ශබ්ද කලාව

Sunday, August 30, 2009
වර්තමානයේ තියෙන සංගීතයට, සංගීතය නෙවෙයි “නිර්මාණාත්මක ශබ්ද කලාව” කියල හඳුන්වන්න කැමතියි. (අතීතයේ තිබ්බ සංගීතය ගැන මම කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අඩු නිසා.) මොකද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය කියල හඳුන්වන්නෙ නැති විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා ගැනීම නිසාය. හැබැයි මේවා හරි අවබෝධයෙන් යුතුව කල යුතු වැඩ. නැත්නම් තියෙන සංගීතයත් නැතිවෙයි.

5 ක් වූ ප්‍රතිචාර:

හකාවතී said...

මට මේ ජීවන්ත දැකල පුරැදුයි...

Ajith said...

හොඳ අදහසක්. විස්තර සහිතව ලියන්න.

ජීවන්ත said...

@හකාවතී,
ඔබව හඳුන්වාදෙනවානම්?

budhajeewa said...

ඉස්සර තිබ්බේ සංගීතය නං දැනුත් තියෙන්නේ සංගීතයම තමයි. එය ඔබේ රුචිකත්වයට අනුගත නොවුනා කියලා වෙනත් නමකින් හඳුන්වාදිය හැකි වන්නේ නෑ.

ජීවන්ත said...

මගේ රසඥතාවය ගැන දෙයක් වත්, මගේ කැමැත්තෙන් පිට තියෙන දේවල් ගැන වත් නෙවෙයි මේ කියල තියෙන්නේ. මේ කියන්නේ "සංගීතය" කියන domain එකට පිටින් තියෙන දේවල් එකතු වීමෙන් ක්ෂේත්‍රයේ පරාසය පුළුල් වීමක් ගැනයි.
උදාහරණයක් විදියට අපි "මල" කියන එක ගමු. මුලින්ම අපි දැකල තියෙන්න මල විතරයි කියල හිතමු. ඊළඟට අපි දකිනවා ඒ මලේ පරාසයෙන් ඔබ්බට තියෙන ගස. එතකොට මල කියන්නේ "ගස" කියන එකේ sub domain එකක් විතරයි. එහෙමයි කියල අපි ගහටත් මල කියල කියන්නේ නෑනේ!

අන්න ඒකම තමයි මමත් කියන්නේ. "සංගීතය" කියන domain එකට පිටින් තියෙන ගොඩක් දේවල් එකතුවෙලා තමයි මම මේ කියන "නිර්මාණාත්මක ශබ්ද කලාව" කියන parent domain එක හැදෙන්නේ. "සංගීතය" කියන්නේ ඒකෙ sub domain එකක් විතරයි. මම කරලා තියෙන්නේ මේ parent domain එකට නමක් යෝජනා කිරීම විතරයි. නැතුව "සංගීතය" නමින් තියෙන සංකල්පයට තියෙන නම වෙනස් කරන්න මට වුවමනාවක් නෑ.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails