“බලයේ” තාත්තා “පීඩනය”ද? (නැත්නම් අනික් පැත්තද?)

Monday, September 7, 2009
ඔන්න තවත් විකාර කතාවක්! අපි සාමාන්‍යයෙන් විද්‍යාවෙදි ඉගෙනගන්නේ බලයක් යම් පෘෂ්ටයක් මත ක්‍රියාත්මක වීම නිසා පීඩනයක් හට ගන්නවා කියලනේ. ඒ කියන්නේ පීඩනය කියන සංකල්පය, බලය යන සංකල්පය මත ගොඩනැගුනු දෙයක්.

ඒත් මට හිතෙන්නේ මේක වැරදියි! මම කියන්නේ බලය යන්න පීඩනය නිසා ඇතිවෙන්නක් කියලයි. ඒ කියන්නේ වඩා මූලික රාශිය විය යුත්තේ පීඩනය යන්නයි!

මේ කතාව තේරෙන්නෙ නැත්නම් මම තවත් පැහැදිලි කරන්නම්. හිතන්න පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනා නිරීක්ෂණය කරලා අපි තියරියක් හදනවා කව්ද තාත්තා? කව්ද පුතා? කියලා. ඒකට අනුව තාත්තා වන්නේ “බලයයි”; “පීඩනය” කියන්නේ පුතායි. නමුත් මම කියන්නේ මේ තාත්තා, පුතා මාරු විය යුතුයි කියලයි. ඒ කියන්නේ අපි තාත්තා, පුතා හඳුනාගෙන තියෙන්නේ වැරදියට!

මොකද කියන්නේ? අපි පිය පදවිය “බලයට” දෙමුද? නැත්නම් “පීඩනයට” දෙමුද? එහෙමත් නැත්නම් මේ දෙන්නා ඥාතීන් නොවේ කියමුද?

5 ක් වූ ප්‍රතිචාර:

අංජන (Anjana) said...

මම දන්නා පරිදි නම් පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයයි. එම නිසා යම් පෘෂ්ඨයක් මත පීඩන වෙනසක් එනම් පෘෂ්ඨයක් මත අසංතුලිත බලයක් ගොඩනැගුනු විට සම්පුයුක්ත බලයක් ගොඩ නැගේ.
එතකොට පීඩනය කියන්නෙත් බලයක්මනෙ. එහෙම නේද?

ජීවන්ත said...

@අංජන,
අදහස් වලට තුති!

පීඩනය කියන්නේ බලයක්ම නෙවෙයි. අපි ඒක රේඛීයව හිතන්න පුරුදු වෙලා ඉන්න හින්දයි එහෙම හිතෙන්නේ. මෙහෙමත් හිතල බලන්නකෝ : බලය කියන්නේ පීඩනයක් වෙන්න බැරිද?

ඒත් මේ සංකල්ප නිර්වචනය කරලා තියෙන විධියට බලය කියන්නේ පීඩනයක්වත්, පීඩනය කියන්නේ බලයක්වත් නෙවෙයි. ඒ නමුත් මේ සංකල්ප අතර අන්තර් සම්බන්ධතාවයක් ඇත. මම මේ කතාව කියන්නේ මේ නිර්වචන වලට (යම්තාක් දුරට) යටත්වයි. මම වෙනස් කරන්න යන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයේ දිශාවයි. නමුත් ඒකෙන් මේ සංකල්ප වල නිර්වචනත් දැඩි ලෙස වෙනස්වීම් වලට යොමු වෙන එක නවත්වන්න බෑ. එතකොට ඇත්තටම කිව්වොත් මේවා අලුතින්ම අර්ථ දක්වන්නත් සිද්ධ වෙනවා!

අංජන (Anjana) said...

ඇත්තටම එහෙම හිතන්නේ ඇයි කියලා හේතු සාධක ඇතුව කරුණු දක්වනවා නම් වඩාත් සුදුසුයි.

Dasun Sameera - දසුන් සමීර said...

බලය නිසා පීඩනය හට ගන්නවා. පීඩනය නිසා බලය හටගන්නවා. මේ දෙක සමතුලිත වෙන තැනක පද්ධතිය නවතිනවා. පීඩනය බලයේ එක්තරාසවරූපයක් අර්තදක්වලා තියන ආකාරයක්. බලය ඒක රේඛීයයි. පිඩනය රේඛීය නෑ. දෛශිකයක් නෙවෙයි. බලය මූලික රාශිය ලෙස සැලකීමේ වරදක් පේන්නේ නෑනේද? වඩාත් සරලවම අර්ත දැක්විය හැක්කෙ බලය නිසා. එහෙම නේද?

Anonymous said...

umbata nam pissu ne machan anith okkotama pissu nisa kauruhari umbata pissu kiwwoth ganan ganna epa.
puluwan nam blog eke nama wenas karapan umbata pissu nethi nisa.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails