කාලය?

Monday, February 23, 2009
කාලය යනු කුමක්ද? කාලයේ පැවැත්ම අප අත්දකින්නේ කෙසේද? කාලය අත්දැකීමට නම් යම් වෙනස් වීමක් සිදු විය යුතුය. වෙනස්වීමක් සිදු වූ විට කාලය ගතවී ඇතැයි කියයි. නමුත් එවිට කාලය යනු කුමක්ද? කාලය යනු වෙනස්වීමද? නැතිනම් වෙනමම දෙයක්ද? ඊළඟ ගැටළුව වන්නේ වෙනස් නොවන දෙයක් කාලය අත්දකින්නේ කෙසේද යන්නයි? එවිට කාලය ගතවීමක් නැතිද? එමෙන්ම එකම දෙයක් විවිධාකාරයෙන් වෙනස් විය හැකිය. එවිට ඒ විවිධ වෙනස්වීම් සඳහා කාලයේ හැසිරීමත් වෙනස්ද? වඩා සරලව කියන්නේ නම් කාලය යනුවෙන් දෙයක් පවතීද? එය අපට මේ විශ්වය තේරුම් ගැනීමට නිර්මාණය කරගත් කල්පිතයක් පමණක් විය නොහැකිද? කාලය යන අපූරු සංකල්පයේ පැවැත්ම නිසා මිනිසා ගැටළු රාශියකට මුහුණ දෙයි.

2 ක් වූ ප්‍රතිචාර:

jayantha colombage said...

කාලය යනු සංකල්පයකි. එමෙන්ම කාලය පවතින්නේ අවකාශයේය.කාලයයි අවකාශයයි දෙකක් නොව එකක් බව ඇල්බට් අයින්ස්ටයින් පවසා ඇත. එමෙන්ම කාලය සාපේක්ෂ දෙයකි.යමකිසිවක ඇති චලිතය කාලයෙන් මනිනු ලබයි.චලිතය යනු වෙනස්වීමයි. බුදුදහම අනුව මේ වෙනස්වීම සංස්කාර ධර්මයක් හැටියට ගනුලබයි.යමක හට ගැනීමක් තිබේද(උත්පාද පඤ්ඤායති)වැනසී යාමක් තිබේද(වයෝ පඤ්ඤායති)මේ අතර තුර ඇතිවන චලිතයට(ත්‍රිතස්ස අඤ්ඤතස්ස පඤ්ඤායති)වෙනස් වන කාලයයි කියනු ලැබේ.
මෙහි හැඩය සයිනාකාර බව භෞතික විද්‍යාවේ උගන්වයි.
කාලය යනු සැබැවින් පවතින දෙයක් නොව හිතේ පවතින අනිත්‍ය සංස්කාර ධර්මයක් පමණි.

Anonymous said...

ඔව්... ජයන්ත මහත්මය කිව්ව වගේ තවම කාලය කියන දේ සාමාන්‍යයෙන් තියා විද්‍යාත්මකව අවබෝධ කරගන්නවත් බෑ. ඒකට කරුණු නෑ. ‍මොකද අපි ඉන්නෙත් කාලය ඇතුලෙ සීමා වලට යටත් වෙලා හින්ද. ඒක හරියට ගැඹුරු ළිඳක පතුලෙ ඉඳන් ළිං බිත්තිය කියන්නෙ ‍කෙලවරය කියල හිතනව වගේ වැඩක්.

මතකද ඉස්සර මිනිස්සු හිතුව ලෝකෙ පැතලියි කියල. කොලොම්බස් ඒක බොරු කලා. ඒ වගේ අනාගතේ දවසක කාලයට අර්ථ දෙන්න පුළුවන් කෙනෙක් බිහි වෙන්න පුළුවන්.

ප. ලි. - මේ word verification අයින් කරන්න පුළුවන් නම් අපට ලේසියි.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails