මම

Monday, February 23, 2009
මා කව්දැයි මා නොදනිමි
එහෙත් මම මමද නොවෙමි
නමුත් මම ඔබද නොවෙමි
එය තවම මම සොයන්නෙමි

වෑයම් කලා මා වටහා ගන්නට
මේ ලොවේ මට හිමි ස්ථානය
සිහිල් වුනා මගෙ මුළු ශරීරය
මා නොමැති බව වැටහූ නිසා මට

අමුතු ලොවක සිරවී ඇත මම
නොපෙනේ, නොඇසේ, නොදැනේ මට
දුක සතුටද අහිමිය මට
නොපවතින නිසාවත්ද ඒ මම?

මේ කවිය මම ලිව්වෙ රෑ 11.30 ට විතර සෙම වැඩිවෙලා හුස්ම ගන්න අමාරු වෙලා ඉන්න වෙලාවක, අසිහියෙන් වගේ. හැබැයි මේක නිසා මට පිස්සු කියලත් සමහර අය කිව්වා.

4 ක් වූ ප්‍රතිචාර:

සු෴ said...

සමහරු නෙවේ ඕක හරි නම් හැමෝම කියන්න ඕනේ.. :D

malee_msg said...

අසිහියෙන් ලිව්වට හොද අදහසක්නේ ලියලා තියෙන්නේ

෴බින්කු෴ said...

අයියගේ කවිය ලස්සනයි, ඇත්තටම මුල් පදයෙන් කයේ සිතෙ ස්වාභාවය පෙන්වනවා වගේ...

H said...

මම කියන්නෙ ප්‍රතිරූපයක් විතරයි. අපි මැරිල පරම්පරාවක් ඕන නම් අපි ගැන මතක තියෙයි. ඊට පස්සෙ අපි උන්නද මලාද කියල වගක් නෑ කාටවත්. ඒක එහෙම තමයි.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails