මා කව්දැයි මා නොදනිමි
එහෙත් මම මමද නොවෙමි
නමුත් මම ඔබද නොවෙමි
එය තවම මම සොයන්නෙමි
වෑයම් කලා මා වටහා ගන්නට
මේ ලොවේ මට හිමි ස්ථානය
සිහිල් වුනා මගෙ මුළු ශරීරය
මා නොමැති බව වැටහූ නිසා මට
අමුතු ලොවක සිරවී ඇත මම
නොපෙනේ, නොඇසේ, නොදැනේ මට
දුක සතුටද අහිමිය මට
නොපවතින නිසාවත්ද ඒ මම?
මේ කවිය මම ලිව්වෙ රෑ 11.30 ට විතර සෙම වැඩිවෙලා හුස්ම ගන්න අමාරු වෙලා ඉන්න වෙලාවක, අසිහියෙන් වගේ. හැබැයි මේක නිසා මට පිස්සු කියලත් සමහර අය කිව්වා.
Subscribe to:
Post Comments (Atom)
3 ක් වූ ප්රතිචාර:
සමහරු නෙවේ ඕක හරි නම් හැමෝම කියන්න ඕනේ.. :D
අසිහියෙන් ලිව්වට හොද අදහසක්නේ ලියලා තියෙන්නේ
අයියගේ කවිය ලස්සනයි, ඇත්තටම මුල් පදයෙන් කයේ සිතෙ ස්වාභාවය පෙන්වනවා වගේ...
හිතෙන දෙයක් කියල යන්න. . .