උඹ මහ කුහකයෙක් බං. මෙච්චර කල් උඹ ඉගෙන ගත්ත ඉස්කෝලෙ නේද මචං. ඔච්චර චාටර් එකෙක් වෙන්න එපා.
ඉ: මම කුහක නෑ මචං. මම ඉගෙන ගත්ත ඉස්කෝලෙට මම ගරු කරනවා. ඒකෙ අඩුවක් නෑ. ඒ උනාට මගේ ඉස්කෝලෙට වගේම මම අනිත් හැම ඉස්කෝලෙකටම එක වගේ ගරු කරනවා. මට අධ්‍යාපනය දුන්න විතරක් නෙවෙයි, ඕනෑම මිනිහෙකුට අධ්‍යාපනය දුන්න ඕනෑම ඉස්කෝලෙකට මම එක සමානව ගරු කරනවා. මගේ ඉස්කෝලෙ මට ලොකු වෙන්නෙ මම මට විශේෂ පුද්ගලයෙක් නම් නේ. ඒත් මට මම විශේෂ පුද්ගලයෙක් නෙවෙයි. මේවා මගේ, මේවා මම, මේවා මට කියල අල්ලගෙන දඟලන්න උවමනාවක් මට නෑ. මමත්, ඔයාත්, අනික් හැම දෙනාවත් මට එක සමානයි. ඒක හින්දා මම ඉගෙනගත්ත ඉස්කෝලෙ විතරක් නෙවෙයි “මම” මොන තරඟෙන් දින්නත් මට විශේෂ සතුටක් නෑ. පැරදුනාට ඇති දුකකුත් නෑ. මේක ඉස්කෝලෙට විතරක් නෙවෙයි, අනිත් දේවල් වලටත් අදාලයි.
අ: මට උඹේ බහුබූත තේරෙන්නෙ නෑ.
ඉ: අවුලක් නෑ. දැනට ඔය කතාව අතාරලා දාපං. පස්සෙ දවසක තේරෙයි.
Subscribe to:
Post Comments (Atom)
7 ක් වූ ප්‍රතිචාර:
good man ...but don't be a Sinhalese
see my blog...
http://myresignation1.blogspot.com/
@Hakuna Matata,
ඔබගේ බ්ලොගය කියෙව්වෙමි. ඊට වඩා කීමට මට වචන නැත.
මේකත් කියවලා බලන්න.
http://trueorcrazy.blogspot.com/2009/05/blog-post_17.html
මොකක් ගැන ලිව්වත්, මේ අමුතු මේනියාව ගැන ලිවිම ගැන ඔබට තුති!
@බින්කු,
මේනියා! ඇත්තට!!!
hoda adahasak . . .mama . . mage. . frame eken eliyata hitanna kaale avith dan . . . !
@Hakuna Matata,
ඔබගේ බ්ලොගය නැවත වරක් කියෙව්වෙමි. ඔබ එහි කෑ ගසා ඇත්තේ පවතින ක්‍රමය ඔබේ මතයට වෙනස් නිසා එයත් සමග ද්වේශයෙනි. නමුත් මෙම ලිපියේ එවන් ජෝක් එකක් නොමැත. එය තේරුම් ගන්න උත්සාහ කරන්න.
හිතෙන දෙයක් කියල යන්න. . .