පාට පේනවද?

Thursday, January 29, 2009
අපි හැමෝටම පේන පාට එකමද? උදාහරණයක් විදියට මම රතු පාට දකින විදියටමද වෙන කෙනෙක් රතු පාට දකින්නෙ? සමහර විට මම නිල් පාට දකින විදියට තව කෙනෙක් රතු පාට දකින්න බැරිද? ප්‍රශ්නෙ තියෙන්නෙ මේක පරීක්ෂා කරන්න බැරි වීමයි. කාටහරි ඒකට ක්‍රමයක් හම්බුනොත් හොඳයි. “The Matrix” චිත්‍රපටිය බලල තියෙනවනම් මේ සංසිද්ධිය තේරුම් ගන්න ටිකක් ලේසි වෙයි. (හැබැයි ඒ චිත්‍රපටියෙ නම් එහෙම දෙයක් නෑ. “සත්‍යය” යන්න හැසිරෙන ආකාරයේ අපූර්ව බව ඒ චිත්‍රපටියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි.)

1 ක් වූ ප්‍රතිචාර:

ශාකුන්තල | Shaakunthala said...

මටත් ඔය කාරණාව පොඩි කාලෙ ඉඳලම හිතට වද දුන් දෙයක්.

නමුත් ජීව විද්‍යාත්මකව/ ජෛව රසායනිකව නම් අපි හැමෝටම පේන පාට එකමයි. නමුත් එහි මනෝ විද්‍යාත්මක පැත්ත ගැන නම් ගැඹුරට කතා කරන්න මම දන්නෙ නෑ.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails