මම හිතනවද? මට හිතෙනවද?

Saturday, February 21, 2009
මේ ප්‍රශ්නෙ මට ආවෙ මම කරපු කියපු දේවල් ගැන ආපස්සට හිතල බලද්දී. සමහර තැන වල මම දැක්කා logical මම විසින් නොගන්නා ක්‍රියාමාර්ග මම අරගෙන තියෙන බව. (Logical මට පාලනය කල නොහැකි සිතුවිලි තියෙනවනම් මම කව්ද කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා.) ඒ වගේම මම මගේ හිතට සිතුවිලි එන විධිය, මගේ සිතුවිලි වෙනස් වෙන විධිය ගැනත් තරමක් අධ්‍යයනය කලා. එතකොට මට තේරුණා මට හිතන්නත් පුළුවන් වගේම මට හිතෙන්නත් පුළුවන් කියලා.

1 ක් වූ ප්‍රතිචාර:

සරත් ගුණතුංග said...

හිත කියන ස්පර්ශ නොකල හැකි සියුම් දෙය තමයි මේ ලෝකයේ ඇති ඉතා බලවත් දෙය. මිනිස් ශරීර තුල කිසිම බලයක් නැහැ. ශරීර ඔහේ ජීවත්වෙලා ඒවාට ඕන විදියට මැරිල යනවා. ඔබට පුලුවන් පොඩි පර්යේශණයක් කරන්න. සිත ගැන සිහියෙන් ඉන්න. එක සිතිවිල්ලක් සිතට ආවම කොපමණ වෙලාවක් ඒ සිතුවිල්ල ඔබේ සිතේ හියෙනවදැයි බලන්න. අතාරින්න එපා සිත දිහාම බලා ගෙන ඉන්න. ඊට පස්සෙ ආවෙ මොන සිතුවිල්ලක්දැයි බලන්න. මේ අන්දමට ඔබේ සිතුවිලි ගැන සිහියෙන් හිටියොත් ඔබේ සිතුවිලි ගැන ඔබට පාලනයක් නිකම්ම ඇතිවේවි

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails