Virgin birth! ඔබත් උපන්නේ කන්‍යාවකට දාවද?

Thursday, June 25, 2009
ඔන්න තවත් විකාර අදහසක් මගේ ඔලුවට ආවා. මේක මේ බ්ලොග් එකේ නමටත් නියමෙට ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ. හරි දැන් අමතර කතා ඇති, නියම කතාවට බහිමු.
දැන් වෛද්‍ය විද්‍යාව හරි දියුණුයි. කෘත්‍රීම සංසේචන ක්‍රම, නල දරු උපත්, ජාන තාක්ෂණය වගේ දේවල් තව දුරටත් සිහිනයක් නෙවෙයි. ඉතින් මට හිතෙන්නේ සමහරවිට ඔය Virgin birth එකකට උරුමකම් කියන අය සමහරවිට මේ විධියේ කෘත්‍රීම සංසේචන ක්‍රමයක් මගින් උපද්දවන ලද අය වෙන්න බැරිද? සමහරවිට දියුණු පිටසක්වල ජීවීන් විසින් මේක කලාත් වෙන්න පුළුවන්. අනික ඊජිත්තු ශිෂ්ඨාචාරය ගැන එහෙම සඳහන් කරන විට පිටසක්වල ජීවී සම්බන්ධතා ගැන කතා අපේ ඔලුවලට නිතැතින්ම එනවනේ! සමහරවිට දෙවියන් කිව්වේ මේ පිටසක්වලයින්ටද දන්නේ නෑ? අනික දෙවියන් මෙන් මේ අයත් අහසින් ආලෝකය සමගනේ එන්නේ. (Alien abduction කතාවල හැමවෙලාවෙම කියවෙන සුදුපැහැති දැඩි ආලෝකයත් දෙවියන් ගැන කියන විට සිහිවෙන සුදු ආලෝකයත් සිහියට නගා ගන්න.) නියමයිනේ! මිනිස්-පිටසක්වල මුහුම් ජීවීන්!(human-alien hybrids) හරියට නිකං X-Files වගේ!
මේ කතාව මගේ ඔලුවට ආව විධියත් කියන්නම්කෝ. මම මේ මිනිස්සුයි සත්තුයි අතර සම්බන්ධතාවය ගැන හිත හිත හිටයේ. එතකොට මට හිතුනා සමහරවිට සත්තුන්ට, අපිව( ඒ කියන්නේ මිනිස්සුන්ව) දෙවිවරු වගේ පේනවා ඇති කියල. අපි සත්තුන්ව අපිට ඕනෙ ලක්ෂණ තියෙන විධියට ජාන තාක්ෂණය හා කෘත්‍රීම සංසේචන ක්‍රම මගිනුත් බිහිකරනවා කියලත් මතක් වෙන කොටම මේ කතාව මගේ ඔලුවට ආවා.

2 ක් වූ ප්‍රතිචාර:

Chrishi said...

සමහරවිට ඔය Virgin birth එකකට උරුමකම් කියන අය

මේක පොඩ්ඩක් අපහාසාත්මකයි කියල හිතෙන්නෙ නැද්ද ?? මම කිව්වෙ මට හිතුන දේ. පොඩ්ඩක් හිතල බලන්න.

ජීවන්ත said...

@Chrishi,
වෙන්න පුළුවන්. නමුත් මේක මට ආපු සිතුවිල්ලක්, එච්චරයි.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails