අමුතු හැඩතල

Tuesday, February 24, 2009
මේක හැඩතල ගැන කතාවක්; හැබැයි අමුතු හැඩතල ගැන! ඔයාල දන්නවද පෙරදිග මොන හැඩේද කියල? එතකොට බටහිර හැඩේ මොකක්ද කියල දන්නවද? බටහිරට තියෙන්නෙ සෘජු දැඩි හැඩයක්, පෙරදිගට තියෙන්නෙ වක්රට සුමට හැඩයක්. මේක මුලින්ම විහිළුවක් යැයි සිතේවි, නමුත් සියල්ල කියවූ විට තේරේවි. අපි මුලින්ම බලමු අකුරු වල හැඩය. A, E, X, Σ, λ වැනි බටහිර අකුරු වල සෘජු හැඩයත්, අ, ම, ක, ඉ වගේ අපේ අකුරු වල වක්ර හැඩයත් පේනවා නේද? (මෙහිදී සියලුම අකුරු වෙන් වෙන් නොව සමස්තයක් ලෙස සලකා ඇත.) ඊලඟට බලමු වචන ගැන. cat (කැට්), road (රෝඩ්), john (ජෝන්), bus (බස්) ආදී 90% ක්ම පමණ බටහිර වචන අවසන් වන්නේ හල් අකුරු ශබ්ද (consonants) වලිනි. එමනිසා එම වචන ශබ්ද කිරීමේදී ඇති වන්නේ තියුණු බවකි. අම්මා, ගෙදර, පෑන, සිංහයා ආදී 90% ක්ම පමණ අපේ වචන අවසන් වන්නේ ස්වර අකුරු ශබ්ද (vowels) වලිනි. එමනිසා අපේ වචන වල ශබ්ද වලට ලැබෙන්නේ සුමට බවකි. දැන් අපි බලමු ගෘහනිර්මාණ හා ගොඩනැගීම් ගැන. බටහිර ගෙවල්, ගොඩනැගිලි, පල්ලි ආදියෙහි සෘජු, දැඩි හැඩයත් අපේ වටදාගෙවල්, වෙහෙර-විහාර, පුන්කලස, සඳකඩපහන ආදියෙහි වක්ර,, සුමට හැඩයත් පැහැදිලියි නේද? තවත් කියනව නම් ඔවුන්ගේ කුරුසිය සෘජුය; අපේ ධර්මචක්‍රය රවුම්ය. (මා මෙහිදී ආගම් සංසන්දනය කිරීමට උත්සාහ දරා නොමැති අතර, මා පෙන්වීමට උත්සාහ කරන්නේ පෙරදිග හා බටහිර සංස්කෘතීන් මඟින්, තම ආගම් සංකේතවත් කිරීමට යොදාගෙන ඇති සංකේත පමණි. මෙහිදී මෙම සංකේත නිර්මාණය වන අවධීන්ගේ ක්රි ස්තියානි ආගම වඩා බටහිරව හා බුදුදහම වඩා පෙරදිගව පැතිරී තිබූ ආගම් 2ක් බව මතක තබා ගන්න) එමෙන්ම ඔවුන්ගේ ටයි, කෝට්, කලිසම් වැනි ඇඳුම් වල පවා ඇත්තේ සෘජු බවකි; අපේ සරම්, චීත්ත වැනි ඇඳුම් වල පවා ඇත්තේ වක්රි හැඩයකි. අන්තිමට කියනව නම් ඔවුන්ගේ සංකල්ප පවා රේඛීයය; අපේ සංකල්ප චක්රීචයය. උදාහරණයක් විධියට ඔවුන් සිතන්නේ ජීවිතය මරණයෙන් කෙලවර වන බවයි, එනම් ජීවිතය රේඛීය බවයි. නමුත් අප සිතන්නේ ජීවිතය, මැරෙමින් ඉපදෙමින් චක්රීනය ලෙස සිදුවන බවය. විශ්වය පිලිබඳව ඔවුන්ගේ සංකල්පය වනුයේ එය එක් ලක්ෂ්යපයකින් ආරම්භ වී (මහා පිපිරුමෙන්) දිගටම පැතිරෙන බවය (රේබීය ලෙස); නමුත් අපගේ සංකල්පය වනුයේ විශ්වය ප්ර සාරණය වෙමින්, සංකෝචනය වෙමින් චක්රීයය ලෙස සිදුවන බවය. අනෙක් බොහෝ සංකල්පද එසේමය. ඉතින් බටහිර සරල රේඛාවකුත් පෙරදිග වක්ර යකුත් නොවන්නේද? (නමුත් අද වන විට මුළු ලෝකයම වාගේ (මිනිසුන්ගේ චින්තන රටාවන් පවා) බටහිරකරණය වී ඇති නිසා අද කාලෙ මේවා දකින්න ටිකක් අමාරුයි.)

11 ක් වූ ප්‍රතිචාර:

malee_msg said...

ෂා... ඒක නම් අපූරුයි...!
අදහස් ප්‍රකාෂ කිරීම අතින් පවා එහෙමයිනේ.. එයාලා පැත්ත ගියත් කෙලින් කියලා දානවා මෙහේ අය ඇඹරි ඇඹරි නැළවි නැළවි රවුමෙන් රවුම ගිහින් කියලා දානවා.. ලොල්ස්!

පිටස්තරයා said...

ෂහ්.... නියම විස්තරයක්... හුඟක් පැති ආවරණය කරලා තියෙනවා... මලීත් තව පැත්තක් එකතු කරලා තියෙන්නේ... හි හි

නිලන්‍ත said...

ටිකක් අමුතු අදහසක්. ඒත් පිළිගතහැකියි.

මලීත් බටහිරකරණය වෙලාද මංද අමුවෙන්ම අදහස කියල දාලා තියෙන්න ඔය.

Anonymous said...

ඇත්ත ඇත්ත... ඕක පැහැදිලිවම පේන දෙයක් නේද? එක අතකට ඒ මිනිස්සුන්ට තියෙන්නෙ එක ජීවිතයක් නිසා එයාල පුළුවන් තරම් ඒක විඳිනවා. අපි එක එක සීමා දා‍ගෙන පුළුවන් තරම් ජඩ වැඩ කරනවා. ඇයි තව ජීවිත ගානක් තියෙනවනේ. :P

Manoj colambage said...

ලස්සන අදහසක්
මේ ගැන ඔබේ මතයත් දක්වනවානම් හොදයි නේද

@ මලී

"""මෙහේ අය ඇඹරි ඇඹරි නැළවි නැළවි රවුමෙන් රවුම ගිහින් කියලා දානවා.. ලොල්ස්!"""

මේ කථාව ඔබ පවසන්නේ වක්‍රාකාර ක්‍රමය හාස්‍යට ලක්කිරීමේ අරමුනින්ද?

Anonymous said...

මචං එතකොට චීන, තායි, හින්දි, අන්ද්‍ර දෙමල, දෙමල, උර්දු ඒව ත් බටහිරද ඈ??

Narada said...

එළම එළ මල් හතේ කථාවක්! ඔන්න මලී අක්කා අගේට ඇරඹි ඇරඹි කෙලින් කියලා නේද?

malee_msg said...

@ මනෝජ් - අනේ නෑ. කොහෙත්ම නෑ.. තමන් කැමති ඕනෑම විදියකට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මම ඉහලින්ම අගයනවා.. කිසිසේත්ම හාස්‍යයට ලක් කරන්නේ නම් නැහැ!ලොල්ස් කිව්වේ.. ඒක එකතු කලේ මං නිසයි. :)

Danishka said...

"අදහස් ප්‍රකාෂ කිරීම අතින් පවා එහෙමයිනේ.. එයාලා පැත්ත ගියත් කෙලින් කියලා දානවා මෙහේ අය ඇඹරි ඇඹරි නැළවි නැළවි රවුමෙන් රවුම ගිහින් කියලා දානවා.."

එහේ මෙහෙ කියලා දෙවිදියක් නැ.

මෙහෙ අයත් කෙලින් කියනවා, එහෙ අයත් ඇඹරෙනවා. හැම ජාතීයකම මිනිස්සු හැම තැනම ඉන්නවා.

ලෝකෙ මිනිස්සු එහෙම වර්‍ග කරන්න පුලුවන්ද? හික් :D

amal ishantha said...

ඒ අතින් පෙරදිග අය වටේ යන්න වගේම වටේ යවන්නත් දක්ෂයි

දිලාන් said...

ඔබ හරි.
http://dilanqs.blogspot.com/2008/10/blog-post_26.html

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails