අපේ බස අපි රැකගමු! : වචන නිෂ්පාදනය (word production)

Friday, August 21, 2009
අපේ බස(සිංහල) රැකගත හැකි තවත් එක් ක්ෂේත්‍රයක් ගැනයි මෙම ලිපියෙන් කතා කරන්නේ. නම දැක්කම සෑහෙන සංකීර්ණ වැඩක් කියල හිතුනත් එහෙම නෑ. සංකීර්ණ බව කෙසේවෙතත් වැඩේනම් අත්‍යවශ්‍යයයි. ඒ වගේම මේකට හැමෝගෙම සහභාගීත්වය ඕන කරනවා; එහෙම නැතුව මේක ලොකු ලොකු අය විතරක් කල යුතු දෙයක් ‍නෙවෙයි.

මේ ලිපිය කලින් ලිපියක උපුටනයකින්ම පටන් ගන්නට සිතුවා.
“මානව දැනුම හා ක්‍රියාකාරකම් ගොන්නට දිනපතා නව සොයාගැනීම් හා නව ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් එකතු වේ. අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය මෙයින් එක් ක්ෂේත්‍රයක් පමණි.(විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පමණක් තොරතුරු තාක්ෂණයට අමතරව අති විශාල නව ක්ෂේත්‍ර ගණනාවක් ඇත.) යම් භාෂාවක් මේ අළුත් ක්ෂේත්‍ර තුලට විහිදී නොයයි නම් එම භාෂාව සමාජය තුල කොන්වීමට ලක්වේ. නව වචන නිෂ්පාදනය මෙහිදී අති වැදගත්ය. වර්තමානයේ සිංහල භාෂාවේ නව වචන නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය. වචන දෙක තුනක් නිපදවුවත් ඒ වචන සමාජගතවීමක්ද සිදුනොවන තරම්ය.”

“සිංහල දුර්වල වෙනවා කියන එකෙන් අදහස් කලේ සිංහල භාවිතා කරන අයගේ නොසැලකිල්ල හේතුවෙන් බසෙහි ශක්තිය හීන වෙනවා කියන එකයි. යම් අළුත් සංකල්පයක් ගැන කතා කරන්න අපිට වචන නැත්නම් එතැනදි අපේ බස අනෙක් භාෂා ඉදිරියේ හෑල්ලු වෙනවා. අන්න ඒකයි මම සිංහල දුර්වල වෙනවා කියල අදහස් කලේ. අනිත් එක අපි අදක්ෂ නෑ. ඒ වෙනුවට අපිට කිසිම දේකට උවමනාවක් නෑ. ඒකයි ප්‍රශ්නෙ. අපි හැමෝම බලාගෙන ඉන්නේ කව්රුහරි හැම දෙයක්ම කරලා අපේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනකං. මේකෙන් මිදෙනකං අපිට ගොඩ ඒමක් නෑ!”



මේකට අපිට ඉංග්‍රීසියෙන් උදාහරණ ඕනෑ තරම් ගන්න පුළුවන්. ඉංග්‍රීසියේ යම් සංකල්පයක් සඳහා වචන හදන්නේ ඒ සංකල්පය හදන අයමයි. පරිඝණක ක්ෂේත්‍රයෙන් උදාහරණ කියනවා නම් “world wide web, blog, torrent” යන වචන වල නිර්මාතෘන් වන්නේ ඒ සංකල්ප/තාක්ෂණ නිර්මාණය කල උදවියමයි.

මේකෙන් අදහස් කරන්නේ වචන නිර්මාණය විය යුත්තේ සාමාන්‍ය සමාජය තුලින්ම බවයි; එහෙම නැතුව නව වචන නිර්මාණය විය යුත්තේ භාෂා ප්‍රවීනයන් තුලින්ම පමණක් නොවේ. එනිසා ඔබට අවශ්‍ය වචන තවකෙක් හදා දෙන තෙක් බලා නොඉඳ තමන්ම හදාගන්න. පසුව ඒවා කෙමෙන් කෙමෙන් සමාජගත වේවි.

මෙහිදී සඳහන් කල යුතු තවත් ඉතා වැදගත් දෙයක් තිබේ. එනම් වචන නිෂ්පාදනයේදී හැමවිටම උත්සාහ කල යුත්තේ නව ශබ්ද නිෂ්පාදනයකටය. එනම් නව වචනයක් නිෂ්පාදනයේදී එම වචනය පවතින වචන කිහිපයක් ආශ්‍රයෙන් නිෂ්පාදනය නොකර හැම විටම නව ශබ්දයක් නිපදවීමට උත්සාහ කල යුතුය. උදාහරණයක් ලෙස “kettle” යන වචනයට අයෙක් පවතින වචන ආශ්‍රයෙන් “ජල-උණු-කුරුව” යන වචනය නිපදවා තිබිණි. නමුත් ඊට වඩා “කේතලය” යන වදන කෙතරම් පහසුද; අලංකාරද? මෙයටත් අපට ඉංග්‍රීසියෙන්ම උදාහරණ ගත හැක. පරිඝණක ක්ෂේත්‍රයෙන්ම උදාහරණ දෙන්නේ නම් “torrent, blog, Wimax” වැනි වදන් දැක්විය හැක. මෙයින් සිදුවන එක් යහපත් බලපෑමක් නම් වදන් අනවශ්‍ය පරිදි දික් නොවීමයි. එමෙන්ම මෙහි දාර්ශනික පැතිකඩකුත් තිබේ. එනම් නව සංකල්පයක වචනයක් සඳහා පැරණි සංකල්ප සඳහා ඇති වදන් ආශ්‍රයෙන් වචනයක් යෙදීමේදී එම සංකල්ප වල යෙදීම් ගැනත් සැලකීම අනිවාර්ය වේ; එනම් නව සංකල්පය පැරණි සංකල්ප මතම පදනම් වූවක් ද නැති නම් පැරණි සංකල්ප වලින් ඔබ්බට ගිය බවක් ඇතිද යන්න ආදිය සැලකිය යුතුය. නමුත් නව සංකල්පයෙහි පැරණි සංකල්ප වලින් ඔබ්බට ගිය බවක් ඇත්නම් එයට පැරණි සංකල්ප සඳහා ඇති වදන් ආශ්‍රයෙන් වචනයක් යෙදීම කෙතරම් උචිතද යන්න ගැටළුවකි.

ඒ වගේම වෙනත් බසකින් වචන ණයට ගැනීම(loanwords) ගැන අප බිය නොවිය යුතුයි. මේ සඳහා සාධණීය උදාහරණ ලෙස කෝච්චිය, කේතලය, ඉඳකටුව, අල්මාරිය වැනි වචන ඉදිරිපත් කල හැක. විය යුත්ත නම් ඒ වචන අපගේ උරුව හා වහරට ගැලපෙන පරිදි සංශෝධනය කර ගැනීමයි. එනම් අනුකරණය නොකර අවශෝෂණය කල යුතුය. මෙසේ සංශෝධනයකින් තොරව අනුකරණයකට යාමෙන් බසට දැඩි හානියක් වන බවද සිහියේ තබා ගත යුතුය.


මේ සියල්ල සඳහා මා රීති (නීති නොවේ) කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. (මෙහි වෙනස් විය යුතු හෝ මෙයට එකතු විය යුතු දෑ තිබේ නම් කරුණාකර සඳහන් කරන්න.)

# වචන හැකි තරම් කෙටි හා සරල විය යුතුය. (මහප්‍රාණ වැඩි හැතැප්මක් විතර දිග වචන නොදැමිය යුතුය.)
# උච්චාරණය කිරීමට පහසු විය යුතුය. (දිව ඇඹරෙන හෝ උගුර බැරණ්ඩි හෝ නහය ඤොක්කං නොවිය යුතුය.)
# එකම වචනය අදහස් දෙකක් සඳහා නොවිය යුතුය. (උදා: {bat - වව්ලා, bat - පිත්ත} හා {කන - ඇසක් නොපෙනෙන, කන - ආහාර ගන්නා} ආදී වශයෙන් එකම වචනය අදහස් දෙකක් සඳහා යොදා නොගත යුතුය.)
# පැරණි වචන ආශ්‍රයෙන් නව වචන නිපදවනවා වෙනුවට සෑම විටම නව ශබ්ද නිර්මාණයට යොමු විය යුතුය.
# එමෙන්ම වෙනස් අදහස් දක්වන වචන සඳහා ආසන්න වශයෙන් හෝ සමාන ශබ්ද යොදා ගැනීම හැකිතරම් අවම කල යුතුය.
# එක් වර්ගයකට (category) අයත් වචන ‍පොදු ආකාරයකට නිර්මාණය කිරීමට උත්සාහ(අනිවාර්ය නොවේ) කල යුතුය. (උදා: ජීව විද්‍යාව - biology, සත්ව විද්‍යාව - zoology හා lunch - දවල් ආහාරය, dinner - රාත්රීා ආහාරය ආදී වශයෙන්)
# යම් සංකල්ප සඳහා වචන නිර්මාණයේදී වචන කීපයක් යොදා ගන්නවාට වඩා ඒ සඳහා තනි වචනයක් නිර්මාණයට පෙළඹිය යුතුය. (උදා: “ජීව විද්‍යාව” යන වචන දෙක වෙනුවට “biology”)
# නව වචන හා ශබ්ද නිපදවීමේදී බසෙහි ඇති වහර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් සෑම බසකටම ඊටම ආවේණික වූ වහරක් හා උරුවක් ඇත. නොදන්නා සිංහල හා ඉංග්‍රීසි වචන පවා මෙය සිංහල; මෙය ඉංග්‍රීසි යනුවෙන් හඳුනාගත හැක්කේ ඒ ආවේණික වහර හා උරුව නිසාය.
# වැදගත්ම කාරණයක් වන්නේ වචන නිර්මාණය කරන්නේ බහුතරයක් සාමාන්‍ය මිනිසුන්ගෙන් සමන්විත වූ සමස්ත ප්‍රජාවටම මිසක් බහුශ්‍රැතියන්ගේ හා පණ්ඩිතයන්ගේ පාවිච්චියට පමණක් නොවන බව සිහියේ තබා ගත යුතුය.

මේවාත් අනිවාර්යයෙන්ම කියවන්න:
Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)
අපේ බස අපි රැකගමු! : අපි අපිටම උදව්වක් කර ගමුද?

5 ක් වූ ප්‍රතිචාර:

අංජන (Anjana) said...

හොද අදහසක්. මාත් මේ ගැන ලිපියක් ලියල තියෙනවා

http://aluthidea.blogspot.com

Anu said...

හොඳ ලිපියක්. මාත් පහුගිය ටිකේ ඉංග්‍රීසි වාර්තා වැඩසටහනක් සිංහලයට පරිවර්තනය කලා. එතනදි ඔය ඔබ කියපු වැඩේ තමා කලේ. සමහර වචන වලට සිංහල ඒව මොනවත් නෑ. එතකොට ඉතිං ඉංග්‍රීසි වචනෙම දාන්න වුනා. නැත්තං අනිත් අයට මොනවත් තේරේන්නෙ නෑනෙ.

ජීවන්ත said...

@අංජන,
අදහස් දැක්වීමට තුති. ඔන්න මම එතැන කමෙන්ටයක් දැම්මා.

@අනූ,
අදහස් දැක්වීමට තුති. ඔබේ කාර්යය අගය කරමි. නමුත් ඉංග්‍රීසි වචන එහෙම්මම තිබෙන විධියට යොදනවාද නැත්නම් අපේ උරුවට ගැලපෙන පරිදි පොඩි සංශෝධනයක් සහිතව යොදනවාද කියන එක වැදගත්. මොකද ඉංග්‍රීසි වචන එහෙම්මම යෙදීමෙන් කාලයක් ගතවීමේදී(අද හෙටම නොවුනත්) සිංහල, ඉංග්‍රීසියෙන් ප්‍රතිෂ්ඨාපනය වීමේ අවදානමක් තියෙනවා. මේක ගැන අපි සෑහෙන අවදානයක් යොමු කල යුතුයි.

Anonymous said...

අෙන් යාළුෙව් ඔය වැෙඩ් හරියට ම කළෝ ෙහළ හවුෙල් අැත්ෙතා්. ඒත් අෙප් භාෂා ෙදපාර්තමේනතුව කියන තැන හිටිය අමන රැළ ඒවා පිළිගත්ෙත් නෑ. ඒ අයට මදිපුංචිකමක් ෙවයි කියල හිතලා ඒ අැත්තන් ම ඒක කරන්න ගිහින් වැෙඩ් නෑවා. ඒ 1960 ගණන්වල. ඒ අය හදපු බහුබූත සිංහළ වදන්වලින් තමයි අප සියලු ම විෂයවල් ඉෙගනගත්ෙත්. ඒකනේ ගණිතය ඔච්චර අමාරු ෙවලා තිෙයන්ෙන්. අදටත් ෙහාද වදන් පිරිගිණි සිප්ලකුවට පවා හදලා තිෙයනවා. ඒත් කවුරුන්වත් ඒවා භාවිත කරන්නේ නෑෙන්. ෙහළ හවුෙල් වියතෙකු හමුෙවලා ෙනාදන්න සිංහළ වදන් අහගන්නවා නම් හරි. සරසවි අැදුරන්ෙගන නම් ෙමලෝ වැඩක් නෑ. මාත් ඔය සරසවියක උපාධියක් ගත්තා. ඒ හිනදා දන්නවා ඒ අය ෙග් සිංහළ ගැන. ඊලියන් ද සිල්වා පඩිතුමා හමුවුණා නම් වැෙඩ් තවත් ෙල්සි ෙවයි.

මාතලේ කැලුම්

ක. ක. ගනුෂ්ක රන්දුල said...

හෙළ හවුලේ අය හමු වී මේ අවුල ලිහා-ගන්නට ඔබ කැමැති නම්, අප ගෙන් විමැසුම මනා යි. නැත හොත් වැල්ලවත්තේ,(සැවෝයි ඉදිරි පිටැ) ෆ්‍රෙඩ්රිකා පාරේ, සිරි විජයාරාම විහාරයෙන් විමසන්නැ.
k.k.g.randula@gmail.com

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails