The Matrix හා මාළු කතාව

Monday, July 26, 2010
හැමෝම The Matrix  කියන අති දැවැන්ත action, sci-fi චිත්‍රපටිය බලල ඇති කියල හිතනවා. මේ කියන්න යන්නෙ නම් ඒ චිත්‍රපටිය ගැන නෙවෙයි. ඒක බලල මට හිතිච්ච අතුරු කතාවක් ගැන.

මිනිස්සුන්ව බැටරි විධියට පාවිච්චි කරන යන්ත්‍ර හා ඉතිරි වෙලා ඉන්න මිනිස්සු අතර යුද්ධයක් තියෙනවානේ. ඒකෙදි අපිට නිරායාසයෙන්ම හිතෙන්නේ මේ යන්ත්‍ර විනාශ කරලා මිනිස් වර්ගයාට නිදහසේ ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කල යුතුයි කියලනේ. ඒත් අපි එතෙන්දි බලන්නේ මිනිහෙක්ගෙ කෝණයෙන්. ඒ වෙනුවට වෙනසකටත් එක්ක යන්ත්‍ර වල කෝණයෙන් මේක දිහා බලන්න.

ඇත්තටම කියනවා නම් ඔවුන් අපිට වඩා වෙනස් නෑ. ඔවුන් කරන්නේත් මිනිස්සු කරන දේමයි. ඒ කියන්නේ තමන්ගෙ පැවැත්ම තහවුරු කර ගැනීම. හැමෝටම වැදගත්ම දේ තමන්ගේ පැවැත්ම නොවේද? පෘථිවිය විනාශ වෙලා, සූර්යයා වැහිලා තමන්ගේ පැවැත්ම සඳහා වෙනත් බලශක්තියක් සොයා ගත නොහැකි වූ කල්හි ඔවුන් මිනිසුන්ව තමන්ට බලශක්තිය සපයන බැටරි විධියට පාවිච්චි කරනවා.

මේක බලල යන්ත්‍රත් එක්ක අපිට තරහා යන්නෙ මේකට මිනිස්සුන්ව බැටරි විධියට පාවිච්චි කරන හින්දනේ. පොඩ්ඩක් හිතලා බලන්න මිනිස්සු වෙනුවට මෙතන මාළුන්ව බැටරි විධියට පාවිච්චි කරා නම් අපිට මෙච්චර ගායක් තියෙයිද?

තව පොඩ්ඩක් හිතන්න මේ යන්ත්‍ර වලට බුද්ධිය තියෙනවා. බුද්ධිය තියෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන විට ඉතාමත් දරුණු වීම ස්වභාවිකයි. ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කරන්න නීතියෙනුත් අවසර තියෙනවනේ!!!

ඒ වගේම හිතන්න යම් දවසක මිනිසුන්ගේ සියළුම බලශක්ති ප්‍රභව නැති වී මිනිසුන් වඳවීමේ තර්ජනයට මුහුන පෑවා කියල. එතකොට මිනිස්සු හොයාගන්නවා මාළුන්ගෙන් මේ විධියට බලශක්තිය නිපදවන්න පුලුවන් කියල. එදාට මේ යන්ත්‍ර මිනිස්සුන්ට කරන දේට විරුද්ධව නැගී සිටි කීදෙනෙක් මේ මාළුන් වෙනුවෙන් නැගී සිටීවිද? අනෙකකු නොව ඔබ නැගී සිටිනවාද? අනෙකාට ඇඟිල්ල දික් නොකොට තමන් තුලින් යථාර්තය දකින්න. ආත්මාර්ථකාමීන් පිරුනු ලෝකයක වෙනසක් කරන්න උත්සාහ කරන්න. මේ ලෝකය වඩා ලස්සන තැනක් කරන්න එතකොට හැකිවේවි.

ප.ලි.
The Matrix, The Matrix - Reloaded හා The Matrix - Revolution යන නමින් කතා 3 කින් යුතු Matrix කතා මාලාව ගොඩ දෙනෙක් බලල ඇති උනාට The Animatrix ගොඩ දෙනෙක් බලල නැතුව ඇති. The Matrix එක හා බැඳුනු මිනිසුන්ගේ හා යන්ත්‍ර වල අතුරු කතා කීපයක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. අමුතුම රසවින්දනයක් හා වෙනස් විධියටක හිතන්නත් එය සමහර විට උදව් වේවි.

1 ක් වූ ප්‍රතිචාර:

budhajeewa said...

එහෙම බැලුවොත් The Matrix වල යන්‍ත්‍ර මිනිස්සුන්ට වඩා "මානුෂිකයි". මොකද බලය යොදාගන්න නිපදවන ලද මිනිස්සුන්ට ශාරීරික වේදනාවක් දැනෙන්න නොදී අතත්‍ය යතාර්ථයක ඒ අයව දාල තියන නිසා. අපේ කස්ටිය කලොත් මාලුංව සිහිය තියෙද්දිම ඇඟට වයර් ගහලා එක කෙළියක් කරාවි!

හැබැයි ඉතිං The Matrix වල මිනිස්සුංගෙං බලය නිපදවීමේ කොටස නං අවිද්‍යාත්මකයි. මිනිස්සු ජීවත්ව තියාගන්න පෝෂණේ සපයන්න එපැයි, ඉතිං ඒකටත් ශක්තිය වැය වෙනවනෙ? ශක්තිය නිපදවන්න මිනිස්සු ජීවත්ව සිටීම අවශ්‍ය නැත්තං - ශරීරයේ යම් රසායනික ප්‍රතික්‍රියාවක් නම් අවශ්‍ය වෙන්නේ - යන්‍ත්‍ර වලට ඊට ලාබයි ඒ අදාළ ප්‍රතික්‍රියාව කෘත්‍රීමව කරන එක, නිකං පණ තියන මිනිස්සු යොදාගෙන වැඩේ අල කරගන්නෙ නැතිව.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails