සාධාරණ ජාතිවාදය?

Wednesday, April 29, 2009
මේ දවස්වල ජාතිවාදය කියන මාතෘකාව බොහොම ජනප්‍රිය එකක්. මේක ගැන බ්ලොග් අවකාශයේත් ලිපි කීපයක්ම තියෙනවා දැක්කා. ඒ නිසා මටත් මේ ගැන වචනයක් කියන්න හිතුනා.
(මේ කතා කරන්නේ ලංකාවේ තත්වය ගැන විතරයි. අනෙක් රටවල සමාජයන් ගැන මෙයින් නොකියවේ.)
සමහරු හරි අමුතු විධිවලට ජාතිවාදය කියන එක දකිනවා. අපි මොහොතකට හිතමු, සිංහල ජාතිකයෙකුයි වෙනත් ලංකාවේ සුළු ජාතිකයෙකුයි (දමිළ හෝ මුස්ලිම් වැනි) එකම ජාතිවාදී ප්‍රකාශයක් හෝ එකම ජාතිවාදී ක්‍රියාවක් සිදුකලා යැයි සිතමු. එවිට සමහරු සිංහල ජාතිකයා කල දේ ඔහුගේ ජාතිවාදය යැයිද එය වහාම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු යැයි උගුරේ ලේ රහ වනතුරුම කෑ ගසමින් විවිධාකාර වූ ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගනිමින් එය හෙලා දකින අතරම අතරම සුළු ජාතිකයා කල දෙය ඔහුට සිංහලයාගෙන් සිදුවී ඇති අසාධාරණය නිසා කිරීමට සිදුවූ දෙයක්ය, එය ඔහු සිතාමතා ජාතිවාදීව කල දෙයක් නොව ඔහුට සිංහලයාගෙන් එල්ල වී ඇති අයුක්තිසහගත බලපෑම් නිසා ඔහුට කිරීමට සිදුවූ දෙයක්ය ආදී විවිධාකාර වූ හේතු දක්වමින් එය සාධාරණීකරණය කරන්න උත්සාහ දරනවා. (හැමෝම නෙවෙයි; කිහිපදෙනෙක්. මම මේ අය ගැන කල එක් නිරීක්ෂණයක් වන්නේ මේ අය බොහෝ දෙනෙක් "අන්ත ලිබරල්වාදී" ආකල්ප හා "අන්ත සමාජවාදී" ආකල්ප දරණ අයයි.)
ඇයි මෙහෙම කරන්නේ? වැරැද්ද කව්රු කලත් වැරැද්දය.
මේ සම්බන්ධව මම එක උදාහරණයක් දෙන්නම්. මේක දැනට වසර කීපයකට පෙර සිදුවූ සිද්ධියක්. නුවර පලාතේ මම දන්න තැනක එක ඉඩමක් තිබ්බා. ඒක අයිතිව තිබුනේ මුස්ලිම් ජාතිකයෙකුට. ඒ ඉඩම අසලින් තිබුන පොඩි ඇලක් නිසා පොඩි වැස්සකටත් ඒ ඉඩම සම්පූර්ණයෙන්ම වගේ යට උනා. මේ නිසා කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි මේ ඉඩම එක් සිංහල ජාතික පුද්ගලයෙකුට එහි අයිතිකාර මුස්ලිම් ජාතිකයා විකිණුවා. නමුත් ඔහුගේ ඒ ක්‍රියාවට ඔහුට අමුතුම අකරතැබිබයකට මුහුණ දෙන්න සිදු උනා. එම ප්‍රදේශයේ ඇති මුස්ලිම් පල්ලිය මගින් ඔහුට එම පල්ලියට ඒම තහනම් කරනු ලැබුවා. හේතුව: සිංහල ජාතිකයෙකුට ඉඩම විකිණීම. මම අහන්නේ පල්ලියේ මේ ක්‍රියාව ඔවුන්ට සිංහලයින් ගෙන් සිදුවී ඇති අසාධාරණයක් නිසා කියල සාධාරණීකරණය කරන්න පුළුවන්ද? එතකොට ඔවුන් විසින් සිංහලයින්ගෙන් ඉඩම් මිලදී ගැනීම?
මම හදන්නේ සිංහලයින්ගෙ ජාතිවාදය සාධාරණීකරණය කරන්න නොවේ. මම කියන්නේ කව්රු කලත් වැරැද්ද වැරැද්දය. එයට නිසි පිළියම් යෙදිය යුතුය.

5 ක් වූ ප්‍රතිචාර:

VBmaster said...

මටද? :-)

ඇත්ත.අපි ‍අපේ අයිතිත් රැක ගත යුතුයි(අන් ජාතිනට හානියක් නොවනලෙස).අද ජාත්‍යාලය හා ජාතිවාදය පටලවාගෙන ඇත. ඒ නිසා අපි අපේ අයිතින් රැක ගැනිමට කතා කලොත් බොහො විට අපේ අය විසින්ම අපි ජාතිවාදින් ලෙස සිතනු ලැබෙයි.මේ මගේ මතය.

ජීවන්ත said...

ඔබටම නෙවෙයි. මේක මම ටික දවසකට කලින් කමෙන්ට් එකක් විධියට දාපු එකක්. නමුත් වෙනමම post එකක් විධියට දාන එක හොඳයි කියල හිතුනා. (ඒ කමෙන්ට් එක දාන කොට ඔබේ ලිපිය පළවෙලා තිබුනේ නෑ.) :)

Anonymous said...

ජීවන්ත, මාත් හැම වෙලේම කියන්න උත්සහ කරන්නෙ මේ දේ ගැනම තමා. තමාගෙ ජාතියට අන් අයගෙන් වෙන අසාධාරනකම් ගැන කතා කරන, ක්‍රියා කරන සිංහලයන්ට, ජාතිවාදී ලේබල් අලවන්නෝ ඒ ගැනත් සිතා බලත්වා..!

VBmaster said...

මටද? කියලා ඇහුවේ, විහිළුවට.කොහොමත් මම දන්න විදිහටනම් මම ඒ ‍වගේ කෙනෙක් නෙවෙයි.:-)
කොහොමත් ගොඩක් අය මගේ ලිපිත් වරදවා හිතා ගෙන තියෙනවා කියලයි මම හිතන්නේ.

‍ඔබේ ලිපියේ ඇති දෙයට ,එතකොට ‍අපේ පෞරාණික ස්ථාන විනාශ කරද්දිවත් සිංහලයන්ට එයට එරෙහි විමට යෙදිය යුතු තම උපරිම ශක්තිය යොදාගන්න බැරි වුණා.සමහර විට පොඩි පොඩි දෙවල් නම් කරන්න ඇති.ඒත් සම්පුර්ණ ජාතියම එකට එකතු වුනේ නැහැ.ඒකට හේතුව අපි අපිවම විශ්වාස නොකිරිම හා හැමවිටම සුළු සුළු දෙවල් වලට වාද කරගැනිම ඉන් පසු එකිනෙකාට වෛර කිරිම.මේක නෙවෙයිද අද වෙන්නේ.

Kasun said...

'සාධාරණ ජාතිවාදය' කියා දෙයක් නැත. ජාතිවාදය කොහි, කුමන අයුරකින් වුවත් එය පිටුදැකිය යුත්තකි.

දාර්ශනික ලෙස ඔතා පිළිගැන්වුවද 'ජාතිවාදය' ඊට හිමි තිරශ්චීනකමින් මිදෙන්නේ නැත.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails