සිංහල යුනිකෝඩ් ෆොන්ට් තියෙනවද?

Tuesday, August 11, 2009
ඉස්කෝල පොත, දිනමිණ යුනි වෙබ්, මලිති වෙබ් හැර වෙනත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් තිබේද? අලුතින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් හදන්නේ කොහොමද? දන්න කෙනෙක් කියල දෙත්වා! ලොකු උදව්වක්!

මොනවා උනත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් වර්ග ගොඩක් නැති එක ලොකු පාඩුවක්! පුළු පුළුවන් කට්ටිය ෆොන්ට් ටිකක් හදමුද? මොකද කියන්නේ?

12 ක් වූ ප්‍රතිචාර:

සජීව විජේවීර said...

ඒකනම් හොද අදහසක් තමයි.

Chrishi said...

කොහොමද හදන්නෙ ?

Dasun Sameera - දසුන් සමීර said...

තව කපුටා සහ කැන්ඩි තියනව එච්චරයි මගේ හිතේ.

ෆොන්ට් නිර්මානයට නම්.
FontLab වගේ මෘදුකාංගයක් භාවිතා කරන්න වෙනවා. සාමාන්‍ය ෆොන්ටයක් නිර්මානය කරන ආකාරයමයි. ප්‍රධාන වෙනස් කම් කීපයක් තියනවා. රෙන්ඩරින් කරීම සඳහා විශේෂ උපදෙස් ෆොන්ට් ෆයිලයට ඇතුලත් කල හැකියි. උදාහරණයක්විදයට ඩොටඩ් සර්කල් එක භාවිතය දක්වන්න පුලුවන්. අවශ්‍යනම් උදව්වක් කළ හැකියි.

ජීවන්ත said...

යුනිකෝඩ් සඳහා ෆොන්ට් හදන්නේ ඇස්කි වලට හදන විධියටමද? ඒ මෘදුකාංග වලින්ම පුළුවන්ද? මේ මෘදුකාංග කොහෙද තියෙන්නේ? උදව්වක් දෙන්න.

Anonymous said...

මෙ මාසෙ (අගෝස්තු) "විජය පරිගණක" සගරාවෙ තිබ්බා "fontographer" වලින් සිංහල අකුරු නිර්මාණය කරන ආකාරය

Dasun Sameera - දසුන් සමීර said...

http://www.fontlab.com/
http://fontforge.sourceforge.net/

ෆොන්ට් ලැබ් මෘදුකාංගය මුදල් ගෙවා ලබාගත යුතු වර්ගයේ එකක් නමුත් පහසුකම් ඉතින් ඉහලයි. පුද්ගලිකව fontforge භාවිතා කළ නොමැත. සාමාන්‍ය ඇස්කි ෆාන්ට් හදන හැම මෘදුකාංගයනේම බෑ. සමහරක්වා පමනක් සහය දක්වනවා. සිංහල සඳහා යුනිකේත ෆොන්ට් අඩු වීමට ප්‍රධාන හේතුව වෙළඳ වටිනාකම අඩුවීමයි. සියලුම අක්ෂර අතින් ඇඳ නැවත පරිගණකයට ගෙන(හෝ කෙලින්ම පරිගණකයේ ඇඳ)ස්පෙසිෆේකේෂන් දමා ෆොන්ටයක් නිර්මාණය කිරීම කාලය සහ ශ්‍රමය වැය වෙන්නක්. මිලන් කීකොටස් කිරීමට අය සිටිනම්(අක්ෂර ඇඳිමට) අනෙකුත් වැඩ වලට මගේ සහය ඕන වෙලාවක ;)

ජීවන්ත said...

උදව් වලට බොහොම ස්තූතියි. මටත් අකුරු අඳින්න නම් බෑ. ඒකට කීප දෙනෙක් හොයාගන්න මම උත්සාහ කරන්නම්. ඉතිරි වැඩ කොටස් සඳහා උදව් ලැබෙයි කියල හිතනවා. මෙන්න මගේ ඊ-ලිපිනය: trueorcrazy@gmail.com

ජීවන්ත said...

මේ මෘදුකාංග වලින් සිංහල යුනිකෝඩ් ෆොන්ට් හදන්න හොඳම එක මොකක්ද?(මේවා තිබුනේ http://www.fontlab.com/ වල)

1. Fontographer
2. FontLab Studio
3. TypeTool
4. BitFonter 3.0
5. AsiaFont Studio

ඊට අමතරව,

6. FontForge (http://fontforge.sourceforge.net/)

Dasun Sameera - දසුන් සමීර said...

මම දන්න විදියට Fontographer discontinue කරලා ගොඩක් කල්.

ඔය වැඩේට හොඳම මම හිතන්නේ FontLab Studio සහ AsiaFont Studio මෘදුකාංග දෙක. ඒවායේ තරම් පහසුකම් අනෙක් මෘදුකාංග වල නෑ. ෆොට්ෆොජ් වලින් නිර්මාණය කළ හැකි බව පවසතත් සෑහීමටකට පත්විය හැකි මට්ටමේ ඩොකියුමන්ට්‍රි එක් හොයාගන්න බැරිවුනා. හැබැයි ඉතින් ඕපන් සොස්.

Anonymous said...

මේ දසුන් කියන 1කා මොන මොඩයෙක්ද?
google කාරයා වගේ link දෙන්නෙ.
ලනු දෙන්ඩ එපා ඕයි.
link 1ක එක්ක 2000$ ක් වත් එවනවා

සහන් සටහන් said...

මමත් උත්සාහ කරනවා තනියමනම් කරන්න අමාරුයි උදව්වක් නැතිව

chutte malli said...

අයියලා මේක දන්නවද මම දන්නේ නැහැ.www.orayans.com/SinhalaFonts.aspx එකෙත් Sinhala Fonts ඔක්කොම වගේ තියනවා.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails