විවිධත්වය

Sunday, August 30, 2009
අප අවට සෑම තැනම විවිධත්වය තියෙනවා. විවිධ පාට, විවිධ හැඩතල, විවිධ සත්තු, විවිධ ගස්, විවිධ මිනිස්සු ආදී වශයෙන් විවිධත්වය හැම තැනම තියෙනවා. ලෝකය සුන්දර වෙන්නෙ මේ විවිධත්වය නිසයි. ඒත් සමහරු ඒ විවිධත්වය නැති කරන්න උත්සාහ කරනවා. ඒ වුනාට අපි තේරුම් ගන්න ඕනෙ ඒ විවිධත්වය නැති කලොත් අපිත් නැති වෙනව කියල. ඒ කියන්නෙ ඕනෑම දෙයක පැවැත්ම සෘජුවම විවිධත්වයත් එක්ක බැඳිල තියෙනව කියන එකයි. උදාහරණයක් විදියට චීටාවන්ට වෙලා තියෙන දේ බලන්න. ඔවුන්ගේ ජාන සැකැස්මේ විවිධත්වය අඩු නිසා ඔවුන්ට දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පාන්න සිදුවෙලා තියෙනවා. තව කිව්වොත් කවුරු හරි පුද්ගලයෙක් ඔහුගේ ජීවිතයේදී කුමක් හෝ එක් කාර්යයක් විතරක් කරනවනම් ඒ ජීවිතය කෙතරම් නීරස, අස්ථාවර එකක් වෙයිද? මේ ලෝකෙ මිනිස්සු අතර මෙතරම් විවිධත්වයක් නැතුව හැම මිනිහම එකවගේ නම් මේ ලෝකෙ මොන තරම් කම්මැලි, නීරස එකක් වෙයිද? තවත් කියනව නම් මේ විශ්වයේ මෙතරම් අංශු වර්ග, මෙතරම් ශක්ති වර්ග, මෙතරම් විවිධ සිදුවීම් නැතුව මොකක්හරි එක දෙයක් විතරක් තිබුනනම් මොන වගේ වෙයිද? එහෙම විශ්වයක් කොච්චර අස්ථාවරද?

2 ක් වූ ප්‍රතිචාර:

Isuru Wijesinghe said...

මමනම් අදතමා මේ බ්ලොග් එකට ආවේ.

ඔයාගෙ අදහස් නම් මරේ මරු. :D

තාම ආපු ගමන් නිසා වැඩිය මොකුත් කියන එක හරි නෑනෙ ;)

ජීවන්ත said...

//තාම ආපු ගමන් නිසා වැඩිය මොකුත් කියන එක හරි නෑනෙ
එහෙම කිසිම අවුලක් නෑ. ඕනෙ දෙයක් කියන්න. :D

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails