අතරමං වෙච්චි කූඹියෙකුට මොනවා හිතෙනවා ඇත්ද?

Tuesday, September 21, 2010
මට මේ කතාව හිතුනේ බස් එකේ යනකොට මගෙ අත දිගේ ගිය කූඹියෙක් දැකලයි. ඇත්තටම කියනවා නම් පොඩි හුලං පාරක් පිඹලා ඌව අතෙන් අයින් කලාට පස්සෙයි.

ගොඩක් වෙලාවට හැමෝම වගේ කරන දෙයක් තමයි ඒක. ඒ කියන්නේ කූඹියෙක් හරි ඒ වගේ වෙන පොඩි සතෙක් අපේ ඇඟේ හරි ඇඳුමෙ හරි ඉන්නවා දැක්කොත් වහාම ඌව ගසලා අයින් කරන එක. ඒත් ඊට පස්සෙ ඌට වෙන්නෙ මොකක්ද කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නෑනේ!

කූඹි කියන්නෙ සමාජමය සත්තු; ඒ කියන්නේ තනි තනිව නැතුව සමාජයක් විධියට ජීවත් වෙන සත්තු. ඉතිං එහෙම සතෙක් තමන්ගෙ රැලෙන් වෙන් වෙලා තනි වුනාම ඌට මොන වගේ ඇතිද? අපිට එහෙම උනාම දැනෙන්නෙ මොන වගේද?

අපි ගසල දැම්ම කූඹියා සමහරවිට අපේ ඇඟට නගින්න ඇත්තෙ ගෙදරදි වෙන්න පුළුවන්; එහෙම නැත්නම් කඩේකදිවෙන්න පුළුවන්; එහෙමත් නැත්නම් බස් එකකදි වෙන්න පුළුවන්. ඒත් අපි ඌව ගසලා දාන්නෙ වෙනමම තැනක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඌට සමහරවිට ඒක වෙනමම ලෝකයක් වෙන්න පුළුවන්. ඒත් ඉතිං අපිට ඇත්තටම මේ වගේ දේවල් වලට කරන්න දෙයක් ඇත්තෙම නෑ. අපි කොහොමත් දන්නෙ නෑනෙ ඌ අපේ ඇඟට නැග්ගෙ කොහෙන්ද කියලා.

ඉතිං මම කියන්න උත්සාහ කලේ මේ ජීවිතය කොච්චර කුරිරුද කියලා. අපි කොච්චර උත්සාහ කලත් හැම වෙලේම, හැම තැනම කව්රු හරි මොකක් හරි හේතුවකට දුක් විඳිනවා. අපිට ඒකට කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. අපි සමහරවිට එක්කෙනෙක් සතුටු කරනකොට තව කෙනෙක් ඒකෙන් දුක් විඳිනවා. සමහර විට අපි නොහිතන අපි නොදන්නා මේ වගේ පොඩි පොඩි දේවල් වලින් පවා කව්රු හරි දුක් විඳනවා. ඉතිං ජීවිතය ඇත්තටම කුරිරුයි නේද?

8 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

ඇත්ත ජීවිතෙ කුරිරුයි තමයි ඒක වෙනස් වෙන්නෙ නෑ, තමන් හිසට තම අතමය සෙවණැල්ල කියන එක හිතේ තියාගෙන සිහියෙන් හොඳින් ජීවත් වෙන එක තමයි දැනට මං තේරුම් අරන් තියෙන විසඳුම..

ජීවන්ත said...

@ ඇනෝ,
ඒක ඇත්ත.

අත්තාහි අත්ත නො නාතො
කොහි නාථො පරොසියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං

Bhagya රාජපක්ෂ said...

හ්ම්.. මටත් ඔය දේ අනන්තවත් හිතිලා ඇති !!

විජේ said...

ජීවන්ත, කොහොමද ජීවිතේ?
අපි ඔයාගේ ලිපි ආසාවෙන් බලනවා.
ඇයි මේ දවස්වල මොකුත් වැදගත් දෙයක් ලියන්නෙ නැත්තෙ?
වැඩ වැඩි නිසා කල්පනා කරන්න වෙලාව මදි ද?
කමක් නෑ.
පුළු පුළුවන් වෙලාවට අපට අලුතින් හිතන්න දෙයක් post කරන්න.
බුදු සරණයි!

Lanka Danweem Pituwa said...
This comment has been removed by the author.
Lanka Danweem Pituwa said...

කුහුඹුවන් මෙන්ම, මහපොලවේ අහසේ සිටිනා සතුන්
ජලයේ මුහුදේ සිටිනා සතුන් පෟතුවියේ පරසක්වල වසනා සතුන්
පෙනෙනා නොපෙනෙනා සතුන් අප මෙන්ව අනාතව අසරණව
ගසා දැමු තැන් තැන් වල මම, මගේ කරගෙන ජිවත් වෙන්නටම වෙරදරනවා විනා
මේ දුක් ගොන්නේන් මිදෙන්නට උවමනා කරන, උත්සහකරන දවසක් ගැන.........

SadalaTours said...

le bonda wahana maduruwekuta shot ekak dunnama monava hitenava atda?

NMW said...

ඕක මන් චූටි කාලෙ ඉදන් හිතන දෙයක්

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails