හැඟීම...

Tuesday, December 1, 2009
මම මැරෙන්න ආසයි...
ඒත් මම මරණයට බයයි!
මම ජීවත්වෙන්න අකමැතියි...
ඒත් මම ජීවිතයට ආසයි!

Last of the American Girls || කෙල්ලො නම් කොහෙත් එකයි!

Monday, October 12, 2009
Green Day - Last Of The American Girls .mp3
Found at bee mp3 search engine

{සිංදුව අහන්න}

She puts her makeup on like graffiti on the walls of the heartland
She's got her little book of conspiracies right in her hand
She is paranoid like endangered species headed into extinction
She is one of a kind, well, she's the last of the American girls

She wears her overcoat for the coming of the nuclear winter
She is riding her bike like a fugitive of critical mass
She's on a hunger strike for the ones who won't make it for dinner
She makes enough to survive for a holiday of the working class

She's a runaway of the establishment incorporated
She won't cooperate, well, she's the last of the American girls

She plays her vinyl records singing songs on the eve of destruction
She's a sucker for all the criminals breaking the laws
She will come in first for the end of Western civilization
She's an endless war, she's a hero for the lost cause

Like a hurricane in the heart of the devastation
She's a natural disaster, she's the last of the American girls

She puts her makeup on like graffiti on the walls of the heartland
She's got her little book of conspiracies right in her hand
She will come in first for the end of Western civilization
She's a natural disaster, she's the last of the American girls
Aw yeah, all right, aw yeah

Song: Last of the American Girls
band: Greenday
Album: 21st century breakdown

ඇමරිකාවෙ විතරක් නෙවෙයි මේවා ඕනෙ කෙල්ලෙකුට ගැලපෙනවා කියලයි මට හිතෙන්නෙ. (මට ගුටිකන්න වෙයිද දන්නේ නෑ ;))
කාටහරි හිතට එකඟව මේ කතා බොරුයි කියල කියන්න පුළුවන්ද?

“බලයේ” තාත්තා “පීඩනය”ද? (නැත්නම් අනික් පැත්තද?)

Monday, September 7, 2009
ඔන්න තවත් විකාර කතාවක්! අපි සාමාන්‍යයෙන් විද්‍යාවෙදි ඉගෙනගන්නේ බලයක් යම් පෘෂ්ටයක් මත ක්‍රියාත්මක වීම නිසා පීඩනයක් හට ගන්නවා කියලනේ. ඒ කියන්නේ පීඩනය කියන සංකල්පය, බලය යන සංකල්පය මත ගොඩනැගුනු දෙයක්.

ඒත් මට හිතෙන්නේ මේක වැරදියි! මම කියන්නේ බලය යන්න පීඩනය නිසා ඇතිවෙන්නක් කියලයි. ඒ කියන්නේ වඩා මූලික රාශිය විය යුත්තේ පීඩනය යන්නයි!

මේ කතාව තේරෙන්නෙ නැත්නම් මම තවත් පැහැදිලි කරන්නම්. හිතන්න පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනා නිරීක්ෂණය කරලා අපි තියරියක් හදනවා කව්ද තාත්තා? කව්ද පුතා? කියලා. ඒකට අනුව තාත්තා වන්නේ “බලයයි”; “පීඩනය” කියන්නේ පුතායි. නමුත් මම කියන්නේ මේ තාත්තා, පුතා මාරු විය යුතුයි කියලයි. ඒ කියන්නේ අපි තාත්තා, පුතා හඳුනාගෙන තියෙන්නේ වැරදියට!

මොකද කියන්නේ? අපි පිය පදවිය “බලයට” දෙමුද? නැත්නම් “පීඩනයට” දෙමුද? එහෙමත් නැත්නම් මේ දෙන්නා ඥාතීන් නොවේ කියමුද?

විවිධත්වය

Sunday, August 30, 2009
අප අවට සෑම තැනම විවිධත්වය තියෙනවා. විවිධ පාට, විවිධ හැඩතල, විවිධ සත්තු, විවිධ ගස්, විවිධ මිනිස්සු ආදී වශයෙන් විවිධත්වය හැම තැනම තියෙනවා. ලෝකය සුන්දර වෙන්නෙ මේ විවිධත්වය නිසයි. ඒත් සමහරු ඒ විවිධත්වය නැති කරන්න උත්සාහ කරනවා. ඒ වුනාට අපි තේරුම් ගන්න ඕනෙ ඒ විවිධත්වය නැති කලොත් අපිත් නැති වෙනව කියල. ඒ කියන්නෙ ඕනෑම දෙයක පැවැත්ම සෘජුවම විවිධත්වයත් එක්ක බැඳිල තියෙනව කියන එකයි. උදාහරණයක් විදියට චීටාවන්ට වෙලා තියෙන දේ බලන්න. ඔවුන්ගේ ජාන සැකැස්මේ විවිධත්වය අඩු නිසා ඔවුන්ට දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පාන්න සිදුවෙලා තියෙනවා. තව කිව්වොත් කවුරු හරි පුද්ගලයෙක් ඔහුගේ ජීවිතයේදී කුමක් හෝ එක් කාර්යයක් විතරක් කරනවනම් ඒ ජීවිතය කෙතරම් නීරස, අස්ථාවර එකක් වෙයිද? මේ ලෝකෙ මිනිස්සු අතර මෙතරම් විවිධත්වයක් නැතුව හැම මිනිහම එකවගේ නම් මේ ලෝකෙ මොන තරම් කම්මැලි, නීරස එකක් වෙයිද? තවත් කියනව නම් මේ විශ්වයේ මෙතරම් අංශු වර්ග, මෙතරම් ශක්ති වර්ග, මෙතරම් විවිධ සිදුවීම් නැතුව මොකක්හරි එක දෙයක් විතරක් තිබුනනම් මොන වගේ වෙයිද? එහෙම විශ්වයක් කොච්චර අස්ථාවරද?

මෙන්න පොඩි විහිළුවක්!

හොරාගෙ පුතා හොරා වෙන්නම ඕනෙ නෑනෙ. ඒ වගේම ළමයගෙ හම කළු උනා කියල අම්මලගෙ තාත්තලගෙ හමත් කළු වෙන්න ඕනෙම නෑනෙ. ඒ කියන්නේ අම්මලගෙ තාත්තලගෙ ලක්ෂණ ළමයින්ට තිබිය යුතුම නෑනෙ. ඒ හිංදා විසංවාදී ක්‍රමය දෝෂ සහිතයි නේද? ඒ කියන්නෙ අපි යම් මූලයකින් පටන් ගෙන ඉදිරියට ගියාට පස්සෙ ලබා ගන්නා දේවල් දිහා බලලා මුල් මූලය ගැන කතා කරන එක දෝෂ සහිතයි. ඒක හරියට ළමය දිහා බලල දෙමව්පියො ගැන කියනවා වගේ වැඩක්නේ! ගණන් ගන්න එපා! මේක පොඩි විහිළුවක් විතරයි!

ශබ්ද කලාව

වර්තමානයේ තියෙන සංගීතයට, සංගීතය නෙවෙයි “නිර්මාණාත්මක ශබ්ද කලාව” කියල හඳුන්වන්න කැමතියි. (අතීතයේ තිබ්බ සංගීතය ගැන මම කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අඩු නිසා.) මොකද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය කියල හඳුන්වන්නෙ නැති විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා ගැනීම නිසාය. හැබැයි මේවා හරි අවබෝධයෙන් යුතුව කල යුතු වැඩ. නැත්නම් තියෙන සංගීතයත් නැතිවෙයි.

ආර්ථිකයේ උපන්ගෙයි අහේනිය?

ආර්ථික විද්‍යාවේ පදනමේම අහේනියක් ඇත. ඒ ලාභය නම් සංකල්පයයි. ලාභ අපේක්ෂාව ආර්ථික විද්‍යාවේ මූලිකම අංගයක් නමුත් එයම ආර්ථික විද්‍යාව බරපතල ලෙස අස්ථාවර කිරීමටද හේතු වෙයි. ඒ කොහොමද කියල අපි බලමු. ආර්ථික පද්ධති 2ක් සලකමු. එක් පද්ධතියක් ලාභ ලැබීමට නම් එම පද්ධති 2 අතර ආර්ථිකමය සමතුලිතතාවය ලාභ අපේක්ෂා කරන පද්ධතිය දෙසට බර විය යුතුය. එවිට කාලයක් ගතවීමේදී එක් පද්ධතියක් ආර්ථිකමය අතින් අධික ශක්‍යතාවයක් ලබන අතරතුර අනෙක් පද්ධතිය විනාශ වී යයි. නමුත් ඒවිට මුල් පද්ධතියේ පැවැත්මද තර්ජනයට ලක්වේ. කිමද එවිට මුල් පද්ධතියට ලාභ ලැබීමට නොහැකි වනවා මෙන්ම එම පද්ධතියේ පැවැත්ම සඳහා වියදම් කිරීමට සිදුවන නිසා එම පද්ධතියද කෙමෙන් විනාශයට ලක්වේ. මේ නිසා ආර්ථික පද්ධතීන්ගේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා ලාභය ප්‍රත්‍යාවර්ත වීම අත්‍යාවශ්‍ය සාධකයකි. (දැන් ලෝකයේ(මූලික වශයෙන්ම ඇමරිකානු ආර්ථිකයේ) සිදුවන ආර්ථික කඩාවැටීම වැනි) මෙය ආර්ථික විද්‍යාවේ උපන්ගෙයි අහේනියකි!!! මෙය දැකීමට ආර්ථික විද්‍යාව මහ ඉහලින් උගන්වන හා හසුරුවන ඇදුරන්ගේ හා විශේෂඥයින්ගේ ඇස් පෑදේවා!? ලෝකය සූරා කා, සූරා කන්නට දෙයක් නැති වූ විට සූරා කන්නාද විනාශ වී යයි. මෙය ලෝක ස්වභාවයයි.

ප.ලි.: මම දන්න ආර්ථික විද්‍යාවක් නම් නෑ. මේ මට හිතෙන දේ විතරයි.

මිනිස්සු හැමදාටම බුද්ධිමත්ද?

Friday, August 21, 2009
ඇත්තටම කියනවනම් මට හිතෙන විධියට නුදුරු අනාගතයේදීම මිනිස්සු ඉතාමත් දුර්වල සත්තු ජාතියක් බවට පත්වීමට ලොකු අවධානමක් තියෙනවා. අතක් පයක් හොලවගන්න තරම් වත් පණ නැති, හරියට ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, එකයි එකයි දෙකයි කියල හදාගන්න බැරි, පොඩි හෙම්බිරිස්සාවකටත් මරණාසන්න වන තරමටම දුර්වල වෙයි කියලයි මට හිතෙන්නෙ.
මේකට හේතුව අපේ වැඩමයි. මොකද අපි තවදුරටත් ස්වභාවිකව පරිණාමය වෙන සත්තු ජාතියක් නොවන නිසයි. (ඒ කියන්නෙ ඩාවින් කියපු උචිතෝන්නතිය, ස්වභාවික වරණය වගේ දේවල් තව දුරටත් අපිට වලංගු නෑ කියන එකයි.) බොරු නම බලන්න අදට අවුරුදු 60 කට විතර කලින් හිටපු මිනිස්සුන්ට අද මිනිස්සුන්ට තරම් ලෙඩ තිබුනද? අද මිනිස්සුන්ට තරම් දුර්වලතා තිබුනද? දියවැඩියාව? ප්‍රෙෂර්? ගැස්ට්‍රයිටිස්? depression? මේවා ඉස්සර මෙච්චර සුලබව තිබ්බද?
අපේ මහ ලොකු බුද්ධියයි, ඒකෙන් හදපු තාක්ෂණයයි තමයි මේකට වග කියන්න ඕනෙ. මොකද අපි අද කිසිම දෙයක් කරන්න ඕනෙ නෑ, හැම දෙයක්ම කරන්න යන්ත්‍ර තියෙනවා. ඒකෙන් කිසිම දෙයක් නොකරන අපේ අතපය දුර්වල වෙනවා. පොඩි ඔලුවෙ කැක්කුමකටත් එක එක ජාතියෙ බෙහෙත් බොනවා. අර ලෙඩේට මේ බෙහෙත්, මේ ලෙඩේට අර බෙහෙත්, අද බෙහෙත් නොබොන මිනිහෙක් ඉන්නවද? හැම දේටම බෙහෙත් බොන එකයි, එක ක්ෂුද්‍ර ජීවියෙක්වත් නැති වෙන්න විවිධ විෂබීජ නාශක දාන එකයි, මූණට ඉර එළිය වැටෙනවට එක එක ක්‍රීම් ගාන එකෙනුයි වෙන්නෙ ඒවට මුහුණ දෙන්න තියෙන අපේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන එකයි. තවත් කියනවනම් අද ගණන් හදන්න හිතන්න ඕනෙත් නෑනෙ. සිංදුවක් හදන්න, තාලයක් දාන්න අමාරු නෑනෙ. මොකද ඒකට පරිඝණක තියෙනවනෙ. (එකයි එකයි දෙකයි කියල හදන්නත් කැල්කියුලේටර් පාවිච්චි කරන අය අද සමාජයේ ඕන තරම් ඉන්නවා.) මේකෙන් වෙන්නෙ අපෙ බුද්ධිය මොට්ට වෙන එකයි. අපෙ නිර්මාණශීලීත්වය නැති වෙන එකයි. එමෙන්ම මෙම දුර්වල වීම එක් වරම සිදුවන්නක් නොවේ. මෙම හැසිරීම් රටා දිගටම පවත්වාගෙන යාම නිසා පරම්පරා කීපයක් ගත වීමේදී අපගේ ජාන හා මානසික සැකැස්ම ඒ සඳහා ඉබේම හැඩගෙසෙනවා. නමුත් මේ සඳහා වැඩි කාලයක් ගත නොවනු ඇති, කිමද පරිණාමික වශයෙන් ගත් කල මිනිසා යනු තමා ජීවත් වන පරිසර පද්ධතියට ඉතා ඉක්මනින් හැඩ ගැසෙන ජීවියෙක් බැවිනි.
මම තාක්ෂණය පාවිච්චි කරන එක වැරදියි කියන්නෑ. තාක්ෂණය පාවිච්චි කරන විධියයි වැරදි. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනෙ මිනිසුන්ව දුර්වල කරන්න නොව මිනිසුන්ව ශක්තිමත් කරන්නයි. උදාහරණයක් විධියට දුර ඉන්න කෙනෙකුට ෆෝන් එකකින් කතා කරන එක, අහසින් යන්න ප්ලේන් හදන එක, මුහුද හරහා යාත්‍රා කරන්න නැව්, සබ්මැරීන් ආදිය හදන එක, දැනුම හුවමාරු වෙන අන්තර්ජාලය වගේ ඒවා තාක්ෂණය නිවැරදි විධියට භාවිතා කිරීම් වේ. එමෙන්ම බෙහෙත් බොන්න එපා කියල මම කියන්නෙත් නෑ. බෙහෙත් අවශ්‍ය නැති සුළු අසනීප වලටත්, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මරා දමන සැර බෙහෙත් (strong drugs) බොන එක නතර කරන්න කියලයි මම කියන්නෙ. ඒ වගේම මේ යාන්ත්‍රික ලෝකයේදී ස්වභාවධර්මයට ලංව තිබූ අපේ ජීවන ක්‍රම, ආහාර පුරුදු හා සිරිත්-විරිත් ආදිය අතහැර දමා කෘත්‍රීම යාන්ත්‍රිකයින් මෙන් ජීවත්වීමත්, මෙලෙස දුර්වල වීමට දැඩි ලෙස බලපානවා. ඒ නිසා හැම විටම පුලුවන් තරම් ස්වභාවික විධියට ජීවත්වෙන්න උත්සාහ කරන්න. මොකද ස්වභාවධර්මයට ඉහලින් යන්න හදන, ස්වභාවධර්මයට විරුද්ධ වෙන කිසිම දෙයක් වැඩිකල් පවතින්නෑ.

අපේ බස අපි රැකගමු! : වචන නිෂ්පාදනය (word production)

අපේ බස(සිංහල) රැකගත හැකි තවත් එක් ක්ෂේත්‍රයක් ගැනයි මෙම ලිපියෙන් කතා කරන්නේ. නම දැක්කම සෑහෙන සංකීර්ණ වැඩක් කියල හිතුනත් එහෙම නෑ. සංකීර්ණ බව කෙසේවෙතත් වැඩේනම් අත්‍යවශ්‍යයයි. ඒ වගේම මේකට හැමෝගෙම සහභාගීත්වය ඕන කරනවා; එහෙම නැතුව මේක ලොකු ලොකු අය විතරක් කල යුතු දෙයක් ‍නෙවෙයි.

මේ ලිපිය කලින් ලිපියක උපුටනයකින්ම පටන් ගන්නට සිතුවා.
“මානව දැනුම හා ක්‍රියාකාරකම් ගොන්නට දිනපතා නව සොයාගැනීම් හා නව ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් එකතු වේ. අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය මෙයින් එක් ක්ෂේත්‍රයක් පමණි.(විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පමණක් තොරතුරු තාක්ෂණයට අමතරව අති විශාල නව ක්ෂේත්‍ර ගණනාවක් ඇත.) යම් භාෂාවක් මේ අළුත් ක්ෂේත්‍ර තුලට විහිදී නොයයි නම් එම භාෂාව සමාජය තුල කොන්වීමට ලක්වේ. නව වචන නිෂ්පාදනය මෙහිදී අති වැදගත්ය. වර්තමානයේ සිංහල භාෂාවේ නව වචන නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය. වචන දෙක තුනක් නිපදවුවත් ඒ වචන සමාජගතවීමක්ද සිදුනොවන තරම්ය.”

“සිංහල දුර්වල වෙනවා කියන එකෙන් අදහස් කලේ සිංහල භාවිතා කරන අයගේ නොසැලකිල්ල හේතුවෙන් බසෙහි ශක්තිය හීන වෙනවා කියන එකයි. යම් අළුත් සංකල්පයක් ගැන කතා කරන්න අපිට වචන නැත්නම් එතැනදි අපේ බස අනෙක් භාෂා ඉදිරියේ හෑල්ලු වෙනවා. අන්න ඒකයි මම සිංහල දුර්වල වෙනවා කියල අදහස් කලේ. අනිත් එක අපි අදක්ෂ නෑ. ඒ වෙනුවට අපිට කිසිම දේකට උවමනාවක් නෑ. ඒකයි ප්‍රශ්නෙ. අපි හැමෝම බලාගෙන ඉන්නේ කව්රුහරි හැම දෙයක්ම කරලා අපේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනකං. මේකෙන් මිදෙනකං අපිට ගොඩ ඒමක් නෑ!”



මේකට අපිට ඉංග්‍රීසියෙන් උදාහරණ ඕනෑ තරම් ගන්න පුළුවන්. ඉංග්‍රීසියේ යම් සංකල්පයක් සඳහා වචන හදන්නේ ඒ සංකල්පය හදන අයමයි. පරිඝණක ක්ෂේත්‍රයෙන් උදාහරණ කියනවා නම් “world wide web, blog, torrent” යන වචන වල නිර්මාතෘන් වන්නේ ඒ සංකල්ප/තාක්ෂණ නිර්මාණය කල උදවියමයි.

මේකෙන් අදහස් කරන්නේ වචන නිර්මාණය විය යුත්තේ සාමාන්‍ය සමාජය තුලින්ම බවයි; එහෙම නැතුව නව වචන නිර්මාණය විය යුත්තේ භාෂා ප්‍රවීනයන් තුලින්ම පමණක් නොවේ. එනිසා ඔබට අවශ්‍ය වචන තවකෙක් හදා දෙන තෙක් බලා නොඉඳ තමන්ම හදාගන්න. පසුව ඒවා කෙමෙන් කෙමෙන් සමාජගත වේවි.

මෙහිදී සඳහන් කල යුතු තවත් ඉතා වැදගත් දෙයක් තිබේ. එනම් වචන නිෂ්පාදනයේදී හැමවිටම උත්සාහ කල යුත්තේ නව ශබ්ද නිෂ්පාදනයකටය. එනම් නව වචනයක් නිෂ්පාදනයේදී එම වචනය පවතින වචන කිහිපයක් ආශ්‍රයෙන් නිෂ්පාදනය නොකර හැම විටම නව ශබ්දයක් නිපදවීමට උත්සාහ කල යුතුය. උදාහරණයක් ලෙස “kettle” යන වචනයට අයෙක් පවතින වචන ආශ්‍රයෙන් “ජල-උණු-කුරුව” යන වචනය නිපදවා තිබිණි. නමුත් ඊට වඩා “කේතලය” යන වදන කෙතරම් පහසුද; අලංකාරද? මෙයටත් අපට ඉංග්‍රීසියෙන්ම උදාහරණ ගත හැක. පරිඝණක ක්ෂේත්‍රයෙන්ම උදාහරණ දෙන්නේ නම් “torrent, blog, Wimax” වැනි වදන් දැක්විය හැක. මෙයින් සිදුවන එක් යහපත් බලපෑමක් නම් වදන් අනවශ්‍ය පරිදි දික් නොවීමයි. එමෙන්ම මෙහි දාර්ශනික පැතිකඩකුත් තිබේ. එනම් නව සංකල්පයක වචනයක් සඳහා පැරණි සංකල්ප සඳහා ඇති වදන් ආශ්‍රයෙන් වචනයක් යෙදීමේදී එම සංකල්ප වල යෙදීම් ගැනත් සැලකීම අනිවාර්ය වේ; එනම් නව සංකල්පය පැරණි සංකල්ප මතම පදනම් වූවක් ද නැති නම් පැරණි සංකල්ප වලින් ඔබ්බට ගිය බවක් ඇතිද යන්න ආදිය සැලකිය යුතුය. නමුත් නව සංකල්පයෙහි පැරණි සංකල්ප වලින් ඔබ්බට ගිය බවක් ඇත්නම් එයට පැරණි සංකල්ප සඳහා ඇති වදන් ආශ්‍රයෙන් වචනයක් යෙදීම කෙතරම් උචිතද යන්න ගැටළුවකි.

ඒ වගේම වෙනත් බසකින් වචන ණයට ගැනීම(loanwords) ගැන අප බිය නොවිය යුතුයි. මේ සඳහා සාධණීය උදාහරණ ලෙස කෝච්චිය, කේතලය, ඉඳකටුව, අල්මාරිය වැනි වචන ඉදිරිපත් කල හැක. විය යුත්ත නම් ඒ වචන අපගේ උරුව හා වහරට ගැලපෙන පරිදි සංශෝධනය කර ගැනීමයි. එනම් අනුකරණය නොකර අවශෝෂණය කල යුතුය. මෙසේ සංශෝධනයකින් තොරව අනුකරණයකට යාමෙන් බසට දැඩි හානියක් වන බවද සිහියේ තබා ගත යුතුය.


මේ සියල්ල සඳහා මා රීති (නීති නොවේ) කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. (මෙහි වෙනස් විය යුතු හෝ මෙයට එකතු විය යුතු දෑ තිබේ නම් කරුණාකර සඳහන් කරන්න.)

# වචන හැකි තරම් කෙටි හා සරල විය යුතුය. (මහප්‍රාණ වැඩි හැතැප්මක් විතර දිග වචන නොදැමිය යුතුය.)
# උච්චාරණය කිරීමට පහසු විය යුතුය. (දිව ඇඹරෙන හෝ උගුර බැරණ්ඩි හෝ නහය ඤොක්කං නොවිය යුතුය.)
# එකම වචනය අදහස් දෙකක් සඳහා නොවිය යුතුය. (උදා: {bat - වව්ලා, bat - පිත්ත} හා {කන - ඇසක් නොපෙනෙන, කන - ආහාර ගන්නා} ආදී වශයෙන් එකම වචනය අදහස් දෙකක් සඳහා යොදා නොගත යුතුය.)
# පැරණි වචන ආශ්‍රයෙන් නව වචන නිපදවනවා වෙනුවට සෑම විටම නව ශබ්ද නිර්මාණයට යොමු විය යුතුය.
# එමෙන්ම වෙනස් අදහස් දක්වන වචන සඳහා ආසන්න වශයෙන් හෝ සමාන ශබ්ද යොදා ගැනීම හැකිතරම් අවම කල යුතුය.
# එක් වර්ගයකට (category) අයත් වචන ‍පොදු ආකාරයකට නිර්මාණය කිරීමට උත්සාහ(අනිවාර්ය නොවේ) කල යුතුය. (උදා: ජීව විද්‍යාව - biology, සත්ව විද්‍යාව - zoology හා lunch - දවල් ආහාරය, dinner - රාත්රීා ආහාරය ආදී වශයෙන්)
# යම් සංකල්ප සඳහා වචන නිර්මාණයේදී වචන කීපයක් යොදා ගන්නවාට වඩා ඒ සඳහා තනි වචනයක් නිර්මාණයට පෙළඹිය යුතුය. (උදා: “ජීව විද්‍යාව” යන වචන දෙක වෙනුවට “biology”)
# නව වචන හා ශබ්ද නිපදවීමේදී බසෙහි ඇති වහර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් සෑම බසකටම ඊටම ආවේණික වූ වහරක් හා උරුවක් ඇත. නොදන්නා සිංහල හා ඉංග්‍රීසි වචන පවා මෙය සිංහල; මෙය ඉංග්‍රීසි යනුවෙන් හඳුනාගත හැක්කේ ඒ ආවේණික වහර හා උරුව නිසාය.
# වැදගත්ම කාරණයක් වන්නේ වචන නිර්මාණය කරන්නේ බහුතරයක් සාමාන්‍ය මිනිසුන්ගෙන් සමන්විත වූ සමස්ත ප්‍රජාවටම මිසක් බහුශ්‍රැතියන්ගේ හා පණ්ඩිතයන්ගේ පාවිච්චියට පමණක් නොවන බව සිහියේ තබා ගත යුතුය.

මේවාත් අනිවාර්යයෙන්ම කියවන්න:
Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)
අපේ බස අපි රැකගමු! : අපි අපිටම උදව්වක් කර ගමුද?

කරන්ට් ගියා! අපි ඉවරයි!

Tuesday, August 18, 2009
මම මේ කල්පනා කලේ අපි පාවිච්චි කරන හැම දෙයක්ම වගේ (ඒ කියන්නේ හැම දෙයක්ම කියල නෙවෙයි හැම දෙයක්ම වගේ කියලයි) වැඩ කරන්නේ විදුලියෙන්නෙ. අපි විදුලිය කියන ශක්ති ප්‍රභේදයට ඇබ්බැහි වෙලා වගේ ඉන්නෙ. (අපි යැපෙන්නෙ බොරතෙල් මත කියන එක බොරුවක්. අපි යැපෙන්නෙ විදුලිය මත. අපි බොරතෙල් වලින් වැඩි හරියක් පාවිච්චි කරන්නෙත් විදුලිය නිපදවන්න) ටී.වී. බලන්න, බත් උයන්න, රෑට කළුවර නැතිකරන්න, ෆැක්ටරි වැඩකරන්න මේ හැම දේකටම ඕනෙ විදුලියනෙ. දැන් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ලෝකයක්. අඩුම ගානෙ ඉස්පිරිතාලයක්වත් කරන්ට් නැතුව වැඩ කරන්නෑනෙ. පොඩ්ඩක් හිතන්න, විදුලිය අතුරුදහන් උනොත් අපිට ආයෙත් ගල් යුගයට යන්න තමයි වෙන්නෙ.

Believe to see?

Monday, August 17, 2009
In most of the times it is, believing is seeing than seeing is believing.

සිංහල යුනිකෝඩ් ෆොන්ට් තියෙනවද?

Tuesday, August 11, 2009
ඉස්කෝල පොත, දිනමිණ යුනි වෙබ්, මලිති වෙබ් හැර වෙනත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් තිබේද? අලුතින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් හදන්නේ කොහොමද? දන්න කෙනෙක් කියල දෙත්වා! ලොකු උදව්වක්!

මොනවා උනත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් වර්ග ගොඩක් නැති එක ලොකු පාඩුවක්! පුළු පුළුවන් කට්ටිය ෆොන්ට් ටිකක් හදමුද? මොකද කියන්නේ?

මම කුහක නෑ!

Monday, August 10, 2009
මේක ඇත්ත කතාවක්. මේකෙ ඉන්න පුද්ගලයො දෙන්නා අපි ‘අ’ සහ ‘ඉ’ ලෙස ගමු.

අ: මචං, උඹලගෙ ඉස්කෝලෙ අර *** මැච් එකෙන් දිනලා! සැහෙන කාලෙකට පස්සෙ තමයි ඔය දින්නෙ!

ඉ: ආ ඇත්තද? කමක් නෑ, හොඳයි.

අ: ඇයි යකෝ කමක් නෑ කියන්නේ? උඹට ඒකට සතුටු නැත්ද?

ඉ: මට ඉතින් ඔය මොකක් දින්නත් එකයි, විශේෂ සතුටක් නෑ.

අ: උඹ මහ කුහකයෙක් බං. මෙච්චර කල් උඹ ඉගෙන ගත්ත ඉස්කෝලෙ නේද මචං. ඔච්චර චාටර් එකෙක් වෙන්න එපා.

ඉ: මම කුහක නෑ මචං. මම ඉගෙන ගත්ත ඉස්කෝලෙට මම ගරු කරනවා. ඒකෙ අඩුවක් නෑ. ඒ උනාට මගේ ඉස්කෝලෙට වගේම මම අනිත් හැම ඉස්කෝලෙකටම එක වගේ ගරු කරනවා. මට අධ්‍යාපනය දුන්න විතරක් නෙවෙයි, ඕනෑම මිනිහෙකුට අධ්‍යාපනය දුන්න ඕනෑම ඉස්කෝලෙකට මම එක සමානව ගරු කරනවා. මගේ ඉස්කෝලෙ මට ලොකු වෙන්නෙ මම මට විශේෂ පුද්ගලයෙක් නම් නේ. ඒත් මට මම විශේෂ පුද්ගලයෙක් නෙවෙයි. මේවා මගේ, මේවා මම, මේවා මට කියල අල්ලගෙන දඟලන්න උවමනාවක් මට නෑ. මමත්, ඔයාත්, අනික් හැම දෙනාවත් මට එක සමානයි. ඒක හින්දා මම ඉගෙනගත්ත ඉස්කෝලෙ විතරක් නෙවෙයි “මම” මොන තර‍ඟෙන් දින්නත් මට විශේෂ සතුටක් නෑ. පැරදුනාට ඇති දුකකුත් නෑ. මේක ඉස්කෝලෙට විතරක් නෙවෙයි, අනිත් දේවල් වලටත් අදාලයි.

අ: මට උඹේ බහුබූත තේරෙන්නෙ නෑ.

ඉ: අවුලක් නෑ. දැනට ඔය කතාව අතාරලා දාපං. පස්සෙ දවසක තේරෙයි.

මගේ සිංහල යුනිකෝඩ් කෙරුවාව (හිත ඇත්නම් පත කුඩාද?)෴

දැන් සිංහල බ්ලොග් අවකාශයට බ්ලොග් ලියන්නන්/ කියවන්නන් සෑහෙන්න අළුතින් එකතු වෙන බවක් පේනවා. ඒ උනාට මේ ගොඩ දෙනෙක්ට සිංහලෙන් ලිවීම තවමත් අපහසු කාර්යයක් බවයි පෙනෙන්නට තියෙන්නේ.(ගොඩ දෙනෙක් සිංහලෙන් ලියන්න සෑහෙන කට්ටක් කන බවක් පේනවා) ඒ හින්දා මේ හැමෝටම පොඩි හරි උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන් හැමෝටම බලාගන්න කියලා මගේ සිංහල යුනිකෝඩ් කෙරුවාව ලියන්න ඕනෙ කියල හිතුනා. ඔන්න එහෙනම් මගේ සිංහල යුනිකෝඩ් ඉතිහාසය පටාන් ගත්තා.

මම මුලින්ම සිංහල යුනිකෝඩ් ගැන දැන ගත්තේ දැනට අවුරුදු එක හමාරත්, දෙකහමාරත් අතර කාලෙකට කලින්.(හරියටම මතක නෑ) ඒ කාලෙ මට තිබ්බා සිංහල උණක්! ඒ කාලෙ වෙනකොට මගේ ඉංගිරීසියත්(මේකට කඩුව කියන්න නම් මම කැමති නෑ) සෑහෙන්න හොඳ මට්ටමක තිබ්බත්,(සිංහල උණට කලින් මට කාලයක් ඉංගිරීසි උණකුත් හැදිලා තිබ්බනේ!) ඒ ඔක්කොම අතෑරලා මම “සිංහල විතරයි” ප්‍රතිපත්තියකට ආවා.(මම දන්නෙ සිංහලයි, ඉංගිරීසියි විතරයි හො‍ඳේ!) ඒ කාලෙ සෑහෙන්න අමාරුවෙන් එක ඉංගිරීසි වචනයක් වත් කතා කරනකොට වත් පිටවෙන්න නොදී හිටියා. ඒත් ඉතින් පරිඝණකයේ හැම වැඩක්ම ඉංගිරීසියෙන් කරන්න වෙච්චි එක ගැන කණගාටුවකුත් තිබ්බා. ඉතින් ඔහොම ඉන්නකොට මම ICTA එකෙන් රූපවාහිනියේ දාපු දැන්වීමක් දැක්කා. මේකෙ කිව්වේ සිංහලෙන් ඊ-මේල් යවන්න දැන් පුළුවන් කියලයි.(මං හිතන්නේ මේ සිංහල යුනිකෝඩ් වින්ඩෝස් වලට මුලින්ම හදපු දවස්වල වෙන්න ඕනෙ.) ඔන්න එතකොට මගේ හිසේ මලක් පිපුනා වගෙයි. ඉංගිරීසි භාවිතය තව එක ක්ෂේත්‍රයකින් අඩු කරන්න පුළුවන්, හුරේ!

ඉතින් අර රූපවාහිනි දැන්වීමේ දාපු වෙබ් ලිපිනයට(locallanguages.lk හෝ siyabas.lk) ගිහින් මමත් ඔය කියපු “Sinhala pack” එක බාගත්තා. ඉතින් මේකෙ “මාව කියවන්න”(read me) එක කියවනකොටයි මට තේරුනේ මේකෙන් සිංහලෙන් ඊ-මේල් විතරක් නෙවෙයි පරිඝණකයේ හැම දෙයක්ම වගේ සිංහලෙන් කරන්න පුළුවන් කියලා. දැන් ඉතින් සතුට දෙගුණ, තෙගුණ වෙලා. ඉතින් දැන් කොහොම කොහොම හරි මේක ස්ථාපනය(install) කර ගත්තයි කියමුකෝ.

ඒත් ඉතින් මල කෙලියයි. සිංහලෙන් ලියන්නෙ කොහොමද? සිංහල Keyboard layout එකක් ඇත්තෙත් නෑ. අකුරු තියෙන්නෙත් හරි අමුතු විදියකට. ‘ම’යන්න ගහන්න හිතාගෙන m එබුවට වදින්නේ ‘ප’. මදෑ කොලා! දැන් මොකද කරන්නේ. අනික ඉතින් ඒ දවස්වල සිංහල keyboard layout එක මුද්‍රණය කරලා තියෙන keyboard තියෙනවා කියල මම දැනං හිටියෙත් නෑ. ඒ වගේම සිංහල යුනිකෝඩ් පරිවර්තක තියෙන බවක් මම දැනගෙන හිටියෙත් නෑ. අනික ඉතින් මම ඒ දවස් වල පරිඝණක ක්ෂේත්‍රය ගැන හරියට දන්නෙත් නෑනෙ. අනික ඉතින් මේක අහගන්න කෙනෙක් මම දැනගෙන හිටියෙත් නෑ.

මොනවා කරන්නද දැන්? ඕන දෙයක් කියලා මේක කොහොම හරි type කරන්න ඉගෙනගන්නවා කියල හිතාගත්තා. මුලින්ම දා ගත්තා MS Word. ඊට පස්සේ යතුරු පුවරුවේ තියෙන හැම අකුරක්ම/ යතුරක්ම enter ගගහ ඉංගිරීසියෙන් පල්ලෙහාට ලියාගෙන ගියා. ඊට පස්සේ භාෂාව සිංහලට මාරු කරලා, අර කලින් ලියපු හැම අකුරකම/ යතුරකම ඉංගිරීසි එකට ඉස්සරහින් සිංහලෙන් ලියාගෙන ගියා. ඒත් ඉතින් අකුරු තව අඩුයි. ඊට පස්සෙ shift යතුර ඔබාගෙන හැම අකුරක්ම ගහලා බැලුවා; ඒත් අකුරු අඩුයි. ඊට පස්සේ ctrl, alt විතරක් නෙවෙයි f1, f2 වගේ යතුරුත් (shift + ctrl), (shift + alt) වගේ එක එක යතුරු සංයෝජනත්(key combination) ආදී එක එක විධියට ගහලා ගහලා සෑහෙන අකුරු තොගයක් ගහන විධිය හොයාගත්තා.

ඒත් ඉතින් තනි තනි අකුරු ගහන්න දැනගත්තට වැඩක් නෑනෙ. සිංහල ඉතින් ඉංගිරීසි වගේ නෙවෙයිනේ. අකුරු බැඳිලා එක එක තව අකුරුත් හැදෙනවානේ. මේවාත් ඉතින් මම කට්ට කාගෙන type කරලම තමයි හොයාගත්තේ. ‘ශ්‍රේ’ වගේ අකුරු ගහන්න ඉගෙනගන්න සැහෙන්න කට්ටක් කෑවා. ඉස්සෙල්ලා ගහන්න ඕනෙ කොම්බුවද නැත්නම් ‘ශ’යන්නද, හල් කිරීමට කලින්ද නැත්නම් පස්සෙද ‘්‍ර’ ගහන්නේ කියලා දැනගන්තේ එක එක විධියට ගහලම තමයි. ‘රු’ ලියන්නේ, ‘ර’යන්නට පාපිල්ල(ු) එකතු කරලා මිසක් ‘ර’යන්නට ඇදය(ැ) එකතු කරල නෙවෙයි කියල හොයාගන්න සෑහෙන අමාරු උනා. ඒ කියන්නේ අකුරු හැදෙන්නේ ඒකෙන් නිරූපිත ශබ්දයට අනුව මිසක් ඒකෙ දෘෂ්‍ය හැඩයට අනුව නෙවෙයි කියන එක. මේ විධියට එක එක වි‍ධියේ විකාර කරමින් කොහොම කොහොම හරි ඕනෙ අකුරක් ගහන විධිය ඉගෙනගත්තා. (ඒත්, ක්‍ෂ, ර්‍ග, ඳ්‍ව වගේ බැඳි අකුරු ගහන විධිය ඉගෙනගත්තේ දැනට සති කීපයකට කලින්.) මේ සම්පූර්ණ වැඩේට මාසයක් දෙකක් විතර ගියා.(සමහරවිට ඊටත් වැඩිද මන්දා...)

ඊට පස්සේ CorelDraw දාගෙන ඇන්දා keyboard layout. තව අකුරු බැ‍ඳෙන විධිය ලියලා පොඩි help document එකකුත් ලිව්වා. දන්න දන්න ගොඩ දෙනෙක් අතරේ මේක බෙදාහැරියා. හැබැයි ඉතින් මම මේවා දුන්න එක්කෙනෙක් වත් තව කාටවත් මේවා දුන්නෙ නැති බවත් දන්නවා. මොනා කරන්නද? මට උන්ට බලෙන් දෙන්න කියන්න බෑනේ! මේක මම කොච්චර බෙදාහැරියද කියනවා නම් ‘උපාලි පුවත්පත් සමාගම’ටත් මම CD එකක දාලා පිටපතක් යැව්වා! ඒකට මොනවා උනාද, ඒකෙන් වැඩක් උනාද කියල නම් මම දන්නේ නෑ.

ඉතින් ඔය ඔක්කොම කරන අතරේ මම දිගටම සිංහලෙන් අකුරු හොය හොයා type කරා. මේක කොච්චර නැගලා ගියාද කියනවා නම් වෙනදා පෑනකින් කොල වල ලියපු දේවලුත් මම type කරා. ඒ වගේම පුළුවන් හැම folder එකක්මත් සිංහලෙන් rename කරා. කෙටියෙන්ම කියනවා නම් පරිඝණකයේ අතුරු මුහුණත හැර ගොඩක් දේවල් සිංහල කරා.

කොහොම උනත් මේ හැම දෙයක්ම කලේ යුනිකෝඩ් පරිවර්තකයකින් තියා සිංහල අකුරු මුද්‍රණය කරලා තියෙන keyboard එකකින් වත් නෙවෙයි; මම තාමත් සිංහල type කරන්නේ එක සිංහල අකුරක්වත් නැති ඉංගිරීසි අකුරු විතරක් තියෙන keyboard එකකින්! ඒත් අද වෙන කොට මට ඉංගිරීසි වලට වඩා 1.5ත් 2ත් අතර වේගෙකින් සිංහල type කරන්න පුළුවන්! අදත් මට ඉංගිරීසියෙන් touch typing බැරි උනාට දැන් දැන් සිංහලෙන් යන්තම් පුළුවන්! ඔන්න ඕකයි මගේ සිංහල යුනිකෝඩ් කෙ‍රුවාව෴

ඉතින් මම හිතනවා මේකෙන් කාටහරි පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා. ඉතින් මම කියන්නේ සිංහල type කරන්න අදම ඉගෙනගන්න; අමාරුයි කියල අඬ අඬ ඉන්න එපා. හිත ඇත්නම් පත කුඩා වෙන්නේ නෑ කොහොමටත්! සිංහල යුනිකෝඩ් පරිවර්තක තියෙන එක හොඳයි.(බහු ජන හිතසුව පිණිස ඒවා හදපු අයට අපි ගරු කල යුතුයි.) ඒත් ඒවාට කොටු වෙන්න එපා, මොකද එතකොට අපි සිංහල සඳහා තවත් භාෂාවක් මත යැපෙනවා. භාෂාවක් උනහම ස්වාධීනව පැවතීමේ ශක්තියක් තිබිය යුතුයි.

ඒ වගේම සිංහල type කරන්න ඉගෙනගන්න හොඳම ක්‍රමය : සිංහල අකුරු නැති ඉංගිරීසි keyboard එකකින් පුරුදු වෙන එකයි. මොකද සිංහල අකුරු තියෙන keyboard එකක් පාවිච්චි කලාම අකුරු බල බල ගහන්න පුරුදු වෙනවා. ඒත් සිංහල අකුරු නැති ඉංගිරීසි keyboard එකකින් type කරන්න පුරුදු උනාම අකුරු තියෙන තැන් වඩා හොඳින් ඇඟිලි වලට මතක තියෙනවා.

ආ, තව දෙයක්; මම දන්න විධියට නම් මේ විජේසේකර keyboard layout එක තමයි සිංහල type කරන්න තියෙන හොඳම එක. මම දන්න විධියට නම් මේක හදල තියෙන්නේ ඉංගිරීසියෙන් type කරන්න තියෙන qwerty හා Dvorak keyboard layout වගේ වැඩිපුර අවශ්‍ය අකුරු පහසුවෙන් type කරන්න පුළුවන් විධියකටයි.

මොනවා උනත් මම කාටවත් බල කරන්නේ නෑ. කැමති විධියක් කරන්න. කාට හරි ඕනෙ නම් සිංහල type කිරීම සම්බන්ධව මට පුළුවන් විධියක ඕනෙ උදව්වක් දෙන්න මම සූදානම්. එහෙනම්, සිංහලයට ජය වේවා! හෙල බස සදා රැ‍ඳේවා!

21st Century Breakdown || සංගීතයේ දේශපාලනය!

Monday, August 3, 2009
Born into Nixon I was raised in hell
A welfare child
Where the Teamsters dwelled
The last one born and the first one to run
My town was blind from refinery sun

My Generation is zero
I never made it as a working class hero
21st century breakdown
I once was lost but never was found
I think I am losing what's left of my mind
To the 20th century deadline.

I was made of poison and blood
condemnation is what I understood

Videogames of the tower's fall
homeland security could kill us all

My Generation is zero
I never made it as a working class hero
21st century breakdown
I once was lost but never was found
I think I am losing what's left of my mind
To the 20th century deadline.

We are the cries of the class of '13
born in the era of humility
We are the desperate in the decline
Raised by the bastards of 1969

My name is no one
The long lost son
Born on the 4th of July
Raised in the era of heroes and cons
That left me for dead or alive

I am a nation
A worker of pride
My debt to status quo

The scars on my hands
and the means to an end
Is all that I have to show

I swallowed my pride
and I chocked on my Faith
I've given my heat and my soul
I’ve broken my fingers
And lied though my teeth
The pillar of damage control

I've been to the edge
And I’ve thrown the bouquet
Of flowers left over the grave
I sat in the waiting room
Wasting my time
And waiting for judgment day

I praise liberty
the "FREEDOM" to obey
Is the song that strangles me
Don't cross the line

Dream, America Dream
I can't even sleep
From the light's early dawn

Scream, America scream
Believe what you see
From heroes and cons

Song: 21st Century Breakdown
Album: 21st Century Breakdown
Artist(Band): Green Day

සුපිරි සිංදු සහිත සුපිරි ඇල්බමය! - 21st century breakdown

Friday, July 24, 2009
මේ වගේ ලිපියක් ලියන පළවෙනි අවස්ථාව.

මේ වගේ සිංදු තියෙන ඇල්බම් එකක් සිංහලෙන් එන්නෙම නැති තරමයි. අති විශිෂ්ටයි. සමාජය, දේශපාලනය, මිනිසුන්ගේ සිතුම් පැතුම්, විප්ලවය වගේ මේ හැම දෙයකම නියම මිශ්‍රණයක් කියන්න පුළුවන්. කතා ඇති, මෙන්න පළවෙනි සිංදුව.

Sing us a song of the century
Louder than bombs and eternity
The era of static and contraband
Leading us into the Promised Land
Tell us a story that's by candlelight
Waging a war and losing the fight
They're playing the song of the century
Of panic and promise and prosperity
Tell me a story to that goodnight
Sing us a song for me

Song: Song of the century
Album: 21st century breakdown
Artist: Green Day

මේ ඇල්බම් එක මගේ හිතට කොච්චර දැනුනද කියනවා නම් මේ ඇල්බම් එක සම්පූර්ණයෙන් එක දිගට 50++ වතාවකට වඩා අහල ඇති. මේක ලියන වෙලාවෙත් අහනවා.

බොලඳ ආදර ගීත වලට වඩා මේවා කොච්චර අර්ථවත්ද? මේ වචන වලට යටින් ඇති සියුම්, ගැඹුරු කතාව කෙතරම් දරුණුද?

ප.ලි. ඇත්තටම 21st century breakdown එකෙන් අපි ගොඩ එන්න නම් මොනවද කරන්න ඕනෙ?

වැඩ පෙන්නනවා ඇරෙන්න වැඩක් කරන කව්රුවත් ඉන්නවද?

ඔහේ කියවන එකයි පම්පෝරි ගැහිල්ලයි ජිම්නාස්ටික්,කුංෆු, බල්ටි ගසමින් වැඩ පෙන්වීමයි ඇර වැඩක් ඇති වැඩක් කරන කව්රුවත් ඉන්නවද මේ සිරි ලංකාවෙ? රතිඤ්ඤා වගේ, සද්දෙ විතරයි-වැඩ නෑ. මේ කියන්නෙ මුළු මහත් සමස්ත ලාංකීය සමාජයම ගැන. ඒ කියන්නෙ,

**දේශපාලුවෝ -: එග්සාම්පල්ස්: විධායක උතුමන්, මහාමාත්‍ය නිරිඳුන්, පාර්ලිමන්ට් ජෝකර්ස්, පළාත්/නගර/ප්‍රාදේශීය සභා පොරවල් -
ආණ්ඩුවේ ඉන්න කොට කරන්න තියෙන්නෙ ඇස් කණ් පියාගෙන ඒසී කාමරවලට වෙලා ආතල් ගන්න ගමන් පරම්පරා සීයකට විතර හම්බ කරන එකයි. යටින් පොඩි පොඩි ගේම් දෙන එක සයිඩ් බිස්නස් එකක් විධියට කරනවා. විපක්සයේ ඉන්න කොට කරන්න තියෙන්නේ ආණ්ඩුවේ එකාට මට තරම් හොඳට වැඩ බෑ කියල කෑ ගහන එකයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්! තව අමතරව ඡන්ද කාලෙට පුළුවන් තරම් වැඩ පෙන්නන එකයි තියෙන්නේ. මට මේවත් තියෙනවා, එව්වත් තියෙනවා, අරවත් තියෙනවා කියලා. වැඩ පෙන්නනවා ඇර වැඩක් කරන්න ඕනෙම නෑ.

**මීඩියා කාරයෝ -: එග්සාම්පල්ස්: ජාතියේ චැනල් එක, පවුලේ චැනල් එක, ජනතාවගේ චැනල් එක, ළඟම නෑයගෙ චැනල් එක, සිරි ලාංකේය අභිමානයේ චැනල් එක, නිදහස් මාධ්‍ය බිස්නස් කොම්පැනිය, කඩල ගොටු හදන්න කොල අච්චු ගහන එවුන්, එෆ්.එම්. ඩී.ජේ. ස්ලා(අපිත් ජනමාධ්‍යවේදීන් තමයි හරිද මෙයා) - ඕනෑම පචයක් කියල ජනතාව මුලා කරන්න(නෑ, නෑ, වැරදුනා; මුලාවෙන් මුදව ගන්න), අපිව ජීවත් කරවන කොම්පැනි වලට ජනතාව සූරාකන්න(නෑ, නෑ, වැරදුනා; සූරාකෑමෙන් මුදව ගන්න) අපිට තියෙන නිදහස වන මාධ්‍ය නිදහස තරම් වැදගත් කිසිම දෙයක් මේ ලෝකෙ නෑ.

**දේශප්‍රේමීන්/ මානව හිමිකම් ඒජන්ට්ස්/ එන්.ජී.ඕ එන්ටර්ටේන්මන්ට්ස්/ ලෝකල් බැරැක් ඔබාමාස් - හිතාමතාම මේ ගැන අදහස් දැක්වීමෙන් වැළකෙමි.

**වමත් කාරයෝ/වැඩ කරන ජනතාවගේ ගැලවුම්කාරයෝ - වැඩ කිරීම කෙසේවෙතත් වැඩ නැවැත්වීම(වැඩ වර්ජන, උපවාස) නම් හොඳට කරනවා. අයිතීන් ලබාගැනීම පමණයි; යුතුකම්(ඒ මොනවද?) ඉටුකිරීම් නෑ. අපිත් අපේ අයිතීන් වෙනුවෙන් වැඩ(වර්ජන) කරමු. විප්ලවයට ජය වේවා!

**ට්‍රෙන්ඩ් එක පස්සෙ දුවන චූන් වෙච්චි යූත් එක (වයි අහල ෆන් එකට ස්ටෙලා වෙමු!) - මූන් එකේ වගේ ඔයාගෙ ෆේස් එකෙත් වලවල් වහන්න නම් මේ ක්‍රීම් ඔක්කොම මූනෙයි, පු..යි හොඳට ගාන්න හො‍ඳේ!

**ෆියුචර් එක බාරගන්න ඉන්න සිරි ලාංකීය සිස්‍ය ප්‍රජාව(සිස්‍ය නෙවෙයි යකෝ ශිෂ්‍ය - ඩූඩ්, අපි නම් ඕවා දන්නෙ නෑ. අපේ ඉන්ටර්නැෂනල් එකේ ඔය තුට්ටු දෙකේ සිංහල ටීච් කරන්නේ නෑ. ඉෆ් යූ වෝන්ට් අයිල් ටෙල් ඉන් ඉන්ග්ලිෂ්. සිංහල අඩුම ගානෙ ඊට් කරන්නවත් පුලුවන්ද? බට් ඉන්ග්ලිෂ් නැතුව ටොයිලට් යන්නත් බෑනෙ! අනික ඉන්ග්ලිෂ් කියන්නේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකනේ!) –
මුන් කරන්නේ උදේ හතරට විතර නැගිටලා පාඩම් කරලා පාඩම් කරලා ඉස්කෝලෙට දුවනවා.(ටිකක් කල් යද්දී මේ ඉස්කෝලෙ කියන වචනෙ ක්ලාස් කියන වචනෙන් රිප්ලේස් වෙනවා) ඊට පස්සේ රෑ හතට අටට විතර ගෙදර ඇවිත් ටී.වී. එක පොඩ්ඩක් බලලා අන්තර්ජාලයේ සැරිසරනවා. ෆේස්බුක්, හයි5 පැත්තෙ පොඩ්ඩක් කරක් ගහලා දකින දකින හැමෝටම ‍ෆ්රෙන්ඩ් රික්වෙස්ට් කරලා, කාත් එක්ක හරි පොඩි චැටක් දාගෙන ආතල් එකේ ඉන්නවා. ටිකක් වෙලා මෙහෙම ඉඳලා කෙල්ලත්/කොල්ලත් එක්ක එස්.එම්.එස් රචනා හුවමාරු කරගෙන අන්තිමේදි පොඩි වැලකුත් බලල (අ.. පාරක් ගහල) පාන්දර දෙකට විතර බුදියගන්නවා. (මෙලෝ යකෙකුට වැඩක් නෑ!)

**සිස්‍යයොන්ට කලින් වැඩ බාරගන්න ඉන්න යුනිවර්සිටි සෙට් එක - උප සංස්කෘතියයි දේශපාලනයයි කරේ තියාගෙන ඒකෙ බරට හතරට විතර නැවිලා කඩේ නොයා කඩේ යනවා.

**සීත යුගය එන්න කලිං ඔපිස් වල පුටු රත් කරන රාජ්යව සේවකයෝ - අද නම් හරිම සීතල දවසක් මෙයා.

**සිරි ලාංකීය රිදම් එකේ සංගීත කාරයෝ(ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ආටිස්ට්ලා) -: එග්සාම්පල්ස්: ඉරා---ජ්, බී ඇන් එස්, හිපොප් ක්වීන්, සිහාන්, රනිඩු, මිරිස්(චිලී), කිලර් මී මැස්සා, තාත්තා, බම්බරී, චින්ටි, ලෝකල් මයිකල් ජැක්සන් - උඹෙ නොම්බරේ මොකක්ද, බම්බරී?

**සිරි ලාංකීය පොරවල් -: එග්සාම්පල්ස්: නලීන් ඩ සිල්වා නම් වූ මහා සිංහල බෞද්ධයා, පෙරදිගට හුලං පිඹින්නෝ, හඳයා, සන්නා, දුකා, පණා පුත්‍රයා, මහින්ද මාමා, රනිල් අංකල්, සෝමෙ සහෝදරයා, පිරිබාහරන් සර්, දුටුගැමුණු පරපුරේ උරුමක්කාරයා, වන් සොට් - වැඩ කිරීම කෙසේවෙතත් වැඩ පෙන්නන තරමට වාසියි.

**ප්‍රෞඩ සිරි ලාංකික ජනතාව -: එග්සාම්පල්ස්: කැපුවත් කොළ/නිල්/රතු කට්ටිය, බෝතලයක් දෙනවනම් මනාප දෙන කට්ටිය, මහගෙදරයි, ප්‍රවීනායි තුලින් සමාජ යථාර්තය දකින්න උත්සාහ කරන කට්ටිය, නැව ගිලුනත් බෑං චූන් කට්ටිය, උසස් කුලේ/ පහත් කුලේ කට්ටිය, එහා ගෙදර එකාට හෙණ ගහනකං බලං ඉන්න කට්ටිය, පුඩ් සිටියෙන් බඩු ගන්න කට්ටිය, පොළෙන් බඩු ගන්න කට්ටිය, වවාගෙන කන කට්ටිය, ඉල්ලං කන කට්ටිය, අනාගෙන නාගෙන කන කට්ටිය

**බිස්නස්මන්ලා -: එග්සාම්පල්ස්: බිස්නස් ටයිකූන්ස්, එකොනොමික් හිට්මෑන්ස්, බහුජාතික කොම්පැනි බූවල්ලෝ, සේල්ස් ඒජන්ට්ස්, තොග මුදලාලිලා, සිල්ලර කඩකාරයෝ, ටියුෂන් මාස්ටර්ස්, කඩල විකුණන එවුන්, පොකට් ගහන එවුන් - මෙන්න නියම වැඩකාරයෝ. නියමෙට වැඩේ දෙනවා.

**කුඩු සිරාලා, තගාලා, මැරයො, අන්ඩර්වර්ල්ඩ් ඩොන්ලා, සුදු වෑන් භූතයෝ - තවත් නියම වැඩකාරයින් කොටසක්.

ගැනයි මේ සුන්දර සුරංගනා කතාව!

මල් වඩම් අනවශ්‍යයයි!
මේ හැඟුම් බර මොහොතේ අප සමග ශෝකය බෙදා ගැනීමට එක්වූ සියළු දෙනාට ස්තූතියි! අන්තිමේදි අවමංගල සභාව විසිර යන අතරේ මේ සිංදුවත් කව්දෝ මුමුණ මුමුණ යනවා ඇහුනා.


Sing us a song of the century
Louder than bombs and eternity
The era of static and contraband
Leading us into the Promised Land
Tell us a story that's by candlelight
Waging a war and losing the fight
They're playing the song of the century
Of panic and promise and prosperity
Tell me a story to that goodnight
Sing us a song for me

Song: Song of the century
Album: 21st century breakdown
Artist: Green Day

ප.ලි.: මගෙත් හිතටත් මොකද්දෝ වගේ, ආපහු හැරිල බලනකොට මගෙන් සමාජයට මොකක් හරි දෙයක් ලැබිල තියෙනවද කියල. මේ ලිපියට කට්ටියගෙන් මට හොඳට කන්ඩ වෙයි වගේ...

අපේ බස අපි රැකගමු! : අපි අපිටම උදව්වක් කර ගමුද? (නැවත මතක් කිරීමක්)

Thursday, July 23, 2009
“අපේ බස අපි රැකගමු!” ලිපි පෙලේ පළමුවැන්නයි මේ. මේ ලිපි පෙලින් අපේ බස (සිංහල) රැක ගැනීමට අපිට කල හැකි දේ පිළිබඳව කතා කරන්නටයි බලාපොරොත්තුව. ඉතින් එක්ව උඩුගං බලා පිහිනන්නට සියළු දෙනාට ආරාධනා!

දැනුම! දැනුම අත්‍යවශ්‍යය; දැනුම නැත්නම් කිසිවක් හරියට බැරිය. ලාංකීය සමාජය එක තැන පල්වීමට ලොකුම හේතුව වන්නේද නිසි දැනුමක් ජනතාව සතු නොවීමය. නමුත් එය වෙනස්කිරීමට දැන් කාලයයි. ඔව්! අපිටත් ඒ මෙහෙවරට දායක විය හැකියි. එය පටන් ගැනීමට හොඳම තැන දැනුම කිව්වහම අපිට මුලින්ම මතක් වෙන තැනින්ය: විකිපීඩියා! විකිපීඩියාව ගැන නොදන්නා අයෙක් නොමැති තරම්ය. නොදන්නා දෙයක් හමුවූ විට අපි මුලින්ම දිව යන්නේ විකිපීඩියාවටය. අපි හැමෝම දන්න පරිදි විකිපීඩියාව ඕනෑම අයෙකුට ලිපි සැපයීමෙන් වර්ධනය කල හැක. විකිපීඩියාවට ලිවීමට ආචාර්ය, මහාචාර්ය කෙනෙක් වීමට ඕනෑ නැත.

නමුත් සිංහල විකිපීඩියාව තවමත් ඇත්තේ පහල මට්ටමකය. දැනට එහි ඇති ලිපි වලද බොහෝ අඩුපාඩු ඇත. ඉතින් මං හැමෝගෙන්ම ඉල්ලන්නේ සිංහලෙන් හිතන, සිංහලෙන් ඉගෙන ගන්න අය වෙනුවෙන් තම තමන් දන්න දේවල්(ඕනෑම දෙයක්(විද්‍යාව, කලාව, ඕපදූප කියල භේදයක් නෑ), පොඩි පොඩි දේවල් උනත් කමක් නෑ, නොවැදගත් කියල හිතෙන දේවල් උනත් කමක් නෑ, විකාර අදහස් උනත් කමක් නෑ - දැනුමට ලොකු/පොඩි, වැදගත්/නොවැදගත් කියල භේදයක් නෑ.) සිංහල විකිපීඩියාවට ලියන්න කියලයි. (සිංහල බ්ලොග් අවකාශයේද ඉතා වැදගත් ලිපි පවතිනවා මා දැක ඇත්තෙමි. හැකිනම් මේ බ්ලොග් වලට ලියන දෑ සිංහල විකිපීඩියාවටත් සපයන්න.) තවත් හැකිනම් මෙහි(විකිපීඩියාවේ) දැනටමත් ඇති ලිපි සිංහලයට පරිවර්තනය කර සිංහලෙන් හිතන පතන ජනතාව(අපි) වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.

උදාහරණයක් විධියට විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ලිපි ලියන අය, දේශපාලනය ගැන ලිපි ලියන අය, එදිනෙදා දේවල් ගැන ලියන අය, චිත්‍රපටි, පරිඝණක ක්‍රීඩා ගැන ලියන අය ආදී වූ මෙකි නොකී විවිධ ලිපි වර්ග ලියන අය මේ බ්ලොග් අවකාශයේ පවා ඉන්නවා. ඉතින් ඔබට බැරිද ඒ දැනුම සිංහල විකිපීඩියාවට ලියන්න?

සිංහලයිනි, තමන්ට තම ජනතාවට දිය හැකි හොඳම දායාදය දෙන්න. නව ලොව දිනීමට ඔවුන්ව(අපිවම) දැනුමෙන් සන්නද්ධ කරන්න. අපේ මිනිසුන් සිටින තැනින් ඔසවා තබන්නට ඔබේ උපකාරය ලබා දෙන්න. ඔබේ රටට ඔබගේ උදව් අත්‍යවශ්‍යයයි. රටක් සංවර්ධනය කරන්නේ අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි හැදීමෙන් නොව, මිනිසුන්ගේ ඔලු හැදීමෙන්ය.

ඉතින් රට ගොඩනැගීමට ඔබත් උරදෙන්න. අපි වෙනුවෙන් අපි වෙන්න. හෙට උදාවන හිරු අහසට නැංවීමට ඔබ කල මෙහෙවර ගැන දිනක ඔබට සතුටු විය හැකි වේවි. තමන් සතු දැනුම බෙදාගන්න. එය උතුම් ක්‍රියාවකි! මේ ගුරු මුෂ්ටි නොමැති, තුටු පඬුරු නොඉල්ලන සිංහලයින්ගෙන් කරන ඉල්ලීමකි.


අපට කල හැකි දේ:
# සිංහලෙන් අලුතින් ලිපි ලියා එකතු කිරීම.
# දැනට ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් පවතින ලිපි සිංහලයට පරිවර්තනය කිරීම.
# දැනට පවතින සිංහල ලිපි වැඩි දියුණු කිරීම හා ඒවායේ ඇති අඩුපාඩු හා වැරදි සකස් කිරීම.
# මේ ගැන සිංහලෙන් ලිවීමට දන්නා හැකි සෑම දෙනාම දැනුවත් කිරීම හා මගපෙන්වීම.

පරිඝණක, අන්තර්ජාලය හා විකිපීඩියාව ගැන අඩු දැනුමක් ඇති අයවත් දැනුවත් කරන්න - ඔවුන් අතින් ලියන ලිපි ඔබට හෝ තවත් අයෙකුට සිංහල විකිපීඩියාවට එක් කිරීමට කටයුතු කල හැක.) - අමතරව ඔබට හැකිනම් පාසල් ගුරුවරු, ස්වාමීන් වහන්සේලා, වෙනත් සිංහල ආගමික නායකයින් හා තවත් වැදගත් අය හැකිතාක් දැනුවත් කරන්න. (පාසල්, දහම්පාසල් හා ආයතනික මට්ටමින් දැනුවත් කිරීම් කරන්න පුළුවන් නම් හොඳයි.)

සිංහල විකිපීඩියාවට මෙතැනින් යන්න

වැදගත්: කරුණාකර නිවැරදි දැනුම පමණක් ලියන්න. වැරදි හෝ බොරු ලිවීමෙන් වළකින්න. අක්ෂර විණ්‍යාසය, ව්‍යාකරණ හා භාෂා භාවිතය ගැනත් සැලකිලිමත් වන්න.

මෙයත් කියවන්න:
Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)

Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)

Tuesday, July 14, 2009
සිංහල ලස්සනයි; සිංහල සරලයි; සිංහල සංකීර්ණයි; සිංහල අමාරුයි; සිංහල පහසුයි; සිංහල දියුණුයි; මේ ආදී වූ විවිධාකාර කියුම් ඇති සිංහල දැන් අභාවයට යාමට පටන් ගෙන ඇත. මෙය දිගටම පැවතිය හොත් ලෝකයේ වඳ වෙමින් යන භාෂා ලැයිස්තුවට සිංහලද ඇතුලත් වීමට වැඩි කලක් ගත නොවනු ඇත. (තවමත් ලංකාවෙන් මෙයට ඇතුලත් වී ඇත්තේ වැදි බස පමණි.) නමුත් එක් දෙයක් හොඳින් මතක තබා ගන්න. ඉංග්‍රීසි නොදත් ඉංග්‍රීසීන් නැති උනාට(ඉන්නවානම් කියන්න) සිංහල නොදත් සිංහලයින් අපි අතර කොතෙකුත් ඉන්නවා!!

මේ ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම යුනෙස්කෝව විසින් භාෂාවක ඇති ජීවගුණය හා තර්ජනයට ලක්වීමේ හැකියාව (vitality and endangerment) හඳුනාගැනීමට යොදාගෙන ඇති නිර්නායක 9 සලකා බලමු.

1. පරම්පරා අතර භාෂාවේ සම්ප්‍රේෂණය (Intergenerational language transmission)
2. භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව (Absolute number of speakers)
3. මුළු ජනගහනය තුල භාවිතා කරන්නන්ගේ අනුපාතය (Proportion of speakers within the total population)
4. භාෂාව භාවිතා කරන ක්ෂේත්‍රයන්හි වෙනස්වීම (Shifts in domains of language use)
5. නව ක්ෂේත්‍ර හා මාධ්‍ය වෙත දක්වන ප්‍රතිචාරය (Response to new domains and media)
6. භාෂාව ඉගෙනුමට හා සාක්ෂරතාවයට ඇති ප්‍රභව (Materials for language education and literacy)
7. නිල තත්වය හා භාවිතයද ඇතුළුව භාෂාව සම්බන්ධව ඇති රාජ්‍ය හා ආයතනික ආකල්ප හා ප්‍රතිපත්ති (Governmental and institutional language attitudes and policies, including official status and use)
8. තම භාෂාව පිළිබඳ සමාජයේ ආකල්ප (Community member’s attitudes towards their own language)
9. ප්‍රලේඛනයන්හි වර්ග හා ගුණාත්මකබව (Type and quality of documentation)

දැන් අපි මේ එක් එක් කරුණ සිංහල භාෂාව විෂයෙහි සලකා බලමු. (සිංහල ප්‍රජාව තුල ඉංග්‍රීසි භාෂාව සමග සංසංදනාත්මක ලෙස) මෙහි නිර්නායක සඳහා යොදා ඇති අගයන්/ලකුණු සඳහා ලිපියේ අග ඇති යුනෙස්කෝ වාර්තාව බලන්න. (ඉංග්‍රීසි සඳහා ලෝක ප්‍රජාව තුල මෙම නිර්නායක සියල්ලටම ඉහලම ලකුණු ඇති බව සැලකිය හැක.)

1. මෙය නම් පැහැදිලිවම ඉතා සීඝ්‍රයෙන් අඩු වෙනවා. අද සිංහල සමාජයේ දෙමව්පියන්ට තම දරුවාට සිංහල කියාදීමට උවමනාවක් ඇත්තේම නැහැ. උවමනාව ඇත්තේ ඉංග්‍රීසි ඉගැන්වීමට පමණි යන්න අතිශයෝක්තියක් නොවේ. ඉහල පැළැන්තිය තුල සිංහල ඉදිරියට සම්ප්‍රේෂණය ඉතාම පහළ මට්ටමකයි පවතින්නේ. මෙහි නව පරම්පරාවලින් සිංහල දන්නේ අතලොසක් පමණි. මධ්‍යම පාන්තිකයින් හා ග්‍රාමීය ප්‍රජාව තුල මෙය තවමත් සාමාන්‍ය ප්‍රමාණයෙන් පැවතුනත් එය සීඝ්‍රයෙන් අඩු වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙයට හේතු වන කාරණා සම්බන්ධව පහත කරුණු වලදී සාකාච්ඡා කරමු.
සිංහල (5-) තත්වයේ සිට 4 දක්වා යමින් තිබෙනවා යැයි පැවසීමට පුළුවන.

2. තවමත් සිංහල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා පවතිනවා. යුනෙස්කෝව විසින් ප්‍රකාශිත වඳවීමේ භාෂා ලැයිස්තුවට සිංහල ඇතුලත් නොවීමට ප්‍රධාන හේතුව මෙයයි. නමුත් මෙම අගය අඩුවීමේ ලක්ෂණ දැන් දැන් මතුවෙමින් පවතිනවා. (බොහෝ දුරට අළුත් පරම්පරා සිංහල භාවිතයෙන් ඈත් වීමත් සමග) නමුත් ලංකාව තුල ඉංග්‍රීසි භාවිතා කරන ප්‍රමාණය වේගයෙන් ඉහල යමින් පවතිනවා.

3. මෙයත් දැනට ඉහල මට්ටමක පවතිනවා. නමුත් මෙම අගයත් අඩුවීමේ ලක්ෂණ දැන් මතුවෙමින් පවතිනවා. මෙම අනුපාතය තුල ඉංග්‍රීසි සැලකිය යුතු ලෙස ඉදිරියට ඒමේ ප්‍රවනතාවයක් පවතිනවා.
සිංහල 4 තත්වයේ සිට 3 දක්වා පහල බසින බව දැකීමට පුළුවන.

4. ‍සිංහල භාෂාව භාවිතා වන ක්ෂේත්‍ර අද වන විට පෙර නොවූ විරූ ලෙස හීන වෙමින් පවතිනවා. මෙහිදී ප්‍රධානම වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. කිමද එය අනෙක් ක්ෂේත්‍ර සියල්ලටම පාහේ බලපාන බැවිනි. මෙහි ඉතා කණගාටුදායක ලෙස සිංහල මාධ්‍ය අධ්‍යාපනය සීඝ්‍රයෙන් පහල බසිමින් තිබෙනවා. එයිනුත් ඉතා වැදගත් වන විද්‍යා හා තාක්ෂණ අංශ ප්‍රධානයි. අද උසස් අධ්‍යාපන අංශයේ(විශ්වවිද්‍යාල ඇතුළුව) විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් “ලබා නොදේ” යන්න වැරදි නොවේ. එමෙන්ම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන අංශයන්හීද සිංහල මාධ්‍ය අධ්‍යාපනය සීඝ්‍රයෙන් දියාරු වෙමින්(කරමින්?) පවතිනවා. නමුත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ශක්තිමත්ව අතිවිශාල අනුග්‍රහයක් ඇතිව ඉතා පුළුල්ව පැතිරෙනවා.(පතුරනවා?) රාජ්‍ය අංශයේ ආයතන තුල සිංහල භාවිතය නොසැලී පැවතුනත්(රාජ්‍ය භාෂාවක් නිසා) රාජ්‍ය අංශ තුල දැන් දැන් තොරතුරු තාක්ෂණ භාවිතයන් නිසා සිංහල, ඉංග්‍රීසියෙන් ප්‍රතිෂ්ඨාපනය වෙමින් පවතිනවා. ඊළඟ වැදගත් ක්ෂේත්‍රය වන්නේ පෞද්ගලික අංශය හා ව්‍යාපාරික ප්‍රජාවයි. පෞද්ගලික අංශය හා ව්‍යාපාරික ප්‍රජාව තුල සිංහල භාවිතය ඉතා පහළ බව කීමට අටුවා ටීකා අවශ්‍ය නැතැයි සිතමි. සිංහලෙන් සම්මුඛ සාකච්ඡා(interviews) පවත්වනවාද?(අඩුම තරමේ එකක්වත්?) ආයතන තුල ලිපි ආදිය සිංහලෙන් තිබෙනවාද? ආයතන තුල රැස්වීම් හා සම්මන්ත්‍රණ වල සිංහලෙන් කතා කරනවාද?(සිංහලයින් පමණක් සිටින අවස්ථාවලදී හෝ) මේ අනුව බලන විට සිංහල භාවිතය නිවෙස් තුලට පමණක් සීමා වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. නමුත් එය එයිනුත් එහාට යමින් මළ බසක් බවට පත් නොවතැයි වගකීමක් දිය ‍නොහැක.
සිංහල 4 තත්වයේ සිට 3 හෝ සමහරවිට 2 දක්වා යමින් සිටින බව දැකිය හැක.

5. සිංහල දුර්වලම වන්නේ මේ කාරණයේදීය. මානව දැනුම හා ක්‍රියාකාරකම් ගොන්නට දිනපතා නව සොයාගැනීම් හා නව ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් එකතු වේ. අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය මෙයින් එක් ක්ෂේත්‍රයක් පමණි.(විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පමණක් තොරතුරු තාක්ෂණයට අමතරව අති විශාල නව ක්ෂේත්‍ර ගණනාවක් ඇත.) යම් භාෂාවක් මේ අළුත් ක්ෂේත්‍ර තුලට විහිදී නොයයි නම් එම භාෂාව සමාජය තුල කොන්වීමට ලක්වේ. නව වචන නිෂ්පාදනය මෙහිදී අති වැදගත්ය. වර්තමානයේ සිංහල භාෂාවේ නව වචන නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය. වචන දෙක තුනක් නිපදවුවත් ඒ වචන සමාජගතවීමක් සිදුනොවන තරම්ය. (නව වචන නිෂ්පාදනය ගැන පසු ලිපියකින් සවිස්තරාත්මකව කතා කරමු.) එමෙන්ම ජනමාධ්‍ය තුල සිංහල භාවිතය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. (ගුණාත්මක හා ප්‍රමාණාත්මක යන දෙඅංශයෙන්ම) නමුත් ඉංග්‍රීසි භාවිතය වේගයෙන් ඉහල යනවා.
මෙහි සිංහල ඇත්තේ 2 හෝ 1 වැනි පහළ මට්ටමක බව කීම අතිශයෝක්තියක් නොවනු ඇත.

6. දුක්ඛදායකම කරුණ වන්නේ සිංහල හා සිංහලෙන් ඉගෙනුමට තවමත් ඇත්තේ අතලොසක් වූ පැරණි පොතපත පමණක් වීමය. සිංහල හා සිංහලෙන් ඉගෙනුමට නව පොතපත හා විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය තුල ඉගෙනුම් සම්පත්(education material) නොමැති තරම්ය. උදාහරණයක් ලෙස අද සිංහලෙන් පොත්(සිංහල ඉගෙනුම, විද්‍යාව, සාහිත්‍යය ආදී විවිධ ක්ෂේත්‍ර වල) පල වන්නේ කෙතරම් අඩුවෙන්ද? එයිනුත් දෙකයි පණහේ බොලඳ කතා ටික ඉවත් කල විට ඉතිරි වන්නේ කුමක්ද? එමෙන්ම සිංහල ඉගැන්වීමට තවමත් භාවිතා කරන්නේ පැරණි ක්‍රමය. සංසංදනාත්මක ලෙස ඉංග්‍රීසි හා ඉංග්‍රීසියෙන් ඉගෙනුමට අතිවිශාල ඉගෙනුම් සම්පත් ප්‍රමාණයක් ඇතිවා මෙන්ම නව සම්පත් දිනපතා එකතු වේ. එමෙන්ම වඩා සාර්ථක ලෙස ඉංග්‍රීසි ඉගෙනුමට හා ඉගැන්වීමට භාවිතා කරන ක්‍රම ශිල්ප හා උපක්‍රම දිනෙන් දිනම අළුත් වෙමින් හා ශක්තිමත් වෙමින් පවතී. උදාහරණයක් ලෙසට “රජකඩුව, English class for me” වැනි වැඩසටහන් දැක්විය හැක. නමුත් සිංහල සඳහා මෙවැනි දේ කවදා නිර්මාණය වේවිද?
මේ අනුව සිංහල 4 හෝ 3 මට්ටමේ සිට 3 හෝ 2 දක්වා යමින් පවතිනවා යැයි පැවසීමට හැකිය.

7. තවමත් සිංහල ලංකාවේ රාජ්‍ය භාෂාවකි. නමුත් මෙම තත්වය නැති කර දැමීමට බොහෝ දෙනා කැසකවන බව අද නොරහසකි. රාජ්‍ය භාෂාවක් වුවද එය නමට පමණක් සීමා වීමේ ප්‍රවණතාවක්ද අද දක්නට ඇත. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති තුල ඉංග්‍රීසි භාෂාව භුක්ති විඳින ඉහල වරප්‍රසාද සිංහලයට අද නැතිවී ගොසිනි. හොඳම උදාහරණයක් වන්නේ රාජ්‍ය ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසරක් පවා ප්‍රකාශයට පත් කරමින් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා පුහුණු ගුරුවරුන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රවර්ධනය කර ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා අති විශාල අවකාශයක් නිර්මාණය කරන අතරම සිංහල කොන්වන තත්වයකට පත්කිරීමයි. (සිංහල භාෂාව නිසා වාර්ගික ගැටුම් ඇතිවිනිය යන කතාවද මෙම සිංහලයට යනඑන මං නැති කර දැමීමේ ක්‍රියාවලියේම කොටසක් වීමට බොහෝ ඉඩ කඩ ඇත.) එමෙන්ම මෙය ලියන මා උසස් අධ්‍යාපනය ලබන්නේ විද්‍යා අංශයෙනි. මාහට සිංහල ඉගෙන ගැනීමට ලැබුනේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. නමුත් සාමාන්‍ය පෙ‍ළින් ඔබ්බට උසස් පෙළදීත් විශ්වවිද්‍යාලය තුලදීත් ඉංග්‍රීසි විශයයක් විධියට(ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට අමතරව) ඉගෙන ගැනීමට සිදුවිය. මෙය සිංහල රටේ සිංහලයාට සිදුවන දෛවයේ සරදමක්ද? පෞද්ගලික අංශය තුල සිංහල සඳහා කිසිදු පිළිගැනීමක් නොමැති බව කීම අතිශයෝක්තියක් නොවේ. එය පෞද්ගලික අංශයේ ආයතනයකට ගිය විට හොඳින් දැකගත හැකිය.
මේ අනුව සිංහල 4 මට්ටමේ සිට 3 හෝ 2 දක්වා යමින් සිටින බව දැකිය හැක.

8. මෙය සිංහල භාෂාවේ සීඝ්‍ර දුගතිය පෙන්වන තවත් වැදගත් සාධකයකි. අද සමාජයේ සිංහල කෙරෙහි ඇති ආකල්පය ඉතා දුර්වල බව නොකිවමනාය. සිංහල ප්‍රජාවේ ඉහල සමාජය තුල බොහෝ දෙනා දැන් සිංහල භාවිතය ලැජාජාවට කාරණාවක් ලෙස සැලකීම හොඳින්ම දැකිය හැක. මෙය පහළ සමාජ ක්ෂේත්‍ර තුලටද සීඝ්‍රයෙන් පැතිරෙන(පතුරන?) බවත් දැකිය හැක. සිංහල යනු කටුගෙට යැවිය යුතු බසක් ලෙස සාමාන්‍ය සමාජයේ ආකල්පය වෙනස් වෙමින්(කරමින්?) පවතී. “සිංහල දැන ගැනීමෙන් ඇති වැඩක් නෑ. නමුත් ඉංග්‍රීසි නැතුවම බෑ” යන අදහස අද බොහෝ දෙනා තුල රෝපණය වී ඇත. අද දෙමව්පියන්ගෙන් කීයෙන් කීදෙනෙක් තමන්ගේ දරුවාට සිංහල කියා දිය යුතු යැයි සිතන්නේද? ඒ වෙනුවට ජනමාධ්‍ය ඔස්සේ, පාසල් ඔස්සේ වියතුන්, ගුරුවරුන්, ප්‍රවීනයන් සමාජයට දෙන පණිවිඩය නම් “හැකිතාක් නිවසේදීත් ඉංග්‍රීසි භාවිතා කරන්න. එය අනාගත ආයෝජනයක් වේවි” යන්නයි. මේ අවනඩුව අපි කාට කියන්නද?
මේ අනුව සිංහල ඉතාමත් කණගාටුදායක ලෙස 2 හෝ 1 මට්ටමේ සිට 0 දක්වා යමින් සිටින බව දැක්විය හැක.

9. ‍සිංහල සඳහා තවමත් පැරණි විශිෂ්ඨ පොතපත පවතිනවා. නමුත් මේවා ආරක්ෂා කර ගැනීමේ හෝ ප්‍රවර්ධනය කිරීමේ උවමනාවක් කිසිවෙකුටත් නොමැති තරම්ය. එමෙන්ම වෙනස්වන භාෂාවත් සමග මේවා යාවත්කාලීන නොවන තරම්ය.(අද භාවිතා වන සිංහල අදින් වසට සියයකට පෙර භාවිතා වූ සිංහලට වඩා වෙනස් බව පැහැදිලි කල යුතු නැතැයි සිතමි.) ඒ අනුව බලන කල අද ඇත්තේ පැරණි සිංහලයක් ඉගෙනීමට ඇති සම්පත්ය. මෙයත් බරපතල ප්‍රශ්නයකි. එමෙන්ම සිංහල විෂයෙහි භාෂාත්මක ප්‍රවීනයින්ගේ(linguistics) හිඟයක් මෙන්ම භාෂාත්මක පර්යේෂණ(linguistic research) හි නියඟයක්ද පවතී. මෙයද සුළුවෙන් තැකිය නොහැකි තත්වයකි.
මේ අනුව සිංහල 4 මට්ටමේ සිට 3 දක්වා යන බව පැවසිය හැක.



දැන් ඔබ සමහරවිට ඉංග්‍රීසි සම්බන්ධව තවමත් මෙවැනි ආකල්පයක් දරනවා විය හැක. “ඉංග්‍රීසි කියන්නේ අන්තර්ජාතික භාෂාවයි. එනිසා සිංහල වඳවීමට එය බල නොපායි. ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව නිසා ලෝකයේ ජීවත්වීමට සිංහල කෙසේවෙතත් ඉංග්‍රීසි දැනගත යුතුමය.”
ඔබ තවමත් සිටින්නේ මෙතැන නම් මම මෙලෙස අසන්නම්. “සිංහල හෝ ජපන් බස හෝ චීන බස අන්තර්ජාතික භාෂාව නොවී ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව වූයේ ඇයි? එසේත් නැත්නම් එය අන්තර්ජාතික භාෂාව වීමටම බිහි විනිද? එසේත් නැත්නම් දෙවියන් විසින් මෙය අන්තර්ජාතික භාෂාව ලෙස භාවිතා කිරීමට පවසන ලද්දේද?”
මෙයට පිළිතුර ඉතාම පැහැදිලියි. ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව ලෙස ඉබේ පත් නොවිණි. එසේත් නැතිනම් ලෝක ජනගහනය විසින් එය සන්නිවේදනයට ඉතා සුදුසු, ලෝක භාෂාවක් වශයෙන් පිළිගත්තේද නැත. එය වසර සිය ගණනක අධිරාජ්‍යයන් විසින් අවි හා මුදල් බලයෙන් ලෝක ප්‍රජාව මත බලෙන් පටවන ලද්දකි. අදටද එය බටහිර මාධ්‍ය හා සියළුම ක්ෂේත්‍ර වල බටහිර විශේෂඥයින්(specialists) මගින් බලෙන් ලෝක ප්‍රජාව මතට පටවයි. මෙය ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි.

ඉංග්‍රීසි හා සිංහල ගැන සමාජයේ ඉතා වැරදි මත රාශියක්ම ඇත. (ඒ සියල්ල මෙහි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ) එයින් වැදගත්ම වැරදි මතයක් වන්නේ “රටක/ පුද්ගලයෙකුගේ මනා සංවර්ධනයට ඉංග්‍රීසි යනු අත්‍යාවශ්‍යයම සාධකයක්” යන්නය. මෙහි අසත්‍යතාවය පෙන්වීමට හොඳම උදාහරණය වන්නේ මුලු ලෝකයටම සංවර්ධනය පිළිබඳ ලෝක සංකේතයක් (a global icon) ලෙස සලකන ජපානයයි. ජපානයට දියුණු වීමට ඉංග්‍රීසි කිසිලෙසත් අත්‍යාවශ්‍ය සාධකයක් වී නැත. ඔවුන් ලෝකය තුල ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් රැකගෙන සිටිති. එසේ නම් අපගේ වැනි රටවල ඇති මේ ඉංග්‍රීසි උන්මාදය කුමක්ද? මෙයට මූලිකම හේතුව යටත්විජිත මානසිකත්වයේ අළු තවමත් මෙරට (හා තවත් මෙරට වැනි රටවල් ගණනාවක) මිනිසුන්ගේ හිත් පතුලේ තැන්පත් වී තිබීමයි. විශ්වවිද්‍යාල ප්‍රජාව තුලද මෙය හොඳින් දක්නට ලැබේ. විශ්වවිද්‍යාල ප්‍රජාව තුල ඇත්තේ බාහිර සමාජයේ පැතිරෙමින්(පතුරමින්?) යන “පහල පංතියේ(low class)ඇමරිකන් ලිබරල් මානසිකත්වයක්” නොව “ඉහල පංතියේ(high class)බ්‍රිතාන්‍ය මානසිකත්වයක්” බව හොඳින් දෘෂ්‍යමාන කරුණකි. (හොඳ අවධානයකින් යුතුව වටපිට බැලුවොත් එය දැකීම අපහසු නොවනු ඇත.) අපි නිදහස් ජාතියක් කියල මහ ලොකුවට ලෝකෙට කිව්වට අපි මානසිකව වහල් ජාතියක්. ඒ වගේම මේ මානසික වහල් බව ඇ‍හඟෙන් පිළිකාවක් ඉවත් කරනවා වගේ ඉක්මනට හා බොහොම පරිස්සමෙන් ඉවත් කල යුතුමය. එමෙන්ම ජපානය මෙන් දියුණුවේ හිණිපෙත්තටම යාමට අපට නොහැකි වී ඇත්තේ ඉංග්‍රීසි නොදන්නා නිසා නොව, කිසි දේකට උවමනාවක් නැති කම නිසයි. අපි හැමෝම බලාගෙන ඉන්නේ කව්රුහරි හැම දෙයක්ම කරලා අපේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනකං. ඉංග්‍රීසි දැනගෙන හිටියත් නැතත් මේ කම්මැලිකමෙන් (උවමනාවක් නැතිකමෙන්) මිදෙනකං අපිට ගොඩ ඒමක් නෑ! එනිසා ගැටළුවල සැබෑ මූල හේතුවලට ප්‍රතිකාර නොකර, නැති ප්‍රශ්න, ප්‍රශ්න කරගෙන දඟලන එකෙන් දැන්වත් මිදෙමු!

මෙතැනදී මට එක් කතාවක් සිහිවේ. Dan Brown (Da Vinci Code හි කතුවරයා) විසින් රචිත ප්‍රබන්ධයක් වන Angels and Demons කෘතියේ කතා නායකයා යුරෝපයේ CERN ආයතනයට(න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපීය සංවිධානය) යනවා. එහිදී එහි සේවය කරන විවිධ ජාතීන්ට අයත් විද්‍යාඥයින් දැක ඔහු එම ආයතන ප්‍රධානියාගෙන් මේ විවිධ ජාතීන්ට අයත් සියළු දෙනා එකිනෙකා සමග සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා අසනවා. එවිට ඔහුට ලැබෙන පිලිතුර: “විද්‍යාවේ භාෂාව ඉංග්‍රීසියයි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.” එවිට කතා නායකයාට සිතෙන්නේ “මම හිතං හිටියේ විද්‍යාවේ භාෂාව ගණිතය කියලයි.” මේ සරල සිද්ධිය තුලින් දෘශ්‍යමාන කාරණය ඔබට පෙනෙනවාද?
විද්‍යාව හා තාක්ෂණය භාෂා බැම්මෙන් මිදිය යුතුය; එසේ නොමැතිව යම් භාෂාවක් පැතිරවීමට විද්‍යාව අවියක් ලෙස භාවිතා කරයි නම් එය අමන ක්‍රියාවකි.

***වැදගත්: සිංහල රැකගැනීමටනම් ඉංග්‍රීසි හෙලාදැකිය යුතු බවක් හෝ ප්‍රතික්ෂේප කල යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. ඉංග්‍රීසි සම්බන්ධ කරුණු දක්වා ඇත්තේ සිංහල ප්‍රවර්ධනය කල හැකි ක්‍රම සඳහා උදාහරණ, අදහස් ආදිය ලබා ගැනීමට පමණි.

මින් මතු කියවීමට පෙර මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න. “සිංහල ප්‍රවර්ධනය සඳහා මම කර ඇත්තේ මොනවාද? සිංහල පහත හෙලීමට මගෙන් සිදුවී ඇති වැරදි මොනවාද? මෙම ලිපිය කියවීමෙන් පසු මම මෙය අමතක කර දමා නැවතත් පරණ විධියටම ඉන්නවාද? නැත්නම් මම මේ සඳහා ක්‍රියාත්මක වෙනවාද?” (දැන්ම ක්‍රියාත්මක වන්න; ඔබේ සුළු ප්‍රමාදය සදහටම ප්‍රමාදයක් විය හැක.)

ඉතින් දැන් අපිට මේ සඳහා කල හැක්කේ කුමක්ද? මූලිකම කාරණය නම් ඒ ගැන දැනුවත් වීම(being aware) හා අනෙක් හැකි සෑම දෙනාම දැනුවත් කිරීමයි.(දැනුවත් වීමෙන් නවතින්න එපා! බොහෝ දෙනා දැනුවත් වීමෙන් නවතිනවා. ඔබ එසේ නොවන්න.) එමෙන්ම තවත් කල හැකි දේ බොහෝය. එය වෙනමම ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සඳහා ඔබට අදහස් ඇත්නම් එය මෙහි සඳහන් කරන්න. එය අපගේ මව්බස රැකගැනීමට උදව්වක් වේවි.



ලිපිය අවසාන කිරීම සඳහා පහත යුනෙස්කෝ වාර්තාවේ සඳහන් ප්‍රකාශ දෙකක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

“I dream in Chamicuro, but I cannot tell my dreams to anyone, because no one else speaks Chamicuro. It’s lonely being the last one.”
(Natalia Sangama, a Chamicuro grandmother, 1999)

“If you don't breathe, there is no air. If you don't walk, there is no earth. If you don't speak, there is no world.”
(Paraphrased by Akira Yamamoto from a Navajo elder’s words, PBS-TV Millennium Series, Tribal Wisdom and the Modern World, hosted by David Maybury-Lewis, aired on 24 May,1992)



ආශ්‍රිත ලිපි :-
මේ පිළිබඳ යුනෙස්කෝ වාර්තාවක්(pdf)
මේ වාර්තාවම වෙනත් ආකාරයකට
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!
සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියක්
Daily News පුවත්පතේ පළවූ ලිපියක්
හතර වෙනි තට්ටුවෙන්:
ජාතිද්‍රෝහින්, ඇඟිල්ල හා මම
සිංහල භාෂාව,ලංකා ඉතිහාසය හා මම
තාක්ෂණය , සිංහල ව්‍යාකරණ හා මම

අමතර කරුණු :-
සිංහල භාෂාව ගැන දැන දැනගැනීමට: Sinhalese language
භාෂාත්මක අධිරාජ්‍යවාදය ගැන දැන ගැනීමට: Linguistic imperialism

අමුතු සතා (3) - භෞතිකවාදී හා විඥ්ඥානවාදී සංකල්ප අතරට මෙන්න මගෙන් තවත් එකක්!

Monday, June 29, 2009
මේ ලිපිය කියවන්න කලින් පහත ලිපි දෙක කියවලා ඉන්න. නැත්නම් සමහර විට තේරෙන්නෙ නැති වෙයි.
1) අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)
2) අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය

දැන් ඔබ දන්නවා මගේ මේ කතාවට(තියරියට/ප්‍රවාදයට - කැමති විධියකට ගන්න) අනුව යම් සත්වයින් එකතුවකින් තවත් වෙනස්ම සත්වයෙක් නිර්මාණය වෙන්න පුළුවන් බව. දැන් මම යන්නේ මේ තියරිය ආපස්සට යොදන්නයි. එයින් අපට අමුතුම ආකාරයේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මෙම ප්‍රතිඵලය මගින් භෞතිකවාදය හා විඥ්ඥානවාදය යන ලෝකය පැහැදිලි කරන තියරි වලට සමගාමී වෙනස්ම අළුත් තියරියක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්.

මෙතැනින් එහාට කියවන්න කලින් එක දෙයක් කියන්න ඕනෙ. මෙය සමහරවිට ඔබට විකාරයක් ලෙස දිස්වීමට පුළුවන. නමුත් ඔබේ මනස විවෘත කර බලන්න. එවිට ඔබට කුමක් හෝ දෙයක් පෙනේවි. අනික මම මේ කතා කියන්නේ නිරපේක්ෂ සත්‍යය ලෙසට නොවේ. තවත් එක් අදහසක් ලෙසට පමණි.

මෙන්න මේකයි වැඩේ! සමාජය කියන ලොකු සතා හැදිලා තියෙන්නේ මිනිස්සු කියන පොඩි සත්තුන්ගෙනි. මිනිස්සු කියන සත්තු හැදිල තියෙන්නේ සෛල කියන ඊටත් වඩා පොඩි සත්තුන්ගෙනි. දැන් හිතන්න මේ සෛල හැදිල තියෙන්නෙ ඊටත් වඩා පොඩි සත්තුන්ගෙන් කියල.(මයිටකොන්ඩ්‍රියා, සෛල න්‍යෂ්ටිය, රයිබෝසෝම වගේ දේවල්) ඊලඟට මේවා හැදිලා තියෙන්නෙත් ඊටත් වඩා පොඩි සත්තුන්ගෙන් කියල හිතන්න. මෙහෙම මේ තියරිය ආපස්සට යොදාගෙන යොදාගෙන ගියහම අපිට ලැබෙන්නේ මොකක්ද? එනම් විශ්වයේ තැනුම් ඒකක වන පරමාණුක හා උප පරමාණුක අණු යනුද ජීවීන් බවයි!

(දැන් ඉතින් ඕං තව ප්‍රශ්න වැලක් එන්න ඇති ඔබේ ඔළුවට. ඒ ඔක්කොටෙම මෙතන ඉඩ තියෙනවා. ප්‍රශ්න හිතේ තියං ඉන්නේ නැතිව මෙතන සටහන් කරන්න) දැන් අපි බලමු මෙයින් ලෝකය තේරුම් ගන්නේ කොහොමද කියලා. දැන් ඉලෙක්ට්‍රෝන වගේ දේවලුත් සත්තු හිංදා(ප්‍රජනනය වගේ දේවල් නැති වුනාට - අනික මම ජීවය දකින්නේ ස්වයං වෙනස්වීමක් සිදුකල හැකි පද්ධතියකටයි - එයින් මේ විශ්වයේ අනිවාර්යය ලක්ෂණයක් බවට අහඹුබව(randomness) පත්වෙනවා.) ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ සතුන්ට ඕන විධියටයි. (මේ කාරණය ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන යම් වැටහීමක් තියෙන අයට තේරුම් ගන්න පුළුවන් වෙයි. - ඉලෙක්ට්‍රෝන ඇතුලු සියළු පදාර්ථයන්/වස්තූන් ගේ අවකාශ-කාලය තුල හැසිරීමේ අවිනිශ්චිතතාවය ගැන සිහියට නගා ගන්න.) ඉතින් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී වූ විවිධාකාර වූ සත්වයින් කෝටි ප්‍රකෝටි ගණනකින් සෑදී ඇති අපි යනු මේ සියලු කෝටි ප්‍රකෝටි සත්වයින්ගේ සියල්ලේ හැසිරීමේ අති සංකීර්ණ ප්‍රතිඵලයන් වේ. තව අපි ජීවීන් විධියට නොහඳුන්වන අජීවී වස්තූන් (කළුගල් වගේ දේවල්) ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් අපි මේකත් පැහැදිලි කර ගමුකෝ! දැන් අපි දන්නවානේ එකම රසායනික සූත්‍රය තියෙන සංයෝග දෙකක් ගමු. දැන් ඒ දෙකේ පරමාණු සැකැසී ඇති ආකාරය වෙනස්නම්(උදාහරණයක් ලෙසට සංයෝග වල සමාවයවික සිහියට ගන්න) ඒ සංයෝග දෙක පෙන්වන්නේ වෙනස්ම ගති ලක්ෂණ. දැන් ඉතිං මේකෙන් ඒ ප්‍රශ්නෙටත් පිළිතුර ලැබුනා කියලා හිතනවා.

දැන් අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු. සමහරුන්ට තවමත් මේක භෞතිකවාදයේම(materialism) විස්තීරණයක් ලෙස දකින්න පුළුවන්. නමුත් මේක හොඳින් පැහැදිලි කරගත යුතුයි. එනම් භෞතික වස්තූන් හා ජීවීන් යනු දෙකක් ලෙස මෙහිදී සැලකෙන බවයි. එනම් භෞතිකවාදයේදී සියල්ල පදාර්ථ වන අතර මෙම තියරියේදී (අපිට ඕනෙ නම් මේකට ජීවවාදය(lifeism) කියල කියන්නත් පුළුවන්! - මේ නම හොඳද? වෙන හොඳ නමක් මතක් වෙනවා නම් ලියල යන්න) සියල්ල ජීවීන් වේ. සමහර විට ජීවීන් හා පදාර්ථ යන දෙකෙහි වෙනස ඔබට දැකීමට අපහසු වේවි. (ඔබට සමහර විට ජීවීන් යනුත් පදාර්ථ වලින් සෑදී ඇති දේ යනුවෙන් සිතීමට පුළුවන.) නමුත් පොඩ්ඩක් ඔබේ මනස විවෘත කර ගැඹුරින් බලන්න. එවිට වෙනස පැහැදිලි වේවි. (පදාර්ථ හා ජීවීන් ගැන සංකල්ප(එනම් පදාර්ථ යනු මෙවන් ගති ලක්ෂණ ඇතිදේය, ජීවීන් යනු මෙවන් ගති ලක්ෂණ ඇති දේය යනුවෙන් ඇති දැනුම) යනුද අප විසින් වියුක්තකරණය මගින් නිපදවන ලද දේ බව මතක තබා ගන්න. එය මෙම වෙනස දැකීමට උදව්වක් වේවි.)

අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය

ඔන්න දැන් මම කලින් දවසක කතා කරපු අමුතු සත්තු ගැන අමුතු කතාවක් කියන්නයි යන්නේ. (මේ ලිපිය කියවන්න කලින් මෙහි කතා කරන අමුතු සත්තු කව්ද කියල දැනගන්න මෙහි පළමු කොටස වන “අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)” ලිපිය කියවන්න.) අද මම කතා කරන්නේ දේශපාලනය ගැනයි. හැබැයි අපේ නෙවෙයි. අපි හැදිල තියෙන පුංචිම පුංචි සත්තු වන සෛල වල දේශපාලනය ගැනයි.

සමාජ සතා හැදිල තියෙන මිනිස් සත්තුන්ගේ දේශපාලනයට වඩා මිනිස්සු(සහ අනෙක් සත්තු) හැදිල තියෙන සෛල වල දේශපාලනය ගොඩක් වෙනස් නෑ. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ සෛල වල දේශපාලන යාන්ත්‍රණයෙන් මිනිස්සුන්ගේ දේශපාලන යාන්ත්‍රණ සඳහා ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි.

සමස්තයක් විධියට ගත්තහම මේ සෛල වල දේශපාලනය සමාජවාදීයි.(මෙහි මෙය මිනිස් සමාජයේ ඇති සමාජවාදයට වඩා පුළුල් අර්ථයකින් යොදා ඇත. මෙහිදී සමාජවාදය පසුබිම් හා ව්‍යුත්පන්න සංකල්ප වලින් තොරව මූලිකම සංකල්පය පමණක් සලකා බැලන බව කරුණාවෙන් සලකන්න.) මෙහෙම කියන්න හේතු තියෙනවා. මොකද මේ සෛල ගත්තහම ඒ ඒ සෛල තම තමන්ගේ පෞද්ගලික පැවැත්මට වඩා පොදු සමාජයේ(එම සෛල වලින් නිර්මාණය වන බහුසෛලික ජීවියාගේ) පැවැත්ම උදෙසායි කටයුතු කරන්නේ. මොළයේ සෛල සදහටම ජීවත් වුවත්, රතු රුධිරාණු සෛල තමන්ගේ කාර්යය සමාජය වෙනුවෙන් ඉටුකල පසු මිය යන්නේ(දින කීපයක ආයු වළඳා) මොළයේ සෛල වගේ මටත් ගොඩක් කල් ඉන්න ඕනෙ කියල කිසිදාක නොකියමිනි.

තවද මේ සෛල කිසිදාකත් මට අරක නෑ, අරූට මට වඩා මෙව්වා තියෙනවා කියල අඬ අඬ ඉන්නේ නෑ. මොකද මෙහි සම්පත් බෙදී යාම අතිශයින් සාධාරණයි. තම කාර්යය සඳහා අධික ලෙස සම්පත් අවශ්‍ය මොළයට ඉතා අධික ශක්ති ප්‍රමාණයකුත් (ශරීරයේ මුළු ශක්ති පරිභෝජනයෙන් 20% ක් පමණ), එතරම් සම්පත් අවශ්‍ය නැති අතේ සෛල වලට සාපේක්ෂව අඩු ශක්ති ප්‍රමාණයකුත් ලබාදෙනවා. නමුත් අතේ සෛලයක් කවදාවත් මට අරූට තරම් හම්බෙන්නේ නෑ කියලා කවදාවත් කෑගහන්නෙ වත්, වැඩ වර්ජන කරන්නෙ වත් නෑ. මොකද මං ආයෙ කියන්නේ මේ සෛල වලට තම තමන්ගේ පෞද්ගලික පැවැත්මට වඩා සමාජයේ පැවැත්ම ඉහලයි. (ඒ නිසා අපිට අරවා නෑ, මෙව්වා නෑ කියල මෙහෙ ඉන්න සමාජවාදියෝ කරන වැඩ වර්ජන ගැන තවපාරක් හිතන්න වෙයි!)

ඒ වගේම මෙහි බලය හැසිරවීමත් අපූරුයි. මොළය සියල්ල පාලනය කරනවා කියල හිතන් ඉන්නවා නම් ඒක වැරදියි. මොළය කරන්නේ බලය හැසිරවීමක් පමණයි. එනම් සමාජයේ ක්‍රියාවන් නියමිත පරිදි සම්බන්ධීකරණය කිරීමක්. මොළය කරන්නෙත් සමාජය සඳහා වූ තවත් එක් රාජකාරියක්. මෙහි පාලනය කරන්නෙක් නැත. සියල්ලන් විසින් සියල්ලන් පාලනය වේ. ඒ ඒ සෛල තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටුකරයි. තමන්ගේ අයිතිවාසිකම් වලට වඩා තමන්ගේ යුතුකම් ගැන හිතයි.

ඒ වගේම මෙහි ආරක්ෂක හමුදාවන්ද ඉන්නවා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. පිටින් එන ආක්‍රමණ වලට මුහුණ දෙන්න මොවුන් හොඳින් දන්නවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල හමුදා බුද්ධි අංශ වැනි සෛල පවා තිබීම ගැන ඔබ පුදුම නොවනු ඇතැයි සිතමි.

ඒ වගේම මහා විනාශකාරී, කරදරකාරයින්ද නැතුවා නොවේ. (උදා: පිළිකා සෛල) පිළිකා සෛලයක් අරගෙන බැලුවහම මූලික වශයෙන් ධනවාදී ආක්‍රමණශීලී ස්වරූපයක් ගන්නවා. තමන් පමණක්, (සමාජයට හෙණ ගැහුණත් මොකද මං ඉන්නවානම්) යන මතයේ ඉඳ කටයුතු කරන මේ සෛල විසින් තමන් විසින් හූරාකන, අත්පත් කරගන්නා මේ සමාජය විනාශ වූ විට තමන්ද ඉබේම විනාශ වී යන බව තේරුම් ගන්නා විට පෙරහැර ගොස් අවසන්ය.

මේ සෛල සමාජගතවීමත් මිනිසා සමාජගතවීමත් සලකා බැලූ විට මිනිසා සමාජගතවන්නේ සෛල සමාජගතවීමෙන් බොහෝ කලකට පසුය. ඉතින් සෛල දේශපාලනයට සාපේක්ෂව මිනිස් දේශපාලනයේ දුර්වලතා තිබීම සාමාන්‍යයයි. නමුත් අප මේ දුර්වලතා ඉදිරියටත් පවත්වාගෙන යා යුතුද?

ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේකත් කියන්නම ඕනෙ. මේ සෛල වල දේශපාලනය මොකක් උනත් මේ ජීවියා(සෛල සමාජය) කවදා හරි මිය යනවා. ඒ වගේමයි, මිනිස් සමාජයත්, කවදා හරි මිය යනවා. එය නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ. විශ්වයේ අනිත්‍ය බව වෙනස් කරන්න බෑ. නමුත් මේ සෛල වලින් හැදෙන ජීවියා තමන් කෙදිනක හෝ මිය යනවා කියල හිත හිත උඩ බලං ඉන්නේ නෑ. කෙසේ හෝ තම ජීවිත කාලය තුල ජීවත් වෙනවා. ඉතින් මේ සමාජයත් එසේය සහ එසේ විය යුතුය.

දෙවියන්, මිනිසා හා සතුන්

Friday, June 26, 2009
දෙවියන් මිනිසාව තමන්ගේ ස්වරූපයෙන් මැව්වේ යැයි කියයි. නමුත් නූතන විද්යානත්මක සාධක අනුව මිනිසා හා සතුන් අතර ඉතා කිට්ටු නෑකමක් පවතී. එසේනම් දෙවියන් හා සතුන් අතරත් එවැනිම නෑකමක් පවතීද? එසේනම් දෙවියන් මිනිසාව මෙලොවට අධිපතිත්වයක් සහිතව නිර්මාණය කලේ ඇයි? අපගේ හැඟීම නම් මේ ප්‍රකාශ මිනිසා විසින් තමන්ගේ ජඩ වැඩ වසාගැනීමට නිර්මාණය කල ඒවා බවයි. හැකිනම් එසේ නොවන බව පෙන්වන්න.

විනාශය

දෙවියන් තමන් මැවූ ලෝකය විනාශ කිරීමට ඉඩ දෙන්නේ ඇයි? දෙවියන්ට අවශ්‍ය නම් මෙම ලෝකය අන් අයට විනාශ කිරීමට නොහැකි අයුරින් නිර්මාණය කිරීමට හැකියාව තිබියදී(දෙවියන්ට කල නොහැක්කක් නොමැත යනුවෙන් ඔවුන් පවසයි) එසේ නොකලේ ඇයි? එසේ නොමැති නම් සමහර මිනිසුන්ට තිබෙන්නාක් මෙන් තම නිර්මාණ විනාශ කර දැමීමේ මානසික රෝගයක් දෙවියන්ටත් තිබේද?

සංකීර්ණත්වය

මේ ලෝකෙ මෙච්චර දුර්වලතා ඇයි කියල ඇහුවහම, ලෝකය මැව්වේ දින කීපයකින්ය; ඒ නිසා අඩුපාඩු තිබිය හැකිය කියල කියනවා. මේ ලෝකෙ මෙච්චර සංකීර්ණව දින කීපයකින් මැව්වෙ කොහොමද කියල ඇහුවහම, ඒ දිනයක් සාමාන්‍ය දිනයකට වඩා දිගය; ඒ නිසා සංකීර්ණව මැව්වාය කියල කියනවා. නමුත් මේක හතර බීරි කතාවකි. අපිට ඇතිවන ගැටළුව නම් ඒ දින එච්චර දිග නම් අඩුපාඩු නැතුව මැව්වෙ නැත්තෙ ඇයි කියලයි.

දෙවියන්ගේ ස්වරූපය

දෙවියන් මිනිසාව තමන්ගේ ස්වරූපයෙන් මැව්වේ යැයි කියයි. නමුත් අප විශ්වය මැවීමට පෙර දෙවියන් කොහෙද හිටියෙ කියල ඇහුවහම ඔවුන් කියන්නේ කාලය හා අවකාශය ඇතිවුනේ විශ්වය මැවීමේදීයි, ඊට කලින් කාලය අවකාශය කියන සංකල්ප වලංගු නෑ කියලයි. (මෙය ඔවුන් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙන් ණයට ගත් ප්‍රකාශනයකි.) එසේනම් දෙවියන්ට ස්වරූපයක් තිබුනේ කෙසේද? නැති අවකාශයක ස්වරූපයක් පැවතිය හැකිද?

දෙවියන් හා යක්ෂයා

යක්ෂයා කොහෙන් පහල වූ කෙනෙක්ද? දෙවියන් විසින්ම මවන ලද්දෙක්ද? නැත්නම් වෙනමම පහළ වුනු කෙනෙක්ද? දෙවියන් විසින් මවන ලද කෙනෙක් නම් මට අහන්න තියෙන්නෙ “දෙවියන්ට පිස්සුද?” කියලයි. වෙනමම පහළ වුනු කෙනෙක් නම් මට අහන්න තියෙන්නේ “දෙවියන්ට පිටින් නිර්මාණ කිරීමට පුළුවන් තවත් අය සිටීද?” යන්නයි. ‍එහෙම නම් එයින් දෙවියන්ගේ ඒකීයත්වය ප්‍රශ්න වෙනවා නොවේද? තවද අපි අහන්නේ දෙවියන් විසින් මෙවන් කෙනෙක් පහල නොවන සේ මේ විශ්වය මැව්වේ නැත්තෙ ඇයි? දෙවියන් විසින් මේ යක්ෂයා නිසා මිනිසුන්ට දුක් විඳීමට ඉඩ දෙන්නේ මන්ද?

Judgment day?

දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේට අවශ්‍ය ආකාරයට මේ විශ්වය මැව්වේ නම් හා මේ විශ්ව‍ය දෙවියන්ගේ අණට යටත්ව දෙවියන්ට අවශ්‍ය ආකාරයට පමණක් ක්‍රියාත්මක වන්නේ නම්, judgment day හිදී දෙවියන් විසින් judgment එක ලබා දෙන්නේ තමන් වහන්සේටම නොවේද? (එතකොට judgment day හිදී දෙවියන් විසින් මිනිසුන්ට judgment එකක් දෙන්නේ විහිළුවටද?)

Super strong passwords!

Thursday, June 25, 2009
ඔන්න තවත් වැඩක් හොයාගත්තා! දැන් ඔය පාස්වර්ඩ් ගහන කොට ඒ ඒ තැන්වලින් කියනවනේ කැපිටල්-සිම්පල් අකුරු, අංක, විවිධ සංකේත(උදා:@, %) වගේ දේවල් ගොඩාරියක් දාල අච්චාරු කරල පාස්වර්ඩ් එක ගහන්න, එතකොට පාස්වර්ඩ් එක ගොඩක් ශක්තිමත් කියල. ඔන්න මම මේ ශක්තිමත් පාස්වර්ඩ් වලට තවත් සුපිරි ශක්තියක් දෙන්න පුළුවන් විධියක් ගැන කියන්නයි යන්නේ. හැබැයි මේ වැඩේ පොඩ්ඩක් පරිස්මින් කරන්න වෙයි. වැරදුනොත් සොරි තමා!

මෙන්න මේකයි වැඩේ. පාස්වර්ඩ් එක දෙනකොට ඉංග්‍රීසි අකුරු වගේම සිංහල යුනිකෝඩ් අකුරුත් අතරන් පතර දෙන්න. එතකොට මේ වගේ පාස්වර්ඩ් ගන්න පුළුවන්.
උදා:
coළඹ@sriලංකාwa
maමජීwaන්tha%123

කොහොමද වැඩේ, මොකද හිතන්නේ? හැබැයි මෙතෙන්දි අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙයි. මොකද සමහර මෘදුකාංග යුනිකෝඩ් වලට සහය දක්වන්නේ නෑ. ඒ වගේම වින්ඩෝස් login පාස්වර්ඩ් එක විධියට නම් මෙහෙම දාන්න එපා! මොකද වින්ඩෝස් login screen එකේදි භාෂාව මාරු කරන්න දෙන්නෙ නෑ. (මම මෙහෙම කරලා එකපාරක් වැඩේ අනාගත්තා!) උබුන්ටු වල නම් අවුලක් නැතුව ඇති. ජීමේල් වගේ එකකට නම් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් පාස්වර්ඩ් හැම තැනම වැඩකරන්න නම් ඒ හැම කොම්පියුටරයක්ම සිංහල යුනිකෝඩ් සහය දක්වන්න වේවි.

ඔන්න මමත් අලුත් භාෂාවක් හොයා ගත්තා!

පහත ලියල තියෙන වාක්‍ය තේරුම් ගන්න පුළුවන්ද බලන්න.(බැරිනම් ඒකට ක්‍රමය පහළ ඇති)

1) wdhqfndajka” isxyf,ka l;dlrk Tn ieu idorfhka ms<s.kakjd’

2) iqN WoEikla fjajd! idor werhquhs’

3) iqN ikOHdjla fjajd! we;a;o? ke;akua msiaiqo? naf,d.hg Tnj idorfhka ms<s.kakjd!

මේ වාක්‍ය තේරුම් ගන්න බැරිනම් මෙන්න ඒකට ක්‍රමය. මුලින්ම word processer එකක් විවෘත කර ගන්න.(උදා: Microsoft office word, Open office writer) ඊට පස්සේ යතුරු පුවරුව සිංහල යුනිකෝඩ් වලට මාරු කරන්න. ඊට පස්සේ මේ අකුරු ටික ඒ විධියටම type කරන්න.(කැපිටල්-සිම්පල් ගැන වගේම සංකේත ගැනත් (උදා: < , ‘ “) සැලකිලිමත් වෙන්න.) දැන් කියවන්න පුළුවන්නේ!

අපිට ඕනෙ නම් මේක රහස් භාෂාවක් විධියට රහස් පණිවිඩ හුවමාරු කර ගන්න පාවිචිචි කරන්නත් පුළුවන්. කොහොමද වැඩේ! පුළුවන්නම් මෙහෙම දුන්නම මේක සිංහල යුනිකෝඩ් වලට convert කරල දෙන මෘදුකාංග හදන්නත් පුළුවන්නේ. (වැඩ දන්න කවුරු හරි ඉන්නවානම් හදන්නකෝ! මම නම් programming වැඩ දන්නේ නැතෝ.)

පොඩි උදව්වක් දෙනවද?

IT ක්ෂේත්‍රයේ කව්රුහරි කෙනෙක් මට පොඩි උදව්වක් දෙනවද?
html ටැග් එකක් කොහොමද මේ බ්ලොග් එකේ පේන්න දාන්නේ? මම අහන්නේ අර කුඩා ලකුණ හා විශාල ලකුණ අතර ලියන එකක් කොහොමද මේ බ්ලොග් පෝස්ට් එකක පේන්න දාගන්නේ? දන්න කව්රුහරි ඉන්නවා නම් කියල දෙන්න.

ලංකාව ස්වභාවිකද? කෘත්‍රීමද?

ඔන්න තවත් විකාර කතාවක්!

ලංකාවෙ තියෙන විවිධත්වය දැකල තමයි මේ අදහස මට ආවෙ. ලංකාවේ භූවිෂමතාවය, දේශගුණික විෂමතාවය, ජෛව විවිධත්වය ආදිය පුදුමාකාර විධියට විශාල විවිධත්වයක් පෙන්වනවා. වෙනත් රටවල හෝ කලාප වල මෙවැනි විවිධත්වයක් නැතුව නෙවෙයි. ඒත් ඒ ලංකාව වගේ කුඩා බිම්කඩක නෙවෙයි; තරමක් විශාල භූමි වලයි ඒ. උදාහරණයකට ලංකාවේ ‍දේශගුණ විවිධත්වය ගමු. කාන්තාර වගේ අධික ලෙස වියලි ශුෂ්ක ප්‍රදේශ(මන්නාරමේ වැනි - යුද්ධෙ ටී.වී. එකේ පෙන්නන කොට දකින්න ඇතිනේ) වල සිට සීත රටවල වගේ සීතලක් සහිත ප්‍රදේශ(නුවරඑළිය වැනි) දක්වාම දේශගුණ අන්ත දෙකම සහිත විවිධත්වයක් පවතිනවා. ඊළඟට ජෛව විවිධත්වය ගමු. ලතින් ඇමරිකාවේ ඇමසන්, ඉන්දුනීසියාවේ බෝර්නියෝ වැනි වනාන්තර වලට තරඟයක් දිය හැකි තරමේ ජෛව විවිධත්වයක් ලංකාවේ තියෙනවා. ඇමසන් හා බෝර්නියෝ වැනි වනාන්තර ලංකාව වගේ කීප ගුණයක්ම විශාලයි. නමුත් ලංකාවේ වන වැස්ම ඇත්තේද ලංකාවේ මුලු භූමියෙන් සියයට විසි-තිස් ගණනක් පමණයි. ඒ අනුව ගත්තහම මේ විවිධත්වය පුදුමාකාරයි. ලංකාවේ ඇති සම්පත් ගත් විටද එවැනිය. ලංකාවේ භූමිය ඉතා සරුසාර බව හැමෝම දන්න දෙයක්නේ.(මේ පොළොවෙ නිකං ඉන්නක් හිටෙව්වත් පැළවෙනවා කියල කියමනක් තියෙනවනේ!) ඒ වගේම ලංකාවේ ඇති සම්පත් බලන්න. මුතු මැණික් වල සිට යකඩ, ටයිටේනියම්, යුරේනියම් (න්‍යෂ්ටික බලාගාර, බෝම්බ හදන්න ගන්න ජාතිය) පවා ලංකාවෙ පොළොවෙ තියෙනවා. (අද ලංකාව මේ සම්පත් වලින් ප්‍රයෝජනයක් නොගැනීම වෙනමම කතාවක්.)

අමතර කතාවකුත් කියන්නම්. දමස්කස් කඩුව ගැන දන්නවාද? මේක ලංකාවෙ රජකෙනෙක්ගෙ(කාගෙද කියල හරියටම දන්නෙ නෑ) කඩුවක්. (මං හිතන්නේ මේක කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියල තියෙනවා.) මේ කඩුව මොන වගේද කියනවා නම් මේකෙන් ගැහුවහම අනික් කඩු කැපිල යනවලු. කඩුව කොච්චර මුවහත්ද කියනවා නම් රෙදි කෑල්ලක් කඩුව උඩට නිකං අතෑරියත් කැපිල යනවලු. ඒ වගේම මේ කඩුව කොච්චර නම්‍යශීලීද කියනවා නම් කඩුවේ තුඩ, මිටේ ගෑවෙන්න නවන්න පුළුවන්ලු. මේකට දමස්කස් කඩුව කියන්නේ මේ කඩුව හදන්න ශිල්පීන් ගෙන්නලා තියෙන්නේ සිරියාවේ දමස්කස් නුවරින් හින්දයි. ඉතින් මේ කඩුව ගැන පරීක්ෂණ පවත්වපු අය කියල තියෙන්නේ මේ කඩුවේ තියෙන මේ ගුණාංග වලට හේතුව මේක හදල තියෙන යකඩ වල තියෙන ගුණාංග හා මේ යකඩ පදම් කිරීමේදී යොදාගත් ක්‍රමශිල්ප(තාම හොයාගෙන නැති) හිංද කියලයි. මේ යකඩ තියෙන්නේ ලංකාවේ පොළොවෙ විතරයි. ලෝකෙ වෙන කොහේවත් තියෙන යකඩ වල මේ ගුණාංග නැතිලු. (සමහරු කියන්න පුළුවන් ලෝකෙ කොහේ තිබුණත් යකඩ කියන්නේ Fe මූලද්‍රව්‍යයනේ කියල. නමුත් මේ විශේෂ ගුණාංග දෙන්නේ මේ යකඩ වලට මිශ්‍ර වෙලා තියෙන අනෙකුත් ද්‍රව්‍ය(උදා:මැණික් වලදි සිලිකන් ඔක්සයිඩ වලට විවිධ ද්රේව්යම එකතුවෙලා විවිධ වර්ණ දෙනවා වගේ) හා මෙහි අණු සකස් වී ඇති ආකාරය(උදා: මිනිරන් හා දියමන්ති වල වෙනස වගේ) මගිනි.)

ඉතින් මේ අර්ථයෙන් ගත්විට ලංකාව කියන්නේ සැබෑවටම පාරාදීසයකි! ඉතින් මට හිතුනේ මෙච්චර විවිධත්වයක් තියෙන කුඩා භූමියක් කොහොමද ස්වභාවිකව අහඹු ක්‍රියාවලි මගින් හැදෙන්නේ කියල. සමහර විට ලංකාව කෘත්‍රීමව නිර්මාණය කරපු භූමියක්ද දන්නෙත් නෑ!!

ඉතින් මම මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවා. එතකොට මට දැන ගන්න ලැබුනා ලංකාව කියන්නේ කුවේරයා(දිව්‍යලෝකෙ භාණ්ඩාරික) වෙනුවෙන් විශ්මකර්ම(දිව්‍යලෝකෙ නිර්මාණ ශිල්පියා) විසින් නිර්මාණය කරපු පාරාදීසයක් කියලයි. කට්ටිය දන්නවා ඇතිනෙ විශ්මකර්ම ගැන. විශ්මකර්ම වැඩක් කලොත් ආයෙ දෙකක් නෑ. ඒක තමයි හොඳම. ඒක නිසයි මහා බ්‍රහ්මයා පවා තමන්ගේ සමහර නිර්මාණ කරන්න විශ්මකර්මට පවරන්නේ. එයත් දන්නවා තමන්ට වඩා ලොකු නිර්මාණශීලී බවක් විශ්මකර්මට තියෙනවා කියල. (විශ්මකර්ම ගැන තව දැනගන්න ඕනෙ නම් පරණ චිත්‍ර ශිල්පියෝ, විවිධ නිර්මාණ ශිල්පියෝ වගේ අයගෙන් අහල බලන්න - අපිත් අදහගන්න බැරි වැඩක් කරහම විශ්මකර්ම වැඩක් කියලත් කියනවනේ) පස්සෙ කාලෙක රාවණා විසින් කුවේරයාට පාට් එකක් දාල ලංකාව අයිති කරගෙන තියෙනවා. මේ කතා සම්පූර්ණයෙන්ම මිත්‍යා කතා කියල අහක දාන්නත් බෑ. මොකද ඉතා අතීතයේ තිබ්බ දියුණු ශිෂ්ඨාචාර වලට මොන මොන දේවල් කරන්න හැකියාව තිබ්බද කියල අපි දන්නේ නෑනෙ. උදාහරණයක් විධියට ඊජිප්තුවේ පිරමීඩ, ලංකාවෙ සීගිරිය, බැබ්ලෝනියාවෙ එල්ලෙන උයන වගේ දේවල් හැදුවෙ කොහොමද කියල තාම දන්නේ නෑනෙ. දඬු මොණරය වගේ දේවල් ඇත්තටම තිබ්බ වෙන්නත් පුළුවන්.මොකද මං අහල තියෙනවා බැබ්ලෝනියාවෙ එල්ලෙන උයන හදන්න ඔවුන්ට තාක්ෂණය දුන්නේ අහසින් පැමිණි සිංහ මිනිසුන් කියල කතාවක් තියෙනවා කියල. ආයෙ මං අහල තියෙනවා මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කරද්දී වටකුරු පළිහවල් අහසින් ඇවිල්ලා ඒවයින් ඔවුන්ට ඊතල විද්දා කියල ඔවුන්ගේ සටහන් වල තියෙනවා කියල. අනික ලොව ඉතා බලවත් රාජ්‍යවල් තමන් ඉදිරියේ දණගැස්සූ මහා ඇලෙක්සැන්ඩර්ට ඉන්දියාව අල්ල ගන්න බැරි උනානෙ!

ඉතින් මොකද හිතන්නේ ලංකාව ස්වභාවිකද? නැත්නම් කෘත්‍රීමද?

Virgin birth! ඔබත් උපන්නේ කන්‍යාවකට දාවද?

ඔන්න තවත් විකාර අදහසක් මගේ ඔලුවට ආවා. මේක මේ බ්ලොග් එකේ නමටත් නියමෙට ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ. හරි දැන් අමතර කතා ඇති, නියම කතාවට බහිමු.
දැන් වෛද්‍ය විද්‍යාව හරි දියුණුයි. කෘත්‍රීම සංසේචන ක්‍රම, නල දරු උපත්, ජාන තාක්ෂණය වගේ දේවල් තව දුරටත් සිහිනයක් නෙවෙයි. ඉතින් මට හිතෙන්නේ සමහරවිට ඔය Virgin birth එකකට උරුමකම් කියන අය සමහරවිට මේ විධියේ කෘත්‍රීම සංසේචන ක්‍රමයක් මගින් උපද්දවන ලද අය වෙන්න බැරිද? සමහරවිට දියුණු පිටසක්වල ජීවීන් විසින් මේක කලාත් වෙන්න පුළුවන්. අනික ඊජිත්තු ශිෂ්ඨාචාරය ගැන එහෙම සඳහන් කරන විට පිටසක්වල ජීවී සම්බන්ධතා ගැන කතා අපේ ඔලුවලට නිතැතින්ම එනවනේ! සමහරවිට දෙවියන් කිව්වේ මේ පිටසක්වලයින්ටද දන්නේ නෑ? අනික දෙවියන් මෙන් මේ අයත් අහසින් ආලෝකය සමගනේ එන්නේ. (Alien abduction කතාවල හැමවෙලාවෙම කියවෙන සුදුපැහැති දැඩි ආලෝකයත් දෙවියන් ගැන කියන විට සිහිවෙන සුදු ආලෝකයත් සිහියට නගා ගන්න.) නියමයිනේ! මිනිස්-පිටසක්වල මුහුම් ජීවීන්!(human-alien hybrids) හරියට නිකං X-Files වගේ!
මේ කතාව මගේ ඔලුවට ආව විධියත් කියන්නම්කෝ. මම මේ මිනිස්සුයි සත්තුයි අතර සම්බන්ධතාවය ගැන හිත හිත හිටයේ. එතකොට මට හිතුනා සමහරවිට සත්තුන්ට, අපිව( ඒ කියන්නේ මිනිස්සුන්ව) දෙවිවරු වගේ පේනවා ඇති කියල. අපි සත්තුන්ව අපිට ඕනෙ ලක්ෂණ තියෙන විධියට ජාන තාක්ෂණය හා කෘත්‍රීම සංසේචන ක්‍රම මගිනුත් බිහිකරනවා කියලත් මතක් වෙන කොටම මේ කතාව මගේ ඔලුවට ආවා.

අපි අපිටම උදව්වක් කර ගමුද?

Monday, June 15, 2009
දැනුම! දැනුම අත්‍යවශ්‍යය; දැනුම නැත්නම් කිසිවක් හරියට බැරිය. ලාංකීය සමාජය එක තැන පල්වීමට ලොකුම හේතුව වන්නේද නිසි දැනුමක් ජනතාව සතු නොවීමය. නමුත් එය වෙනස්කිරීමට දැන් කාලයයි. ඔව්! අපිටත් ඒ මෙහෙවරට දායක විය හැකියි. එය පටන් ගැනීමට හොඳම තැන දැනුම කිව්වහම අපිට මුලින්ම මතක් වෙන තැනින්ය: විකිපීඩියා! විකිපීඩියාව ගැන නොදන්නා අයෙක් නොමැති තරම්ය. නොදන්නා දෙයක් හමුවූ විට අපි මුලින්ම දිව යන්නේ විකිපීඩියාවටය. අපි හැමෝම දන්න පරිදි විකිපීඩියාව ඕනෑම අයෙකුට ලිපි සැපයීමෙන් වර්ධනය කල හැක.(විකිපීඩියාවට ලිවීමට ආචාර්ය, මහාචාර්ය කෙනෙක් වීමට ඕනෑ නැත.) නමුත් සිංහල විකිපීඩියාව තවමත් ඇත්තේ පහල මට්ටමකය. දැනට එහි ඇති ලිපි වලද බොහෝ අඩුපාඩු ඇත. ඉතින් මං හැමෝගෙන්ම ඉල්ලන්නේ සිංහලෙන් හිතන, සිංහලෙන් ඉගෙන ගන්න අය වෙනුවෙන් තම තමන් දන්න දේවල්(ඕනෑම දෙයක්(විද්‍යාව, කලාව, ඕපදූප කියල භේදයක් නෑ), පොඩි පොඩි දේවල් උනත් කමක් නෑ, නොවැදගත් කියල හිතෙන දේවල් උනත් කමක් නෑ, විකාර අදහස් උනත් කමක් නෑ, දැනුමට ලොකු පොඩි වැදගත් නොවැදගත් කියල භේදයක් නෑ.) සිංහල විකිපීඩියාවට ලියන්න කියලයි. (සිංහල බ්ලොග් අවකාශයේද ඉතා වැදගත් ලිපි පවතිනවා මා දැක ඇත්තෙමි. හැකිනම් මේ බ්ලොග් වලට ලියන දෑ සිංහල විකිපීඩියාවටත් සපයන්න.) තවත් හැකිනම් මෙහි දැනටමත් ඇති ලිපි සිංහලයට පරිවර්තනය කර සිංහලෙන් හිතන පතන ජනතාව(අපි) වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න. සිංහලයිනි, තමන්ට තම ජනතාවට දිය හැකි හොඳම දායාදය දෙන්න. නව ලොව දිනීමට ඔවුන්ව(අපිවම) දැනුමෙන් සන්නද්ධ කරන්න. අපේ මිනිසුන් සිටින තැනින් ඔසවා තබන්නට ඔබේ උපකාරය ලබා දෙන්න. ඔබේ රටට ඔබගේ උදව් අත්‍යවශ්‍යයයි. රටක් සංවර්ධනය කරන්නේ අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි හැදීමෙන් නොව, මිනිසුන්ගේ ඔලු හැදීමෙන්ය. ඉතින් රට ගොඩනැගීමට ඔබත් උරදෙන්න. අපි වෙනුවෙන් අපි වෙන්න. හෙට උදාවන හිරු අහසට නැංවීමට ඔබ කල මෙහෙවර ගැන දිනක ඔබට සතුටු විය හැකි වේවි. තමන් සතු දැනුම බෙදාගන්න. එය උතුම් ක්‍රියාවකි! මේ ගුරු මුෂ්ටි නොමැති, තුටු පඬුරු නොඉල්ලන සිංහලයින්ගෙන් කරන ඉල්ලීමකි.

අපට කල හැකි දේ:
# සිංහලෙන් අලුතින් ලිපි ලියා එකතු කිරීම.
# දැනට ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් පවතින ලිපි සිංහලයට පරිවර්තනය කිරීම.
# දැනට පවතින සිංහල ලිපි වැඩි දියුණු කිරීම හා ඒවායේ ඇති අඩුපාඩු හා වැරදි සකස් කිරීම.
# මේ ගැන සිංහලෙන් ලිවීමට දන්නා හැකි සෑම දෙනාම දැනුවත් කිරීම හා මගපෙන්වීම.

සිංහල විකිපීඩියාවට මෙතැනින් යන්න

වැදගත්: කරුණාකර නිවැරදි දැනුම පමණක් ලියන්න. වැරදි හෝ බොරු ලිවීමෙන් වළකින්න. අක්ෂර විණ්‍යාසය, ව්‍යාකරණ හා භාෂා භාවිතය ගැනත් සැලකිලිමත් වන්න.

ඕනෑ කර තිබේ!

Wednesday, May 20, 2009
නිදහස් චින්තනය. අද ඉන්න යාන්ත්‍රික මිනිස්සුන්ට නැතිම දෙයක් තමයි මේ. යාන්ත්‍රික විතරක් නෙවෙයි, යාන්ත්‍රික නොවන අය තුලත් මේක හොයාගන්න ටිකක් අමාරුයි. මම මේ නිදහස් චින්තනය කියල කිව්වෙ නිදහස් රටක, නිදහස් මිනිහෙක් විදියට තමන්ට ඕන දේවල් තමන්ට ඕන විදියට හිතන එක ගැන නෙවෙයි. ඒකත් නිදහස් චින්තනයක් තමයි, හැබැයි මම කතා කරන්නෙ ඊට ටිකක් වෙනස් දෙයක් ගැන. මම මේ කියන්නෙ අපි හිතන දේවල් යම්කිසි විෂය රාමුවකට කොටු කරල හිතන්නෙ නැතිව වඩාත් පෘථුල විදියට, වඩාත් විශ්වීය විදියට හැකිතරම් සීමා රහිතව හිතන එක ගැනයි. බහුතරයක් මිනිසුන්ගේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් තමයි ඉතා ඉක්මනින්ම අර්ථ දැක්වීම් (සම්මතයන්) වලට කොටුවීම. (එනම් අර්ථ දැක්වීම් විශ්වාස කිරීම) අර්ථ දැක්වීම් වලින් වටවුනු මනසක නිර්මාණය වන දැනුම එම අර්ථ දැක්වීම් වල සීමා වලින් කොටුවේ. උදාහරණයක් විධියට අයින්ස්ටයින් තමන්ගේ චින්තනය නිව්ටන්ගේ රාමුවල කොටුකරගෙන තිබුනා නම් ඔහු කිසිදිනෙක සාපේක්ෂතාවදයක් නිර්මාණය නොකරනු ඇත.
වඩාත් සරල විදියට කියනවනම් අපි සාමාන්‍යයෙන් කියන්නෙ සාම්ප්‍රදායික භෞතික විද්‍යාවට අනුව මෙහෙමයි, ක්වොන්ටම් යාන්ත්‍රණයට අනුව එහෙමයි, බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙහෙමයි, මාක්ස්වාදයට අනුව මෙහෙමයි, පෙරදිග සංගීතයට අනුව එහෙමයි, ආර්ථික විද්‍යාවට අනුව මෙහෙමයි කියලනෙ. ඒ නමුත් අපි එහෙම කියනකොට අපි දන්නෙම නැතුව අපේ චින්තනය ඒ ඒ රාමු වලට කොටු වෙනවා. එතකොට එතන නිදහස් චින්තනයක් නෑ. සරලව කියනවනම් එතකොට වෙන්නෙ නිදහස් චින්තනයක් තිබුන මිනිස්සුන්ගෙ මනසෙන් නිර්මාණය කරපු දැනුම පද්ධතියක අපේ සිතුවිලි හිර වෙන එකයි. හැබැයි එක දෙයක් මතක තියා ගන්න, අපි ඉන්න මේ ලෝකය මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ ඒ නිදහස් චින්තනය තිබිච්ච මිනිස්සු. ඒ වගේමයි මං අර කලින් උදාහරණෙදි කියපු ඔක්කොම සිද්ධාන්ත නිර්මාණය උනෙත් නිදහස් චින්තකයන් තුලයි. මොකද ඒ අය අනෙක් අය නොදැකපු දෙයක් මේ විශ්වයේ දැක්කා. ඒ අය රාමුවෙන් එපිටට හිතපු හින්දයි ඒ අය අලුත් දැනුමක් නිර්මාණය කලේ. ඒ අයගෙ චින්තනය රාමුවකට කොටු වෙලා තිබ්බ නම් ඔවුන් කවදාවත් අලුත් දෙයක් හොයා ගන්නෙ නෑ. ඒ හින්දා අපේ රටට දැන් ඕන කරල තියෙන්නෙත් ඒ විදියට රාමුවෙන් එපිටට හිතන්න පුළුවන් අයයි.
ඒ වගේමයි නිදහස් චින්තනය කියන එකට විෂය ක්ෂේත්‍රයක් නෑ. විද්‍යාව, කලා, වාණිජ කියල වෙන්වෙන් නෑ. මොකද එහෙම විෂය ක්ෂේත්‍රය විධියට වෙන් කලොත් නැවතත් එතන නිදහස් චින්තනයක් නැතිවෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන හිතද්දී මම විද්‍යාත්මකව හිතනවා හෝ මම කලාත්මකව හිතනවා ආදී වශයෙන් අපි අපේ චින්තනයට සීමා පනවන්නේ නැතිව නිදහස්ව සිතිය යුතු බවයි. එමගින් පූර්ණ විද්‍යාත්මකත් නොවන, පූර්ණ කලාත්මකත් නොවන නමුත් ඒ සියලු ගති ලක්ෂණ ඇති වඩා පරිපූර්ණ, වඩා සාර්ථක නිර්මාණ කිරීමට හැකිවේ.
මම හිතන්නෙ අපේ රට ගොඩගන්න නම් රාජ්‍ය මට්ටමින් නිදහස් චින්තකයන් ප්‍රවර්ධනය කරන්න ඕනෙ කියලයි. (හැබැයි මෙතුවක් කාලෙකට අපේ රටේ ප්‍රවර්ධනය වුනේ ව්‍යාපාරිකයන් විතරයි.) හැබැයි මේක කියනවට වඩා අමාරුයි. මොකද ඔය බුද්ධිමත්තු කියල පෙනී හිටින ගොඩ දෙනෙක් බුද්ධිමත්තු නෙවෙයි. උගත්තු විතරයි. (උගත්කමයි, බුද්ධිමත්කමයි කියන්නෙ එකක් නොව දෙකකි.(මෙය කියවන්න - දැනුමයි - බුද්ධියයි) උගතෙක් යනු දැනුමෙන් (knowledge) පිරිපුන් පුද්ගලයෙක් වන අතර බුද්ධිමතෙක් යනු බුද්ධියෙන් (intelligence) පිරිපුන් පුද්ගලයෙක් වේ.) ඒ වගේම නිදහස් චින්තකයෙක් වෙන්න අවශ්‍ය බුද්ධිය මිස උගත්කම නෙවෙයි. බස් රියදුරෙකුත් බුද්ධිමතෙක් වෙන්න පුළුවන් උගත් නැතුවට, ඒ වගේම මහා ඇදුරු කෙනෙකුත් උගතෙක් විතරක් වෙන්න පුළුවන් බුද්ධියෙන් අඩු. (මෙහෙම කිව්වට කව්රුත් වරදවා වටහා ගන්න එපා.) හැබැයි බුද්ධියට අමතරව උගත්කමත් තියෙනව නම් ඒක ලොකු හයියක්.

"අපේ" නොවන "මගේ" පැවැත්ම

Monday, May 18, 2009
"මම" අයත් නොවන "අපි" ඉන්නවද? "මගේ"ත් නොවන "අපේ" දේ තියෙනවද? මම! මම! මම! ඇයි මම? හෝව්! හෝව්! මේ ප්‍රශ්නෙ නම් අහන්න එපා! අපි හැමෝම වගේ මේ ප්‍රශ්නෙන් නවතිනවා. එහෙම නැත්නම් මගඅරිනවා.
මට වැදගත් මගේ පැවැත්ම හා එයම විතරයි. මට වෙන කිසිම දෙයක් වැදගත් නෑ. මම, මගේ පවුල, මගේ ගම/නගරය, මගේ රට, මගේ ලෝකය, මගේ විශ්වය. සාමාන්‍යයෙන් කියනකොට මේකෙ "මගේ" වෙනුවට "අපේ" කියල දාගන්නෙ ලස්සනට!
මම ලියපු අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා) හා පරිණාමයේ හා ජීවියාගේ අරමුණ ගැන පිස්සු කතාවක්! ලිපි කියෙව්වා නම් අපේ මූලිකයේ(සෛලයේ) ඉඳලා මගේ යන සංකල්පය ක්‍රියාත්මක වෙන විධිය තේරෙන්න ඇති. මගේ දැක්මට අනුව නම් උසස් යැයි කියන බහු සෛලික ජීවීන් යනු ආත්මාර්ථයේ ප්‍රතිමූර්ති. තනි සෛලයකට තනිව පැවතීමට නොහැකි වූ කල සෛල එකතුවකින් සමාජයක් හදා ගන්නවා. සෛල සමාජයෙන් වෙන් කරලා තනි සෛලයකට වෙනමම ඊට ජීවත් වෙන්න අවශ්‍ය සියළු සාධක දෙන්නේ නම් ජීවත් වෙනවා. මට නම් අනිත් අය නැතුව ඉන්න බෑ කියන්නෙ නෑ! පොඩ්ඩක් ඉන්න. දැන් ඔබ කියයි මට නම් එහෙම බෑ කියල. මේකට හේතුව පැහැදිලියි. අවුරුදු මිලියන ගාණක් තිස්සෙ සමාජයත් එක්ක ඉඳල ජානගත දේ වෙනස් කරන්න ගොඩක් අමාරුයි. (ජාන කියන්නෙ නියම ජාතියක්! නියමෙට අපිව කඩේ යවන්න දන්නවා! හැබැයි ඉතිං ජාන නැතුවත් බෑ! බෑ! බෑමයි!) සමාජයෙන් මට ලැබෙන ආතල් එකම සමාජයෙන් තොරව මට කොහොම හරි ලැබෙනවනම් ඉන්නවනේ! ධනවාදය, ලිබරල්වාදය කියන්නෙ මේ ආත්මාර්ථය එලිපිටම කිසිම නීති-රීතියකින් තොරව දරුණු විධියට ඉටුකරගැනීමක්. සමාජවාදය කියන්නෙ මේ ආත්මාර්ථය ලස්සන කොලේකින් වහල යම් සීමාවන් අනුව සුමටව කිරීමක්!
මෙතෙන්ට මම The Matrix - වෙනස් විධියකට දකිමු; කියවමු. ලිපියෙ ලියපු කතාවකුත් තිබ්බනම් හොඳයි කියල හිතුනා.
"තමන්ගෙ පැවැත්ම (මෙතැනට සුදුසුම වචනය තමයි තමන්ගේ පැවැත්ම යන්න; නැතුව අපේ පැවැත්ම යන්න නොවේ) තමයි හැමෝටම වැදගත්ම දේ. (ලිංගිකත්වය උනත් නිර්මාණය වී තියෙන්නෙ තමන්ගෙ පැවැත්ම සඳහායි. උදාහරණයකින් කියනවා නම් මිනිහෙක් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න මිසක් එහා ගෙදර එකාගෙ පරම්පරාව ඉදිරියට ගෙන යන්න නෙවෙයිනේ. (ඒකයි මෙතෙන්ට ගැලපෙන්නේ අපි නොව මම කියල කිව්වෙ.) ඔය සමහරු කියනවා වගේ මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ලිංගිකත්වයට නෙවෙයි තමන්ගේ පැවැත්මට. ලිංගිකත්වය යන්න මගේ ලේ, මගේ ජාන ඉදිරියට ගෙන යාමක්. මගේ පැවැත්ම කියන්නේ ඒකයි. මූලික අවශ්‍යතාවය ඒකයි. තමන්ගේ පැවැත්ම! පංචස්කන්ධය පිනවීම වැනි බාහිර ක්‍රියාකාරකම් වලින් වැසී තිබුනත් ඕනෑම කෙනෙකුගේ චිත්ත ප්‍රවාහයේ ගැඹුරින්ම පවතින්නේ තමන්ගේ පැවැත්ම!! ඒ සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. - අත්තාහි අත්ත නො නාතෝ , කොහි නාතෝ පරෝසියා - තමාට පිහිට තමාමය , තමාට අන කවරෙකුගේ පිහිටක්ද? කියල බුදුරදුන් පැවසුවේ ඒ නිසයි. අනෙකා තමන්ට පිහිට වන්නේ (එමෙන්ම තමන් අනෙකාට පිහිට වන්නේද) ඔහුගේ පැවත්මට තර්ජනයක් නොවන තාක් පමණි.) අපි උනත් මේ film එක බලල මෙච්චර කියවන්නේ මේකෙදි මිනිස්සුන්ගෙ පැවැත්මට තර්ජනයක් වෙන හින්දනෙ. පොඩ්ඩක් හිතල බලන්න මේකෙ මිනිස්සු වෙනුවට කූඹින්ව හරි මාළුන්ව හරි බලශක්ති ප්‍රභව විධියට යන්ත්‍ර විසින් පාවිච්චි කරල තිබ්බ නම් අපිට මෙච්චර ප්‍රශ්න නෑනෙ. දැන් මේ යන්ත්‍ර වලට බුද්ධිය තියෙනවා. ඒ කියන්නේ පණ තියෙනවා. පණ තියෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන විට ඉතාමත් දරුණු වීම ස්වභාවිකයි. (ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කරන්න නීතියෙනුත් අවසර තියෙනවනේ!!!) මේ කතාවෙ තුන්වෙනි කොටසෙදි එක් නගර සභිකයෙක් Neo ව Zion නගරය ක්‍රියාත්මක වන කොටසට රැගෙන යනවා. එහිදී නගරය ක්‍රියාත්මක කරවන්නේ/ ජීවත් කරවන්නේ යන්ත්‍ර වල (මේ යන්ත්‍ර බුද්ධිමත් යන්ත්‍ර නොවේ.) උදව්වෙන් බව පෙන්වනවා. ඇත්තටම කියනවා නම් අපිට අවශ්‍ය ඒකනේ. අපිට ඕනෙ අපි නොවන පිරිසක් මෝඩයෝ වගේ අපිට ඕන දේවල් කර කර ඉන්නවා දකින්නනේ. ඒ අය එය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අපට විරුද්ධව සටන් කලොත් ඔවුන් නරක යැයි අපි හංවඩු ගසමු. (මෙතෙන්දි සමහරු කියන්න පුළුවන් අපි ඔවුන්ව නිර්මාණය කල නිසා ඔවුන්ව අපට අයිතියි කියා. නමුත් ඒ කතාව හරියට ළමයෙක්ව උපද්දපු පලියට අම්මටයි තාත්තටයි ළමයව මරන්නත් අයිතිය තියෙනවා වගේ කතාවක්නෙ.) අපගේ පැවැත්මට තර්ජනයක් නොවන තාක් කල් සියල්ල හොඳය. එරෙහි වුවහොත් ඔවුන්ව විනාශ කල යුතුය. අනික හිතන්න යම් දවසක මිනිසුන්ගේ සියළුම බලශක්ති ප්‍රභව නැති වී මිනිසුන් වඳවීමේ තර්ජනයට මුහුන පෑවා කියල. එතකොට මිනිස්සු හොයාගන්නවා මාළුන්ගෙන් මේ විධියට බලශක්තිය නිපදවන්න පුලුවන් කියල. එදාට මේ යන්ත්‍ර මිනිස්සුන්ට කරන දේට විරුද්ධ වුන කීදෙනෙක් මේ මාළුන් වෙනුවෙන් නැගී සිටීවිද? අනෙකකු නොව ඔබ නැගී සිටිනවාද? අනෙකාට ඇඟිල්ල දික් නොකොට තමන් තුලින් යථාර්තය දකින්න. මේ ලෝකය වඩා ලස්සන තැනක් කරන්න එතකොට හැකිවේවි."
මම මගේ වහලෙක්! මම මට ඕන දේවල් මට ඕන විධියට කර කර ඉන්නවා, මගෙන් මට නිදහසක් නෑ! අනිත් එක මම කියන්නෙ කව්ද? මම කියන්නෙ මගේ දැනුම! මගේ නියම නිදහස තියෙන්නෙ මම නම් වූ වහල් ස්වාමියාගේ (එනම් මගේ දැනුම) රාමුවෙන් එපිට! මමත්වය නැති කිරීම නියම නිදහස වෙන්නෙ අන්න එහෙමයි!
සම්බන්ධිත ලිපි:
The system

නම:Marx, ලක්ෂණ:

Sunday, May 17, 2009
පහත ලක්ෂණ ඔබටත් තිබෙනවාදැයි බලන්න.

1. මාක්ස් යනු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා යැයි විශ්වාස කිරීම. (සමහරුන්ට නම් එය මාක්ස්ව අදහන තරමටම ප්‍රබලයි.)
2. බටහිර විද්‍යාව යනු පරම දැනුම පද්ධතියක් යැයි විශ්වාස කිරීම. (දැනට බටහිර විද්‍යාවේ යම් යම් අඩුපාඩු තිබුනත් ඉදිරි කාලයකදී ඒවා සියල්ල විස‍ඳේ යැයි විශ්වාස කරයි. - බටහිර විද්‍යාවට ඇත්තේ නියම පදනමක් කියල හිතං ඉන්නවා.)
3. උග්‍ර භෞතිකවාදීන් වීම. (මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයෙන් හටගන්නක් බව මාක්ස් කිව්ව හින්දද දන්නෑ!)
4. සමාජවාදය යනු සමාජය සඳහා පරම (ideal) ක්‍රමය ලෙස විශ්වාස කිරීම. (සමාජවාදයට වඩා හොඳ ක්‍රමයක් කොහොමටවත් නැති බව සිතා සිටියි. - අනාගතයේදී වත් ඇති නොවෙයි කියලත් හිතනවද දන්නෑ!)
5. තමා සාමාන්‍ය සමාජයට වඩා අඩියක්වත් ඉදිරියෙන් ඉන්න බව සිතා සිටියි.
6. සාමාන්‍ය සමාජය දෙස අනුකම්පාසහගත ලෙස බැලීම.
7. බොහෝ දේවල්, (විටෙක සියල්ල) දේශපාලන හා ආර්ථික ක්‍රියාවලි වල ප්‍රතිඵල ලෙස සිතා සිටියි.
8. ඉන්ද්‍රිය සංවේදනයෙන් ලැබෙන දැනුම යනු පරම සත්‍යය යැයි සිතා සිටියි.
9. මොවුන්ට ආගම් යනු ගොන්පාට්ය. ආගමකට සුලු හෝ ගෞරවයක් දක්වන්නේ නම් ඒ සමාජයෙන් ඇති බලපෑම නිසා මිස එම ආගමේ කරුණු පිළිබඳ පැහැදීමකින් නොවේ.
10.ඉතා දැඩි ලෙස ඉහත දේවල් විශ්වාස කිරීම. (මේවා හරියට නිරපේක්ෂ සත්‍යය ලෙසට විශ්වාස කරයි. - මේ අදහස් කිසිවිටෙකත් කිසිම හේතුවක් නිසා වත් වෙනස් නොකරයි.)

මේ ලක්ෂණ ඔබටත් තිබේනම් ඔබේ නමත් මාක්ස් විය හැක! (මීට අමතරව තවත් ලක්ෂණ ඔබ දන්නේ නම් කරුණාකර සටහන් කරන්න.)

The system

Sunday, May 10, 2009
The system is all around you. It is also within you. And the system is almost perfect. It has no malfunctions. It has no exceptions. Everyone and everything is important to the system. No one is left behind or ignored by it. And it also waits for no one. The system is more powerful than you could ever imagine. So powerful that no one could ever escape its power. So powerful that even the system itself can’t escape from it.
The system feeds you. The system makes you live. The system gives you happiness. The system gives you means to live. And it also gives you dreams and hopes to live with. It gives you love. It also makes you love it. The system will give you power, so much power that will rule everyone, but only if you are not dare to go against it.
But at the same time the system makes you starve. And it will eventually kill you. The system gives you sorrow. And it makes you suffer. It will also shatter your dreams and hopes. It gives you hate. And it also makes you hate it.
The system is the universe. The system is the world. The system is me. And more importantly the system is you!
See it; feel it; know it from within you. Maybe sometimes you will stand a small chance to escape from it to a state with no sorrow and no happiness; no life and no death; to a state of pure stillness and true freedom.
But…
The important question is, do you want to escape? Or will you live by it under its command? The choice is yours and yours only. But remember, the system will not wait for you!

බුදුදහම විකෘති කරන්න එපා!

Thursday, May 7, 2009
මෙය ලියන්න මා පෙළඹුනේ දැනට දින කීපයකට පෙර මා දුටු ලිපියක් නිසයි. (මේ ලිපිය සින්ඩියේත් තිබුණු නිසා බොහෝ දෙනා දකින්නත් ඇති.) එහි තිබුනේ වෙනත් රටක මෑත අතීතයේ සිටි රහතන් වහන්සේ නමකට ඊට පෙර සිට පිරිණිවන් පෑ ඇති බුදුවරුන් පැමිණ ආශිර්වාද කලා යැයි කියැවෙන කතාවකි.
මෙය බරපතල කතාවකි. මේ අභියෝග කරන්නේ බුදුදහමේ හරයටයි. මෙයින් බුදුදහමේ එන ලෝකය සම්බන්ධ මූලිකම ඉගැන්වීම් 3න් 2ක් ම අභියෝගයට ලක් කරයි. බුදුදහමේ එන පරිදි ලෝකය,
1.අනිත්‍යය
2. දුක්ඛය
3. අනාත්මය
නමුත් මෙම කතාව මඟින් මෙහි අනිත්‍ය හා අනාත්ම යන කරුණු හෑල්ලුවට ලක් කරයි. බුදුදහම අනෙක් දේව ආගම් වලින් වෙනස් වන්නේ මේ ඉගැන්වීම් නිසාය. නමුත් මේ කරුණු ඉවත් කල විට බුදුදහම අනෙක් දේව ආගම් මට්ටමට වැටේ.
මා මෙය දකින්නේ බුදුදහමට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ලෙසිනි. මෙවැනි කුමන්ත්‍රණ අද කොතෙකුත් ඇත. බොහෝ අය කැසකවන්නේ ලොව ඇති අනෙක් ආගම් වලින් පැහැදිලි ලෙස වෙනස් වූ බුදුදහම විනාශ කර දැමීමටය. මෙය අධිපතිවාදයේ ප්‍රතිඵලයකි. අනෙක් සියළුම ආගම් යම් අධිපතිවාදයකට (දෙවියන්ගේ හා දේව නියෝජිතයන්ගේ අධිපතිත්වයට) ඉඩ සලසන අතර එසේ නොවන එකකට ඇත්තේ බුදුදහමය. බුදුදහම ඉතාමත් පැහැදිලි ලෙසම සියළුම දෙනාගේ (මිනිසාගේ පමණක් නොව සියළුම සත්වයන්ගේ) නිදහස අගය කරයි. එනිසා සමහර ජාතීන්ට තම අධිපතිවාදය ලොව පැතිරවීමේදී බුදුදහමේ මේ එන නිදහස් ප්‍රතිපත්ති බාධාවක් බව නොකිවමනාය. එනිසා මේ බාධකය බිඳහෙලන්නට ඔවුන්ට අවශ්‍ය වී ඇති බව ඔවුන් කරන කියන දේ වලින් පැහැදිලිය. හනිංටන් මහතාගේ “clash of civilizations” පොතේ පවා අන් සියළු ආගම් තිබියදී ථෙරවාදී බෞද්ධ සංස්කෘතිය/ශිෂ්ටාචාරය පමණක් “ගොන්පාට්” කර දක්වන්නේත් මෙනිසා විය හැක.
ගෞතම බුදුරදුන්ගේ ධර්මය පවතිනවා යැයි කියා ඇති වසර පන්දහසෙන් අර්ධයකට වඩා (එනම් 2500 කට වඩා) දැන් ගෙවී අවසන්ය. එනිසා දැන් ඇත්තේ අසීරු කාලයකි. බුදුදහම විනාශ කරන්නට ඇති බලවේග වඩා දැඩි ලෙස පෙරට එමින් පවතී. මේ සඳහා හොඳම ක්‍රමය “පිටත සිට පහර දීම” නොව “ඇතුලත සිට පහරදීම” බැව් ඔවුන් තේරුම් ගෙන ඇත. බෞද්ධයකු නොවන අයෙකු බුදුදහමට පහර ගසා විනාශ කරනවාට වඩා හොඳින් බෞද්ධයකුටම බුදුදහමට පහර ගසා විනාශ කල හැක. ඊටත් වඩා හොඳින් ස්වාමීන් වහන්සේ නමකට කල හැක. (අද සමහර භික්ෂූන්ගේ ක්‍රියාවන් සිහියට නගා ගන්න.) ඊටත් වඩා හොඳින් මාර්ගඵල ලාභියෙකුට කල හැක. (තමන් සෝවාන් ආදී ඵලයන්ට පත්වී ඇතැයි කෑගසන අය දැන් බිහිවී ඇත.) ඊටත් වඩා හොඳින් රහතන් වහන්සේ නමකට (එලෙස කියා ගන්නා අයට) කල හැක. (මේ සිදුකර ඇත්තේ එයයි.)
එනිසා සියලු බෞද්ධයින්ගෙන් හා ඉල්ලීමට ඇත්තේ මොවුන්ගෙන් පරිස්සම් වන ලෙසයි.
එමෙන්ම තමන් පවසන දෙයිනුත් බුදුදහම ආරක්ෂා වන්නේද නැතිනම් පහර වදින්නේද යන්න ගැනත් සිතා බලන්න. මෙය මා පවසන්නේ මෙනිසාය; අප බුදුදහම ගැන කතා කරන්නේ අපට තේරෙන ආකාරයටය. අපි නම් පිළිගන්නවා අපි තාම මාර්ගඵල ලබල නෑ කියල. එනිසා අපි, අපිට තේරෙන විධියට කතා කලත් ඒ දේවල් වැරදි වෙන්න පුළුවන්. එනිසා බුදුදහමේ එන කරුණු වලට අර්ථදැක්වීම් දෙන්නට යන විට පරිස්සම් වන්න.
හැම දෙනාටම බුදුසරණයි!

ඉතා වැදගත්!!
මේ කරුණු සියල්ලම මා පවසන්නේ මාගේ දැනුමට අනුව මා හට වැටහෙන ආකාරයටය. මාගේ මතය යනු නිර්මල බුදුදහම නොවීමටද හැකිය. මා පවසන දෙයින් බුදුදහමට යම් හානියක් වන්නේ නම් කරුණාකර එය පෙන්වා දෙන්න. එනිසා විවෘත මනසකින් යුතුව නැණසින් මෙය කියවන්න.

සාධාරණ ජාතිවාදය?

Wednesday, April 29, 2009
මේ දවස්වල ජාතිවාදය කියන මාතෘකාව බොහොම ජනප්‍රිය එකක්. මේක ගැන බ්ලොග් අවකාශයේත් ලිපි කීපයක්ම තියෙනවා දැක්කා. ඒ නිසා මටත් මේ ගැන වචනයක් කියන්න හිතුනා.
(මේ කතා කරන්නේ ලංකාවේ තත්වය ගැන විතරයි. අනෙක් රටවල සමාජයන් ගැන මෙයින් නොකියවේ.)
සමහරු හරි අමුතු විධිවලට ජාතිවාදය කියන එක දකිනවා. අපි මොහොතකට හිතමු, සිංහල ජාතිකයෙකුයි වෙනත් ලංකාවේ සුළු ජාතිකයෙකුයි (දමිළ හෝ මුස්ලිම් වැනි) එකම ජාතිවාදී ප්‍රකාශයක් හෝ එකම ජාතිවාදී ක්‍රියාවක් සිදුකලා යැයි සිතමු. එවිට සමහරු සිංහල ජාතිකයා කල දේ ඔහුගේ ජාතිවාදය යැයිද එය වහාම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු යැයි උගුරේ ලේ රහ වනතුරුම කෑ ගසමින් විවිධාකාර වූ ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගනිමින් එය හෙලා දකින අතරම අතරම සුළු ජාතිකයා කල දෙය ඔහුට සිංහලයාගෙන් සිදුවී ඇති අසාධාරණය නිසා කිරීමට සිදුවූ දෙයක්ය, එය ඔහු සිතාමතා ජාතිවාදීව කල දෙයක් නොව ඔහුට සිංහලයාගෙන් එල්ල වී ඇති අයුක්තිසහගත බලපෑම් නිසා ඔහුට කිරීමට සිදුවූ දෙයක්ය ආදී විවිධාකාර වූ හේතු දක්වමින් එය සාධාරණීකරණය කරන්න උත්සාහ දරනවා. (හැමෝම නෙවෙයි; කිහිපදෙනෙක්. මම මේ අය ගැන කල එක් නිරීක්ෂණයක් වන්නේ මේ අය බොහෝ දෙනෙක් "අන්ත ලිබරල්වාදී" ආකල්ප හා "අන්ත සමාජවාදී" ආකල්ප දරණ අයයි.)
ඇයි මෙහෙම කරන්නේ? වැරැද්ද කව්රු කලත් වැරැද්දය.
මේ සම්බන්ධව මම එක උදාහරණයක් දෙන්නම්. මේක දැනට වසර කීපයකට පෙර සිදුවූ සිද්ධියක්. නුවර පලාතේ මම දන්න තැනක එක ඉඩමක් තිබ්බා. ඒක අයිතිව තිබුනේ මුස්ලිම් ජාතිකයෙකුට. ඒ ඉඩම අසලින් තිබුන පොඩි ඇලක් නිසා පොඩි වැස්සකටත් ඒ ඉඩම සම්පූර්ණයෙන්ම වගේ යට උනා. මේ නිසා කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි මේ ඉඩම එක් සිංහල ජාතික පුද්ගලයෙකුට එහි අයිතිකාර මුස්ලිම් ජාතිකයා විකිණුවා. නමුත් ඔහුගේ ඒ ක්‍රියාවට ඔහුට අමුතුම අකරතැබිබයකට මුහුණ දෙන්න සිදු උනා. එම ප්‍රදේශයේ ඇති මුස්ලිම් පල්ලිය මගින් ඔහුට එම පල්ලියට ඒම තහනම් කරනු ලැබුවා. හේතුව: සිංහල ජාතිකයෙකුට ඉඩම විකිණීම. මම අහන්නේ පල්ලියේ මේ ක්‍රියාව ඔවුන්ට සිංහලයින් ගෙන් සිදුවී ඇති අසාධාරණයක් නිසා කියල සාධාරණීකරණය කරන්න පුළුවන්ද? එතකොට ඔවුන් විසින් සිංහලයින්ගෙන් ඉඩම් මිලදී ගැනීම?
මම හදන්නේ සිංහලයින්ගෙ ජාතිවාදය සාධාරණීකරණය කරන්න නොවේ. මම කියන්නේ කව්රු කලත් වැරැද්ද වැරැද්දය. එයට නිසි පිළියම් යෙදිය යුතුය.

අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)

Saturday, April 25, 2009
මේ කතාව අපි පොඩි තැනින්ම පටන්ගමු. අපි හැමෝම හැදිල තියෙන්නේ පුංචි සෛල කෝටි ගණනකින්. මේ එක සෛලයක් ගත්තහම ඒක ආහාර ගන්නවා; අපද්‍රව්‍ය පිටකරනවා; තමන්ගේ වර්ගයේ සෛල පරම්පරාව පවත්වාගන්නවා හා වැදගත්ම දේ ජීවත් වෙනවා. (මේ හැම සෛලයකටම අනෙක් සෛල වලින් තොරව ජීවත් විය හැකිය - සෛලට ජීවත් වීමට අවශ්‍ය සාධක සියල්ල ලැබේ නම්) ඒ වගේම මේ සෛල වලින් නිර්මාණය වී ඇති සත්වයාද සත්වයාගේ පරිමාණයෙන් ගත්කල ආහාර ගන්නවා; අපද්‍රව්‍ය පිටකරනවා; තමන්ගේ පරම්පරාව පවත්වාගන්නවා හා ජීවත් වෙනවා. දැන් අපි මේ කතාව මහා පරිමාණයට ගේමු. දැන් හිතන්න අපි සෛල කියල. එතකොට අපි හැමෝගෙම එකතුවෙන් හැදෙනවා මහා අමුතු සතෙක්. සමාජය කියන සතා! ඌ ආහාර ගන්නවා; අපද්‍රව්‍ය පිටකරනවා; තමන්ගේ පරම්පරාව (සමාජය) පවත්වාගන්නවා හා අපි වගේම ඌත් ජීවත් වෙනවා. අමුතුයි නේද? හරියට නිකං ඇමීබෙක් වගේ මහා විශාල සතෙක්! දැන් මේ සතා ගැන පොඩි විහිලුවක් කියන්නද? මේ සමාජයේ කියන සතාගෙ වැඩිම පරිභෝජනයක් කරන්නේ පාලන බලය තියෙන සෛලනේ (දේසපාලුවෝ හා අනෙක් ධනවත් හා බලවත් උදවිය). ඒක අපිටත් අදාලයි. අපේ ඇ‍ඟෙත් වැඩිම ශක්ති පරිභෝජනයක් කරන්නේ පාලන බලය තියෙන මොළයනේ. අමුතුම අමුතුයි නේද? මේවා හොඳට ගැලපෙනවා නේද? සමාජය කියන්නේ ඇත්තටම පණ තියෙන සතෙක් නේද? (ඕනෙම නම් මේක තව තවත් ඉදිරියට ගෙන යන්නත් පුළුවන්. විවිධ සමාජ සෛල වල එකතුවෙන් සෑදෙන තවත් විශාල සතෙක්. විවිධ සත්ව වර්ග වල සෛල වලින් සෑදෙන මහා ජීවී ජීවියෙක් වශයෙන්.) මේ සතාගෙ තව තව අමුතු වැඩ ගැන විස්තර ඉදිරියේදි බලා‍පොරොත්තු වන්න.

පරිණාමයේ හා ජීවියාගේ අරමුණ ගැන පිස්සු කතාවක්!

පරිණාමයේ මූලික අංගයක් වන්නේ විකෘති ඇතිවීමයි. ඉන්පසු මේ විවිධ විකෘති සහිත ජීවීන් ස්වභාවිකව වරණයකට ලක් වෙනවා. මේ වරණයේදී පදනම් වන්නේ කැලෑ නීතියයි. ඒ අනුව ජීවියා වඩාත් ශක්තිමත් කරන ආකාරයේ විකෘති ඇති ජීවීන් තව දුරටත් පැවතීමටත්, දුර්වලයින් විනාශයටත් මග පාදා ගන්නවා. දැන් මේකෙ මම දැකපු පිස්සු කතාව බලමු. ජීවියෙකුගේ විකෘතියක් ඇති වෙන්න අරමුණක්/ තේරුමක් අවශ්‍ය නෑ. මේවා විටෙක random හෝ spontaneous වෙන්න පුළුවන්. (උදාහරණයක් විධියට අපේ (වානරයන්ගේ) මහඟු මහපට ඇඟිල්ල ගනිමු. මේක නිර්මාණය සමහර විට අහම්බයක් වෙන්නත් පුළුවන්. (සමහර විට විකිරණ නිරාවරණය වීමක් හෝ යම් රෝගයක් නිසාත් මෙය ඇතිවීමේ සම්භාවිතාවයක් පවතිනවා) නමුත් මේ විකෘතිය නිසා වානරයන්ට ලැබුනේ සුළුපටු ශක්තියක් නොවේ. ඒ නිසා ඔවුන්ට (අපිට) අනෙක් සතුන්ට කල නොහැකි දේවල් කල හැකි වුනා; ඒ ආධාරයෙන් ඔවුන් (අපි) අළුත් අරමුණු නිර්මාණය කරගත්තා.) දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ විධියට ගත්තහම අපි (සියලු සත්වයන්) කිසි තේරුමක් නැතිව නිර්මාණය වුනු පිරිසක් බවට පත්වෙනවානේ. අපි අරමුණු නිර්මාණය කරගෙන තියෙන්නේ අපේ හැකියාවන්ට සාපේක්ෂව මිසක් අපි අරමුණු වලට සාපේක්ෂව හැකියාවන් නිර්මාණය කරගෙන නෑනෙ. හැබැයි මේක එක අතකින් බැලුවම ඇත්ත. කිසිදු තේරුමක් හෝ අරමුණකින් තොරව අති විශාල කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වී ඇති මේ අති සංකීර්ණ යන්ත්‍ර (ජීවීන්) තමන්ගේ පැවැත්මම තමන්ගේ අරමුණ කරගෙන වෙන කිසිම දෙයක් ගැන වැටහීමක් නොමැතිව ඔහේ ජීවත් වෙනවා. අනෙක් අරමුණු සියල්ල ඒ තමන්ගේ පැවැත්ම කියන අරමුණ වටා ගොඩනැගුනු දේවල්. (මටත් දැන් නිකං පිස්සු වගේ!)
Related Posts with Thumbnails