ද්විකෝටික, චතුස්කෝටික හා ඉන් ඔබ්බට…

Saturday, February 28, 2009
එදිනෙදා ජීවිතයේදී අපි විවිධ කරුණු උදෙසා තර්ක (argue) කරමු. නිවසේදී, මගතොටේදී, පාසලේදී, කාර්යාලයේදී අපි විවිධ දේ සඳහා විවිධ අයුරින් තර්ක කරමු. නමුත් අප ඒ ඒ කරුණු සඳහා තර්ක කරන්නේ යම් යම් පදනම් වල සිටය. ඒවා අප න්‍යාය (logic) ලෙස හඳුන්වමු. තර්කණයේදී අප යොදාගන්නා මේ න්‍යායන් ගැන අපි දැන් කතා කරමු.
මූලික වශයෙන් අප තර්කණයේදී පදනම් කර ගන්නේ ද්විකෝටික න්‍යාය හා චතුස්කොටික න්‍යායයි. මෙයින් වඩා සරල වූ ද්විකෝටිකය ගැන අප මුලින් සලකා බලමු. A නම් ප්‍රකාශයක් සලකන්න. (මෙය “මල්ලී බත් කයි”, “සුළඟ හමයි” ආදී වශයෙන් වූ ඕනෑම ප්‍රකාශයක් විය හැක.) දැන් ද්විකෝටිකයට අනුව කරුණු 2ක් විය හැක.
1. A සත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප B ලෙස ගනිමු.)
2. A අසත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප ~B ලෙස ගනිමු.)
උදාහරණයක් ලෙස එක්කෝ මල්ලි බත් කයි නැතිනම් බත් නොකයි. එදිනෙදා අපට හමුවන සිද්ධි ඇසුරෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැක. දැන් අප ඉහත සඳහන් කෙරුණු B හා ~B යන ප්‍රකාශ 2 මත ද්විකෝටිකය නැවත යොදමු. එවිට අපට නව ප්‍රකාශන 2 බැගින් අඩංගු වූ ගොඩවල් 2ක් ලැබේ.
B මත යෙදූ විට… ~B මත යෙදූ විට…
1. B සත්‍ය වේ. 1. ~B සත්‍ය වේ.
2. B අසත්‍ය වේ. 2. ~B අසත්‍ය වේ.
දැන් අපට මේ ප්‍රකාශන ගොඩවල් දෙකෙන්ම වරකට එක බැගින් ගෙන සංයෝජනයෙන් නව ප්‍රකාශන 4ක් ගොඩනැගිය හැක.
1. B සත්‍ය වේ; ~B අසත්‍ය වේ.
2. B අසත්‍ය වේ; ~B සත්‍ය වේ.
3. B සත්‍ය වේ; ~B සත්‍ය වේ.
4. B අසත්‍ය වේ; ~B අසත්‍ය වේ.
මෙය අප චතුස්කෝටිකය ලෙස හඳුනා ගනිමු. මෙම න්‍යාය යොදාගෙන තර්ක කිරීමේදී මල්ලීට බත් කෑම හෝ නොකෑම සිදුකිරීමට අමතරව බත් කෑම හා නොකෑම එකවිට සිදුකිරීමටත්, ඒ දෙකම එකවිට සිදුනොකිරීමටත් හැකිය! නමුත් මෙය අප එදිනෙදා අත්විඳින සාමාන්‍ය සිදුවීම් සමග එතරම් ගැලපීමක් නොපෙන්වයි. නමුත් එනිසාම චතුස්කෝටිකය ප්‍රතික්ෂේප නොවේ. සාමාන්‍ය ජීවිතයේ හමුවන වස්තු වලට වඩා වෙනස් වස්තු ගැන හදාරන ක්වොන්ටම් භෞතිකයේ මෙන්ම බුදුදහමේද මේ චතුස්කෝටිකය, ද්විකෝටිකයෙන් පැහැදිලි කල නොහැකි කරුණු අරබයා යොදා ගැනේ. (තර්කණයේදී චතුස්කෝටිකය යොදා ගත්තද බුදුදහම හා ක්වොන්ටම් භෞතිකය සම මට්ටමේ ලා සැලකිය නොහැකි බවද අවධාරණය කරමි; ඒවා වෙනස්ම ක්ෂේත්‍ර වේ.)
දැන් අපි චතුස්කෝටිකයෙන්ද නොනවතිමු. චතුස්කෝටිකය මත නැවත ද්විකෝටිකය යොදා පෙර පරිදි ගැනීමෙන් සොළොස්(16) කෝටිකයක් නිර්මාණය කරගත හැක. එමෙන්ම මෙලෙස නැවත නැවතත් ද්විකෝටිකය යෙදීමෙන් අති විශාල තර්කණ අවස්ථා (2, 4, 16, 256,...) ඇති න්‍යායන් නිර්මාණය කරගත හැක. නමුත් ඇතැම් විටෙක යමෙකුට මේවායේ ඇති අවශ්‍යතාවය හෝ සත්‍යතාවය පිළිබඳ ගැටළුවක් ඇතිවිය හැක. නමුත් අවශ්‍යතාවය කෙසේ වෙතත් සත්‍යතාවය ගැන නම් ගැටළුවක් ඇති විය නොහැක. කිමද මේ සියළු දේ මිනිසුන් වන අපගේ නිර්මාණයන්ම වන නිසාත් ද්විකෝටික, චතුස්කෝටික ආදී සියල්ල අපගේ අවශ්‍යතාවයන් අනුව ඒ ඒ අවස්ථාවන්හීදී සත්‍යය ලෙස ගන්නා නිසාත්ය. එමෙන්ම මෙවන් න්‍යායන්ගේ සෘජු අවශ්‍යතාවයන් ගැන මාහට දැනට වැටහීමක් නොමැති අතර සමහර විට මිනිසුන්ගේ දැනුම හා බුද්ධි මට්ටම වර්ධනය වූ මතු දිනෙක මෙවන් විශාල තර්කන අවස්ථා ඇති න්‍යායන් භාවිතා කිරීමට අවශ්‍යතාවයන්ද නිර්මාණය වනු ඇත. කිමද සෑම විටම අවශ්‍යතාවය අනුව දැනුම නිර්මාණය වනවා පමණක් නොව දැනුම අනුව අවශ්‍යතාවයන්ද නිර්මාණය වන හෙයිනි.
නමුත් මෙවන් න්‍යායන් නිර්මාණයෙන්ද අප නොනවතිමු. ඉහත දක්වා ඇති සියලු න්‍යායන් සලකා බැලීමේදී පෙනී යන කරුණක් නම් අප මූලිකවම හඳුනා ගන්නේ පූර්ණ වශයෙන් ප්‍රභින්න අවස්ථා දෙකක් පමණක් බවයි. අනෙක් අවස්ථාවන් සියල්ල එහි විස්තීරණයන් වේ. මෙය සමහර විට අප අනාදිමත් කාලයක සිට පුරුදු පුහුණු වී ඇති ආකාරය නිසාම වීමටත් ඉඩ ඇත. කිමද අප අතීතයේ සිටම කුඩාකල සිටම පුහුණු වන්නේ/පුහුණු කරන්නේ පූර්ණව ප්‍රභින්නව පවතින හොඳ/නරක, වම/දකුණ, සුදු/කළු ආදී වූ ද්විත්වයන් දැකීමටය. නමුත් මා හට ඇතිවූ ගැටළුව නම් ද්විත්වයන්ට අමතරව අපට පූර්ණව ප්‍රභින්නව හඳුනාගත හැකි ත්‍රිත්වයන්, චතුර්තකයන් ආදී වූ අවස්ථා නිර්මාණය කරගත නොහැකිද යන්නය. නමුත් මෙවන් ත්‍රිත්වයන්ට හා චතුර්තකයන්ට ත්‍රිකෝටිකය හා චතුස්කෝටිකය උදාහරණ නොවන්නේ ඒවා පෙර සඳහන් අයුරින් ද්විත්වයේ විස්තීරණයන් නිසාය; ත්‍රිකෝටිකය යනු චතුස්කෝටිකයේ තේරුම් ගැනීමට අපහසු සිව්වන අවස්ථාව ඉවත්කර නිර්මාණය කර තර්කණයකි. අප මේ ගැන සංවාදයක් ගොඩ නගමු; එය අපගේ මානසික සීමාවන් පුළුල් කිරීමට හේතු වනු ඇත.

දැනුමයි - බුද්ධියයි

Wednesday, February 25, 2009
සියලුම දත්ත, සියලුම තොරතුරු දැනුම (knowledge) වේ. පුද්ගලයකුගේ නමක් දැනගැනීම, කෑමක රස/ සුවඳ දැනගැනීම, වාහන පැදවීමේ හැකියාව, ලිවීමේ හැකියාව පමණක් නොව සිටගෙන සිටීමේ හැකියාව, මිටියකින් ඇණයකට ගැසීමේ හැකියාවද දැනුමකි. අත්දැකීම් යනුද දැනුම වේ. අත්දැකීම් යනු යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඇතිවන ගැටළු, දුෂ්කරතා, ඒවා මැඩපවත්වන ආකාරය, එම කාර්යය කිරීමේ ක්‍රියාපිළිවෙල, එහිදී තමන්ගේ අත-පය, ඇස, අනෙක් සංවේදන, බුද්ධිය ආදිය සංයෝජනය කිරීමේ ආකාරය වැනි දැනුම වේ. (අත්දැකීම් යනු තවෙකෙකුට කියාදීමට අපහසු (බෝහෝවිට නොහැකි) දැනුමක් වේ. කිමද ශරීරාංග, සංවේදන, බුද්ධිය ආදිය සංයෝජනය කිරීම ඒ ඒ පුද්ගලයාට අනන්‍ය බැවිනි.) දැනුම සොයාගන්නා හෝ ලබාගන්නා දෙයක් නොව නිර්මාණය කරගන්නා දෙයකි. (ඉගෙනගැනීම යනු මෙයයි.) එමෙන්ම එක් එක් පුද්ගලයා සතු දැනුම ඒ ඒ පුද්ගලයාට අනන්‍ය වේ. උදාහරණයක් විධියට අයෙක් පොතක් කියවා සූර්යයා ගැන ඉගෙනගනියි. මෙහිදී සිදුවන්නේ ඔහු පොතේ ඇති වචන කියවා, රූප බලා සූර්යයා යනු මෙවන් දෙයක් යැයි ඔහුගේ මනස තුල දැනුමක් නිර්මාණය කරගනී. තවත් අයෙක් එයම කියවා නිර්මාණය කර ගන්නා දැනුම මුල් පුද්ගලයා නිර්මාණය කරගත් දැනුමට වෙනස් විය හැක හෝ ඒ හා සමාන විය හැක. සමාන වුවද එය එකක් නොව දෙකකි. පරිඝණක ජාලයක එක පරිඝණකයක ඇති තොරතුරක් අනෙක් පරිඝණක භාවිතා කරන ආකාරයට මිනිසුන් විෂයෙහි කල නොහැකියි. එනම් යම් පුද්ගලයකු තුල ඇති දැනුමක් තවකෙකුට භාවිතා කිරීමට අවශ්‍ය නම් ඔහු අනෙකාගෙන් එම දැනුම අසාගෙන එමගින් තමා තුල ඒ දැනුම තමා විසින්ම නිර්මාණය කරගත යුතුය. කටපාඩම් කිරීම ඉගෙනගැනීමක් නොව හුදෙක් ගබඩා කිරීමකි. (කෙසේ වුවත් තේරුම් ගැනිමකින් තොරව ගබඩා කරගත් දැනුමෙන් පවා ප්‍රයෝජන ගත හැක. නමුත් එහි ඵලදායී බව අඩුය.)
එමෙන්ම බුද්ධිය (intelligence) යනු දැනුම නිර්මාණය කිරීමේ, දැනුම හැසිරවීමේ හා සහජ ඉව ඇතුළුව යම් යම් දැනුම කොටස් ඉක්මවා යාමේ හැකියාවයි (The ability to create and manipulate knowledge and to override fragments of knowledge including instinct). වඩා සාධාරණ විධියට සලකන්නේ නම් සහජ ඉව යනුද දැනුමකි. එය මූලික පැවැත්ම (basic survival) සඳහා වන දැනුමකි. එය ඉක්මවා යාමට හැකිය යනු යම් අවස්ථාවකදී සමහර දැනුම කොටස් (වැදගත් යැයි සැලකිය හැකි දැනුම පවා) නොසලකාහැරීමේ (Ignore) හැකියාවයි. විශාල දර්ශනයක් දෙස බලා අපට අවශ්‍ය කොටස් පමණක් වෙන්කර ගැනීමට අපට හැකියාව ඇත්තේ එබැවිනි. මෙහිදී එක්තරා පරීක්ෂණයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙහිදී බළල් පැටවුන් නහවන ලද ජලයෙන්ම මීයන් කීපදෙනෙකු නහවා බළල් පැටවුන්ගෙන් නිකුත් වන ගන්ධයම මීයන්ගෙන් නිකුත්වන ආකාරයට සකස් කර ඇත. ඉන්පසු උන් බැළලිය වෙතට යැවූ විට බැළලිය මීයන්ටද තම පැටවුන්ට මෙන් සලකා ඇත. බැළලිය මීයන්ව තම පැටවුන්ගෙන් වෙනස්ව දුටුවත් ඌ මෙසේ කරන්නේ තමන්ගේ සහජ ඉව ඉක්මවා යාමට තරම් බුද්ධියක් ඌට නොමැති නිසාය. (මේ නිසා සැබෑ කෘත්‍රීම බුද්ධියකට එච්. ජී. වේල්ස් මහතාගේ කෘතියක සඳහන් වී ඇති කෘත්‍රීම බුද්ධියක් සහිත රොබෝවන් සඳහා වන මූලික නීති 3 මෙන්ම අනෙක් ඕනෑම නීතීයක්ද ඉක්මවා යාමට හැකි විය යුතුය. නොඑසේනම් එය සැබෑ කෘත්‍රීම බුද්ධියක් නොවන්නේය.) එනම් යමෙකු නිර්මාණය කරගන්නා දැනුමෙහි සාර්ථකත්වය, විශ්වසනීයත්වය මෙන්ම යම් අවස්ථාවකට අවශ්‍ය දැනුම මතකයෙන් හා සංවේදන (ඇස, කණ, නාසය ආදී) වලින් ග්‍රහණය කරගැනීම හා ඒ ඒ අවස්ථාවට උචිත විධියට එම දැනුම හැසිරවීම ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව වෙනස් වේ.
(මෙහි දක්වා ඇත්තේ දැනුම හා බුද්ධිය යන සංකල්ප පිළිබඳ මගේ පෞද්ගලික අදහස් බව සලකන්න)

අමුතු හැඩතල

Tuesday, February 24, 2009
මේක හැඩතල ගැන කතාවක්; හැබැයි අමුතු හැඩතල ගැන! ඔයාල දන්නවද පෙරදිග මොන හැඩේද කියල? එතකොට බටහිර හැඩේ මොකක්ද කියල දන්නවද? බටහිරට තියෙන්නෙ සෘජු දැඩි හැඩයක්, පෙරදිගට තියෙන්නෙ වක්රට සුමට හැඩයක්. මේක මුලින්ම විහිළුවක් යැයි සිතේවි, නමුත් සියල්ල කියවූ විට තේරේවි. අපි මුලින්ම බලමු අකුරු වල හැඩය. A, E, X, Σ, λ වැනි බටහිර අකුරු වල සෘජු හැඩයත්, අ, ම, ක, ඉ වගේ අපේ අකුරු වල වක්ර හැඩයත් පේනවා නේද? (මෙහිදී සියලුම අකුරු වෙන් වෙන් නොව සමස්තයක් ලෙස සලකා ඇත.) ඊලඟට බලමු වචන ගැන. cat (කැට්), road (රෝඩ්), john (ජෝන්), bus (බස්) ආදී 90% ක්ම පමණ බටහිර වචන අවසන් වන්නේ හල් අකුරු ශබ්ද (consonants) වලිනි. එමනිසා එම වචන ශබ්ද කිරීමේදී ඇති වන්නේ තියුණු බවකි. අම්මා, ගෙදර, පෑන, සිංහයා ආදී 90% ක්ම පමණ අපේ වචන අවසන් වන්නේ ස්වර අකුරු ශබ්ද (vowels) වලිනි. එමනිසා අපේ වචන වල ශබ්ද වලට ලැබෙන්නේ සුමට බවකි. දැන් අපි බලමු ගෘහනිර්මාණ හා ගොඩනැගීම් ගැන. බටහිර ගෙවල්, ගොඩනැගිලි, පල්ලි ආදියෙහි සෘජු, දැඩි හැඩයත් අපේ වටදාගෙවල්, වෙහෙර-විහාර, පුන්කලස, සඳකඩපහන ආදියෙහි වක්ර,, සුමට හැඩයත් පැහැදිලියි නේද? තවත් කියනව නම් ඔවුන්ගේ කුරුසිය සෘජුය; අපේ ධර්මචක්‍රය රවුම්ය. (මා මෙහිදී ආගම් සංසන්දනය කිරීමට උත්සාහ දරා නොමැති අතර, මා පෙන්වීමට උත්සාහ කරන්නේ පෙරදිග හා බටහිර සංස්කෘතීන් මඟින්, තම ආගම් සංකේතවත් කිරීමට යොදාගෙන ඇති සංකේත පමණි. මෙහිදී මෙම සංකේත නිර්මාණය වන අවධීන්ගේ ක්රි ස්තියානි ආගම වඩා බටහිරව හා බුදුදහම වඩා පෙරදිගව පැතිරී තිබූ ආගම් 2ක් බව මතක තබා ගන්න) එමෙන්ම ඔවුන්ගේ ටයි, කෝට්, කලිසම් වැනි ඇඳුම් වල පවා ඇත්තේ සෘජු බවකි; අපේ සරම්, චීත්ත වැනි ඇඳුම් වල පවා ඇත්තේ වක්රි හැඩයකි. අන්තිමට කියනව නම් ඔවුන්ගේ සංකල්ප පවා රේඛීයය; අපේ සංකල්ප චක්රීචයය. උදාහරණයක් විධියට ඔවුන් සිතන්නේ ජීවිතය මරණයෙන් කෙලවර වන බවයි, එනම් ජීවිතය රේඛීය බවයි. නමුත් අප සිතන්නේ ජීවිතය, මැරෙමින් ඉපදෙමින් චක්රීනය ලෙස සිදුවන බවය. විශ්වය පිලිබඳව ඔවුන්ගේ සංකල්පය වනුයේ එය එක් ලක්ෂ්යපයකින් ආරම්භ වී (මහා පිපිරුමෙන්) දිගටම පැතිරෙන බවය (රේබීය ලෙස); නමුත් අපගේ සංකල්පය වනුයේ විශ්වය ප්ර සාරණය වෙමින්, සංකෝචනය වෙමින් චක්රීයය ලෙස සිදුවන බවය. අනෙක් බොහෝ සංකල්පද එසේමය. ඉතින් බටහිර සරල රේඛාවකුත් පෙරදිග වක්ර යකුත් නොවන්නේද? (නමුත් අද වන විට මුළු ලෝකයම වාගේ (මිනිසුන්ගේ චින්තන රටාවන් පවා) බටහිරකරණය වී ඇති නිසා අද කාලෙ මේවා දකින්න ටිකක් අමාරුයි.)

Crazy intelligence?

Monday, February 23, 2009
A funny thing happens in our brain. Consider some kind of data, if that data cannot be processed by our brain (i.e. if it is exceeding the limit of understandable difficulty for the particular persons’ brain) the brain consider it as junk or more likely crazy. Now the funniest thing happens between normal people and people with really powerful brains. The things that these extraordinary people express by their words or by behavior, contain an enormous amount of data, that in sometimes (may be most of the times) exceed the above mentioned limit of normal peoples’ brain. So, ordinary peoples’ brains consider those data as crazy, without ever understanding the true value of such data.

මම

මා කව්දැයි මා නොදනිමි
එහෙත් මම මමද නොවෙමි
නමුත් මම ඔබද නොවෙමි
එය තවම මම සොයන්නෙමි

වෑයම් කලා මා වටහා ගන්නට
මේ ලොවේ මට හිමි ස්ථානය
සිහිල් වුනා මගෙ මුළු ශරීරය
මා නොමැති බව වැටහූ නිසා මට

අමුතු ලොවක සිරවී ඇත මම
නොපෙනේ, නොඇසේ, නොදැනේ මට
දුක සතුටද අහිමිය මට
නොපවතින නිසාවත්ද ඒ මම?

මේ කවිය මම ලිව්වෙ රෑ 11.30 ට විතර සෙම වැඩිවෙලා හුස්ම ගන්න අමාරු වෙලා ඉන්න වෙලාවක, අසිහියෙන් වගේ. හැබැයි මේක නිසා මට පිස්සු කියලත් සමහර අය කිව්වා.

යාන්ත්‍රික නොවන මනස

මෙම ලිපිය 2008-නොවැම්බර් 19 දින විදුසර පුවත්පතේ පලවිය]

2008 ඔක්තොබර් 29 වන දින විදුසරෙහි පලවූ මලින්ත බෝපෙආරච්චි නම් මහතකු විසින් ලියන ලද “මනස හඳුනා ගනිමු” ලිපිය සම්බන්ධවයි.

මේ සම්බන්ධව පළමුව කිව යුත්තේ ජීවය, මනස ආදී සංකල්ප භෞත-රසායනික ආකාරයකට ඌනනය කිරීමට අප උත්සාහ නොකල යුතු බවයි. එලෙස කිරීම වෙනත් ගැ‍ටළු රාශියකට මුල පිරීමක් බව ඉතිහාසය ඕනෑවටත් වඩා සාක්ෂි දරයි. මෙහිදී භෞත-රසායනික යන්න යොදා ඇත්තේ බටහිර විද්‍යාඥයින් මොළය දකින්නේ භෞත-රසායනික පද්ධතියක් ලෙසට නිසයි. (භෞත-රසායිනික ක්‍රියා සිදු වුවද ජීවී පද්ධතියක් හුදෙක්ම මේ ආකාරයට සැලකීම කෙතරම් නිවැරදිද යන්න වෙනමම කතා කල යුතු මාතෘකාවකි.)

එවිට අපට මතුවන ප්‍රධාන ගැටළුවක් තිබේ. එනම් භෞත-රසායනික පද්ධතියක් සැලකූ විට (වියුක්තව ඇති) එහි එක් අවස්ථාවකදී ස්වරූපය දන්නේ නම් වෙනත් ඕනෑම අවස්ථාවකදීද එහි ස්වරූපය දැන ගත හැකිය. එම කාර්යය එම ක්ෂේත්‍ර වල නිර්මාණය කෙරී ඇති නියම, සමීකරණ ආදියෙන් ඉටුකර ගත හැක. එවිට ජීවියකුගේ සියළුම ක්‍රියාවලි පාහේ (මනසද ඇතුළුව) පුරෝකථනය කිරීමට හැකි වනවා මෙන්ම ඒවා වෙනස් කිරීමටද ඉඩක් නොලැබේ. (හුදෙක්ම භෞත-රසායනික පද්ධතියක් නොවන ජීවියෙකුට හැර) එවිට මිනිසුන් ඇතුළු ජීවීන් හුදෙක්ම කළුගල් වැනි ව්‍යුහ බවට පත් වනවා නොවේද? එවිට අප නිර්මාණය කර ඇති සමාජ ආචාර ධර්ම, නීති-රීති ආදියෙහි ඇති ඵලය කුමක්ද? ජීවියෙකුට “සිතා-මතා” වෙනස් විය නොහැකි කල්හි මෙම ආචාර ධර්ම, නීති රීති ආදිය විහිළු බවට පත් වනවා නොවේද? එමෙන්ම එවිට නිර්මාණශීලීත්වය යනු කුමක්ද? එමෙන්ම බොපෙආරච්චි මහතා එම ලිපිය ලියන ලද්දේත්, මා මේ ලිපිය ලියන්නේත් සිතා මතා නොව යාන්ත්‍රිකවද?

අප මොහොතකට මනස හා ශරීරය (හෝ මොළය පමණක්) වෙනමම නමුත් එකිනෙක සමග අනෝන්‍ය ලෙස ක්‍රියාකරන පද්ධති 2ක් ලෙස සලකමු. (මෙයින් මොළය අපට සෘජුවම නිරීක්ෂණය කල හැකි වුවත් මනස එසේ නොවේ.) එනම් ශරීරයේ (හෝ මොළයේ) සිදුවන වෙනස්වීමක් මගින් මනසේ වෙනස්වීමක්ද, මනසේ සිදුවන වෙනස්වීමක් මගින් ශරීරයේ (හෝ මොළයේ) වෙනස්වීමක්ද සිදුවන බව සලකමු. එවිට මනස නිරීක්ෂණය කල නොහැකි කල්හි ශරීරයේ (හෝ මොළයේ) සිදුවන වෙනස්වීමක් හුදෙක්ම එහිම පමණක් සිදුවන්නක් බව පෙන්වන්නේ කෙසේද?

මෙය තේරුම්ගැනීමේ පහසුව සඳහා මෙලෙස උදාහරණයකින් දැක්විය හැක. (නමුත් සැබෑවටම මෙය මෙම උදාහරණයේ මෙන් සරල නොවන බව සිහියේ තබා ගත යුතුය.) පරිඝණකයක දෘඩාංග ශරීරය (මොළය) ලෙසද, මෘදුකාංග මනස ලෙසද සලකන්න. නමුත් ක්‍රියාත්මක වන පරිඝණකයක් පරීක්ෂා කර බැලූ විට අපට නිරීක්ෂණය කල හැකි වන්නේ එහි උපාංග හා ඒවායේ සිදුවන යාන්ත්‍රික හා විද්‍යුත් චුම්භක වෙනස් වීම් පමණි. නමුත් එමඟින් මෘදුකාංග නොමැති බවක් කියැවේද? එසේනම් මයික්‍රොසොෆ්ට් ආදී වූ මෘදුකාංග සමාගම් ආදායම් ලබන්නේ නොපවතින දෙයක් විකුණා ප්‍රොඩාවෙන්ද? එමෙන්ම එවිට මෘදුකාංග නොමැතිව පරිඝණකයකින් ඵලක් නොමැති බව පවසන්නේ කෙසේද? නමුත් මෙහිදී මෘදුකාංග යනු භෞතික වශයෙන් නොපවතින එහෙත් පවතින දෙයක් වේ. තේරුම්ගැනීමේ පහසුව සඳහා සරලව පවසන්නේ නම් මනසද එවැනි වේ. නමුත් සැබැවින්ම මනස යන්න එලෙස සරලව දැකිවිය නොහැකි අපූරු(අමුතු) සංකල්පයක් වේ.

එමෙන්ම මෙමගින් පැන නගින තවක් ගැටළුවක් නම් මනස භෞත-රසායනිකව පැහැදිලි කල හැකි නම් උපත, මරණය ආදියද එලෙස පැහැදිලි කල හැකි විය යුතු වීමයි. නමුත් එලෙස පැහැදිලි කිරීමක් තබා පැහැදිලි කරන ආකාරයක් ගැන ඉඟියක් වත් අප සතුව නැත.

එනිසා අප මනස යන්න හුදෙක්ම භෞත-රසායනික පද්ධතියකට ඌනනය නොකර මනස මනස ලෙසම දැකීමට හැකියාවක් ඇති කර ගත යුතුය. එමෙන්ම අවසාන වශයෙන් මනස, මනසේ පැවැත්ම හා එහි ක්‍රියාකාරීත්වය යනු වෙනමම සාකච්ඡා කල යුතු මාතෘකා බවත් මේ ලිපියේ අරමුණ වූයේ මනස හුදෙක් භෞත-රසායනික පද්ධතියකට ඌනනය කල නොහැකි බව පෙන්වාදීම පමණක් බවත් අවධාරණය කරමි.

කාලය?

කාලය යනු කුමක්ද? කාලයේ පැවැත්ම අප අත්දකින්නේ කෙසේද? කාලය අත්දැකීමට නම් යම් වෙනස් වීමක් සිදු විය යුතුය. වෙනස්වීමක් සිදු වූ විට කාලය ගතවී ඇතැයි කියයි. නමුත් එවිට කාලය යනු කුමක්ද? කාලය යනු වෙනස්වීමද? නැතිනම් වෙනමම දෙයක්ද? ඊළඟ ගැටළුව වන්නේ වෙනස් නොවන දෙයක් කාලය අත්දකින්නේ කෙසේද යන්නයි? එවිට කාලය ගතවීමක් නැතිද? එමෙන්ම එකම දෙයක් විවිධාකාරයෙන් වෙනස් විය හැකිය. එවිට ඒ විවිධ වෙනස්වීම් සඳහා කාලයේ හැසිරීමත් වෙනස්ද? වඩා සරලව කියන්නේ නම් කාලය යනුවෙන් දෙයක් පවතීද? එය අපට මේ විශ්වය තේරුම් ගැනීමට නිර්මාණය කරගත් කල්පිතයක් පමණක් විය නොහැකිද? කාලය යන අපූරු සංකල්පයේ පැවැත්ම නිසා මිනිසා ගැටළු රාශියකට මුහුණ දෙයි.

අයිතීන් උදෙසා කෑගසන්නන් වෙනුවෙන්...

Sunday, February 22, 2009
මේ ලෝකය ගොඩනැගී ඇත්තේ/ගොඩනැගෙන්නේ අයිතීන් ලබාගන්නන් මතින් නොව යුතුකම් ඉටුකරන්නන් මතින්ය. ඒ ගැන සිහියේ තබාගෙන කටයුතු කරන්න.

ආදරය හා මෛත්‍රිය

බැඳීම් හා ගැටීම් වලින් තොර ආදරය මෛත්‍රියයි. බැඳීම් හා ගැටීම් වලින් සමන්විත මෛත්‍රිය ආදරයයි. මෙය මාගේ පෞද්ගලික මතයයි.

මම හිතනවද? මට හිතෙනවද?

Saturday, February 21, 2009
මේ ප්‍රශ්නෙ මට ආවෙ මම කරපු කියපු දේවල් ගැන ආපස්සට හිතල බලද්දී. සමහර තැන වල මම දැක්කා logical මම විසින් නොගන්නා ක්‍රියාමාර්ග මම අරගෙන තියෙන බව. (Logical මට පාලනය කල නොහැකි සිතුවිලි තියෙනවනම් මම කව්ද කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා.) ඒ වගේම මම මගේ හිතට සිතුවිලි එන විධිය, මගේ සිතුවිලි වෙනස් වෙන විධිය ගැනත් තරමක් අධ්‍යයනය කලා. එතකොට මට තේරුණා මට හිතන්නත් පුළුවන් වගේම මට හිතෙන්නත් පුළුවන් කියලා.

Random AI

Thursday, February 19, 2009
මේක ලියන්නේ මගෙ "AI" post එකට දාපු comment එකට. මම එහෙම කිව්වෙ අපිට random අංකයක් (හරි මොකක් හරි) එකපාරටම කියන්න පුළුවන්. ඕන නම් ඒකෙ පරාසය තීරණය කරන්නත් පුළුවන්. ඒත් computer එකක් random අංකයක් (මේවා ඇත්තටම random නොවුනට ඒ වගේ පේනවා) හදන්නෙ මොකක් හරි ඇල්ගොරිතමයක් පාවිච්චි කරල. ඒකයි. අනික randomness කියන්නේ ස්වභාවිකත්වයේ සංකේතයක්. මේ ගැන පස්සෙ හොඳට සාකච්ඡා කරමු. (පොඩ්ඩක් හිතන්න : අපි හිතනවද? නැත්නම් අපිට හිතෙනවද? කියල)

ඉරිසියා කරන්න එපා

Wednesday, February 18, 2009
මිනිස්සු තමන් නොවන, තමන්ගෙ අය නොවන අයට තමන් අත්විඳින පහසුකම්, වරප්‍රසාද එහෙම ලැබෙනවට කැමති නෑ. මට මේක හොඳට තේරුනේ මම ඇතිකරන බල්ලට මම ආදරය කරනවට, මම ඌට මගේම කෙනෙක් වගේ සලකනවට සමහරු අකමැති උන විධියෙන්. ඒ අය කිව්වේ "ඇයි බල්ලෙකුට ඔය විධියට සලකන්නෙ?" කියල. මට ආපු ප්‍රශ්නෙ ඇයි ඒ විධියට සලකන්න බැරිද කියල. මිනිසෙක්ගෙන් මම බලාපොරොත්තු නොවුන ගොඩක් හොඳ ගුණාංග මම උගෙන් දැක්කා. (කැපවීම, වෙනස් නොවන ආදරය වගේ දේවල්) ඉතිං මම ඒ විධියට කරපු එක වැරදිද?

The AI

Saturday, February 14, 2009
If a machine is able to generate true randomness without an algorithm then I’ll believe that a real artificial intelligence is achievable. Otherwise I won’t believe that it could be achieved.
Related Posts with Thumbnails