ලංකාව ස්වභාවිකද? කෘත්‍රීමද?

Thursday, June 25, 2009
ඔන්න තවත් විකාර කතාවක්!

ලංකාවෙ තියෙන විවිධත්වය දැකල තමයි මේ අදහස මට ආවෙ. ලංකාවේ භූවිෂමතාවය, දේශගුණික විෂමතාවය, ජෛව විවිධත්වය ආදිය පුදුමාකාර විධියට විශාල විවිධත්වයක් පෙන්වනවා. වෙනත් රටවල හෝ කලාප වල මෙවැනි විවිධත්වයක් නැතුව නෙවෙයි. ඒත් ඒ ලංකාව වගේ කුඩා බිම්කඩක නෙවෙයි; තරමක් විශාල භූමි වලයි ඒ. උදාහරණයකට ලංකාවේ ‍දේශගුණ විවිධත්වය ගමු. කාන්තාර වගේ අධික ලෙස වියලි ශුෂ්ක ප්‍රදේශ(මන්නාරමේ වැනි - යුද්ධෙ ටී.වී. එකේ පෙන්නන කොට දකින්න ඇතිනේ) වල සිට සීත රටවල වගේ සීතලක් සහිත ප්‍රදේශ(නුවරඑළිය වැනි) දක්වාම දේශගුණ අන්ත දෙකම සහිත විවිධත්වයක් පවතිනවා. ඊළඟට ජෛව විවිධත්වය ගමු. ලතින් ඇමරිකාවේ ඇමසන්, ඉන්දුනීසියාවේ බෝර්නියෝ වැනි වනාන්තර වලට තරඟයක් දිය හැකි තරමේ ජෛව විවිධත්වයක් ලංකාවේ තියෙනවා. ඇමසන් හා බෝර්නියෝ වැනි වනාන්තර ලංකාව වගේ කීප ගුණයක්ම විශාලයි. නමුත් ලංකාවේ වන වැස්ම ඇත්තේද ලංකාවේ මුලු භූමියෙන් සියයට විසි-තිස් ගණනක් පමණයි. ඒ අනුව ගත්තහම මේ විවිධත්වය පුදුමාකාරයි. ලංකාවේ ඇති සම්පත් ගත් විටද එවැනිය. ලංකාවේ භූමිය ඉතා සරුසාර බව හැමෝම දන්න දෙයක්නේ.(මේ පොළොවෙ නිකං ඉන්නක් හිටෙව්වත් පැළවෙනවා කියල කියමනක් තියෙනවනේ!) ඒ වගේම ලංකාවේ ඇති සම්පත් බලන්න. මුතු මැණික් වල සිට යකඩ, ටයිටේනියම්, යුරේනියම් (න්‍යෂ්ටික බලාගාර, බෝම්බ හදන්න ගන්න ජාතිය) පවා ලංකාවෙ පොළොවෙ තියෙනවා. (අද ලංකාව මේ සම්පත් වලින් ප්‍රයෝජනයක් නොගැනීම වෙනමම කතාවක්.)

අමතර කතාවකුත් කියන්නම්. දමස්කස් කඩුව ගැන දන්නවාද? මේක ලංකාවෙ රජකෙනෙක්ගෙ(කාගෙද කියල හරියටම දන්නෙ නෑ) කඩුවක්. (මං හිතන්නේ මේක කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියල තියෙනවා.) මේ කඩුව මොන වගේද කියනවා නම් මේකෙන් ගැහුවහම අනික් කඩු කැපිල යනවලු. කඩුව කොච්චර මුවහත්ද කියනවා නම් රෙදි කෑල්ලක් කඩුව උඩට නිකං අතෑරියත් කැපිල යනවලු. ඒ වගේම මේ කඩුව කොච්චර නම්‍යශීලීද කියනවා නම් කඩුවේ තුඩ, මිටේ ගෑවෙන්න නවන්න පුළුවන්ලු. මේකට දමස්කස් කඩුව කියන්නේ මේ කඩුව හදන්න ශිල්පීන් ගෙන්නලා තියෙන්නේ සිරියාවේ දමස්කස් නුවරින් හින්දයි. ඉතින් මේ කඩුව ගැන පරීක්ෂණ පවත්වපු අය කියල තියෙන්නේ මේ කඩුවේ තියෙන මේ ගුණාංග වලට හේතුව මේක හදල තියෙන යකඩ වල තියෙන ගුණාංග හා මේ යකඩ පදම් කිරීමේදී යොදාගත් ක්‍රමශිල්ප(තාම හොයාගෙන නැති) හිංද කියලයි. මේ යකඩ තියෙන්නේ ලංකාවේ පොළොවෙ විතරයි. ලෝකෙ වෙන කොහේවත් තියෙන යකඩ වල මේ ගුණාංග නැතිලු. (සමහරු කියන්න පුළුවන් ලෝකෙ කොහේ තිබුණත් යකඩ කියන්නේ Fe මූලද්‍රව්‍යයනේ කියල. නමුත් මේ විශේෂ ගුණාංග දෙන්නේ මේ යකඩ වලට මිශ්‍ර වෙලා තියෙන අනෙකුත් ද්‍රව්‍ය(උදා:මැණික් වලදි සිලිකන් ඔක්සයිඩ වලට විවිධ ද්රේව්යම එකතුවෙලා විවිධ වර්ණ දෙනවා වගේ) හා මෙහි අණු සකස් වී ඇති ආකාරය(උදා: මිනිරන් හා දියමන්ති වල වෙනස වගේ) මගිනි.)

ඉතින් මේ අර්ථයෙන් ගත්විට ලංකාව කියන්නේ සැබෑවටම පාරාදීසයකි! ඉතින් මට හිතුනේ මෙච්චර විවිධත්වයක් තියෙන කුඩා භූමියක් කොහොමද ස්වභාවිකව අහඹු ක්‍රියාවලි මගින් හැදෙන්නේ කියල. සමහර විට ලංකාව කෘත්‍රීමව නිර්මාණය කරපු භූමියක්ද දන්නෙත් නෑ!!

ඉතින් මම මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවා. එතකොට මට දැන ගන්න ලැබුනා ලංකාව කියන්නේ කුවේරයා(දිව්‍යලෝකෙ භාණ්ඩාරික) වෙනුවෙන් විශ්මකර්ම(දිව්‍යලෝකෙ නිර්මාණ ශිල්පියා) විසින් නිර්මාණය කරපු පාරාදීසයක් කියලයි. කට්ටිය දන්නවා ඇතිනෙ විශ්මකර්ම ගැන. විශ්මකර්ම වැඩක් කලොත් ආයෙ දෙකක් නෑ. ඒක තමයි හොඳම. ඒක නිසයි මහා බ්‍රහ්මයා පවා තමන්ගේ සමහර නිර්මාණ කරන්න විශ්මකර්මට පවරන්නේ. එයත් දන්නවා තමන්ට වඩා ලොකු නිර්මාණශීලී බවක් විශ්මකර්මට තියෙනවා කියල. (විශ්මකර්ම ගැන තව දැනගන්න ඕනෙ නම් පරණ චිත්‍ර ශිල්පියෝ, විවිධ නිර්මාණ ශිල්පියෝ වගේ අයගෙන් අහල බලන්න - අපිත් අදහගන්න බැරි වැඩක් කරහම විශ්මකර්ම වැඩක් කියලත් කියනවනේ) පස්සෙ කාලෙක රාවණා විසින් කුවේරයාට පාට් එකක් දාල ලංකාව අයිති කරගෙන තියෙනවා. මේ කතා සම්පූර්ණයෙන්ම මිත්‍යා කතා කියල අහක දාන්නත් බෑ. මොකද ඉතා අතීතයේ තිබ්බ දියුණු ශිෂ්ඨාචාර වලට මොන මොන දේවල් කරන්න හැකියාව තිබ්බද කියල අපි දන්නේ නෑනෙ. උදාහරණයක් විධියට ඊජිප්තුවේ පිරමීඩ, ලංකාවෙ සීගිරිය, බැබ්ලෝනියාවෙ එල්ලෙන උයන වගේ දේවල් හැදුවෙ කොහොමද කියල තාම දන්නේ නෑනෙ. දඬු මොණරය වගේ දේවල් ඇත්තටම තිබ්බ වෙන්නත් පුළුවන්.මොකද මං අහල තියෙනවා බැබ්ලෝනියාවෙ එල්ලෙන උයන හදන්න ඔවුන්ට තාක්ෂණය දුන්නේ අහසින් පැමිණි සිංහ මිනිසුන් කියල කතාවක් තියෙනවා කියල. ආයෙ මං අහල තියෙනවා මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කරද්දී වටකුරු පළිහවල් අහසින් ඇවිල්ලා ඒවයින් ඔවුන්ට ඊතල විද්දා කියල ඔවුන්ගේ සටහන් වල තියෙනවා කියල. අනික ලොව ඉතා බලවත් රාජ්‍යවල් තමන් ඉදිරියේ දණගැස්සූ මහා ඇලෙක්සැන්ඩර්ට ඉන්දියාව අල්ල ගන්න බැරි උනානෙ!

ඉතින් මොකද හිතන්නේ ලංකාව ස්වභාවිකද? නැත්නම් කෘත්‍රීමද?

7 ක් වූ ප්‍රතිචාර:

Chrishi said...

හොඳ ලිපියක් !!!!

chamila_dealwis said...

කුවේර, විශ්වකර්ම කතා වලට වඩා වැඩිය දෙයක් මෙතන තියෙන්න පුලුවන්.
1) සැබෑ ලෙසම අහඹු සිදුවීමක්
2) දූපතක් වීම නිසා මිනිසුන් පැමිණිම (සංක්‍රමණය) අඩුවීම නිසා ලෝකයේ වෙනත් ප්‍රදේශ වල සිදු වුන අමුද්‍රව්‍ය පරිභෝජනය විශාල වහයෙන් ලංකාවේ සිදු වුනේ නැති නිසා
3) දූපතක් වීම නිසා රට වටේම සාගරයෙන් පැමිණෙන සංයෝග නිසා (සඳහන් කල සංයෝග සියල්ලම පාහේ සොයාගන්නේ වෙරළිනි)
4) සංයෝග බහුල වීමට ප්‍රධාන වශයෙන් බලපානු ඇත්තේ ඉන්දියානු සාගරයේ වටේම ඇති අන්තර්මහද්වීපික තට්ටු විය හැකියි. මේවායේ නිරතුරුවම ඇතිවූ මිශ්‍රවීම් නිසා සංයෝග මුහුදු ජලයට එකතු විම සිදුවන්නට ඇති.
5) ඉන්දියානු කලාපයට වඩා සාපේක්ෂව මිනිස් ගහණය අඩුවීම නිසා සතුන් මෙරටට සංක්‍රමණය වූවා විය හැකියි. එය ජෛව විවිධත්වයට බල පාන්නට ඇති. මිනිස් ගහණය ස්වාභාවයෙන්ම අවට ඇති ජෛව විවිධත්වයට බලපානවා.

වෙන්න පුලුවන් දේවල්. වැරදි වෙන්නත් පුලුවන්. මොකද කියන්නේ?

chamila_dealwis said...

පස්සේ මේක මතක් වුනේ. මැඩගස්කරයෙත් සමාන ආකාරයකට ජෛව විවධත්වයක් තියෙනවා. දූපතක්. ප්‍රධාන මහද්වීපෙන් වෙන්වෙලා. ටිකක් ලංකාවට සමානයි වගේ.

එහේ භූමියේ ලක්ෂණ ගැනනම් දන්නේ නැහැ.

ජීවන්ත said...

@චමිල,
ඔබ කියන දේත් වෙන්න පුළුවන්. මගේ දැක්මට අනුව ඕනෑම දෙයක් සිදුවිය හැකියි. ඉතින් අපි අනාගතයේදී අපේ අතීතය ගැන තවත් දේ සොයාගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Anonymous said...

Malli thawa poddak igenaganna... oya thama 20 years back....

දුක්ගන්නාරාළ said...

කතාවෙ සමහර තැන් හෝමර්ගෙ ඉලියඩ් සහ ඔඩිසි කතාවල වගේ යතාර්ථයත් මිත්‍යාවත් මිශ්‍ර වුනු බවක් හැගෙනවා . . .
යතාර්ථය මොකද්ද . . මිත්‍යාව මොකද්ද කියල දැනගත හැකි තෙවෙනි ඇසක් ලැබෙන තුරු දිගටම ගවේශනයනේ යෙදෙමු නේද සහෝ . . !

සහන් said...

මේ post එක බලද්දී අපේ රට ගැන අමුතු ආඩම්බරය මුසු හැගීමක් එනවා, මොකද ලංකාවට සමකලහැකි කිසිම රටක් මේලෝකෙ නෑ(රටේ මිනිස්සු අතින් බැලුවත් එහෙමමයි හි හි හි...)"දඬු මොණරය වගේ දේවල් ඇත්තටම තිබ්බ වෙන්නත් පුළුවන්" කියන අදහස මාත් පිලිගන්නවා මොකද ඒකට පැහැදිලි සාක්ෂි තියනවා බලන්න වාරියපොල (වා+රිය+පොල )වාතයේ ගමන්කරන රිය නවත්වන ස්ථානය යන අදහසක් එහි ගැබ්ව ත්යනවා,(අපේ පැරැන්නන් ගම් නගර වලට නම් දැම්මෙ හේතුවක් ඇතිව )එතකොට බැලුවාම අපේ රටේ ප්ලේන් හැදුවෙ සුද්දො වැද්දො වෙන්නත් කලින්.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails