කරන්ට් ගියා! අපි ඉවරයි!

Tuesday, August 18, 2009
මම මේ කල්පනා කලේ අපි පාවිච්චි කරන හැම දෙයක්ම වගේ (ඒ කියන්නේ හැම දෙයක්ම කියල නෙවෙයි හැම දෙයක්ම වගේ කියලයි) වැඩ කරන්නේ විදුලියෙන්නෙ. අපි විදුලිය කියන ශක්ති ප්‍රභේදයට ඇබ්බැහි වෙලා වගේ ඉන්නෙ. (අපි යැපෙන්නෙ බොරතෙල් මත කියන එක බොරුවක්. අපි යැපෙන්නෙ විදුලිය මත. අපි බොරතෙල් වලින් වැඩි හරියක් පාවිච්චි කරන්නෙත් විදුලිය නිපදවන්න) ටී.වී. බලන්න, බත් උයන්න, රෑට කළුවර නැතිකරන්න, ෆැක්ටරි වැඩකරන්න මේ හැම දේකටම ඕනෙ විදුලියනෙ. දැන් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ලෝකයක්. අඩුම ගානෙ ඉස්පිරිතාලයක්වත් කරන්ට් නැතුව වැඩ කරන්නෑනෙ. පොඩ්ඩක් හිතන්න, විදුලිය අතුරුදහන් උනොත් අපිට ආයෙත් ගල් යුගයට යන්න තමයි වෙන්නෙ.

8 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

එකනම් ඇත්ත ඉයෙ ගෙවල් පැත්තට විදුලිය විසන්දි උනා නිකන් මට පිස්සු වගේ හැදුනා

Anu said...

සිරාවට මටත් ඕත අනන්ත හිතිලා තියනව.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

සුර්ය ශක්ති ප්‍රභවය තමයි දැන් යන්න තියෙන්නෙ

ජීවන්ත said...

සූර්ය ශක්තියත් මූලිකවම යන්නේ විදුලිය නිපදවන්නනේ? ඇත්තටම චලනය වෙන ඉලෙක්ට්‍රෝන(විදුලිය) වලට අමතරව වැඩක් ගන්න පුළුවන් හොඳ ශක්ති ස්වරූපයක් ඇත්තෙම නැද්ද?

උෂාන් කෝදාගොඩ විතාරණ said...

එහෙනම් කණාමැදිරිය තමයී :D

ජීවන්ත said...

ඒක නම් නියමයි :D

Deeps said...

ඔව් හැම එකකටම විදුලිය..ට්‍රිප් එකක් ගියත් දැන් විදුලිය එපෑය කැමරා වලට..අපි ලඟදී ගියපු චාරිකාවේ අවසාන වෙනකොට හැමෝටම තිබුනු ගැටලුව ඕක..ෆෝන් වල සහ කැමරා වල බැටරි ලෝ වීම

ishan said...

machan minussu hamoma chalanaya wana electrona walata yatawela iwari.habai oita pribahira thawath kramayak thiyenna thibba.habi viduliya awe nath nam.udaharanayak widiyata dhadu monaraya.habai e thakshanayema thibuna gurumushtiya kiyana kramaya haraha athurudahan una.eth apita dan apahu yanna ba.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails