Super strong passwords!

Thursday, June 25, 2009
ඔන්න තවත් වැඩක් හොයාගත්තා! දැන් ඔය පාස්වර්ඩ් ගහන කොට ඒ ඒ තැන්වලින් කියනවනේ කැපිටල්-සිම්පල් අකුරු, අංක, විවිධ සංකේත(උදා:@, %) වගේ දේවල් ගොඩාරියක් දාල අච්චාරු කරල පාස්වර්ඩ් එක ගහන්න, එතකොට පාස්වර්ඩ් එක ගොඩක් ශක්තිමත් කියල. ඔන්න මම මේ ශක්තිමත් පාස්වර්ඩ් වලට තවත් සුපිරි ශක්තියක් දෙන්න පුළුවන් විධියක් ගැන කියන්නයි යන්නේ. හැබැයි මේ වැඩේ පොඩ්ඩක් පරිස්මින් කරන්න වෙයි. වැරදුනොත් සොරි තමා!

මෙන්න මේකයි වැඩේ. පාස්වර්ඩ් එක දෙනකොට ඉංග්‍රීසි අකුරු වගේම සිංහල යුනිකෝඩ් අකුරුත් අතරන් පතර දෙන්න. එතකොට මේ වගේ පාස්වර්ඩ් ගන්න පුළුවන්.
උදා:
coළඹ@sriලංකාwa
maමජීwaන්tha%123

කොහොමද වැඩේ, මොකද හිතන්නේ? හැබැයි මෙතෙන්දි අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙයි. මොකද සමහර මෘදුකාංග යුනිකෝඩ් වලට සහය දක්වන්නේ නෑ. ඒ වගේම වින්ඩෝස් login පාස්වර්ඩ් එක විධියට නම් මෙහෙම දාන්න එපා! මොකද වින්ඩෝස් login screen එකේදි භාෂාව මාරු කරන්න දෙන්නෙ නෑ. (මම මෙහෙම කරලා එකපාරක් වැඩේ අනාගත්තා!) උබුන්ටු වල නම් අවුලක් නැතුව ඇති. ජීමේල් වගේ එකකට නම් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් පාස්වර්ඩ් හැම තැනම වැඩකරන්න නම් ඒ හැම කොම්පියුටරයක්ම සිංහල යුනිකෝඩ් සහය දක්වන්න වේවි.

3 ක් වූ ප්‍රතිචාර:

Chrishi said...

හැබැයි ඉතින් පාස්වර්ඩ් හැම තැනම වැඩකරන්න නම් ඒ හැම කොම්පියුටරයක්ම සිංහල යුනිකෝඩ් සහය දක්වන්න වේවි.

ඔතනදි තමා වැඩේ කෙල වෙන්නෙ !!!

GNS said...

>වින්ඩොස් login screen එකේදි භාෂාව මාරු කරන්න දෙන්නෙ නෑ.

Vista & 7 වල පුළුවන් නෙ. :)

Janath said...

you can change the language on Windows login screen. Try the keyboard shortcut Alt + Shift

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails