මිනිස්සු හැමදාටම බුද්ධිමත්ද?

Friday, August 21, 2009
ඇත්තටම කියනවනම් මට හිතෙන විධියට නුදුරු අනාගතයේදීම මිනිස්සු ඉතාමත් දුර්වල සත්තු ජාතියක් බවට පත්වීමට ලොකු අවධානමක් තියෙනවා. අතක් පයක් හොලවගන්න තරම් වත් පණ නැති, හරියට ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, එකයි එකයි දෙකයි කියල හදාගන්න බැරි, පොඩි හෙම්බිරිස්සාවකටත් මරණාසන්න වන තරමටම දුර්වල වෙයි කියලයි මට හිතෙන්නෙ.
මේකට හේතුව අපේ වැඩමයි. මොකද අපි තවදුරටත් ස්වභාවිකව පරිණාමය වෙන සත්තු ජාතියක් නොවන නිසයි. (ඒ කියන්නෙ ඩාවින් කියපු උචිතෝන්නතිය, ස්වභාවික වරණය වගේ දේවල් තව දුරටත් අපිට වලංගු නෑ කියන එකයි.) බොරු නම බලන්න අදට අවුරුදු 60 කට විතර කලින් හිටපු මිනිස්සුන්ට අද මිනිස්සුන්ට තරම් ලෙඩ තිබුනද? අද මිනිස්සුන්ට තරම් දුර්වලතා තිබුනද? දියවැඩියාව? ප්‍රෙෂර්? ගැස්ට්‍රයිටිස්? depression? මේවා ඉස්සර මෙච්චර සුලබව තිබ්බද?
අපේ මහ ලොකු බුද්ධියයි, ඒකෙන් හදපු තාක්ෂණයයි තමයි මේකට වග කියන්න ඕනෙ. මොකද අපි අද කිසිම දෙයක් කරන්න ඕනෙ නෑ, හැම දෙයක්ම කරන්න යන්ත්‍ර තියෙනවා. ඒකෙන් කිසිම දෙයක් නොකරන අපේ අතපය දුර්වල වෙනවා. පොඩි ඔලුවෙ කැක්කුමකටත් එක එක ජාතියෙ බෙහෙත් බොනවා. අර ලෙඩේට මේ බෙහෙත්, මේ ලෙඩේට අර බෙහෙත්, අද බෙහෙත් නොබොන මිනිහෙක් ඉන්නවද? හැම දේටම බෙහෙත් බොන එකයි, එක ක්ෂුද්‍ර ජීවියෙක්වත් නැති වෙන්න විවිධ විෂබීජ නාශක දාන එකයි, මූණට ඉර එළිය වැටෙනවට එක එක ක්‍රීම් ගාන එකෙනුයි වෙන්නෙ ඒවට මුහුණ දෙන්න තියෙන අපේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන එකයි. තවත් කියනවනම් අද ගණන් හදන්න හිතන්න ඕනෙත් නෑනෙ. සිංදුවක් හදන්න, තාලයක් දාන්න අමාරු නෑනෙ. මොකද ඒකට පරිඝණක තියෙනවනෙ. (එකයි එකයි දෙකයි කියල හදන්නත් කැල්කියුලේටර් පාවිච්චි කරන අය අද සමාජයේ ඕන තරම් ඉන්නවා.) මේකෙන් වෙන්නෙ අපෙ බුද්ධිය මොට්ට වෙන එකයි. අපෙ නිර්මාණශීලීත්වය නැති වෙන එකයි. එමෙන්ම මෙම දුර්වල වීම එක් වරම සිදුවන්නක් නොවේ. මෙම හැසිරීම් රටා දිගටම පවත්වාගෙන යාම නිසා පරම්පරා කීපයක් ගත වීමේදී අපගේ ජාන හා මානසික සැකැස්ම ඒ සඳහා ඉබේම හැඩගෙසෙනවා. නමුත් මේ සඳහා වැඩි කාලයක් ගත නොවනු ඇති, කිමද පරිණාමික වශයෙන් ගත් කල මිනිසා යනු තමා ජීවත් වන පරිසර පද්ධතියට ඉතා ඉක්මනින් හැඩ ගැසෙන ජීවියෙක් බැවිනි.
මම තාක්ෂණය පාවිච්චි කරන එක වැරදියි කියන්නෑ. තාක්ෂණය පාවිච්චි කරන විධියයි වැරදි. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනෙ මිනිසුන්ව දුර්වල කරන්න නොව මිනිසුන්ව ශක්තිමත් කරන්නයි. උදාහරණයක් විධියට දුර ඉන්න කෙනෙකුට ෆෝන් එකකින් කතා කරන එක, අහසින් යන්න ප්ලේන් හදන එක, මුහුද හරහා යාත්‍රා කරන්න නැව්, සබ්මැරීන් ආදිය හදන එක, දැනුම හුවමාරු වෙන අන්තර්ජාලය වගේ ඒවා තාක්ෂණය නිවැරදි විධියට භාවිතා කිරීම් වේ. එමෙන්ම බෙහෙත් බොන්න එපා කියල මම කියන්නෙත් නෑ. බෙහෙත් අවශ්‍ය නැති සුළු අසනීප වලටත්, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මරා දමන සැර බෙහෙත් (strong drugs) බොන එක නතර කරන්න කියලයි මම කියන්නෙ. ඒ වගේම මේ යාන්ත්‍රික ලෝකයේදී ස්වභාවධර්මයට ලංව තිබූ අපේ ජීවන ක්‍රම, ආහාර පුරුදු හා සිරිත්-විරිත් ආදිය අතහැර දමා කෘත්‍රීම යාන්ත්‍රිකයින් මෙන් ජීවත්වීමත්, මෙලෙස දුර්වල වීමට දැඩි ලෙස බලපානවා. ඒ නිසා හැම විටම පුලුවන් තරම් ස්වභාවික විධියට ජීවත්වෙන්න උත්සාහ කරන්න. මොකද ස්වභාවධර්මයට ඉහලින් යන්න හදන, ස්වභාවධර්මයට විරුද්ධ වෙන කිසිම දෙයක් වැඩිකල් පවතින්නෑ.

8 ක් වූ ප්‍රතිචාර:

sana said...

mea gana kiyawena film ekak thiyenawa
idiocracy (2006)
ea wunata mea tharkaya 100% aththa newei.
udaharanayak widihata leda gana kiyana eka, thakshanaya nisa leda hadunaaganeema ekman wela thiyenawa, issara haduna nogath ledath dan handunaa gannawa, ea hinda leda wadi unaa kiyana eketh echchrama aththa newei.

sana said...

anith eka genetically adin wasara 10 000 kata pera hitiya minissui ada inna minissui athra wenasak naa, thiyenne samajeeya parinaamayak witharai,anith eka meeta awrudu 10-15 ta pera hitiya lamayakui dan inna lamayakui gaththahama danuma labaganeema (internet eka nisa) wadi wela thiyenawa.

naya said...

හොඳ ලිපියක්..

ජීවන්ත said...

@සනා,
අදහස් දැක්වීමට තුති. මෙම තර්කය 100%ක් සත්‍යය නොවීමට පුළුවන. නමුත් මෙහි යම් සත්‍යතාවයක් පවතී. උදාහරණයක් ලෙස අද වන විට මිනිසකුගේ සාමාන්‍ය ජීවිත අපේක්ෂාව(life expectancy) අඩුවෙමින් යනවා.(අධි වේගයකින් නොවේ.) - ස්වභාවික විපත් හා යුද්ධ නිසා සිදුවන මරණ නොසලකා හැරි විට පවා. ඒ වගේම අතීතයේ(වසර 60-70කට පෙර) හඳුනා නොගෙන තිබූ රෝග අපි අමතක කලත්, දන්නා රෝග වලට පවා ගොදුරු වන ප්‍රමාණයේ පැහැදිලිවම දෘෂ්‍ය වැඩිවීමක් තියෙනවා. ඒ වගේම හඳුනා නොගත් රෝග ප්‍රමාණයද වැඩි වෙමින් යනවා. එයින් අදහස් කරන්නේ නව රෝගාබාධ ඇතිවීමක් නොවේද?

මෙතැනදී සිදුවන තවත් එක් ප්‍රධාන අවැඩක් තමයි, මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට රෝග වලට මුහුණ දීමේ හැකියාව සීඝ්‍රයෙන් අඩුවීම. මෙයට පුධාන හේතුව වන්නේ නිරාවරණයක් නොමැති වීමයි. උදාහරණයක් විධියට පෝලියෝ එන්නතේ ඇත්තේ අඩපන කරන ලද පෝලියෝ රෝගකාරකයයි. මෙහිදී එම රෝගකාරකයට නිරාවරණය වීම හේතුවෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට මුහුණ ‍දිය යුතු ආකාරය නිර්මාණය කරගන්නවා. නමුත් අප අවට ඇති සියළුම ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ කර දැමූ විට එවන් නිරාවරණය වීමක් නොමැති වන නිසා(සාමාන්‍ය හානිකර නොවන ක්‍ෂුද්‍ර ජීවීන්ට පවා) ප්‍රතිශක්තිකරණ පද්ධතියට තමන්ගේ හැකියාවන් දියුණු කරගැනීමට ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ජීවියාට තමන්ගේ අවශ්‍යතාවයක් නොමැති නිසා එහි හැකියාවන් අඩු කරනවා. හරියට අපි වැඩක් පලක් නොකර හිටියහම අපේ අතපය දුර්වල වෙනවා වගේ.

ඒ වගේම මිනිසුන්ගේ ජානමය වෙනස්කම් නැතුවා නොවේ. විශාල පරිමාණයේ ව්‍යූහාත්මක වෙනස්කම්(macro scale structural changes) තවමත් නොමැති නමුත් ක්‍ෂුද්‍ර පරිමාණයේ(micro scale) වෙනස්කම් ඕනෑතරම් තියෙනවා. ප්‍රසිද්ධ උදාහරණයක් විදියට Y ජානයේ සිදුවී ඇති/ සිදුවෙමින් යන වෙනස්කම් දක්වන්න පුළුවන්. නමුත් අපි මතක තබා ගත යුතු වන්නේ මේ කුඩා වෙනස්කම් මතු දිනෙක විශාල වෙනසකට මග පෙන්විය හැකි බවයි.

මෙතැනදී මම තව කතාවක් කියන්නම්. ලෝකයේ එක්තරා ජනකොටසක්(ඔවුන් හඳුන්වන නම මට මතක නැත) මුහුද ආශ්‍රිතව ජීවත් වෙනවා. ඔවුන් තම කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ දියේ කිමිදෙමින්ය. ඉතින් ඔවුන් ආශ්‍රිතව කරන ලද පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇති දෙයක් නම් ඔවුන්ට දිය යට රැඳී සිටිය හැකි කාලය මෙන්ම දිය යටදී ඔවුන්ගේ පෙනීමත් වැඩි දියුණු වී ඇති බව. මිනිසා යනු ඉතා සීඝ්‍රයෙන් අනුවර්තනය විය හැකි සත්වයෙකි. එය ඔහු තම පරිණාමීය ගමන් මග තුලින් හොඳින් පෙන්වා දී තිබෙනවා. ඉතින් මේ පරිණාමීය දිශාව අප යොමු කරන්නේ හොඳ පැත්තටද නැත්නම් දුගතියටද කියන එකේ වගකීම අද අපිට පැවරිලා තියෙනවා.

එමෙන්ම දැනුම වැඩීවීම ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ දැනුම පරිහරණය කිරීමේ ක්‍රමවේදය තුලයි. ළමයින්ට දැනුම මෙන්ම එය පරිහරණය කල යුතු ක්‍රමවේද ගැනත් කියාදිය යුතු වෙනවා.

@නයා,
අදහස් දැක්වීමට තුති.

ushan said...

අද ලෝකයේ ඇති තරග කාරීත්වයේ ප්‍රතිඵල තමා මිනිසාගේ විනාශය මිනිසාමයි 100% ම නොවේ............ ඔයාගේ ලිපි ගොඩක් හොඳයි

sana said...

"උදාහරණයක් ලෙස අද වන විට මිනිසකුගේ සාමාන්‍ය ජීවිත අපේක්ෂාව(life expectancy) අඩුවෙමින් යනවා"
http://geography.about.com/library/weekly/aa042000b.htm
mata penena widihata eya yam pamanakata wadiwee thibenawa

sana said...

මෙතැනදී සිදුවන තවත් එක් ප්‍රධාන අවැඩක් තමයි, මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට රෝග වලට මුහුණ දීමේ හැකියාව සීඝ්‍රයෙන් අඩුවීම.

mehi tharamaka sathyathawaka thiyenawa, namuth mehidee wanne apage shareeraye thibena prathishaktthiya (antibodies) mattama aduweema pamanai, namuth antibodies saadime hakiyawa nathiwanne naa. namuth kalayath samaga eya nawatha wadiwiya hakii (dina keepayak thula). kenek nuhuru palathakata giyawita leda saadeeme idak aththe mea nisai, namuth kalaya samaga meya aduwea (huruweema).

mage tharkaya wanne oya akaraye sabaa wenasak weemata wasara siyadahas gananak gathawana bawai,anek athata microbes yanu minisata sapekshawa itha wegawath parinamayak athi sathun kotasaki,namuth meadakwama apagea prathishakthipaddathiya owun samaga satan kara atha.

charith thisara said...

man hithanne loke nodiyunuma jeevin thamai minisa.yudda kara kara thamangema aya winasha karana ashishtatama sathwa kottashaya....saththunge langiwath tiyanna narakai.sathek thawa sathek maranne bohowita kusa ginna niwa ganna.eth minissu ..........

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails