දෙවියන්, මිනිසා හා සතුන්

Friday, June 26, 2009
දෙවියන් මිනිසාව තමන්ගේ ස්වරූපයෙන් මැව්වේ යැයි කියයි. නමුත් නූතන විද්යානත්මක සාධක අනුව මිනිසා හා සතුන් අතර ඉතා කිට්ටු නෑකමක් පවතී. එසේනම් දෙවියන් හා සතුන් අතරත් එවැනිම නෑකමක් පවතීද? එසේනම් දෙවියන් මිනිසාව මෙලොවට අධිපතිත්වයක් සහිතව නිර්මාණය කලේ ඇයි? අපගේ හැඟීම නම් මේ ප්‍රකාශ මිනිසා විසින් තමන්ගේ ජඩ වැඩ වසාගැනීමට නිර්මාණය කල ඒවා බවයි. හැකිනම් එසේ නොවන බව පෙන්වන්න.

18 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

මා හතේ අටේ පන්ති වල සිටියදී මගේ පියා සමග මෙම කරුණු පිළිබඳව දරුණු වාද වල නියැලී සිටියෙමි. පසුව බුද්ධාගම නම් වත්මන් සංකල්ප එකතුව සහ කතෝලික සංකල්ප එක්ව ගත් විට කරුණු වෙන් වෙන්ව පැහැදිලි කරගැනීමට හැකි විය. පසු කාලීනව උක්ත ඉගැන්වීම් පාදක කරගෙන ජීවත්වන්නට පටන්ගත් සංගම්කාරයින් විසින් ඔබ සටහන් පෙලකින් කියන ලද ආකාරයේ යම් යම් මුසාවාද රසාලිප්ත කොට හැකි තරමක් තාර්කික ලෙස එම ඉගැන්වීම් සාක්ෂාත් කිරීම පිණිස යොදාගන්නා ලදී. ආගමක් ලෙස පවතින සියල්ලෙහි ඔවැනි දෝෂ තිබේ. ඒවා දෝෂ වන්නේ විද්‍යාව බිහිවීම නිසාවෙනි.

හාස්‍යය වන්නේ තමා විශ්වාස කරන ආගමේ මුසාවන් විශ්වාස කරමින් අන් ආගම් වල මුසාවන් හෙලාදැකීමයි.

- ඔයාට ගෙදර වැඩ ඕන නම් මෙහෙම එකක් කියන්නම්. මේක මගේ කියවීම. දෙවියන් කියන්නෙ අපේ හිතට. ලෝකය මැව්වෙ අපේ හිත. ඒ මැවීමේ කතාව තමයි බයිබලේ තියෙන්නේ. ඕක දිගේ හිතල බලන්න කොනක් අහුවෙයිද කියලා.

Hakuna Matata said...

Malli Read Stucteralisem .....U will not be a baby hear after...please dont let me think U R Stupid...

änthräX said...

"ආගමක් ලෙස පවතින සියල්ලෙහි ඔවැනි දෝෂ තිබේ. ඒවා දෝෂ වන්නේ විද්‍යාව බිහිවීම නිසාවෙනි" කියු තෑන වන තුරු මගේ අදහස වූයේ පාඨකයා බුද්ධිමත් බවයි. තාර්කික බුද්ධිය අභිබවා නෑගුනු ආවේගයෙන් ඉතිරි ටික ලියූ පසු, නම දෑමීමෙන් ටින්කිරි ගෑවෙන බව වටහාගෙනදෝ 'නොමියානු' කෙනක් ලෙස තමාගේ අදහස පල කල මේ අසරනයාට නොතේරුනු කාරනාව නම් තමාගේ විස්වාසයන් මත තරයේ ඈලී සිටිමින් තාර්කික කතාබහකට මුල පිරිය නොහෑකි වගය. රචකයා ප්‍රශ්න කරන්නේ ඒක දේවවාදී විශ්වාසය පිලිබදවය. පාථකයන් වන අප පිලිතුරු දිය යුත්තේ තර්කයටය.

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

ඔබගේ තර්ක පසු පස ඇති චින්තන ශක්තිය අගය කරමි. මා දේවවාදියෙක් නොවිමි. එහෙත් මෙම කරුණු පිලිබඳ මදක් පුළුල් රාමුවක් තුල සාකච්චා කිරීම මැනැවැයි යෝජනා කරමි.

මිනිසා ඇතුලු සොබාදහම නිර්මාණයක්ද?
මේ පිලිබඳ මා කලකට පෙර ලියූ ලිපියක් ඔබගේ අවධානයට යොමු කරමි.
http://vikaara-adahas.blogspot.com/2009/04/blog-post.html

මෙහිදී මා පැවසීමට උත්සාහ කොට ඇත්තේ මෙම යෝධ කාබන් සංකීර්ණය නිර්මාණයක් වීමට හැකි බවයි. ( එම
ලිපිය ලියන අවස්ථාවේ තිබූ චින්තන ධාරා අනුව එය මා හට තදින් හැඟී ගිය දෙයක් බවට පත්ව තිබුනි ). මේ අතර කාබන් යන්ත්‍ර අතරින් දියුණුම කාබන් යන්ත්‍ර කොට්ඨාශය විසින් නැවත යෝධ සිලිකන් සංකීර්ණයක් නිර්මාණය කරමින් සිටියි.

"දෙවියන් මිනිසාව තමන්ගේ ස්වරූපයෙන් මැව්වේ යැයි කියයි. නමුත් නූතන විද්යානත්මක සාධක අනුව මිනිසා හා සතුන් අතර ඉතා කිට්ටු නෑකමක් පවතී. එසේනම් දෙවියන් හා සතුන් අතරත් එවැනිම නෑකමක් පවතීද? එසේනම් දෙවියන් මිනිසාව මෙලොවට අධිපතිත්වයක් සහිතව නිර්මාණය කලේ ඇයි?"

ඔබගේ මෙම ගැටලුව දෙස මඳක් වෙනස් කෝණයකින් එනම්, පියවරක් ඉදිරියට ගොස් බලමු. මිනිසා විසින් නිර්මාණය කරන ලද සහ අසීමිත වේගයෙන් දියුණු කරමින් පවතින සිලිකන් යන්ත්‍ර දෙස අපේ අවධානය යොමු කරමු. විවිධ හැඩයෙන් හා විවිධ හැකියාවන් ඇති යන්ත්‍ර ගනණාවක් මේ අතර තිබේ. එහෙත් මිනිසා විසින් නිර්මාණය කරන ලද දියුණුම යන්ත්‍රය ලෙස ASIMO රොබෝව නම් කිරීමට අපට සිදුවේ. ( එහි නවතම හැකියාවන් පිලිබඳ නොදන්නා අය කරුණාකර නරඹන්න http://www.youtube.com/watch?v=18wSJs6LIc0)
මිනිසා විසින් නිපදවන ලද යන්ත්‍ර අතර කෙදිනක හෝ ආධිපත්‍ය පතුරවන්නේ මෙවන් නිර්මාණයක් නොවේද? එම නිර්මාණය නිර්මාපකයාගේ ස්වරූපයට විශාල සමානකමක් දක්වනවා නොවේද? අනෙක් අතට මෙම යන්ත්‍රය හා අනෙකුත් යන්ත්‍ර අතර විශාල නෑකමක්ද පවතී.

දැන් පියවරක් පසු පසට යමු. කාබන් යන්ත්‍ර නිර්මාණ ලෙස සැලකුවහොත් කාබන් යන්ත්‍ර අතර දියුණුතම යන්ත්‍රය නිර්මාපකයාගේ ස්වරූපයට සමාන කමක් දැක්වීමට ඇති සම්භාවීතාවය ඉතා ඉහල අගයක පවතී. මේ පිලිබඳ ඔබගේ අදහස කුමක්ද? දේවවාදය පිලිබඳ ම හට සංකල්ප කිහිපයක් තිබේ. එහෙත් පැහැදිලිවම මෙය විමුක්ති මාර්ගය නොවේ. ඔබගේ අදහස් දක්වන්න.

änthräX said...

ඔබගේ කාබන් යන්ත්‍ර පිලිබද ලිපිය තනි තර්ක්යක් ලෙස ගත් කල විශිෂ්ඨ එකක් බව මගේ හෑගීමයි. "බුද්දිමත් ජීවී කොඨ්ඨාශයක නිර්මානයක්" ලෙස සෑලකීමේදී මතබේදයට තුඩුදෙන කරුනු කාරනා රෑසක් ඈති බව විශේශයෙන් සදහන් කලයුතු නොවේ. ඔවුන් අපව නිර්මානය කලා නම් ඔවුන්ව නිර්මානය කලේ කව්ද යන්නෙන් පටන් ගෙන දීර්ග සාකච්චාවකට පසු යලිත් අප එන්නේ කලින් සිටි තෑනටමය.
ඈතමෙක් තමන්ට තේරුම් ගත නොහෑකි දේ නොපෙනෙන බලවේයක ක්‍රියාවලියක් ලෙස අර්ත දක්වයි. තවෙකෙක් මෙය ඉබේ සිදුවූවක් බව කියයි. තව අතුරු කතා බොහෝයි. මේ සියල්ලක්ම "බුද්දිමත්" යෑයි අපටම කියාගන්නා අපේ නොදෑනුවත්කමේ විලි වසාගන්නට දරනා අසාර්තක උත්සහයන් නොවේද??

Anonymous said...

ඔබගේ අදහස් දැක්වීම පිලිබඳ තුති.

1.) // "බුද්දිමත් ජීවී කොඨ්ඨාශයක නිර්මානයක්" ලෙස සෑලකීමේදී මතබේදයට තුඩුදෙන කරුනු කාරනා රෑසක් ඈති බව විශේශයෙන් සදහන් කලයුතු නොවේ//
මාගේ "කාබන් යන්ත්‍ර පිලිබඳ විකාරය" ලිපියේ කිසිදු අවස්ථාවක කාබන් යන්ත්‍ර 'ජීවීන්' විසින් නිපදවන ලදැයි මා පවසා නැත. මන්ද 'ජීවීන්' යන වචනාර්ථය අති විශාල පරාසයකින් බිඳක් වන නිසාවෙනි.

2.) //ඔවුන් අපව නිර්මානය කලා නම් ඔවුන්ව නිර්මානය කලේ කව්ද යන්නෙන් පටන් ගෙන දීර්ග සාකච්චාවකට පසු යලිත් අප එන්නේ කලින් සිටි තෑනටමය. //
මෙය මා අගය කරමි. මා කිසිවිටක කාබන් යන්ත්‍රයන්හි නිර්මාපක බලවේගය 'සර්වබලධාරී' මට්ටමේ තබා නැත. කාබන් යන්ත්‍ර විසින් සිලිකන් යන්ත්‍ර නිපදවන අතර සිලිකන් යන්ත්‍ර විසින් වෙනත් පදනමක් සහිත යන්ත්‍ර නිපදවනු ඇත. එලෙසම කාබන් යන්ත්‍ර නිර්මාපකයින් තවත් නිර්මාණයක් බව නිසැකය. මෙය මා මිහි පිට පහල වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලෙස විශ්වාස කරන ( බෝ ගස් වල කොඩි එල්ලමින් , මැටි පිළිම ඉදිරිපිට පහන් පත්තු කොට වැඳවැටී හූල්ලන අන්ධ විශ්වාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න )
ගෞතම බුදුන් වහන්සේ විසින් පෙන්වූ මූලික විශ්ව ධර්මය වන පටිච්ච සමුප්පාදයයි. ( ධර්ම = දරන ආකාරය ).

3.) //සියල්ලක්ම "බුද්දිමත්" යෑයි අපටම කියාගන්නා අපේ නොදෑනුවත්කමේ විලි වසාගන්නට දරනා අසාර්තක උත්සහයන් නොවේද??//

බුද්ධිය යනු කුමක්ද? යන්න පිලිබඳ අපට දීර්ඝ සංවාදයක් ඇරඹිය හැක. මෙය මා කලක පටන් සිතමින් සිටින මාතෘකාවකි. බුද්ධිමත් හා බුද්ධිමත් නොවන යන පාර්ශව වෙන් කරන කඩ ඉර කුමක්ද? ( සමහරු ඉලෙක්ට්‍රෝනික චිත්ත ශක්තිය ලොව පහල වන තුරු ඇඟිලි ගනිමින් සිටිති, මාගේ අදහස නම් එය දැනටමත් පහලවී ඇති නමුත් එය කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යත් ඒ බුද්ධිය බව අපට නොපෙනී ගොස් ඇති බවයි )

änthräX said...

විව්‍රත මනසක්න් යුතුව "සන්වාදයක්" කලහෑක්කෙක් හමුවීම පිලිබදව සතුටු වෙමි. ඔබ විසින් 1) සහ 2) ලෙස දක්වා තිබුනු කරුනු සමග 100%ක් එකග විය හෑක. 3) ලෙස දක්වා ඈති කරුනෙන් ඔබ යෝජනා කරන්නේ, "බුද්ධිය" පිලිබද කතාබහකට නම් ඉතා සතුටින් එය පිලිගනිමි.

Anonymous said...

ස්තූතියි. සංවාදය සෑම විටම විවාදයට වඩා ඵලදායකය. සංවාදය අගයන්නෙකු දැකීම සංතුෂ්ටියට කරුණකි. බුද්ධිය පිලිබඳ මගේ අදහස් 'විකාර අදහස්' බ්ලොග් අවකාශයේ ලිපියක් ලෙස ඉදිරි දින දෙක ඇතුලත පළ කිරීමට අදහස් කරමි. හැකි විටක පැමිණ අදහස් පළ කරන්න. ජය!

Anonymous said...

Keep up the good work. I really appreciate your work.

ජීවන්ත said...

ඉතා පරක්කු වී අදහස් දැක්වීම ගැන සමාවන්න.

මනස පිළිබඳ මගේ කියැවීම මෙතනින් බලන්න. ඔබගේ මේ කතාව සම්බන්ධව සමහර විට එයිනුත් යමක් ගතහැකි වේවි. (http://trueorcrazy.blogspot.com/2009/02/blog-post_8363.html)

බුද්ධිය පිළිබඳ මගේ කියැවීම මෙතැනින් බලන්න. (http://trueorcrazy.blogspot.com/2009/02/blog-post_25.html)

@රන්දික,
අනික මෙහෙම දෙයකුත් තියෙනවා. ඒක අපේ දැනුම සම්බන්ධ දෙයක්. අපි ඉගෙන ගන්නේ ස්වභාවධර්මය(දැනට අපිට දකින්න, අහන්න, දැනෙන දේ ආශ්‍රයෙන්) අධ්‍යයනය කරලා.(95% කට වැඩිය) ඉතින් අපි කරන නිර්මාණ ස්වභාවධර්මයේ අනුරූ වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි නේද? උදාහරණයක් විධියට අද ඉන්න පුද්ගලයෙක්ට අපි අපට ප්‍රවාහනය දෙන යන්ත්‍රයක් හදන්න කිව්වොත් ඒ පුද්ගලයා හදන යන්ත්‍රය අද අපිට දකින්න තියෙන තාක්ෂණය ඇසුරෙන් අද දකින්න තියෙ වාහනයක ආකාරයට නිපවීමට 99% කටත් වඩා ඉඩ තියෙනවා. අනික අද වන විට සමස්ථ විද්‍යා දැනුම පද්ධතියේම පදනම බවට භෞතික විද්‍යාව පත්වෙමින් තිබෙනවා. (උදාහරණයක් විධියට රසායන විද්‍යාව යනු භෞතික විද්‍යාව මත පදනම් වූ විද්‍යාවක් - සහ භෞතික විද්‍යාව කියන්නේ මේ ස්වභාවධර්මය තේරුම් ගැනීම සඳහා වූ මිනිසාගේ දැවැන්ත උත්සාහයකි.) එතකොට අද අප නිපදවන ක්‍රියාකාරී දේවල් වලට අපි යන්ත්‍ර කියනවා. ඉතින් මට හැ‍ඟෙන විධියට ඔබ මේ කර තිබෙන්නේ අද අප භාවිතා කරන වචන ආපස්සට යෙදීමක්. ඒ කියන්නේ යම් පදනම් සංකල්පයකින් තවත් සංකල්පයක් ව්‍යුත්පන්න කල පසු ව්‍යුත්පන්න සංකල්පය මගින් පදනම් සංකල්පය පැහැදියි කිරීමට යාමක් වැනි දෙයකි. මේ ගැන මොකද හිතන්නේ? (මම කියන්න උත්සාහ කරන දේ පැහැදිලියි කියල හිතනවා)

Anonymous said...

@ ජීවන්ත,

අදහස් දැක්වීම පිලිබඳ ස්තූතියි. මා සඳහන් කොට ඇති සංකල්පය පිලිබඳ මඳක් පුළුල් රාමුවකින් බැලීම සුදුසු බව නැවත සඳහන් කරමි.

1.) // ඉතින් අපි කරන නිර්මාණ ස්වභාවධර්මයේ අනුරූ වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි නේද?//

මෙය කාබන් යන්ත්‍ර නිර්මාපකයන්ටත් එක සේ බලපෑ හැකි නොවේද? ඔවුන්ගේ නිර්මාණ ඔවුන්ගේ ' ස්වභාවධර්මය' ට අනුරූප විය හැක. අනෙක් අතට ඔබගේ මෙම පිළිතුර තුල 'ස්වභාවධර්මය' නැමැති අඳුරු වචනයද යොදාගෙන ඇත. කරුණාකර 'ස්වභාවධර්මය' පහදන්න.

2.) // අද අප නිපදවන ක්‍රියාකාරී දේවල් වලට අපි යන්ත්‍ර කියනවා//

හරියටම හරි! ඔබම පවසා ඇති ආකාරයට අප නිපදවන ක්‍රියාකාරී දේට 'අපි' යන්ත්‍ර කියනවා. ක්‍රියාකාරී දේවල් , ජීවී/ අජීවී නැමැති දෙකොටසට බෙදා ඇත්තේත් අප විසින්මයි. මේ ගැන ඇන්ත්‍රෑක්ස් සහෘදයා සමඟ කල සංවාදයකදී ඔහු පැවසූ පරිදි ජීවීන්ට නැවත තම වර්ගයා බෝ කර ගැනීමේ හැකියාව ඇති අතර අජීවී වස්තූන්ට එම හැකියාව නැත. එසේ නම් නැවත තමා වැනිම රොබෝවෙකු නිපදවිය හැකි රොබෝවෙක්(වොන් නියුමානු යන්ත්‍රයක් ) ජීවියෙකි.
මා මෙහි පැවසීමට උත්සාහ කරන්නේ මෙයයි. අප නිපදවන ක්‍රියාකාරී දේ අපට යන්ත්‍ර නම් අපගේ නිර්මාපකයන්ට අප යන්ත්‍ර වේ(මේ පිලිබඳ පුළුල් පරාසයකින් සලකා බලන මෙන් ඉල්ලා සිටිමි ).

3.) ඔබගේම කලින් ලිපියක ඇති කොටසක් උපුටා දක්වමි.

//වඩා සාධාරණ විධියට සලකන්නේ නම් සහජ ඉව යනුද දැනුමකි. එය මූලික පැවැත්ම (basic survival) සඳහා වන දැනුමකි.//

මඳක් සිතා බලන්න. 'සහජ ඉව' යන්න කොහෙන් පහල වන්නක්ද? ( බිලිඳාට කිරි උරා බොන්න යැයි උගන්වන්නේ කව්ද?) . මෙය ඒ ඒ 'සත්ව' වර්ගයාගේ මොළ තුල , නිශ්පාදනයේදීම නියුරෝන කේතනය කිරීමේ අවස්ථාවක් නොවේද?

ජීවන්ත said...

@රන්දික,
මේ සඳහා (http://trueorcrazy.blogspot.com/2009/06/3_29.html) ලිපියේ කමෙන්ටයක දක්වා ඇති පිළිතුර බලන්න. ස්තූතියි!

Anonymous said...

@ ඇන්ත්‍රැක්ස් - පමා වී පැමිණීම ගැන සමාවන්න. මා හට මැ හැඳින්වීමට නමක් නැත. නොඑසේනම් අන්වර්ථ නාමයකින් පෙනී සිටීමේ උවමනාවක්ද මට නැත. Anonymous හා Anthrax අතර වෙනසක් මට එහිදී නොපෙනේ.

මා මෙම දේවධර්මවාදී චින්තනය විවේචනය කරන තර්ක බොහොමයකට මැදිව අවසන තම තමන්ගේ අදහස් පිලිගන්නා අයවලුන් අතර හෙම්බත්ව සිටියෙමි. එබැවින් තව දුරටත් මම තර්කවල නොපැටලෙමි. නමුත් මාගේ අදහසත් එය සඳහා ඇති මාවතත් පමණක් සැලකර ඇත්තෙමි. උවමනා නම් ගෙදර වැඩ කර තව යමක් එකතු කරගත හැක.

ආවේගයෙන් ලියන වග නම්...

මම දෙන ආතල් වලට අහු වෙන්න එපා. කියල තියෙන දේ ගැන විතරක් හිතන්න. මම කවුරු වුණාම මොකෝ ;-)

මේ පසු අදහස් වලත් කියවෙන විධියට අපි දේවල් හිතන්නෙ අපි ජීවත් වෙන වටපිටාවත් එක්ක. ආගම් වල මූලික තත්ත්වයන් නිර්මාණය වුණ කාලෙදි තිබුණ දැනුමෙන් තමයි ඒව හැදුණේ. පසු කාලීනව ඒව modify වෙලත් ඇති. ඒ වුණත් අවුරුදු 200-300ක විතර ඉඳන් මේ දේවල් බිඳ වැටෙනවා. එතකොට මතු වෙන තර්ක විතර්ක අතර එකක් තමයි මේක.

änthräX said...

අන්වර්ථ නාමයක් හෝ භාවිතා කර අන්තර්ජාලය තුල තමන්ගේ ප්‍රතිරුපයක් ගොඩනගාගෑනීම සහ හොල්මනක් ලෙස comment දෑමිම අතර වෙනස නම් නමක් ඈති එකාව "මූ මොන ජාතීයේ එකෙක්ද?" කියා පාථකයන්ට (සහ විරුද්ද මතවාදීන්ට) දෑනගෑනීමට ඈති හෑකියාවයි. (ලියූ ලිපි සහ අදහස් පලකිරීම් වලින්). හොල්මනක් සම්බන්දයෙන් මෙය සම්පූර්ණ බයිලාවක් බව ඔබට විශේෂයෙන් කියාදීමට උවමනා නෑතෑයි සිතමි.

"මා මෙම දේවධර්මවාදී ....... පමණක් සැලකර ඇත්තෙමි."
මුදල් නොගෙන පවත්වන (free entrance) සන්ගීත සන්දර්ශනයකට වෙරිමරගාතේ පෑමින ප්‍රේක්ශකයන් අතර සෑගව සන්ගීත කන්ඩායමට ගල් විසි කරන පුද්ගලයෙකුගේ සහ ඔබගේ අදහස් පලකිරීමේ අතර වෙනසක් මාහට නම් නොපෙනේ. හොල්මන් ගුරෙකුගේ පෑවරුම් කිරීමට තරම් වහල් මානසිකත්වයක්ද මාහට නෑත.

ආවේගයෙන් ලියූ කොටස සම්බන්දව ...
මේ ලිපිය යම්කිසි හොදින් දන්නා දෙයක් පිලිබද එකක් වූවානම් කවුරු හෝ කියන දෙයක් සිතා බෑලිය යුතුය. නමුත් විවාදාත්මක මෙවන් ලිපියක නමක් නොමෑතිව රචකයාට "හිතලා බලන්න, ගෙදර වෑඩ ඔනද" කීම පොර ටෝක් දෑමීමක් නොවන්නේ කෙසේද?

"ආගම් වල මූලික තත්ත්වයන්..."
රචකයා උත්සාහ කරන්නේ මේ මතවාද බයිලා කියා පෙන්වන්නට නොවේද?

Anonymous said...

ආයෙත් සොරි..
මා අදහස් දක්වා ඇත්තේ ‍අදාල කරුණ පිළිබඳව පමණක් බැවින් මා කවුරුන් වුවද ඉන් ගැටළුවක් වන්නේ නැත.

පැවරීම හෝ අවශ්‍ය ඕනෑම දෙයක් සිතා බැලීම වටිනවා නම් ඒ ගැන සිතීම ඔබට අයත් දෙයකි.

පොර ටෝක් දැමීමට මම පොරක් නොවෙමි. කීමට ඇති දෙය අදාල විලාසයෙන් කියා ඇත්තෙමි. ගෙදර වැඩ වශයෙන් සඳහන් කරනුයේ මොනවා දැයි දැනගැනීම කියවන්නා සතුය.

ආගම් වල මූලික තත්ත්වයන් යනු ඔබත් මමත් නොදන්නා තවත් මතවාදයක් පමණක් වන අතර එම තත්ත්වයන් නිර්මාණය වූ පරිසරය තුල තිබූ දැණුම ඉන් අදහස් වේ. කාලානුරූපිව ඒවා වෙනස් වී තිබිමේ හැකියාවක් ඇති බැවින් කියවීමේදී සැලකිලිමත් විය යුතුය.

Kaveen Perera said...

@ ජීවන්ත, රන්දික, änthräX

දෙවියන්ගෙ ස්වරූපයට මැව්ව කියන එකේ ස්වරූපය කියන්නෙ අපේ ශරීරය නෙමෙයි හිත කියන එක තමයි මම හිතන්නෙ. ඕනෙම මනුස්සයෙක්ට පුලුවන් චිත්ත ශක්තිය දියුණු කරන්න. මේ හිත තමයි විඥ්ඥානය කියන්නෙ. අපේ ශරීරය කොහොමත් යන්ත්‍රයක් තමයි. හිත ශරීරයෙන් අයින් උනහම මොලය අක්‍රිය වෙනව. මොලය අක්‍රිය උනහම ශරීරය මිය යනව. සැත්කමක් කරද්දි මනුස්සයෙක්ගෙ හෘද වස්තුව වැඩේ යන්ත්‍රයකට බාර දෙන්න පුලුවන් ඒකයි. ඒ වගේම තමයි රසායන ද්‍රව්‍යකට ස්නායු පද්ධතිය අක්‍රිය කරන්න පුලුවන්. ඉතින් මම හිතන්නෙ විඥ්ඥානය තමයි ඔය කියන දෙවියන්ගෙ ස්වරූපය.

පොඩ්ඩක් හිතන්න අපෙ හිත් දිනා ගන්නෙ අපි කැමති ගතිගුණ තියන අය. බොහොම සුලු අවස්ථාවකදි ඇරෙන්න අපිට ඒ කෙනාගෙ පෙනුම වැඩක් නෑ. ඉතින් යම් කෙනෙකුට අවස්ථාවක් ලැබෙනව අපි කැමති ගතිගුණ තියන මනුස්සයෙක් හදන්න. මුලින්ම අපි අච්චුවට ගැලපෙන විඥ්ඥානයක් නිර්මාණය කරනව. ඊට පස්සෙ ශරීරයක් නිරමාණය කරල ඒ ශරීරය අපි අර කලින් නිර්මාණය කරපු විඥ්ඥානය මගින් පණ තියන මනුස්සයෙක් කරනව. ඔන්න අපි 100%ක් කැමති කෙනා ඉන්නව. ඒත් විඥ්ඥානයක් තියන නිසා බාහිර වට පිටාව එක්ක ඒ මනුස්සයත් වෙනස් වෙනව. මොකද විඥ්ඥානය කියන්නෙ තනියෙන් හිතන්න කරන්න පුලුවන් එකනෙ. එත කොට අපි කමති කෙනා වෙනස් වෙනව. සමහර විට වෙන කෙනෙක්ට ඒ කෙනාව අපිට විරුද්ධව වෙනස් කරන්නත් පුලුවන්. සමහර විට ඒකෙනාම තනියෙන් වෙනස් වෙන්න පුලුවන්.

විඥ්ඥානය නිර්මානය කරන වැඩෙ කරන්න පුලුවන්ද බැරිද කියන එක මම දන්නෙ න. අනාගතේදි හිතන පතන යන්ත්‍ර හැදුවොත් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් වේ. උඩින් තියෙන්නෙ බොහොම කාලෙක ඉදන් මගෙ හිතට ආපු අදහසක්. කරුණාකරල පටලව ගන්න එහෙම එපා.

කවියා

Unknown said...

Nice bro

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails